ජපනා හපනා වුන හැටි🇯🇵

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    “ජපනා හපනා” කියන කියමන නිකම්ම හැඳුන එකක් නෙමෙයි කියල ජපානය මේ වන විට මුළු ලෝකයටම තහවුරු කරල හමාරයි. ජපානය ලෝකයේ එකොළොස්වන වැඩිම ජනගහන රට වන අතර, වැඩිම ජනගහන සහ නාගරීකරණය වූ රටක්. රටේ භූමි ප්‍රදේශයෙන් හතරෙන් තුනක් පමණ කඳුකරය ප්‍රදේශ. ජනගහනය මිලියන 125.5 වගේම ජපානය පරිපාලන ප්‍රාන්ත 47කට වෙන් වෙලා තියෙනවා.

    රටේ භූමි භාගයෙන් හතරෙන් තුනක්ම කඳුකර ප්‍රදේශ ඇති රටක් හැටියටත්, නිතරම භූමි කම්පා වලට සහ කාලගුණ වෙනස් වීම් වලින් බැට කන රටක් හැටියටත්, ලෝක යුද්ධයෙන් නැත්තටම නැති වුුනු රටක් හැටියටත් සලකා බලන කොට ඔවුන් මේ තරම් දියුණු රටක් වුනේ තොහොමද කියන එක අපට හිතාගන්න බෑ නේද? ඒත් අපි මේ ගැන සොයා බැලුවොත් ඔවුන් මේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම් අති විශාලයි. ජපානය මේ විදියට දියුණු වීමට හේතු වුණු රහස් ගැන lifie ඔයාලට කියන්නයි මේ යන්න.

    01. ජපනුන්ගේ දෙවන විවාහය රැකියාව

    why-japan-so-special-01.jpg


    ජපානයේ ජීවත් වන ජපන් ජාතිකයින්ගේ කියමනක් තියෙනවා ඔවුන්ගේ රැකියාව, දෙවන විවාහය කියලා. ඒ තරමටම ඔවුන් රැකියාව සමඟ බැදී සිටිනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔවුන් තමන්ගේ මව් රට දියුණුකිරීමට ඉමහත් කැප කිරීම් කරපු ජාතියක්. සාමාන්‍යයෙන් පැය 12 ත් 15ක් අතර රැකියාවේ නිරත වෙනවා. ඔවුන්ගේ දෙවන පවුල ලෙස සලකන රැකියාව කරන ස්ථානයේ සියලුම දෙනා එකිනෙකාට දැඩි සේ බැඳී ඉන්නව. රැකියාව නිසාම ඒ වෙනුවෙන් අධිකව වෙහෙසීම නිසාම ඔවුන් මියයන පුවත් අහන්න ලැබීම ඉතා සුලබයි. ඔවුන් මේ මරනය ගරු කටයුතු මරනක් ලෙස සලකනවා වගෙම එය කරෝසි කියල හඳුන්වනවා.

    02. විනය අතින් සුපිරි ජාතියක්

    why-japan-so-special-02.jpg


    විනය ගැන අපි ඉතා ඉහළින් හිතන රටක් නෙමෙයි. ඒක මෑතකදි තෙල් පෝලිමක් දිහා බලන් හිටිය කෙනෙකුට හොඳටම දැක ගන්න පුලුවන්.

    ජපනුන්ගේ දියුණුවේ තවත් රහසක් තමයි විනය අතින් සුපිරි ජාතියක් වීම. අපේ රටේ තෙල් පෝලිම්, බෙහෙත් පෝලිම්, බස් පෝලිම්, කෝචිචි පෝලිම් දිහා බැලුවහම විනයේ පිරිහීම ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. නමුත් ජපනුන් ගේ පෝලිමක් දිහා ඔයා බලාගෙන ඉඳල තියෙනවද? ඔවුන් කිසිම විටක පෝලිම් පනින්නෙ නෑ. ඒ වගේම අනිකාට ගරු කිරීම තුලින් සහ අනිකාත් තමන් ලෙස සීතීම සහ සියළු දෙනාම සමානයි කියන පිවිතුරු චේතනාව තමයි මෙතනදි විශේෂයෙන් බලපාන්නේ. ඒ වගේම ඔවුන්ගෙ ඉවසීමත් මේ තුලින් ඉස්මතු වෙනවා.

    03. නවීන තාක්ෂණය


    why-japan-so-special-03.jpg


    ලංකාවේ අපි වුනත් භාණ්ඩයක් ගන්න ගියාම ජපන් බඩුවක් නම් ගොඩක් කැමතියි. ඒ ඔවුන් තමන්ගේ උපරිම තාක්ෂණය සියළුම නිෂ්පාදන සඳහා යොදා ගන්න නිසා.. රොබෝ තාක්ෂණය අතින් ඉතා දියුණු රටක්. මේ වන විට ඔවුන් බොහෝ කටයුතු වලට රොබෝ තාක්ෂණය යොදාන්නවා. මේ නිසා කාලය, ඉතිරි වනවා වගේම රටක් විදියට ඉදිරියට යෑම සීඝුයෙන් සිද්ධ වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සියළුම කටයුතු වලට තාක්ෂණය උපරිම ලෙස යොදාගැනීම නිසාම සහ ලෝකයට නව තාක්ෂණය හඳුන්වා දීම නිසාම ලෝකයේ තාක්ෂණය අතින් සහ දියුණුව අතින් මුල් තැනට එන්න ජපනට පුලුවන් වෙලා තියෙනව.

    04. පොදු ප්‍රහන සේවාව මිනිසුන්ගේ සුව පහසුව ගැන දැඩි ලෙස වග කියනවා

    why-japan-so-special-04.jpg


    රටක දියුණුවට, කාලය ඉතිරි කරගන්න සහ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ⁣මාර්ග වල සහ ප්‍රවාහනයේ දියුණුව ඉතා තදින් බලපානවා.

    ජපානය ඉතා විශාල රටක්. රට තුල එහාට මෙහා⁣ට යන එක ලේසි නෑ. නමුත් මොවුන් මේ අභියෝගයට ඉතා හොඳින් මුහුණ දීල තියෙනවා. හොඳ මාර්ග පද්ධතියක්, ප්‍රවාහනයක් මේ වන විට ජපානය තුල පවතිනවා.
    කිසිම වෙලාවක බස් එකක්, කෝච්චියක් පරක්කු වෙලා එන්නෙ නෑ. ඔයාල දන්නවද ජපානයේ කෝච්චියක් තත්පර 20 ක් පරක්කු වුනොත් ඔවුන් මගීන්ගෙන් සමාව ගන්න පත්‍රිකාවක් ,බෙදා හරිනවා. ඒ වගේම තමයි විනාඩි 2 ට වඩා කෝච්චිය පරක්කු වුනොත් ටිකට් එකේ සල්ලි ආපහු ලබා දෙන්නද ඔවුන් බැදී සිටිනවා.

    05. ඉහළ පිරිසිදුකම


    why-japan-so-special-05.jpg


    අපේ රටේ දැන් දැන් අලුත් පරම්පරාව පිරිසිදු කම ගැන ටිකක් වැඩිපුර හිතන බවක් පේන්න තියෙනවා. නමුත් රටේ බහුතරය මේ ගැන කිසි තැකීමක් කරන් නෑ. ඒත් ජපනා කියන්නේ පිරිසිදුකම ඉතාම ඉහළින් අගය කරන ජාතියක්. තමන්ගේ කුණු වෙනත් අයෙක් ලව්වා පිරිසිදු කර ගැනීම තමන්ට මදි කමක් විදියට තමයි හිතන්නෙ.

    ජපානයේ විශාල ක්‍රීඩා තරඟ අවසානයේ ඔවුන් මුුලු ග්‍රවුන්ඩ් එක සහ ඒ අවට පිරිසිදු කරන විදිහ අපි ඕනි තරම් දැකල තියෙනව. ඒ වගේම තමයි ඉන්න ස්ථානය, පොදු ස්ථාන පිරිසිදු කරල තියාන්න කුඩා කාලයේම ඔවුන්⁣ට කියල දෙනවා. ජපානයේ පාසල් වල පිරිසිදු කරන්න වෙනමම පිරිසක් නෑ. වැසිකිලි, පන්ති කාමර, පොදු ස්ථාන පිරිසිදු කර ගන්න ඕනි පාසලේ ඉගෙන ගන්න දරුවොම තමයි. ජපානයේ කානු පද්ධතිය ඉතා පිරිසිදුයි. ඒ හැම කානුවකම බොහෝ වේලාවට මාළු පිරිල ඉන්නව. පාරවල්, නිවාස, පොදු ස්ථාන ඉතා පිරිසිදු ලස්සන රටක් තමයි ජපානය.

    06. සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම

    why-japan-so-special-06.jpg


    ජපනුන් තමන්ගේ සංස්කෘතියට, සම්ප්‍රදායට ඉතා ගරු කරන ජාතියක්. ඔවුන් අතීතයේ ඉඳන් පැවත එන ගුණාත්මක ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නවා. ජපනුන්ගේ විශේෂ කියමනක් තමයි සියයට අසූවක් පමණක් ආහාර ගන්න කියන එක. ඒ කියක්නෙ බඩ පැලෙනකම් කෑම කාල ලෙඩ වෙන්න එපා කියන එක.

    ජපනුන් කෑම ගන්න විදිය හරි වෙනස්. අලි විශාල පිඟාන කන එක වෙනුවට එයාල ගොඩක් වෙලාවට පොඩි පිඟන් වල විවිධ කෑම වර්ග කනවා. සාමාන්‍යයෙන් බත්, මිශ‍්‍ර, මාළු හෝ මස්, එළවලූ වර්ග දෙකක් හෝ තුනක් ගොඩක් වෙලාවට එයාල එක වේලකට කනවා. මේ අය හැම වෙලාවෙම තෙල් සහ සීනි අධික ආහාර ගන්න එක හැකි තරම් අඩු කරනවා ප්‍රධාන ආහාර වලට මාළු, එළවළු, පලතුරු අනිවාර්යෙන් එකතු කර ගන්නවා. හාල් වලින් හදපු සෞඛ්‍ය අතින් ඉතා ඉහළ සුප් එකක් බොන එකත් සාමාන්‍ය පුරුද්දක්. වැඩිපුර සැමන් සහ අලිගැටපේර, සහල් ටෙරියාකි නූඩ්ල්, සුප් හොද්ද, සෝබා නූඩ්ල් සහ ඉඟුරු සෝයා එක්ක ග්‍රිල් කළ ටෝෆු, ජපන් සලාද, චිකන් සලාද ආහාරවට එකතු කර ගන්නවා.

    සාම්ප්‍රදායික ජපන් ආහාර වේලක සෝයා බෝංචි, අඩුකි නමින් හඳුන්වන අනෙකුත් බෝංචි, මිසෝ සහ නැටෝ වැනි පැසුණු සෝයා බෝංචි අනිවාර්යෙන් දකින්න ලැබෙනවා. ඔවුන් සෞඛ්‍යයට හිතකර ඛනිජ ලවණවලින් පිරී ඇති මුහුදු පැලෑටි ඇතුළු විවිධ ගොඩබිම සහ මුහුදු එළවළු වැඩිපුර ආහාරයට ගන්නව.. ඒ වගේම උදේ කෑම එකේ අතුරු පස විදියට අනිවාර්යෙන්ම පලතුරු දීසියක් එකතු කර ගන්නවා. විශේෂයෙන් ෆුජි ඇපල්, ටැංජරීන් සහ පර්සිමන්.

    07. කුඩා ළමුන්ට, වැඩිහිටියන්ට සහ ආබාධයන්ට විශේෂ තැනක් දීම

    why-japan-so-special-07.jpg


    අපි දන්නව දෙවන ලෝක යුද්ධයත් එක්ක ජපානයේ සිද්ධ වුන විනාශය. ඒ වගේම ජනගහනය ඉතා අධික රටක් නිසා වයසක අයගේ ප්‍රතිශතය ඉතාම ඉහළයි. ජපානයේ පවුල් වල ස්වාමියා වගේම බිරිඳත් රැකියාවට යනවා. මේ නිසා ඒ රටේ දරුවො ගැනත් ජපන් ජාතිකයන් වැඩි සැලකිල්ලක් දක්වනවා.

    ආබාධිත අය වෙනුවෙන් විශේෂ නීති රීති පද්ධතියක් ජපානයේ තියෙනවා. මේ නීති රීති පදනම් කරගෙන තමයි ලෝකයේ අනික් රට වලිත් නීති හැදුවෙ. ජපන් රජය විසින් වයස අවුරුදු 65 ට වැඩි සියලු දෙනාට 2000 දී දිගුකාලීන රැකවරණ රක්ෂණය (LCTI) හඳුන්වා දීල තියෙනවා. මේ මඟින් ඔවුන්ගේ සියළුම ඕනෑ එපාකම් සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම වැඩි හිටියන් බලාගන්න ස්වෙච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයත් රට තුල ක්‍රියාත්මකයි.

    ඇස් නොපෙනෙන අයගේ වැඩි පහසුවට බෙල් ක්‍රමය පාවිච්චි කරන බව අපි දන්නවා. ජපනුන් සියළුම දැනුවත් කිරීම් ද බෙල් ක්‍රමය හරහාත් සිද්ධ කරනවා. කොටින්ම සෝඩා කෑන් එකේ නම පවා බෙල් අකුරෙන් සඳහන් කරන්න එයාල යොමු වෙලා තියෙනව.

    ඒ වගේම ළමුන්ගේ ආහාර සහ අනිකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් ජපන් රජය විසින් විශේෂ දීමනාවක් ලබා දෙනවා. දරුවන්ගේ සුව පහසුව දැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. උදාහරණයක් විදියට හැම වැසිකිලියකම ළමුන්ට වෙන් වුන කුඩා ආසනයක් නිර්මාණය කරල තියෙනවා.

    අපි රටක් ලෙස නැත්තටම නැති වෙලා ඉන්න මේ මොහොතේ ජපානය වැනි දියුණු රටක් ඒ දියුණු වීමට කල කැපකිරීම් ගැන දෙසැරයක් හිතල බලන්න කාලය මේකයි කියලා මතක් කරන්න කැමතියි.

    source
     

    Sen-lu

    Well-known member
  • තව අවුරුදු 500ක් ගියත් ලංකාවෙ මිනිස්සු නම් ඔය වගේ වෙන්නෙ නෑ. ඔයවගේ මිනිස්සු අතලොස්සක් ඉන්නව උන්ට මේ රටේ සර්වයිව් වෙන්නත් බෑ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තව අවුරුදු 500ක් ගියත් ලංකාවෙ මිනිස්සු නම් ඔය වගේ වෙන්නෙ නෑ. ඔයවගේ මිනිස්සු අතලොස්සක් ඉන්නව උන්ට මේ රටේ සර්වයිව් වෙන්නත් බෑ.
    100% agreed ban..ඉතිහාසේ හිටිය ම්ලේච්චම සෙට් එකක් ඔහොම ඉන්නවා කියන්නේ

    japan kiyana tharam sundara na.

    (habai lankawata wadanam hodai.):D


    ඩිප්රේෂන් තියනවා බන් ගොඩක් උන්ට..කොරෝනා කාලේ රට වහල තියෙද්දී කොරෝනා වලින් මැරෙනවට වඩා ඩබල් ඩිප්රේෂන් නිසා මැරුණා
    ------ Post added on Aug 6, 2022 at 12:01 PM
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ape ithin podi kale idan uganane 2500 ithihasai rawanage dadu monarai, sigiriyata wathura genicha widihai. banak ahawathu hamuduru pampori gahane ape culture ekai 2500 ithihasai. nahayen adana ewamane. ithin koheda ratak isarahata yanne. anika luku ekage idan podi eka wenakanma horu
     
    • Like
    Reactions: dxx

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඔය ටික කරලා දෙන්නම්.හැබැයි උපාදි කඩ ටික වහලා ඉවර වෙලා තමා.
     

    Sen-lu

    Well-known member
  • අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඔය ටික කරලා දෙන්නම්.හැබැයි උපාදි කඩ ටික වහලා ඉවර වෙලා තමා.
    ත්‍රෙඩ් කන්න එපා අඩුකුලේ පරයො.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කාලා නම් නෑ කරලා දෙන්නම් කියලා කිව්වේ.
    අපේ රටේ පොන්න රැල මයිනටයි, පොනිලටයි මාරුවෙන් මාරුවට දිදී ඉන්නව