ජන සංගණනයට කෝටි 173 ක්‌ වැය වෙයි

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජන සංගණනයට කෝටි 173 ක්‌ වැය වෙයි

    ජන සංගණනයට කෝටි 173 ක්‌ වැය වෙයි

    ශ්‍රී ලංකාවේ ජනගහනය 20263723

    ජන සංගණනය සඳහා 2011 සහ 2012 යන වසරවලදී රුපියල් කෝටි 173 ක්‌ (රුපියල් 173,22,77222 ක්‌) වැය වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (29 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙම මුදලින් රුපියල් කෝටි 87 ක්‌ (රුපියල් 86,8742,660 ක්‌) පමණ වැය වී තිබෙන්නේ සංගණනය සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගෙවීම වෙනුවෙන් බව ද ඇමැතිවරයා කීවේය.

    සංගණනයට පුද්ගලයන් 99000 ක්‌ යෙද වූ බව ද කී ඇමැතිවරයා ගණන් ගන්නා නිලධාරීන් 81000 ක්‌ද අධිකරණ නිලධාරීන් 16,000 ක්‌ සහ දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ 2000 ක්‌ දෙනා ද ඊට ඇතුළත් බව ඇමැතිවරයා පැවැසීය.

    මෙම ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දෙලක්‍ෂ හැටතුන්දහස්‌ හත්සිය විසිතුනක්‌ බව ද කී ඇමැතිවරයා ඉන් එක්‌කෝටි පනස්‌එක්‌ලක්‍ෂ හැත්තෑතුන්දහස්‌ අටසිය විස්‌සක්‌ සිංහල ජනතාව බව ද කීවේය.

    දෙමළ ජනතාව තිස්‌එක්‌ලක්‍ෂ දහතුන්දහස්‌ දෙසිය හතළිස්‌ හතක්‌ බව ද ශ්‍රී ලංකා යෝනක දහඅටලක්‍ෂ හැටනවදහස්‌ අටසිය විස්‌සක්‌ද, බර්ගර් තිස්‌හත්දහස්‌ හැටඑකක්‌ බව ද කී ඇමැතිවරයා මැලේ ජාතිකයන් හතළිස්‌ දහස්‌ එකසිය අසූනවයක්‌ හා වෙනත් ජාතීන් විසිනවදහස්‌ පන්සිය අසූහයක්‌ සිටින බව ද ප්‍රකාශ කළේය.

    බෞද්ධයන් එක්‌කෝටි හතළිස්‌ දෙලක්‍ෂ විසිදෙදහස්‌ අටසිය හතළිස්‌ හතරක්‌, හින්දු විසිපන්ලක්‍ෂ පනස්‌හතරදහස්‌ හයසිය හයක්‌, ඉස්‌ලාම් දහනවලක්‍ෂ හැටහත්ලක්‍ෂ දෙසිය විසිහතක්‌, රෝමානු කතෝලික හා ක්‍රිස්‌තියානි පහළොස්‌ලක්‍ෂ නවදහස්‌ හයසිය හයක්‌ සිටින බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ නිවාස පනස්‌එක්‌ලක්‍ෂ හැටපන්දහස්‌ තුන්සිය තිස්‌ එකක්‌ තිබෙන බව කී ඇමැතිවරයා වැඩිම නිවාස සංඛ්‍යාවක්‌ තිබෙන දිස්‌ත්‍රික්‌කය ගම්පහ බව ද කීවේය.

    ගම්පහ නිවාස පන්ලක්‍ෂ අනූදෙදහස්‌ හැටහතරක්‌ තිබෙන බව ද දෙවැනුව වැඩිම නිවාස සංඛ්‍යාවක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇතැයි ද කී ඇමැතිවරයා එම සංඛ්‍යාව පන්ලක්‍ෂ පනස්‌පන්දහස්‌ නවසිය විසි හයක්‌ බව ද කීය.


    කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    smoking_pipe-1959.gif
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hambayek bayata rep kapala. hooooooooo alla bayawela

    මෙන්න මචන් කොන කපපු හම්බය කපපු රෙප් වලට හරියන්න මගෙන් රෙප් +5ක්...ගනන් ගන්න එපා බං ඕව...බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැනෙ... :yes::yes:
     
    Last edited: