ජපානයෙන් අලුත් පළතුරක් ... ‘Lemon Melon’

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ‘Lemon Melon’


    H1pCar3.jpg


    ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.

    ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත.මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.එය මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බව එම ගොවීන් පෙන්වා දී ඇත.

    m0iTK68.jpg


    පෙනුමෙන් පැණි කොමඩු ගෙඩියක් වැනි ලෙමන් පැණි කොමඩු ගෙඩි වල අසාමාන්‍ය සුදක් තිබෙන බවත් එය පැණි කොමඩු ගෙඩියක් තරම් විශාල නොවන බවත් ජපාන ගොවීන් පවසයි.ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට මිල කර ඇත.

    අගෝස්තු මාසය තෙක් සපෝරෝ නගරයේ වෙළඳපොළවල් තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩි ඇත්තේ 3800 පමණක් බවද ජපාන ගොවින් ප්‍රකාශ කර ඇත.



    Source
    https://www.lankadeepa.lk/latest_news/ජපානයෙන්-අලුත්-පළතුරක්/1-636406

    https://mymodernmet.com/lemon-melon...ese farmers in,tone of melons and watermelons.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උන් වට්ටක්කා වලින් අයිස්ක්‍රිීම් හදනවලු නෙ :rolleyes:

    ඊට කලින් ඉදන් අපේ උන් වට්ටක්කා වලින් smack හැදුවේ
     
    • Love
    Reactions: NRTG