ජපන් පන්සල්වලට රොබෝ භික්ෂුවක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,296
    8,429
    113
    image_20b07ebe14.jpg


    තාක්ෂණික දියුණුවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ජපානයයි. දැන්, තාක්ෂණය, සියවස් ගණනාවක් පැරණි ආගමික සම්ප්‍රදායන් සමඟ මුසු කිරීමට ජපන් පර්යේෂකයන් සමත් වී ඇත. ජපානයේ බෞද්ධයන් සංඛ්‍යාව මිලියන 83 ත් 87 ත් අතර (ජනගහනයෙන් සියයට 46ක් පමණ) අගයක් ගනී.

    එසේ වුවත්, සැලකිය යුතු පිරිසක් බුද්ධාගම අදහන්නේ හුදු ආගමකට වඩා සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ලෙසය. මේ නිසාම, ජපානයේ බෞද්ධ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ හිඟයක් පවතී. මීට පිළියමක් වශයෙන්, කෘතිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවකු හඳුන්වා දීමට පර්යේෂකයන් සමත් වී ඇත.

    මේ රොබෝ කියෝතෝ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ශිල්පීන්ගේ නිර්මාණයකි. Teraverse සහ XNOVA යන තාක්ෂණික සමාගම්වල මේ සඳහා භාවිතයට ගෙන ඇත. මෙම රොබෝ භික්ෂුව පසුගියදා කියෝතෝ නුවර ඓතිහාසික ෂොරෙන්-ඉන් (Shoren-in) විහාරස්ථානයේදී නිල වශයෙන් එළිදැක්වීම සිදුවිය.

    රොබෝ නම් කර ඇත්තේ 'බුද්ධරොයිඩ්' (Buddharoid) යනුවෙනි. සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් මෙන්, මිනිසුන්ට අධ්‍යාත්මික මගපෙන්වීම් ලබා දීමට සමත් වන ලෙස රොබෝ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. බුද්ධරොයිඩ්ගේ මොළය ලෙස ක්‍රියා කරන්නේ 'BuddhaBot-Plus' නම් පද්ධතියයි. මෙය, අප කවුරුත් දන්නා ChatGPT ඇසුරින් නිර්මාණය කරන ලද, ජෙනරේටිව් AI (Generative AI) මාදිලියකි
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඇත්තටම ආයේ භික්ෂූන් ගොඩක් ඕනි නැති වෙයි. ගොඩක් උන් මිනිස්සුන්ව රවට්ටනවා, දේශපාළුවන්ට කඩේ යනවා. හොද AI මොඩල් එකක් train කර ගත්තනම් හරි උගත් භික්ෂූන් වහන්සේලා එකතු වෙලා බුද්ධාගම ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tramadol

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,198
    113
    ඇත්තටම ආයේ භික්ෂූන් ගොඩක් ඕනි නැති වෙයි. ගොඩක් උන් මිනිස්සුන්ව රවට්ටනවා, දේශපාළුවන්ට කඩේ යනවා. හොද AI මොඩල් එකක් train කර ගත්තනම් හරි උගත් භික්ෂූන් වහන්සේලා එකතු වෙලා බුද්ධාගම ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
    බණ අහන්න විතරයි නම් හාමුදුරුවෝ ඕනෙ ත්‍රිපිටකේ රෙකෝඩ් කලාම හරිනෙ ! බෞද්ධ යට සංගයා ඕනෙ බණ අහන්න විතරක් නෙමෙයි!