Jayalath Manorathneyange අතීත_ආවර්ජනය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Jayalath Manorathneyange අතීත_ආවර්ජනය

    c-16-2.jpg


    පවුලක බඩපිස්‌සා වෙලා ඉපදෙනවා කියන්නේ කොතරම් ආශ්වාදයක්‌ද කියලා අද මතකයට නැගෙන්නේ මගේ බාලකාලය නැවතත් මනසින් දකිද්දි....

    ඒ අරුත්බර වාක්‍යයට මෙලෙසින් සජීවී අත්දැකීමක්‌ එක්‌කළේ කලා ලෝකයේ බොහෝ අත්දැකීම්වලින් බහුල වූත් එමෙන්ම එහි සිsටින ප්‍රවීණ රංගධරයන් අතරින් විෂය පිළිබඳ දැනුමින් සවිශක්‌තිමත් කෙසෙල්ගස්‌පේ මනතුංග ජයලත් මනෝරත්න නොහොත් අපි කවුරුත් ආදරය කරන ජයලත් මනෝරත්නයන්.

    c-16.jpg

    එපමණකට අම්මා තාත්තගේ විතරක්‌ නෙමෙයි අයියලා අක්‌කලාගේ අසීමිත ආදරයට වගේම අවධානට මම පාත්‍ර වුණා. කඳු වැටි අතරේ පිහිටි නුවරඑළියේ දෙහිපේ අපේ පුංචි ගම ගැන මගේ මතකය අවදිවන්නේ මට වයස අවුරුදු අටක්‌ විතර වන සන්ධියේ. ගොවිතැන තමයි අපේ ගමේ කාගෙත් ජීවනෝපාය වුණේ. සොකරි, කිඳුරු නාට්‍ය ගමේ කවුරුත් අතර ප්‍රචලිතයි. ඒකාලේ අපි කොලු ගැටව්. මගේ සමවයසේ යාළුවොත් එක්‌ක ඒ නාට්‍ය රසවිඳිනවා. ඊට පස්‌සේ ගෙදර ඇවිත් අම්මගෙයි අක්‌කලගෙයි පරණ ඇඳුම් කෑලි පටලවගෙන අපිම නිර්මාණය කරගත්ත දෙබස්‌ කොටස්‌ රඟදක්‌වනවා. අම්මයි අක්‌කලයි තමයි නරඹන්නන් වෙන්නේ. රසවින්දය ගැන මගේ මුල්ම මතකයේ තියෙන්නේ ඒ සිද්ධීන්.

    දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය තමයි මගේ මුල්ම පාසල වුණේ. පහේ පන්තියේ ශිෂ්‍යත්වෙන් සමත්වෙලා පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට මාව තාත්තා ඇතුළත්කළේ ඉස්‌කෝලෙම නේවාසිකාගාරයේ බෝඩින් කරන අතරේ. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලේ තමයි මගේ ජීවිතේ ලද සුවිශේෂීම හමුවීම සිද්ධ වුණේ. ඒ හෙන්රි ජයසේන මහතාගේ හමුවීම. එවකට ඔහු කලා ලෝකයේ එතරම් ජනප්‍රිය පුද්ගලයෙක්‌ නෙමෙයි. ජයසේනයන්ගේ මුල්ම නාට්‍ය වුණු ජානකීහරණය වේදිකා ගත වුණෙත් ඒ වකවානුවේදීමයි. මම ඔහුගෙන් අධ්‍යාපනය ලැබුවේ නැති වුණාට අක්‌කලට ජයසේන සර් නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවා මට මතකයි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට එනකම් බාහිර ක්‍රියාකාරකම්වලට තමයි මම සම්බන්ධ වුණේ. මීටර් සීය දෙසීය තරගවලින් මම තමයි ඉස්‌කෝලෙන්ම පළමුවෙනියා වෙන්නේ. මට මතකයි මගේ පාසල් ජීවිතේ අවසාන වසර කීපයේදි එක අවුරුද්දකදි වසරේ ඡේෂ්ඨ විශිෂ්ටම ක්‍රීඩකයා වුණා.

    අපේ පාසලේ හිටිය නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්‍රියානන්දයන් "අස්‌ප ගුඩුන්" නමින් පාසල් වේදිකාවේ නාට්‍යයක්‌ රඟදැක්‌වුවා. මුල්ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යකට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ නාට්‍යයෙන්. අවසානෙ පළාත් මට්‌ටමින් පැවැත්වුණු නාට්‍යය තරගෙට අස්‌ප ගුඩුන් නාට්‍යය රඟදක්‌වලා මධ්‍යම පළාතෙන් පළමු තැනට තේරුණා. ලුම්බිණියේ තමයි අවසාන තරග තිබුණේ. සමස්‌ථ ලංකා මට්‌ටමින් තැනක්‌ නොලැබුණාට මට කුසලතා සහතියක්‌ ලැබුණා. මට මතකයි ඒ වකවානුවේදි ලැබුව මගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසලේදි විශාල පිළිගැනීමකට ලක්‌වුණා. රංග සභාව ඇතුලු පාසලේ පැවැත්වුණු විවිධ සමිති සමාගම්වල මම කටයුතු කළා. ඇත්තෙන්ම බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් මම යොමුවුණාට වඩා නේවාසිකාගාරයක ගත කරපු නිසා ඒ දේවලට යොමුවෙන්න අපිට සිද්ධ වුණා. මගේ ජීවිතේ සකස්‌ කෙරුණේ එතැනින්. පිළිවෙල, විනයානුකූලබව හැඳුනේ එතැනින්.

    හොර වැඩ කරපු අවස්‌ථාත් නොතිබුණා නෙමෙයි. බෝඩින් වෙලා හිටපු නිසා ගෙදර මතක්‌ වෙද්දි බොරු ලෙඩ අරගෙන ගෙදර යනවා. අන්තිමට හොරෙන් හිනාවෙවී ගෙදර ගිහින් දවස්‌ දෙකකට තුනකට පස්‌සේ අඬ අඬා මාව ආපහු බෝඩිමට තාත්තා එක්‌කන් එනවා. මම බෝaඩිම් වෙලා හිටපු කාලය අපේ පවුලට ආර්ථිsක මට්‌ටමින් තරමක බිඳ වැටීම්වලට ලක්‌වුණු කාලයක්‌ වුණා. අක්‌කලා අයියලත් ඉහළ පන්තිවල ඉගෙන ගනිමින් හිටිය නිසා වියදම වැඩි වුණා. ඒ දවස්‌වල හොස්‌ටල් කෙනෙකුට රු. 32.50 ලැබෙනවා. මම ඒ මුදල බොහෝම අරපරිස්‌සමෙන් වියදම් කරලා සුළු ගානක්‌ අම්මටත් ගිහින් දෙනවා. මට මතකයි ගෙදර ගියහම තාත්තා අපිට තිබුණු පොල් ගස්‌ කීපයෙන් පොල් කඩලා උරේක දාලා තුන්ඩුවකුත් එක්‌ක දෙනවා මුදලාලිට දෙන්න කියලා. ඒකේ ලියලා තියෙන්නේ ගෙදර අඩුපාඩු. මුදලාලි පොල් ටික අරගෙන ලියලා තියෙන පහේ ටික උරේට දාලා මට දෙනවා. පස්‌සේ කාලෙදි තමයි මට තේරුණේ අයියලා මේ වැඩේට අකමැතිවෙලා තියෙන්නේ මේ වැඩේට තිබුණ ලැඡ්ජාව නිසයි කියල.

    පාසල් ජීවිතේ අවසන් වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හිමිකම් ලබාගනිමින්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තමයි මම තේරුණේ. මගේ ජීවිතේ හැරවුම් ලක්‌ෂය වුණේ විශ්ව විද්‍යාල ජීවිතේ. එතැන ආම්භ වුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීමත් එක්‌ක. එවකට අපි ශිෂ්‍යයෝ නිසා පේරාදෙණියේ වළේ රඟදැක්‌වපු හැම නාට්‍ය නිර්මාණයක්‌ම නැරඹුවා. සරච්චන්ද්‍රයන් වැනි ප්‍රාමාණකයන්ගේ හමුවීම මගේ ජීවිතේට අස්‌වැසිල්ලක්‌ වුණා.

    මට මතකයි නවක වදය මට අත්විඳින්න ලැබුණේ සන්ත්‍රාසයක්‌ විශ්මයත් වගේම විනෝදය ගෙන එන්නක්‌ හැටියට. මට ලැබුණේ දේදුනු පාලමේ දිග මනින්න.

    අපේ පවුලේ හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන්. ඒ කාලේ කකුලෙන් පාගන සර්පිනාවක්‌ තිබුණා. විවේකයක්‌ ලැබුණු හැම මොහොතකම සින්දු ගායනා කරනවා. ඒ නිසා රිද්මයට ගීත ගායනා කරන් මට පුරුදු පුහුණු වුණා. විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගනිද්දි දවසක්‌ දැක්‌කා සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට නවක නළු නිළියන් සොයනවා කියලා. පුංචි කාලේ ඉඳලා රංගන ගැන පුංචි පුංචි අත්දැකීම් තිබුණු නිසා රංගපාන්න ආසාවක්‌ මටත් තිබුණා. ඒ නිසා මමත් ඉන්ටවිව් එකට ඉදිරිපත් වුණා. ගායන හැකියාව තිබුණු නිසා මුල්ම වටයෙන් මාව චරිතයකට තෝරගත්තා. එතැන් පටන් ඔහුගේ වෙස්‌සන්තර, මහාසාර, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපාන මටත් අවස්‌ථාව ලැබුණා.

    ඒ වෙනකොට මගේ විශ්ව විද්‍යාල ජීවිතය හමාර කරලා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක්‌ හැටියට කටයුතු කළා. මට මතකයි මට මුලින්ම පඩියක්‌ කියලා ලැබුණේ රු 65 යි. ඒ මුදලින් අම්මට වොයිල් සාරියකුයි ගෙදර අවශ්‍ය බඩු මුට්‌ටු කීපයකුයි මම අරගෙන ගියා. ඊට ටික කාලෙකට පස්‌සේ රජයේ ලිපිකරු පත්වීමක්‌ ලැබුණා නුවරඑළියේ. එහි සේවය කරන අතර තුරේදි තමයි නිශ්ශංක දිග්දෙණිය විශ්වවිද්‍යාලයේ මගේ බැඡ් ඒකේ හිටිය හොඳම යාළුවා මට නැවත මුණ ගැහුණේ. ඔහු ඒ වෙනකොට සිංහ බාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්‌වමින් බොහෝ ප්‍රේක්‍ෂක ආකර්ෂණයක්‌ ලද චරිතයක්‌ වුණා. මගේ රංගන හැකියාවන් ගැන දන්න නිසා නිශ්ශංක මට කිව්වා කොළඹට මාරුවීමක්‌ අරන් ඇවිත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍ර සේන කලායතනයට සම්බන්ධ වෙන්න අවස්‌ථාව උදා කරලා දෙන්නම් කියලා. ඒ අනුව මම මගේ රුකියාවේ ස්‌ථාන මාරුවීමක්‌ ලබාගත්තා. නිශ්ශංක පැවසූ පරිදිම හෙන්රි ජයසේන යන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාවත් කරගෙන ගියා. පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීනයන් යටතේ නිර්මාණ වලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක්‌ ලැබුවා. ඒ සිද්ධීන් අතරේම ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක්‌ තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ වුණා. ඊට ටික කාලෙකට පස්‌සේ පුතත් දුවත් අපේ පවුලට එකතු වුණා. ලිපිකරුවෙක්‌ ලෙසට මුල්ම පත්වීම් ලැබුව මම මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක්‌ දක්‌වා පසුකාලීනව වසර දාසයක්‌ සේවය කරලා රුකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව රංගනයම තෝරාගත්තා. වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන්ම රූපවාහිනියේ රඟපාන අතරේ මමම රචනා කරමින් නිශ්පාදනය කළ නාට්‍ය කිහිපයක්‌ වේදිකා ගත කරලා තියෙනවා.

    ඉතිං මේ ගෙවුණු හැම සන්ධිස්‌ථානයකින්ම සමාජමය වගකීමක්‌ තියෙනවා කියලා දැනුණා සහ ජීවිතය පිළිබඳ යම් දෘෂ්ටියක්‌ ලැබුවා. ඒ හැම තැනකදිම ජීවිතේට අවශ්‍ය මූල ද්‍රව්‍ය එකතු කරගත්තා. ආර්ථිකමය පැත්තෙන් මෙන්ම ජීවිතේ විවිධ වූ පැතිකඩයන් ඔස්‌සේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජීවිතේ පැහැදිලි මාවතක්‌ ගොඩනගාගත්තා.



    ලක්‌මිණි අතුකෝරල
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මගේ ආසම නලුවා.. කටක් ඈරලා නලුවෙක් කලාකාරය්ක් කියන්න පුලුවන් බොහොම නිහතමානී පොලොවේ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක්. කවදාවත් කලාව සල්ලි වලට පාවා නොදුන් උත්තම පුරුශයෙක්. කවදාවත් ඈඩ් වලට දෙකය් පනහේ නිර්මාන වලට යට නොවුනු පට්ට පොරක්. දීර්ඝායුශ පතනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගේ ආසම නලුවා.. කටක් ඈරලා නලුවෙක් කලාකාරය්ක් කියන්න පුලුවන් බොහොම නිහතමානී පොලොවේ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක්. කවදාවත් කලාව සල්ලි වලට පාවා නොදුන් උත්තම පුරුශයෙක්. කවදාවත් ඈඩ් වලට දෙකය් පනහේ නිර්මාන වලට යට නොවුනු පට්ට පොරක්. දීර්ඝායුශ පතනවා.

    :yes:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මගේ ආසම නලුවා.. කටක් ඈරලා නලුවෙක් කලාකාරය්ක් කියන්න පුලුවන් බොහොම නිහතමානී පොලොවේ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක්. කවදාවත් කලාව සල්ලි වලට පාවා නොදුන් උත්තම පුරුශයෙක්. කවදාවත් ඈඩ් වලට දෙකය් පනහේ නිර්මාන වලට යට නොවුනු පට්ට පොරක්. දීර්ඝායුශ පතනවා.
    :yes::yes::yes::yes::yes::yes: :)