ජයලත් මනෝරත්නගේ අතීතයෙන් බිදක්

ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!!!
#ජයලත්_මනෝරත්න_ගුරු_තරුව
පවුලේ බාල ම දරුවා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි.
ඔහු පවසන අයුරින් ඔහුගේ කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ සුන්දර ළමාවියකි. ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි.
සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ ඇත. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය විය. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි.
ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගන්නා ලදී. පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවිය.

Last edited: