ජපනා හපනා ද?නැත්තමි ජාපනටත් වඩා අපේ ආණ්ඩුව හපන් ද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,263
    113
    M-Town
    මේකයි දුකහිතෙන ඇත්ත!!

    ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
    ඒ හැමෝටම කාර් එකක් ගන්න බැරි නිසා චන්දයක් තියලා 225ක් තෝරලා එයාලට කාර් අරන්දෙමු.

    හොඳයි නේද යෝජනාව... පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...

    ▪Wagon R
    ▫️වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ▫️ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ▫️ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    ▫️බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5

    ▪Toyota Premio
    ▫️ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ▫️ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ▫️ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    ▫️බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5

    ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර😶ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි😶නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල...මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල...

    ▪මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්,
    ▫️ජපානය - 39983
    ▫️ලංකාව - 3835

    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.

    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...??
    පාරේ වාහන වැඩියි.
    ට්‍රැෆික් වැඩියි.
    කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.
    අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියලා.

    A/L හොදට කරලා හොද ජොබ් එකකට ගිහින් ලස්සන කාර් එකක් ගන්න එක තමයි හැම කොල්ලෙක්ගෙම හීනෙ.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්...
    සංවර්ධන නිර්ණායකයක්...

    සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණතරුණියන් තම මුල්ම වැටුපෙන් කාර්එකක් අරගෙන ගෙදර එනවා.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩු කරනවා.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනවා.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..

    වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.

    රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි කම්පැණි එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එක. ජපානයෙදි කාර් එක ලක්ශ 20යි.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.

    කාර් හදන කම්පැණි වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි...

    ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් ටොයොටා කම්පැණි එක ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.

    රජයේ ලාභය ටොයොටා කම්පැණි එකේ ලාභය වගේ තුන් ගුණයකටත් ලගයි.

    මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන..

    සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව.

    ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒව ජනතාවගෙ හිත සුව පිණිස ක්‍රියාත්මක කරවීම තමයි ජනතා නියෝජිතයෙකුගේ කාර්‍යභාරය.ඒ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...

    හැබැයි මගේ අදහස මේකයි,

    "ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

    "ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

    ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

    "ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."

    නිමි.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    මේකයි දුකහිතෙන ඇත්ත!!😌

    ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
    ඒ හැමෝටම කාර් එකක් ගන්න බැරි නිසා චන්දයක් තියලා 225ක් තෝරලා එයාලට කාර් අරන්දෙමු🌚

    හොඳයි නේද යෝජනාව...🙂 පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...😏

    ▪Wagon R
    ▫️වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ▫️ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ▫️ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    ▫️බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5

    ▪Toyota Premio
    ▫️ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ▫️ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ▫️ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    ▫️බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5

    ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර😶ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි😶නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල...මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල...😂

    ▪මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්,
    ▫️ජපානය - 39983
    ▫️ලංකාව - 3835

    ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව😏

    මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...??
    පාරේ වාහන වැඩියි.
    ට්‍රැෆික් වැඩියි.
    කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.
    අනතුරු වැඩියි.
    මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?
    තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියලා😐

    A/L හොදට කරලා හොද ජොබ් එකකට ගිහින් ලස්සන කාර් එකක් ගන්න එක තමයි හැම කොල්ලෙක්ගෙම හීනෙ.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්...
    සංවර්ධන නිර්ණායකයක්...😏

    සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණතරුණියන් තම මුල්ම වැටුපෙන් කාර්එකක් අරගෙන ගෙදර එනවා😏ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩු කරනවා.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනවා.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..✌

    වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි😐

    රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි කම්පැණි එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එක. ජපානයෙදි කාර් එක ලක්ශ 20යි.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.😐

    කාර් හදන කම්පැණි වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි...😂

    ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් ටොයොටා කම්පැණි එක ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.

    රජයේ ලාභය ටොයොටා කම්පැණි එකේ ලාභය වගේ තුන් ගුණයකටත් ලගයි😂

    මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන.. 🤣

    සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව🌚

    ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒව ජනතාවගෙ හිත සුව පිණිස ක්‍රියාත්මක කරවීම තමයි ජනතා නියෝජිතයෙකුගේ කාර්‍යභාරය😌ඒ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...😏

    හැබැයි මගේ අදහස මේකයි🙂,

    "ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

    "ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

    ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

    "ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."

    නිමි.🤞
    උබ දන්නවද අපේ රටේ රජයේ ම්ම්ම්ම් අමාත්‍යාංශයක පහල නිලධාරීන් ට ණය ක්‍රමය යෝජනා වුනා වාහනයක් ගන්න ඉහල නිල කීවේ මොකක් ද පොඩි උන් වාහනෙන් බැස්ස ම අපිට තියෙන තැන මොකක්ද.. ඔන්න ලංකාවේ පාහරයෝ....ආයේ නර්ස් ල තවම පොර කනව permit එකට දොස්තර ඒකට අවස්ථාව දෙන්න නෙ නෑ.... රනිල් හොද අන්න ඒකයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ
    නිකන් ජපන් ලදිවල ගිහින් මැරෙන්න එපා පොඩ්ඩක් ඉවසාගෙන හිටපං කුලියාපිටියේ වෝකස් වැගන් කාර් එක එනකං 🤣🤣
     
    • Like
    Reactions: chathura414

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ලංකාවේ ආණ්ඩු ගැන හෝ දේශපාළුවෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මතකද පහුගිය කාලේ එක්කෙනෙක් කිව්වා, "කාර් එකක් ගන්න සුදුසු නැති මිනිස්සුත් කාර් ගන්න හදනවා" වගේ ගොන් කතාවක්.
    මේ ලිපියේ තියන දේ වලට මම එකඟ උනාට, කාර් කොම්පැනි උපයන ලාභය ගැන නම් එකඟ වෙන්නේ නැහැ.

    // රසවත්ම දේ ඕක නෙමෙයි. වැගන් ආර් නිපදවන සුසුකි කම්පැණි එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එක. ජපානයෙදි කාර් එක ලක්ශ 20යි.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.//

    //ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් ටොයොටා කම්පැණි එක ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.//

    මේ තරම් ලාභයක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. ලැබෙන ලාභය බොහෝ විට (රුපියල් වලින් නම්) ලක්ෂයක දෙකක හෝ ඒ අවට ගණනක් විය හැකියි. ඒ අනුව නිෂ්පාදකයා උපයන ලාභය වගේ විසි/ තිස් ගුණයක් අපේ රටේ ආණ්ඩුව හම්බ කරනවා.

    ඕස්ට්‍රේලියාවේ වාහන නිපදවපු කාලේ ෆෝර්ඩ් කාර් එකකින් ලැබුන ලාභය (මේ සාමාන්‍යයෙන් ඩොලර් 30,000-50,000 අතර කාර්) ඩොලර් 345 යි. හෝල්ඩන් එකකින් ඩොලර් 1730 යි.

    FORD managed to make just $345 for each new car it sold in 2017, while Holden made the equivalent of almost $1730 on every sale, documents filed with financial regulators show.

    The documents reveal Holden made a $156 million profit in its last year as an Australian manufacturer. In contrast, Ford Australia managed to make just $27 million last year, the first profit it has made in the five years since it announced it would quit local manufacturing in late 2016 becoming a full line importer.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ලංකාවම හිරවෙලා ඉන්නේ, දැන් ආණ්ඩුවක් තීරණය කලොත් බද්ද 90 ගණන් වල ගානට බස්සන්න, දැන් මිලියන ගණන් වෙන වාහනේ පටාර් ගාල තවුසන්ඩ් ගණන් වලට බහිනවා. මිලියන ගානක් මිනිස්සුන්ගේ වත්කම විසාල ප්‍රමාණයකින් අඩු වෙනවා,

    ඔය ටැක්ස් එක ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් විතරක් නොවේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේත් ව්‍යාපාරයක්, ටැක්ස් එක ඉහළ යන්න යන්න උන්ට ලැබෙන පර්මිට් එකේ වටිනාකම වැඩි වෙනවා, ඒ නිසා මේක පවත්වාගෙන යාම උන්ට වාසියි.

    මම හිතන්නේ නැහැ ලංකාවේ වාහන මිල සාධාරණ අගයකට පැමිණේවි කියල, අපි හිර වෙලා ඉන්නේ. පොඩි වාහන අයිතිකාරයාත්, ටෙන් මිලියන් වාහන අයිතිකාරයාත් මේ උගුලේ අහු වෙලා ඉන්නේ. ගැලවීමක් ලැබෙන්න නම් මෙහෙ වාහන හදන්න ඕන,

    වාහන කර්මාන්තය හොඳින් කෙරෙන රටකටත් වඩා මෙහෙ ඉම්පෝට් ටැක්ස් එක තියෙද්දී මේ රටේ වාහන කර්මාන්තයක් ඇති නොවෙන්නේ මන්ද කියල කල්පනා කර බලන්න,

    මෙහෙ තියෙන්නේ පොඩි මාකට් එකක් නිසාත් අල්ලපු රටේ තියෙන යෝධ වාහන කර්මාන්තය නිසාත් අපට තියෙන්නේ පොඩි අවස්ථාවන් විතරයි, එකක් තමයි ලක්ෂරි වාහන හදන එක koenigsegg වගේ හයි වැලියු එකක් තියෙන වාහන. ඉලෙක්ට්‍රික් කාර්ස්, වගේ අලුත් අවස්ථා,

    අපේ වානේ කර්මාන්තය, වීදුරු, ටයර්/රබර් මේ ඔක්කොම ළදරු කර්මාන්ත, අපි අමුද්‍රව්‍ය නිපදවන රටක්, අපේ ද්විතීයික කර්මාන්ත ඉතා අඩුයි, ඒවායින් වාහන කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. ඒවාත් දියුණු වෙන්න ඕන,

    ඉතින් අපි හිරවෙලා ඉන්නේ, අපිට වත්කම දැනුම තියෙන්නේ ටුවරිසම්, එඩියුකේෂන් වගේ සර්විස් සෙක්ටර් දියුණු කරන්න විතරයි, ඒ ටිකත් හරියට කරන්න නම් මේ රටේ මයින්ඩ් සෙට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන, සුද්දන්ට ජංගි මහන කෙල්ල කියල රට කාපු අදහස් වෙනුවට ධනාත්මක අදහස් හැදෙන්න ඕන, මොන්ටිසෝරි එකේ ඉඳලම එක වෙන්න ඕන.
     
    • Like
    Reactions: chathura414

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලංකාව සිංගප්පුරුවක් කරන්න යන්නේ එතකොට සිංගප්පුරුවේ ගණන් තමා මෙහෙට අදාළ වෙන්නේ.




    toyota-pricelist-20201023134331990834.jpg



    mazda-pricelist-20201023144607074373.jpg


    honda-pricelist-20201023140951270741.jpg



    toyota-pricelist-20201023134333504772.jpg
     
    • Like
    Reactions: chathura414