මේකයි දුකහිතෙන ඇත්ත!!
ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
ඒ හැමෝටම කාර් එකක් ගන්න බැරි නිසා චන්දයක් තියලා 225ක් තෝරලා එයාලට කාර් අරන්දෙමු.
හොඳයි නේද යෝජනාව... පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...
▪Wagon R
වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
▪Toyota Premio
ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර
ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි
නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල...මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල...
▪මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්,
ජපානය - 39983
ලංකාව - 3835
ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.
මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...??
පාරේ වාහන වැඩියි.
ට්‍රැෆික් වැඩියි.
කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.
අනතුරු වැඩියි.
මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියලා.
A/L හොදට කරලා හොද ජොබ් එකකට ගිහින් ලස්සන කාර් එකක් ගන්න එක තමයි හැම කොල්ලෙක්ගෙම හීනෙ.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්...
සංවර්ධන නිර්ණායකයක්...
සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණතරුණියන් තම මුල්ම වැටුපෙන් කාර්එකක් අරගෙන ගෙදර එනවා.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩු කරනවා.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනවා.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..
වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.
රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි කම්පැණි එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එක. ජපානයෙදි කාර් එක ලක්ශ 20යි.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.
කාර් හදන කම්පැණි වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි...
ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් ටොයොටා කම්පැණි එක ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.
රජයේ ලාභය ටොයොටා කම්පැණි එකේ ලාභය වගේ තුන් ගුණයකටත් ලගයි.
මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන..
සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව.
ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒව ජනතාවගෙ හිත සුව පිණිස ක්‍රියාත්මක කරවීම තමයි ජනතා නියෝජිතයෙකුගේ කාර්‍යභාරය.ඒ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...
හැබැයි මගේ අදහස මේකයි,
"ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."
"ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."
ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."
"ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."
නිමි.

Last edited: