ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

    නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ.


    එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි.


    මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම ‍දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි.


    මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි.


    ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්‍රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන බවට කේවෙල් කරමින් සිටියත් ජනාධිපති සමග සාකච්ඡාවකින් පසු හදිසියේ ඒ සියල්ල අතහැර දැමීමට මුස්ලිම් කොංගුස් නායකයා කැමති විය. ඒ හේතුවෙන් එම පක්ෂයේ පිපිරීමක් ද ඇති වී තිබේ.


    මෙම තත්වය සිංහල මහ ජාතිවාදයේ ජයග්‍රහණයකි. හෙත් එය ලාංකීය ජාතිකවාදයක නම් පරාජයකි. දෙමළ, මුස්ලිම් ජාතීන් අතර හෝ සමගියක් ඇති වේ නම් පමණක් එය ලාංකීය ජාතියේ ජයත්‍රහණයක් වනු ඇත. මන්ද, සිංහල මහ ජාතිවාදයට එරෙහිව සටන් කිරීෆම් ශක්තිය දෙමළ කතා කරන ජනයාට එයින් ලැබෙන බැවිනි.


    මේ අතර, ආණ්ඩුවේ සන්ධානයේ සිටින තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු සංගමය හා කඳුරට ජනතා පෙරමුණ ද මනෝ ගනේශන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ද එක්ව සබරගමු පළාතට තරග කරන්නට තීරණය කර ඇත. මේ වනාහි ඒ පළාතේ සුළුතර දෙමළ ජනයා වෙනුවෙන් පළාත් සභාවේ නියෝජනයක් ලබා ගැනීමට සමත් වන බුද්ධිමත් තීරණයකි.


    ‍පසුගිය පළාත් සභා මැතිවරණවලදී පළාත් රැසක සුළුතර ජාතීන්ට කිසිදු නියෝජනයන් ලැබුණේ නැත. ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ සිංහලයන් ඔවුන් පිළිබඳ සොයා බැලුවේ ද නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කළේ ම නැත.


    මේ වන විට, ලංකාවේ දේශපාලනය යුද්ධය තිබුණු තාලයටත් වඩා දැඩි ලෙස ජාතිවාදී රේඛාවන් ඔස්සේ බෙදෙමින් පවතින බව ද, මෙය අනාගතයේදී තව, තවත්, ආගමික, කුල ආදී බෙදුම් රේඛාවන් ඔස්සේ ඉරි තලමින් සමාජ සංවර්ධනයේ පසුපසට ගමන් කරමින් ඇති බව ද සිදු වන සිදුවීම් ඔස්සේ පෙනී යයි.


    ලංකාව කෑලි කෑලි කැඩී යන්නේ මෙසේ ය. හදවත්වලින් කැඩී බිඳී ගිය දේශයක් අවි බලයෙන් එක්සත්ව තබා ගත් පළියට සෙතක් වේද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Sampoorna Attha katahwa.Mamath muslim thamai eeth oyawage sanwidhaana hadagena lankawe aluth prashnayak athikaranwanam eekata mamath wiruddhai.Kotinge balaya nishpraba unata passe eey kapati ballo dan mey wage upakrama pawicchi karanna patan aran.Rawus hakeem madhihath una eka hodai.Mokada muslim janathawa atahre eya gana hoda keerthi naamayak thiyenawa. Lankawa mehema kaeli nokara ekama jana kandayamak wage inna oone kiyala prarthana karanwa.
     
    May 4, 2012
    329
    64
    0
    Sampoorna Attha katahwa.Mamath muslim thamai eeth oyawage sanwidhaana hadagena lankawe aluth prashnayak athikaranwanam eekata mamath wiruddhai.Kotinge balaya nishpraba unata passe eey kapati ballo dan mey wage upakrama pawicchi karanna patan aran.Rawus hakeem madhihath una eka hodai.Mokada muslim janathawa atahre eya gana hoda keerthi naamayak thiyenawa. Lankawa mehema kaeli nokara ekama jana kandayamak wage inna oone kiyala prarthana karanwa.
    දේශපාලුවො තමන්ගේ වාසියට ඕන දෙයක් කරයි. සිංහල මුස්ලිම් කියලා වෙනසක් නෑ :(