ජපානයට_තවත්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඉදිරි දින තුන තුළ ජපානයට තවත්
    ප්‍රබල භූමි කම්පාවක්‌ ගැන අනතුරු ඇඟවීමක්‌




    * කියුෂු දූපතේ ගිනි කන්ද ලාවාවලින් උතුරයි

    * භූමිකම්පාව රිච්ටර් මාපකයේ 9.0 ක්‌ යෑයි ජපන් කාලගුණ විද්‍යා බලධාරීහු පවසති.

    * මියාගී ප්‍රදේශයේ 10000 ක්‌ මියගොස්‌ ඇතැයි සැකකරන බව පොලිස්‌ ප්‍රකාශක ගෝ සුගවාරා පවසයි.

    * මිලියන 1.9 කට තවමත් විදුලිය ලැබී නැහැ.

    * පුකුෂිමා ඩයි ඉචි න්‍යෂ්ටික සංකිර්ණයේ බලාගාර දෙකක විකිණරණ කාන්දුව වැළැක්‌වීමට මුහුදු ජලය යොදා ගැනේ.

    * 190 ක්‌ විකිරණවලට ගොදුරු වෙලා.

    * 590000 ක ජපන් ජාතිකයන් තම නිවෙස්‌වලින් පළායති.

    ඉදිරි තෙදින තුළ තවත් බරපතල භූමිකම්පාවක්‌ ඇතිවනු ඇතිවනු ඇතැයි ජපන් භූවිද්‍යා විශේෂඥයෝ ඊයේ අනතුරු අඟවනු ලැබීය. පසුගිය සිකුරාදා රාත්‍රියේ පුකුෂිමා ප්‍රදේශයේ කිලෝ මීටර් හයක්‌ පොළව යටදී තවත් භූමි කම්පාවක්‌ ඇති වීමෙන් පසු කම්පන 200 කට අධික සංඛ්‍යාවක්‌ ගැන වාර්තා විය. මේ භූමි කම්පාවෙන් බරපතල ප්‍රශ්නය වූයේ පුකූෂිමා න්‍යෂ්ටික බලාගාරයටය. එම න්‍යෂ්ටික සංකීර්ණයේ බලාගාර දෙකකින් න්‍යෂ්ටික විකිරණ පිටවීම නිසා අවසාන ප්‍රයත්නය වශයෙන් මුහුදු ජලය එකි බලාගාරය වෙත පොම්ප කිරීමට විද්‍යාඥයන් කටයුතු කර ඇත. එහෙත් ඒ වන විට 190 ක පමණ පිරිසක්‌ විකිරණවලට ගොදුරුවී තිබේ.

    මේ විනාශකාරි භූමිකම්පාවත් සමග ඇති වූ සුනාමිය නිසා මියගි ප්‍රදේශය මහත් ව්‍යසනයකට ලක්‌විය. පොලිස්‌ ප්‍රකාශක ගෝසුගවාරා පවසන්නේ 10000 කට අධික පිරිසක්‌ මියගොස්‌ ඇති බවට සැකකරන බවය.

    මේ අතර මිනාමියන්රිකුචෝ නගරය සොයා ගැනිමද දුෂ්කර වී ඇත. සුනාමිය මේ නගරය මුළු මනින්ම විනාශ කළේය. එන්. එච්. කේ. රූපවාහිනිය ඊයේ පැවසුවේ නගරයේ කොන්ක්‍රීට්‌ සැකිලි කීපයක්‌ පමණක්‌ දක්‌නට ලැබී ඇති බවයි.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය මුහුණපෑ බරපතලම අර්බුදය මෙය යෑයි ජපන් අගමැති නාටෝ කැන් කියා සිටියේය.

    මේ විපත නිසා ඩොලර් බිලියන 35 කට වඩා රක්‍ෂණ මුදල් ගෙවීමට රක්‍ෂණ සමාගම්වලට සිදුවනු ඇතැයි එයාර් චර්ල්ඩ්වයිඩ් ආයතනය පවසා ඇත.

    එසේම ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදනය සමාගම වන ටොයෝටා සමාගමේ වාහන නිෂ්පාදනයද සියයට 7 කින් පහත වැටී තිබේ.

    ජපානයේ සෙන්ඩායි වරාය සමීපයේ වෙරළබඩ නගර රැසක සිටි පිරිස මෙතෙක්‌ හමුවී නැති අතර ඔවුන් මුහුදට ගසාගෙන ගොස්‌ ඇතැයි සැක කෙරේ.

    මේ වන විට 100000 ක හමුදා සේනාංකයන් හා 250000 ක පොලිස්‌ භටයන් හා ජීවිතාරක්‍ෂක සේවකයන් විසින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ සහ සහන සේවා කටයුතුවල නිරතවී සිටී.

    "ජපන් ජනතාවට මේ විපතින් ගොඩ ඒමට හැකි" යෑයි ජපන් අගමැතිවරයා තවදුරටත් ජපන් ජනතාව අමතා පවසා ඇත.

    ජපන් සහන සේවා කමිටුවක ප්‍රධානියකු වූ ජිරෝ යසිටෝ කරුණු දක්‌වමින් පින්ටෝනා නගරයේ සියයට අනූවක්‌ම විපතට පත්වූවන් වයෝවෘද්ධ පිරිස්‌ යෑයි හෙළිකර තිබේ.

    අපි සුනාමි අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත්කලා තරුණ පිරිස්‌ විගස ආරක්‍ෂිත ප්‍රදේශවලට පැනගියා. නමුත් වයෝවෘද්ධ පිරිස්‌වලට හැකියාවක්‌ තිබුණේ නැහැ බලාපොරොත්තු වූවාට වඩා කලින් සුනාමිය පැමිණියා" යෑයි හෙතෙම අනාවරණය කර ඇත.

    එහෙත් දිවි ගලවාගත් පිරිසද සිටි. මේ සුනාමියෙන් බේරීම සඳහා මිනාටෝයා නගරයේ සිය නිවසේ වහලට නැග සිටි හිරෝමිට්‌සු ෂින්නාටා එලෙස දිවි ගලවා ගැනිමට වාසනාවක්‌ ලැබූවෙකි. තමා සහ බිරිය භූමිකම්පාවත් සමග නිවසට පැමිණි බවත් එකවරම සුනාමිය කඩා වැදුන බවත් ඔහු කියා සිටියේය.

    ජපන් හමුදා භටයන් විසින් හිරෝමිට්‌සුට බේරාගනු ලැබුවේ ඔහුගේ නිවසට කිලෝ මීටර් 15 ක්‌ ඈත මුහුදේ රතු කොඩියක්‌ වනමින් සිටියදියි.

    ඊටාටේ දිස්‌ත්‍රික්‌කයේ රිකුයෙන්මකටා නගරයේ එම්සුකෝ ඔයාමාගේ කතාවද අතිශයින්ම සංවේගජනකය" සුනාමි ප්‍රවාහය ඉතාමත් බියකරු ලෙස මගේ නිවසට කඩාවැදුනා. මම දුවගේ අතින් අල්ලාගෙන හිටියත් කැරකි කැරකී ආ ප්‍රවාහය ඇයව ගෙනගියා යෑයි එම්සුකෝ පළ කළාය.

    මේ අතර අතුරුදන් වූ දුම්රිය කීපයෙන් මැදිරි කීපයක්‌ කිලෝ මීටර් 6 ක්‌ දුර තිබි හමුවී ඇති. එවායේ සිටි මගීන්ට සිදු වුයේ කුමක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.

    මේ අතර මියාගි ප්‍රදේශයේ තිබී මළසිරුරු 2000 ක්‌ ඊයේ සොයාගෙන ඇත.

    එසේම පුකුෂිමා න්‍යෂ්ටික සංකීර්ණයේ එක්‌ බලාගාරයක්‌ පිපිරී ඇති අතර එහි සේවය කළ පස්‌දෙනෙක්‌ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.


    http://www.divaina.com/2011/03/15/news18.html
     
    • Like
    Reactions: kandya