ජලභීතිකාව වලක්වා ගමු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජලභීතිකාව වලක්වා ගමු

    දෑන් අවුරුදු දෙක තුනක ඉදලා ලන්කාවේ ජලභීතිකා රෝගීන් වෑඩි වීමට පටන් අරන්. 2017 ජලභීතිකාව හින්දා මරණ 23 කුත් 2018 මරණ 25කුත් වාර්තා වෙලා තියෙනවා. ලන්කාවේ සුනඛයන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය දෑන් අවුරුදු තුනක විතර ඉදලා නෑවතිලාලු. ඒ හින්දා මේක වෙනවා වෙන්න පුලුවන්. ඒ වගේම අයාලේ යන බල්ලෝ ප්‍රමාණයත් ඉතා වේගයෙන් වෑඩි වෙනවාලු. මේ හේතු හින්දා තමා ජල භීතිකාව වෑඩි වෙන්නේ. රටක ඉන්න බල්ලන්ගෙන් 80% වත් එන්නත් කරන්න ඕනෙලු ජල භීතිකාවේන් බේරෙන්න නම්. මීට අවුරුදු දෙකකට විතර කලින් කරපු සොයා බෑලීම අනුව ලන්කාවේ බල්ලෝ ලක්ෂ 20ක් ඉන්නවාලු. ඔය කකුල් හතරේ එවුන් විතරයි. ඉතින් නිලධාරීන් මදිකම හින්දා මේ එන්නත් කිරීමේ වෑඩපිලිවෙල අනාත වෙලාලු.



    dog.png



    මේ අරුණ පත්තරේ ගිය ආටිකල් එකක්



    වසර 2020 වන විට එනම් ලබන වසරේ ජලභීතිකාව මෙරටින් තුරන් කිරීමේ ඉලක්කයක් අපට තිබේ. මේ ඉලක්කය තබාගෙන ඇත්තේ ලෝක සෞඛය සංවිධානයේ මග පෙන්වීමට අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තම නිර්දේශයන්ට අනුව කටයුතු කළහොත් එය අසීරු ඉලක්කයක් නොවන බවය. එකී නිර්දේශයන්ට අනුව රටක සුනඛ ගහනයෙන් 80%කට. වසර 5ක් තිස්සේ අඛණ්ඩව එන්නත් කළ යුතුය. ජපානය සහ සිංගප්පූරුව ජලභීතිකා රෝගය අතුගා දමා ඇත්තේ මෙම නියමයන්ට අනුව කටයුතු කිරීමෙනි.
    කෙසේ වෙතත් මෙම ඉලක්කය සපුරා ගැනීමට දුෂ්කර තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. ඊට හේතු වී ඇත්තේ සුනඛයන්ගේ සෞඛ්‍ය ගැන කටයුතු කරන පශු වෛද්‍යවරුන් හා මිනිසුන්ගේ සෞඛ්‍ය ගැන කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින ගැටලුවකි.
    මේ වන විට ජලභීතිකා මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගිනි. එහෙත් මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පසුගිය ජනවාරි 3 වැනිදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ජල භීතිකා මර්දන වැඩසටහන භාර වන්නේ 2016 වසරේ සැප්තැම්බර් මස 07 දිනැති කැබිනට් පත්‍රිකාව මගිනි. ඊට පෙර 1953 වර්ෂයේ සිටම මෙම රාජකාරිය ඉටු කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනි.
    දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ වසර 60කට අධික කාලයක් ඔවුන් විසින් ඉටු කළ රාජකාරියක් යළි තමන් වෙත පවරා ගැනීමටය.

    ඊට හේතුව ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ජලභීතිකා මර්දන කටයුතු තමන්ගෙන් ගිලිහුණු පසු රටේ ජලභීතිකා රෝගයේ වර්ධනයක් පවතින බවය. ජලභීතිකා මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ජලභීතිකාව වැළඳුණු බවට හඳුනාගත් සුනඛ ඔළු 33ක් ලැබී ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ් එම සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    මේ තත්ත්වය මත ජලභීතිකාව නිසා සිදුව ඇති මිනිස් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජලභීතිකා මර්දනය සිදුකිරී‍ම්දී 1973 වසරේ මියගිය රෝගීන් සංඛ්‍යාව 377ක් වූ අතර 2016 වන විට මරණ සංඛ්‍යාව 20 දක්වා පහත වැටී තිබේ.
    එහෙත් මේ සංඛ්‍යාව 2017 වසරේදී 23 දක්වාත් 2018 වසරේදී 25 දක්වාත් ඉහළ ගොස් ඇත.
    පශු සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ජලභීතිකා මර්දන වැඩසටහන භාරදීම නිල වශයෙන් සිදුවන්නේ 2016 වසරේ සැප්තැම්බර් මාසයේ වුවත් එය ක්‍රියාත්මක වන්නේ 2018 වසරේ අප්‍රේල් මාසයේ සිටය. මේ නිසා ඔවුන් මෙම වැඩසටහන භාරගෙන ගතවී ඇත්තේ මාස 09ක් වැනි කාලයකි. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය පවසන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වගකීමට තමන්ට හැකියාවක් නැතැයි රජයේ පශු වෛද්‍යවරු පවසති.
    කෙසේ වෙතත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පශු වෛද්‍යවරුන් විසින් සුනඛයන් එකොළොස් ලක්ෂ අසූදහසකට (11,80,000) එන්නත් කර ඇත. එසේම වන්ධ්‍යාකරණ සැත්කම් හැට අටදහසක (68,000) සිදු කර ඇත.
    ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව පැවැති වැඩසටහන් ගණනාවකදී සුනඛයන් එන්නත් කිරීම්වලට අමතරව ප්‍රබල වශයෙන් ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කළ බව පශු වෛද්‍ය සංගමය කියයි. අයාලේ යන සතුන් වෙනුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට ද පියවර තබා ඇත. ඒ දකුණේ 3ක්, උතුරේ 1ක් සහ නැගෙනහිර 1ක් වශයෙන් මධ්‍යස්ථාන 5ක් ලෙසය. තමන් එවැනි පුළුල් වැඩපිළිවෙළක නිරත වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙලෙස බාධක එල්ල වී ඇති බවට පශු වෛද්‍ය සංගමය පසුගියදා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය මිලියන දෙකක් පමණ යැයි ගණන් බලා ඇත. බළල් ගහනයද ඒ තරම්මය. ජලභීතිකාව මිනිසුන්ට වැලඳෙන ප්‍රධාන ආකාරය රෝගය වැලඳුණු බලලුන් සහ බල්ලන්ගේ සපාකෑම් වැනි අනතරු මගිනි. ගහනය අඩුකිරීම සඳහා බළලුන් සහ බල්ලන් මරා දැමීම ද නීතියෙන් තහනම් කොට ඇත. එබැවින් මෙම රෝගය පැතිර යාම වැළැක්වීමට ඇති මාර්ග වන්නේ නිසි කලට සතුන්ට ජලභීතිකා එන්නත ලබාදීම සහ වන්ධ්‍යාකරණයට ලක්කිරීමයි. මෙම කටයුතු ඉටුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ පශු එන්නත් ක්ෂේත්‍ර සහකාරවරුන්ට පශු වෛද්‍යවරුන්ට තරම් දැනුමක් නොවන බව රජයේ පශු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය ජගත් ජයසේකර පවසයි.
    වන්ධ්‍යාකරණයට ලක්කිරීම සිදු කළ යුත්තේ පශු වෛද්‍යවරයකු විසින්මය. පශු සම්පත් අමාත්‍යාංශයට ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ පැවරීමට පෙර වන්ධ්‍යාකණය සිදුව ඇත්තේ පෞද්ගලික සේවයේ සිටින පශු වෛද්‍යවරුන්ට රජයෙන් මුදල් ගෙවීමේ පදනම මතය. මුළු ශ්‍රී ලංකාවටම පශු වෛද්‍යවරුන් සිටින්නේ 1990ක පිරිසකි. ඉන් 1100ක් පෞද්ලික සේවයේ යෙදී සිටිති. රජයේ පශු වෛද්‍යවරුන් 890 දෙනාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව සිටින්නේ පශු වෛද්‍යවරුන් තිදෙනකු පමණි.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙන්වා දීමට අනුව 2018 වර්ෂයේදී ජලභීතිකාව සඳහා මිනිසුන්ට ලබාදෙන එන්නත වැඩියෙන් භාවිත වී තිබේ. ඒ රජයේ රෝහල් මාර්ගයෙනි. එමෙන්ම සුනඛ බළල් ආදී සතුන් සඳහා ලබාදෙන එන්නත් ප්‍රමාණයද වැඩිවීමක් පෙන්නුම් කරයි. මෙය ජලභීතිකා රෝගයේ අවදානම වැඩි වූ බවට සාක්ෂියකි. තවද රජයේ විශාල මුදලක් ඒ සඳහා වැය කිරීමටද සිදුව ඇත.
    එහෙත් පශු වෛද්‍ය සංගමය පවසන්නේ තමන් කරගෙන ගිය දැනුවත් කිරීම් මෙම තත්ත්වයට ද හේතු වූ බවයි. රෝගය පිළිබඳ දැනුවත් වූ බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමුවීම සාධනීය ලක්ෂණයක් ලෙස එම සංගමය දකියි. සෞඛ්‍ය අමාත්‍යාංශය ජලභීතිකාව මර්දනය භාරව සිටි කාලයේ වසරකට සුනඛ එන්නත් කිරීම් වාර්තා වී ඇත්තේ ලක්ෂ හයකට අඩු ප්‍රමාණයකි. බලු ගහනය අධිකව තිබියදී ජලභීතිකාව තුරන් කිරීම කරා යන ගමනකට එම එන්නත් කිරීම් ප්‍රමාණවත් නොවන බවද පශු වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
    පශු වෛද්‍ය සංගමය සඳහන් කරන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජලභීතිකා මර්දනයට මෙතරම් ළෙන්ගතු වන රහස ඇත්තේද මෙම එන්නත් සම්බන්ධයෙන් යැයි සැක මතුව තිබේ. 2018 වසරේ ජලභීතිකා එන්නත් මිලියන 1.5ක් පමණ ආනයනය කොට ඇත. එම එක එන්නතක් දළ වශයෙන් රුපියල් සියයක් පමණ වේ. ඒ අනුව වසරකට රුපියල් කෝටි 15ක් ක මුදලක් එන්නත් ආනයනයට වැය කිරීමට නියමිතය.
    පශු වෛද්‍ය සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලොබ බඳින්නේ ජලභීතිකා මර්දන වැඩසටහනට නොව ඒ හරහා ජලභීතිකා එන්නත් ආනයනය කිරීමට බවය.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලු, බලල් ගහනය අඩු කිරීමට ඇති හොදම ක්‍රමවෙදය සතුන් වන්ද්‍යා කරනයට ලක් කිරීමයි
    තවද වැඩි වසයෙන් ගැහැනු සතුන් හදාවඩා ගැනීමට පෙලබීමද සුදුසුය
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,536
    1,033
    113
    බලු, බලල් ගහනය අඩු කිරීමට ඇති හොදම ක්‍රමවෙදය සතුන් වන්ද්‍යා කරනයට ලක් කිරීමයි
    තවද වැඩි වසයෙන් ගැහැනු සතුන් හදාවඩා ගැනීමට පෙලබීමද සුදුසුය
    මෙහෙම කරාම ගහනය අඩු වෙන්නෙ කොමද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජලභීතිකාවෙන් තොර රටක් හදන්න පුලුවන් මාලිමා ආණ්ඩුවකට විතරයි... එකම විසඳුම... 👇 👇 👇

    image_b869b33332.jpg
    කෑරි ජෙප්පෝ ඊයේ පෙරේදා අපේ නාමල් සර්ට මඩක් ගහලා තිබ්බා නේද කරන්ට් බිල් එක ගෙවලා නෑ කියලා.. ඕකුන්ට නම් ජලභීතිකාවම හෑදෙන්න ඕනේ ඒ මිනිස්සුන්ට කරන වද වලට
     
    • Haha
    Reactions: Stimulus mind