ජපුර ටයර් නවක වද නඩුවේ සරසවි නියෝජනය කිරීමට නීතිපති බැහැ කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,460
    56,060
    113
    The-Attorney-General-refuses-to-represent-the-university-in-the-Japura-tire-harassment-case


    ජපුර සරසවියේ ටයරයක් විසිකර බරපතළ තුවාල ලබා ඇති සිසුවෙකු නවක වද සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 16 න් කිසිවක් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

    පසුගිය වසර තුනක කාලය තුළ තම විශ්වවිද්‍යාල තුළ වාර්තා වූ නවක වද සිදුවීම් මෙන්ම ඒවා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය විශ්වවිද්‍යාල 16ටම නියෝග කර තිබුණි.

    කෙසේ වෙතත්, නීතිපතිවරයා මෙම විශ්වවිද්‍යාල නියෝජනය නොකරන බැවින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දන්වා සිටියාය. බාහිර උපදේශකයින් බඳවාගෙන ඔවුන් හරහා වාර්තා ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාලවලට දැනුම් දෙන බවද ඇය පැවසුවාය.

    පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා පෙනී සිටින්නේ පොලිස්පතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් පමණක් බව ආචාර්ය පෙරේරා මහ්මිය පැවසුවාය.



    සමහර විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කිහිප දෙනෙක් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට තම වාර්තා ඉදිරිපත් කිරීමට වැඩි කාලයක් ලබා දෙන ලෙසයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන හර්ෂණ ද සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. 2020 වසරේ නවක වදය දීමේ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ සිසුන් තමන් වෙතට ටයරයක් විසිකර බරපතළ තුවාල ලබා ඇති බවත්, ඉන් තමාට තවමත් යථා තත්ත්වයට පත් වී නොමැති බවත්, එහිදී තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ඔහු සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණි.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මුදල් වන්දියක් ඉල්ලා නොසිටින බවයි.

    මින් ඉදිරියට විශ්වවිද්‍යාල තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

    කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නොවැම්බර් 10 වැනිදාට පෙර වාර්තා ලබාදෙන ලෙස විශ්වවිද්‍යාලවලට නියෝග කළේය.
     

    Similar threads