ජපානේ ගියහම මොලේ විකාර වෙන දේවල් 7 ක්
ජපානේ ඉන්න අයියලා අක්කලා ගැන කියනකොට ඕන කෙනෙක්ට මතක් වෙන්නේ එක්කෝ සුෂී, එක්කෝ සකේ. එහෙම නැත්තං ජපානේ ජනතාව කොයි තරම් ආචාරශීලීද කියන එක. කොහොමත් ජපාන සංස්කෘතියත් එක්ක දකින්න තියෙන දෙයක් තමයි තමන්ගේ සංස්කෘතියේ, එදිනෙදා ජීවිතේ, ජීවන රටාවේ තියෙන ගොඩක් දේවල් මොලේ මඤ්ඤං වෙන එක්ස්ට්රීම් ලෙවල් එකකට අරගෙන යනවය කියන එක. මේ කියන්න ලෑස්ති වෙන්නේ ඒ වගේ දේවලින් කීපයක් ගැන තමයි!
1. මරණයෙන් කෙළවර විය හැකි ආහාරය: ෆුගු
ෆුගු කියලා හඳුන්වන ජපාන සාම්ප්රදායික ආහාරය ගැන අහලා ඇතිනේ. ෆුගු නැතිනං පෆර් ෆිෂ් කියලා හඳුන්වන මාලුවාගෙන් හදන සෂිමි හරි චිරිනබේ හරි සුෂි ඩිෂ් එක කාලා ඕන පදං මිනිස්සු ජපානේ මැරිලා තියෙනවා. ඇත්තටම 1984 දී කොල්ලයි බල්ලයි ෆුගු හදන එක තහනම් වුනා ජපානේ. දැන් ෆුගු හදන්න පුලුවන් ඒකට ලයිසන් තියෙන චෙෆ්ලට විතරයි. ඒ හින්දා ඉස්සර තරම් ෆුගු ඩිෂ් එක මාරාන්තික නොවුනත්, අදටත් සැලකෙන්නේ ෆුගු රසවිඳින එක වීරත්වයක් විදියට. කොහොමත් ෆුගු ඩිෂ් එකේ පෆර් ෆිෂ් විෂ ලාවට ඉතුරු වෙලා තියෙනවා. ඒ විස ප්රමාණයට මිනිහෙක් මැරෙන්නේ නැති වුනත්, ටිකක් දුරට කාගෙන යනකොට කට හිරිවට්ටන්න ඒ විස ප්රමාණවත්.
2. ගෞරවනීය මරණය: හරාකිරි
සෙප්පුකු නැත්තං හරාකිරි කියලා අඳුන්වන්නේ බඩ කපාගැනීමෙන් සියදිවි හානි කරගැනීම. මේක ඇත්තටම ජපාන සමුරායි බුෂිදෝ කෝඩ් එකේ කොටසක් වුනාට, පහුකාලීනව වුනත් ඕනෑම ජපාන ජාතිකයෙක්ගේ ගෞරවය රැකගැනීම සඳහා සියදිවි හානි කරගැනීම හැඳින්වීම දක්වාම පැතිරුණා. අතීතේදී හතුරන්ට අහුවෙනවාට වඩා හරාකිරි කරගන්න එක, තමන්ගේ අතින් වැරැද්දක් වුනාට පස්සේ ඒ කැළලත් එක්ක ජීවත් වෙනවාට වඩා හරාකිරි කරගැනීම වගේ කොන්සෙප්ට් එකක මේ සෙප්පුකු භාවිතාව තිබුණත්, පස්සේ කාලයක් වෙනකොට තමන්ගේ ගෞරවය නැත්තං හරාකිරි කියන තැනට මේකේ වචනාර්ථය ඇවිල්ලා තියෙනවා දකින්න පුලුවන්.
3. පිස්සු හැදෙන ජපාන වැසිකිලි
අර විහිළුවට කියන්නේ ජපානෙට ගිහින් හදිසියකට සිරුරු කිස කරන්න ගියාට පස්සේ මනුස්සයෙක්ට එක්කෝ ටොයිලට් එකෙන් එලියට එන්න හිතෙන්නේ නෑ පහසුවට තියෙන වැඩ කෑලි තොගේ දැක්කහම, එහෙම නැත්තං එලියට එන්න වෙන්නෙ නෑ මේ වැඩ කෑලි වලින් කරන්නෙ මොනවද කියලා දන්නෙ නැතුව බට්න් එකක් ඔබන්න තියෙන බයට. මොකද ඔය ටොයිලට් බොහෝමයක ඉංග්රීසියෙන් ඒ ඒ බට්න් වලින් මොනවද කරන්නේ කියලා ගහලා නැහැ. අපි දන්න ඇමරිකන් ටොයිලට් එකක නං ඉතින් ලොකු ෆ්ලෂ් එකට එකයි, පොඩි ෆ්ලෂ් එකට එකයි බට්න් දෙකක් තියෙයි. හැබැයි මේ ටොයිලට් වල නවීන වොෂින් මැෂින් එකකට වඩා බට්න් තියෙනවා. ටොයිලට් කවර් එක ස්වයංක්රීයව උස් පහත් කරන්න විතරක් නෙවෙයි, ටොයිලට් එක ඇතුලේ ප්ලේ වෙන මියුසික් වෙනස් කරන්න, හඬ අඩු වැඩි කරන්නත් බට්න් තියෙනවා!
4. ජපානේ තියෙන පිස්සු ගැජට්
ජපානේ නව නිපැයුම්කරුවන් කියන්නෙත් ෆුල් ආතල් එකක් ගන්න කොට්ඨාසයක් වෙන්න ඕන. ඇයි මේ මිනිස්සු හදන ගැජට් එක්කෝ හෙන හයි ටෙක් හැබැයි හිනායනවා දැක්කහම. එක්කෝ හරිම සරලයි ඒත් වෙන රටක මනුස්සයෙක් ජීවිතේට හිතන්නේ නෑ මෙහෙම එකක් ඕන වෙයි කියලා. උදාහරණයක් විදියට ඔලුවේ දාන තොප්පියට ටිෂූ රෝලක් හයි කරන්න ඕනද? කුඩේට කෙලින්ම රේන් කෝට් එකක් හයි කරන්න ඕනද? හැබැයි මේවල තියෙන ප්රයෝජන ගත්තොත් ඒවාත් හරිම ප්රායෝගිකයි. කොහොමත් කම්මැලි නැති ජාතියක් වෙන ජපාන ජාතිකයින්ගේ එදිනෙදා ජීවිතේ තියෙන ගැජට් වැඩිහරියක් හැදිලා තියෙන්නේ එදිනෙදා ජීවිතේ කම්මැලි කරගන්න තරම් පහසුකම් එක්ක තමයි.
ඒ විතරක් නෙවෙයි, අර බබ්ල් රැප් වල තියෙන බට්න් පොප් පොප් සද්දෙට මිරිකන්න අපි ඕන කෙනෙක් හෙන ආසයිනේ. හැබැයි ඊට පස්සේ බබ්ල් රැප් එක ගන්න දෙයක් නෑ. හැබැයි ජපානේ තියෙනවා බබ්ල් රැප් බට්න් වගේම සෙල්ලං ගැජට් එකක්. ඇති වෙනකල් මිරික මිරික ඉන්න තියෙන්නේ!
5. නියම සාඩින් අහුරපු ටයිප් එකේ ජීවිත
ජපානේ ගැන තියෙන ෆිල්ම් වල එහෙම අපි දකිනවනේ සෑහෙන්න සරල විදියට ඒ කට්ටිය ජීවත් වෙනවා කියලා. හැබැයි ජපානේ ජනාකීර්ණ මෙට්රොපොලිස් නගර වල ජීවත් වෙනකොට මේ කියන සරල බව වෙනම ලෙවල් එකකට ගේන්න වෙනවා. මොකද එපාර්ට්මන්ට් එකක් හොයාගන්නවා කියන්නේ ඒ තරමටම ගේමක්. ඒ නිසා සමහර වෙලාවට අර ඔෆිස් කියුබිකල් සයිස් එකේ තැන්වලටත් මිනිස්සු ජීවත් වෙනවා. ඇත්තටම මේවා ‘මිනීපෙට්ටි’ අපාට්මන්ට් කියලා අඳුන්වන්නේත් නිකමටම නෙවෙයි! මේ විදියට ජීවත් වෙන එක අපිට නං හිතන්නවත් බැරි තරම්!
6. ලව් හොටෙල්ස්!
මේක නං එක්ස්ට්රීම් කියලා අපි කියන්නේ බොහොම ධනාත්මක අදහසක්, ඉරිසියාවක් එක්ක! මේ ලව් හොටෙල්ස් කියලා අඳුන්වන බූටික් ටයිප් එකේ පුංචි හෝටල් වල පැය කීපයකට හරි, එහෙම නැත්තං සම්පූර්ණ රාත්රියටම හරි රූම් එකක් ගන්න පුලුවන්. මේ රූම් හදලා තියෙන්නේත් තනිකරම ශෘංගාරය අවදි කරන්න තියෙන එක එක ගැජට්, එක එක පහසුකම් එක්ක. උදාහරණයක් විදියට රූම් එකේ ඩිසයින් එකට අනුව විවිධ සෙක්ෂුවල් රෝල් ප්ලේ කරන්න පුලුවන්. ඕන නං එක එක කොස්ටියුම් එහෙමත් රෙන්ට් එකට ගන්න පුලුවන්. හැබැයි මොකෙක්වත් ඇවිත් කරදර කරන්නෙ නෑ. අපි දන්නෙ නෑ ඉතින් මේවලට වෙන වෙන නීති රීති තියෙනවද කියලා. හැබැයි පේන හැටියට නං ලිංගික නිදහස ජපානේ උපරිමේටම, සුපිරියටම තියෙනවා!
7. කඩෙන් ගන්න තියෙන දේවලුත් පිස්සු හදෝනවා!
දැන් අපි සුපර් මාකට් එකකට ගිහින් ගන්නේ මොනවද? හාල් කවරයක්, චොකලට් එකක්, එලෝලු නැත්තං පළතුරු, බීම කාර්ටූන් එකක් වගේ දේවල්නේ. හැබැයි ජපානේ සුපර් මාකට් එකකට ගියහම වෙන රටක ඩයල් එකකට නං බාගෙට පිස්සු හැදෙනවා කියලා තමයි කියන්නේ. මේකත් ඇත්තටම ඉරිසියා ෆැක්ට් එකක්. හතරැස් කොමඩු, ශීත කරපු සම්පූර්ණ කිඹුලෝ, කාටූන් වල එන සකේ සහ විස්කි, එක එක ජාතියේ බිත්තර, හිතාගන්න බැරි විදියේ මස් වර්ග, හදිසියකට සුපර් මාකට් එකෙන් ගන්න පුලුවන් ෂර්ට්, අස්ස කිරි පිටි… එක්කෝ මේ ජපනුන්ට පිස්සු, එක්කෝ මේවා අපිව අන්දන්න කරපු ප්රෑන්ක්, එහෙමත් නැත්තං ජපානේ තමයි ලෝකේ තියෙන ආතල්ම රට!
Source