ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්

    මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.
    532369_360449060691413_2044590818_n.jpg

    සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2ක් අතර හිඩැසක් තියෙනවා.

    නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

    උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

    ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත් උනා. මේ නිවස අවුරුදු 10 කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

    කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

    ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

    පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

    ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

    ඇනයේ සිරවී සිටි සතාව තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

    සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

    ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."

    උපුටාගැනීම: මේල්ලුවකින්.