ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජලය සහ සනීපාරක්ෂාව ගැන යමක්!!!

    පානීය ජලයේ ඇති වැදගත්කම


    ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යය පෘථිවි පෘෂ්ටයෙන් 70% ක් පමණ ජලයෙන් වැසී පැවතියද බීමට ගතහැකි ජලය පවතිනුයේ ඉන්
    ස්වල්ප ප්‍රමාණයක් පමණි. භූගත උල්පත් ජලය, මෙන්ම ගංඟා ඇල දොළ ආදියෙන් ලැබෙන ජලය මෙන්ම ශාක තුල ( උදා පතොක්)
    එක්රැස්වී ඇති ජල සංචිතද මිනිසුන් භාවිතා කරති. ඇතැම් රටවල මුහුදු ජලය ගෙන ලවන ගතිය පිරිසිඳු කර පානය සඳහා යොදා ගනී.

    සාමාන්‍යයෙන් දිනකට වැඩුනු පිරිමියෙකුට ( වයස අවුරුදු 18 ටවැඩි) වතුර ලීටර් 3.7 පමණද එවැනි ස්ත්‍රියකට ජලය ලීටර් 2.7
    පමනද ලබාදිය යුතුය.



    නමුත් අප භාවිතා කරන ජල ප්‍රභව මිනිසාගේ විවිධ පරිසර දුෂණය කරවන ක්‍රියාකාරකම් නිසා තදින් අපිරිසිඳුවී
    පවතී මේ නිසාම පානීය ජලය නිසා වැළ‍ඳෙන ලෙඩ රෝගද රාශියකි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව 2006 වසරේදී
    පමණක් මෙලෙස අපිරිසිඳු ජලය පානය කිරීම නිසා පුද්ගලයන් මිලියන 1.8 පමන මරණයට පත්වූ අතර, පිරිසිඳු ජලය නොමැතිකමින්
    පානීය ජලය අවශ්‍යතා සඳහා ජලය සපයා ගත නොහැකිව තවත් බිලියන 1.1 පමණ පිරිසක් ලොව පුරා පීඩා විඳිති.

    මේ නිසා සෑම රටකම ජලය පිරිසිඳු කිරීමට විවිධ ක්‍රම වේදයන් භාවිතා කරන අතර එමගින් වසරකට වැයවන මුදල අති විශාල වේ . මෙය
    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තර්ජනයක් ඇති කරන්නේ එබැවිනි. ජලය පිරිසිඳු කිරීමටත් අපිරිසිඳු කිරීම
    වැලැක්වීමටත් විවිධ නීති රෙගුලාසි අප ‍රටේද ක්‍රියාත්මක කරවා ඇත.



    අප භාවිතා කරන පානීය ජලය පිරිසිඳු කල යුත්තේ ඇයි


    මිනිස් ක්‍රියාකාරකම් නිසා පානීය ජල ප්‍රභව වර්තමානයේ දැඩි අපිරිසිඳු වීම් වලට ලක්වේ. ආහාර හා වෙනත් ක්‍රම මගින් සිරුරට යම් ජල
    ප්‍රමාණයක් ලැබුනද සිරුරට අවශ්‍ය මූලික ජල අවශ්‍යතා සැපයෙනුයේ පානීය ජලය මගින් නිසා මෙම තත්වය මිනිසුන්ට දැඩි බලපෑමක්
    ඇති කර ඇත.

    ජලය අපිරිසිඳු බවට බලපාන ක්ෂුද්‍ර ජීවී ආකාර හා රසායනික ද්‍රව්‍ය ලෙස ප්‍රධාන සාධක කොටස් දෙකකට බෙදා දැක්විය හැක. මිනිස් මළ
    හා කැලිකසල ජලයට මුදා හැරීම නිසා විවිධ බැක්ටීරියා, ප්‍රොටසෝමා ජීවීන් ආකාර මෙන්ම වෛරසද ජලයට එකතුවේ. මෙලෙස සත්ව
    මල මගින් සුලබව ජලයට එකතුවන බැක්ටීරියාවකි ඊ‍ කෝලයි (E coli- Coliform Bacteria) ආසාදනය මීට අමතරව කොලරා රෝග
    කාරක Vibrio Cholerae ද මෙලෙස වතුරට එකතුවන බැක්ටීරියාවකි. ජලය අපවිත්‍ර කරවන සුලභ ප්‍රෝටසෝමා Cryptosporidium
    විශේෂ Giardia Lamblia හා Legionella විශේෂ ආදියයි. එමෙන්ම රොටා (Rota) වෛරසය ආදී වෛරස මගින්ද ජලය අපවිත්‍ර කරනු
    ලබයි.

    මෙම ක්ෂුද්‍ර ජීවී ආකාරවලට අමතරව රසායනික කර්මාන්තශාලා කම්හල් ආදිය මගින් විවිධ රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හරිනු ලබයි.



    විවිධ බර ලෝහ අයන නයිට්‍රේට වර්ග ආසනික් වැනි විෂ මූල ද්‍රව්‍ය සංකීර්ණ කාබනික සංයෝග මෙන්ම විකිරණශීලි අයනද මෙලෙස
    ජලයට එක්වේ. මෙම අපිරිසිඳු වීම් නිසා පාචන තත්වයන් මෙන්ම දරුණු වකුගඩු ආබාධ හා පිළිකා තත්ව වුවද වැළඳීමේ දැඩි අවදානමක්
    පවතී.



    පානීය ජලය පිරිසිඳු කරවන ක්‍රම වේදයන් මොනවාද?


    භාවිතා කිරීමට පෙර ජලයේ සිටින ක්ෂ්ද්‍ර ජීවීන්ද විවිධ රසායනික ද්‍රව්‍යද ඉවත් කර ජලය පිරිසිඳු කිරීම විවිධ ලෙඩ රෝග වලක්වා ගැනීමට
    ඇති හොඳම ක්‍රියාමාර්ගයකි. මේ සඳහා විවිධ ක්‍රම ඇති අතර ඒවා මොනවාදැයි සැකවින් විමසා බලමු.

    1) වතුර ටික වේලාවක්වත් නටනතුරු රත්කර පානය කිරීම අප රටේ සුලබව භාවිතා වන ක්‍රමවේදයයි. ‍නමුත් මේ සඳහි වර්ගමානයේ
    විදුලිය, ගෑස් වැනි ශක්ති ප්‍රබව යොදාගැනීමට සිදු වීමත්, ඒවා මිල අධික වීමත් නිසා ඇතැමුන් ජලය රත් නොකරම හෝ මදක්
    පමණක් රත්කර පානය කිරීමට පෙළඹීම නිසා මෙම ක්‍රමයද අසාර්ථක වෙමින් පවතී.

    2) ක්ලෝරීන් වැනි විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය යොදා ජලය පිරිසිඳු කරීමද මෙරට රජය විසින් කරනු ලබන ඉතා ප්‍රයෝජනවත්
    ක්‍රම වේදයකි.

    3) ජලය පෙරා ඒ තුල ඇති බැක්ටීරියා හා කුඩා අංශුන් ඉවත් කල හැක.

    4) අධෝරක්ත කිරණ (Ultra Violet Radios)පතිත වීමට සලස්වා ජලයේ ඇති විෂබීජ හරනය කිරීම කල හැක සූර්යය ආලෝකය
    භාවිතාකර මෙම ක්‍රමය කල හැකි බැවින් මෙය අඩු වියදම් ක්‍රමයක් ලෙස ලොව බොහෝ රටවල් භාවිතා කරති.

    5) මිනිසුන් ජල අවශ්‍යතා සඳහා යොදා ගන්නා ගංඟා ඇල දොල අපවිත්‍ර කිරීමට එරෙහිව නීති සම්පාදනය කිරීමත් පානීය ජලය
    බෝතල් කර අලෙවිකරන ආයතන සඳහා නීති රෙගුලාසි පැනවීමත් මෙන්ම එම නීති කඩ කරන පුද්ගලයන්ට නිසි දඬුවම් පැනවීමත්
    ජල පවිත්‍රතාව පවත්වා ගැනීමට ඉතා අත්‍යවශ්‍ය වේ.

    6) එලෙස ජලය පිරිසිඳුව තබා ගැනීමේ වැදගත් කම හා එය කල හැකි ක්‍රම වේදයන් පිළිබඳවත් නිරතුරු ජනතාව දැනුවත් කිරීම
    තුලින්ද රටක ජල පවිත්‍රතාව දිගුකලක් පවත්වාගත හැක.

    ම්නිසාට ජලය උපකාර වන අවස්ථා.

    • පානීය ජලය
    • ජල ප්‍රවහනය
    • ගෘහස්ථ කටයුතු සදහා.
    • කෘෂිකර්ම්ක කටයුතු සදහා.
    • බලශක්ති උත්පදනය සදහා.
    • විනෝද කටයුතු සදහා.

    පානීය ජලය මිනිස් සිරුරට අවශ්‍ය වන්නේ ඇයි?


    මුත්‍රා, ප්‍රාශ්වාස වාතය, මලපහ, දහඩිය ලෙස ජලය නිරතුරු සිරුරෙන් ඉවත්වන අතර එම ජල ප්‍රමාණය නැවත සිරුරට ලබාගත යුතුවේ.



    දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් ලීටර 0.5 – 1 පමණ අප ගන්නා ආහාර තුලින්ද ජල ලීටර 0.25 – 0.4 පමණ සිරුරේ වන පරිවෘත්තීය
    ක්‍රියාමගින්ද නිපදවෙන නමුත් ඉතිරි ජල ප්‍රමාණය (එනම් වැඩුනු මිනිසෙකු‍ ලීටර 2 – 3 පමණද ස්ත්‍රියක ලීටර 1 – 2 පමණද) බීම වැදගත්ය.



    නමුත් යම් පුද්ගලයෙකු පානය කලයුතු සත්‍ය වතුර ප්‍රමාණය ඔහු සිටින ප්‍රදේශය, ඔහුගේ රැකියාව, ඔහුගේ බර, ආදී විවිධ සාධක මත රඳා
    පවතී.

    රුධිරය වසා වැනි තරල නිපදවීමද සෛල ප්ලාස්මාව සෑදීමටද ජලය සත්වයාට ඉතා වැදගත්ය. විවිධ පරිවෘත්තීය ක්‍රයාවලටද සිරුරට ජලය
    ඉතා වැදගත්ය. ඇතම් ජල ද්‍රාව්‍ය ලවණ වර්ග හා අයන සිරුරට ලැබෙන ප්‍රධාන ක්‍රමය වනුයේ අප පානය කරන ජලයයි. මෙලෙස පානය
    කරන ජලය සමග සිරුරට ප්‍රමුඛ ලෙස ලැබෙන අයන අතර කිහිපයක් නම් ෆ්ලෝරයිඩ්(F-), කැල්සියම් (Ca2+), සින්ක්, මැග්නීසියම්
    , ‍ෆොස්පරස්, සෝඩියම්ක්ලෝරයිඩ් හා පොටෑසියම් අයනයි. එම නිසා පානය කරන ජලය අඩු වුවහොත් ඉහත ලවන සිරුරට ඌන වී විවිධ
    පරිවෘත්තීය ක්‍රියා අඩාල වී රෝගාබාධ වැළඳිය හැක.

    සිරුරට ලැබෙන පානීය ජල ප්‍රමාණය හෝ එහි අඩංගු ලවණ ප්‍රමාණය වැඩිවීමෙන්ද විවිධ රෝගයන් ඇතිවේ. වැඩි ජල ප්‍රමාණයක් සුලු
    කාලයක් තුල පානය කිරීමෙන් (Water Intoxication) රුධිරයේ සෝඩියම් සාන්ද්‍රණය එකවර අඩු වීමෙන් ක්ෂණිකව මරණය පවා
    ඇතිවෙන අතර මේ නිසා සෑම විටම ජලය අවශ්‍ය තරමට පානය කිරීමටත්, පිරිසිඳු ජලය පානය කිරීමටත් වග බලාගත යුතුය.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජලය

    ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී , කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ජලය දක්නට ලැබේ.

    නොයෙකුත් ද්‍රව්‍යයන් ජලයේ දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත.

    සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හි හෝ කඳුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා ද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ක්ෂුද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළෙඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛණිජ, ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලැබෙන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O වල කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛණිජ ජලයෙහි ශුද්ධ භාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂ ද්‍රව්‍ය, දුෂක ද්‍රව්‍යය සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොර වීමයි.


    කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත.



    සිරස් වර්ෂාපතනය

    • වර්ෂාව
    • මිදුණු වර්ෂාව
    • වැහි පොද
    • මිදුණු වැහිපොද
    • හිම
    • හිම පෙති
    • හිම අංශු
    • පින්න
    ඝණමය වර්ෂාපතනය

    • හිම
    • හිම කැටිති
    • අයිස් කැටිති
    • මිදුණු දිය පෙති
    • මිදුණු වැසි
    • හිම කැට වැස්ස
    • අයිස් පලිගු
    තිරස් වර්ෂාපතනය

    • පින්න
    • තුහින
    • වායුගෝලයේ අයිස්
    • දිලිසෙන මතුපිටක් ඇති අයිස්
    • හිම කැටිති
    • අයිස් කැටිති
    • මිදුණු වර්ෂාව
    • හිම කැට වැස්ස
    • පළිගු හිම
    • වායුගෝලයේ අයිස්
    • දිලිසෙන මතුපිටක් ඇති අයිස්
    මිශ්‍ර වු වර්ෂාපතනය

    • සෙල්සියස් අංශක 0 ට ආසන්න උෂ්ණත්වයේ දී

    අහසේ ඉහළ පහළ යන කොටස්


    • වළාකුළු
    • මීදුම
    • BR (මීටරයට අනුව)
    පහළ බසින කොටස්

    • කැලතුණු හිම
    • සිහින් පොද
    මිහිපිට ජලය පවතින ආකාර


    • පොළවෙහි අඩංගු ජලය
    • මිදුණු ජලය
    • මීටරයට අනුව ජල ප්‍රමාණය
    • නැවුම් ජලය
    • ඛණිජ ජලය - ඛනිජ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ
    • කිවුල් ජලය
    • අවජලය - මෙය සිදුවන්නේ කිවුල් ජලය හෝ නැවුම් ජලය ඝනත්වයෙන් වැඩි ලුණු ජලය මත රැඳී තිබුණු විටයි. එවිට මෙම ජල තට්ටු දෙක මිශ්‍ර නොවේ. මෙම ජලය මත නෞකා ගමන් කිරීම භයානක වේ.
    • මුහුදු ජලය
    • කරදිය
    ජලට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා


    • නල ජලය
    • බෝතල් කළ ජලය
    • පානීය ජලය - දිනපතා පානයට අවශ්‍ය වේ.ශරීරයට හානි නොකරන තුලිත ඛණිජ ප්‍රමාණයක් අඩංගු වේ.
    • පිරිසිදු කරන ලද ජලය - විද්‍යාගාර තත්ත්වයේ ,විශ්ලේෂණ තත්ත්වයේ හා ප්‍රතික්‍රියාකාරක තත්ත්වයේ ජලය - මෙම ජලය විද්‍යාවට හෝ ඉංජිනේරු විද්‍යාවට යොදාගැනීම සඳහා බොහෝ සෙයින් පිරිසිදු කොට තබා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් මේවා නම් කරනු ලබන්නේ වර්ග I , වර්ග II හෝ වර්ග III වශයෙනි. මෙම වර්ගයේ ජලයෙහි අඩංගුවන ද්‍රව්‍ය පහත සදහන් ද්‍රව්‍යයන්ට සීමා නොවේ.

    • ආස්‍රැත ජලය
    • දෙවරක් ආස්‍රැත කරන ලද ජලය
    • අයන වෙන්කරන ලද ජලය


    විශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්


    • මෘදු ජලය - ඛණිජ ලවණ අඩු ප්‍රමාණයක් අඩංගුවේ
    • කඨින ජලය - පොළව යටින් ලබා ගනී. ඛණිජ ද්‍රව්‍යය වැඩිපුර අඩංගු වේ.
    • ආස්‍රැත ජලය - දෙවරක් ආස්‍රැතකරන ලද ජලය
    • අයන වෙන් කරන ලද ජලය - එහි ඛණිජ ලවණ කිසිවක් අඩංගු නොවේ.
    • බැර ජලය - බැර හයිඩ්‍රජන් - ඩියුටීරියම් පරමාණු මගින් නිෂ්පාදනය කරයි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් සාමාන්‍ය ජලයේ මෙය දක්නට ලැබේ. ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සකස් කිරීම සඳහා මෙය යොදා ගෙන ඇත.
    • ට්‍රයිෂිඒටඩ් ජලය (T2O)
    ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව


    • පානීය ජලය
    • ඉවතලන ජලය
    • මතුපිට ජලය

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබට නල ජලය ලැබෙන්නේ මෙහෙමයි


    ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යටතේ රට පුරා ජලය පිරිපහදු කර බෙදා හරින ස්ථාන 280 ක් කි‍්‍රයාත්මක වනවා. මහ කොළඹ හා අවට තදාසන්න නගර සඳහා ජලය සැපයෙන්නේ අඹතලේ, කලටුවාව හා ලබුගම ජල සම්පාදන සංකීර්ණ වලින්. අඹතලේ ජල පවිත‍්‍රාගාර සංකීර්ණය ශ‍්‍රී ලංකාවේ විශාලතම හා නවතම පවිත‍්‍රාගාරයයි. මෙමගින් දිනකට නිෂ්පාදිත, බෙදාහරිනු ලබන ජල ප‍්‍රමාණය ගැලුම් මිලියන 118,000 කි. ශ‍්‍

    රී ලංකාවේ ජල පාර්භෝගිකයන් 65% ක්්ම අයත් වන්නේ මෙම කොටසටයි.මහ කොළඹ ජල සම්පාදන ක‍්‍රමයෙන් කොළඹ නගරයට කොළඹින් දකුණ, උතුර හා නැගෙනහිරට ජලය සපයනවා. මෙහි දී ජලය පවිත‍්‍ර කිරීම සඳහා පවිත‍්‍රාගාර තුනක් උපයෝගී කර ගන්නවා.1. අඹතලේ ජල පවිත‍්‍රාගාර සංකීර්ණය2. කලටුවාව ජල පවිත‍්‍රාගාරය3. ලබුගම ජල පවිත‍්‍රාගාරය
    කැළණි ග‍ඟේ ජලය අඹතලේ ජල පවිත‍්‍රාගාරයට ලබා ගන්නවා.

    කලටුවාව හා ලබුගම ජලාශ වලින් කලටුවාව හා ලබුගම ජල පවිත‍්‍රාගාරවලට ජලය ලබා ගන්නවා.ජල ප‍්‍රභවයේ ජලය පවිත‍්‍රාගාරයට ලබා ගැනීමට විදුලි බලය හෝ ගුරුත්ව බලය යොදා ගන්නවා. අඹතලේ ජල පවිත‍්‍රාගාරයට කැළණි ගගේ ජලය පොම්ප කරනවා. කැළණි ගඟ වම් ඉවුරේ තිබෙන පොම්පාගාර දෙකක් මේ සඳහා උපයෝගී කර ගන්නවා. ඒවා විසි හතර පැයේම කි‍්‍රයාත්මකයි.ලබුගම හා කලටුවාව ජලාශ වලින් ජලය ලබා ගන්නේ ගුරුත්ව බලය උපයෝගී කර ගෙනයි.

    මෙලෙස ගංගා හා ජලාශ වලින් ලබා ගන්නා ජලය කෙළින්ම අප වෙත ලැබෙන්නේ නැහැ. ගංගාවල ජලය මිනිසුන් හා සතුන්ගේ කි‍්‍රයාවන් නිසා අපවිත‍්‍ර වෙනවා. නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මගින්, අපවිත‍්‍ර කාණු පද්ධති ගංගා ඇළ දොළවලට සම්බන්ධවීමෙන්, නෑමෙන්, රෙදි සේදීමෙන්, සතුන් නෑවීමෙන් ආදී මිනිසාගේ විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගංගා ජලය අපවිත‍්‍ර තත්ත්වයට පත්්වෙනවා.කෙසේ වෙතත් ගංගාවල ජලය පිරිසිදුකර විෂ බීජ විනාශ කිරීමෙන් පසුවයි බෙදා හැරීම සිදු කරන්නේ. මේ සඳහා දිගු කි‍්‍රයාදාමයක් සිදු වෙනවා. ඒ පිළිබඳව අපි සවිස්තරව විමසා බලමු.


    ජලය පිරිසිදු කරන්නෙ කොහොමද?

    ජලය පිරිපහදු කරන කි‍්‍රයාවලිය පියවර පහකින් සිදු කරනවා.
    * වාතනය
    * රසායන ද්‍රව්‍ය එකතු කිරීම (කැටීකරණය,කැටීයාව)* අවසාදනය* පෙරීම* විෂ බීජ නාශනය
    වාතනය*
    ජලය පිරිසිදු කිරීමේ පළමු පියවර වාතනයයි.
    මෙහි දී සිදු වන්නේ ජලයට ඔක්සිජන් එකතු කිරීමයි. පිරිසිදු ජලයේ වර්ණයක්, රසයක්, ගන්ධයක් නැති බව ඔබ දන්නවා.

    මෙම අදියරේ දී රස, ගන්ධය හා වර්ණය ඇති කරන වායුු හා ලෝහ සංයෝග ඉවත් වෙනවා. ජලයෙහි දියවී තිබෙන හයිඩ‍්‍රජන් සල්ෆයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් ඉවත්වීමත්, යකඩ හා මැංගනිස් අයන ඔක්සිකරණය සිදුවීමත් සිදුවනවා.

    රසායන ද්‍රව්‍ය එකතු කිරීමරසායන ද්‍රව්‍ය එකතු කිරීම දෙවැනි පියවරයි. රසායන ද්‍රව්‍ය ලෙස ඇලම් (සීනක්කාරම්) හා හුණු (ලයිම්) යොදා ගන්නවා. ඒවා ජලය හා ප‍්‍රතිකි‍්‍රයා කරනවා. ජලයෙහි ඇති අංශූන් ඍන අයන නිසා ඇලම්වල තිබෙන ඇලුමිනියම් ධන අයන සමඟ එකතුවීමෙන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සාදනවා. මෙම අවක්ෂේපය බර වැඩි නිසා ජල ටැංකියේ පතුලට කිඳා බසිනවා. පී. එච්. අගය අවශ්‍ය මට්ට්මට තබා ගැනීම ලයිම් (හුණු) එකතු කිරීමෙන් සිදු වෙනවා.
    අවසාදනයතුන්වැනි පියවරේ දී අවසාදනය සිදුවෙනවා. දෙවැනි පියවරේ දී කැටිති සෑදෙන බව ඔබ දැනුවත් වුණා.

    විශාල තටාකවල ලොකු කැටිති සෑදෙනවා. මෙම තටාක පල්සේටරය, ප‍්‍රිටීටර් සහ සෙන්ටි‍්‍රප්ලොක් යනුවෙන් හඳුන්වනවා. ඉහළම කොටසේ තිබෙන පැහැදිලි වතුර කාණු පද්ධතියක් මගින් වැලි පෙරණවලට යවනවා.

    පෙරීම* හතරවැනි පියවරේ දී ජලය පෙරීමට යුහුගුරුත්ව වැලි පෙරනය භාවිතා කරනවා. ජලයේ අවලම්භනය වී ඇති ද්‍රව්‍ය සියල්ලම පෙරීමේ දී ඉවත් වෙනවා. මේ අවස්ථාවේ දී කුඩා අංශු, බැක්ටීරියා, වැලිතට්ටුව මත තැන්පත් වනවා. වැලි පෙරනයෙන් දිගින් දිගටම පෙරීමේ දී පෙරනයේ වැලි අතර හිදැස් පිරීමෙන් ජලය පෙරීම අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී පෙරන සේදීම කළ යුතුයි. මේ සේදීමෙහි දී පෙරහන පතුලෙහි ඇති නල මගින් පීඩනයට භාජනය කරන ලද වාතය යවනවා. ඊට පසුව පිරිසිදු ජලය යවනවා.

    මෙහි දී වැලි අතර රැඳී තිබුණු අප ද්‍රව්‍ය ඉවත් වෙනවා. පෙරනයක් සෝදන්න ජලය ඝ. මී. 365 ක් (ගැලුම් 81,000 ක්) අවශ්‍ය වෙනවා.ඊළඟ පියවර විශ බීජ නාශනයයි. මෙම කි‍්‍රයවලිය ක්ලෝරිනීකරණය යනුවෙනුත් හඳුන්වනව. මේ සඳහා ක්ලෝරීන් වායුව හෝ විරංජන කුඩු භාවිතා කරනවා.



     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජලය අපේ ජීවයයි

    ජලය අපේ ජීවයයි

    ජලය අපේ ජීවයයි. ජලය නොමැතිව අපට ජීවිතයේ කිසිම කි‍්‍රයාකාරකමක් කරගැනීමට බැහැ. දූලා පුතාලා පුංචිම අවදියේ ඉගෙනගෙන ඇති අපට බීමට, නෑමට, ආහාර පිසීමට , රෙදි සේදීමට ජලය අවශ්‍ය බව අපට කෑම නැතිව දින කිහිපයක් ගත කළ හැකිවුවත් ජලය නැතිව දිනක්වත් ජීවත්වන්න බැරි බවත් ඔබ දන්නවා.ජලය ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුන යටතේම පවතිනවා. ඝන-අයිස්, ද්‍රව-ජලය , වායු - ජලවාෂ්ප එම අවස්ථා තුනයි. ඒවගේම පිරිසිදු ජලයට වර්ණයක් , රසක් ගන්ධයක් නැහැ.

    ජලය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කරදිය හා මිරිදිය වශයෙන් කරදිය - මුහුදු ජලය. මිරිදිය ළිං, පොකුණු, ඇළ ,දොළ ,ගංගා සැමතැන ඇති ජලයයි. මුහුද හා ගංගා අතර ඇති ජලය අප කිවුල් ජලය ලෙස හඳුන්වනවා. පෘතුවියේ බිමෙන් 97% ක්ම සාගරවලින් යටවී පවතිනවා. මිරිදිය වශයෙන් පවතින්නේ. සියයට තුනයි (3%). එයිනුත් ධ‍්‍රැව ආශි‍්‍රත ප‍්‍රදේශවල ජලය මිදී අයිස් තත්වයෙනුයි පවතින්නේ සත්වයින්ගේ ප‍්‍රයෝජනයට ගත හැකි තත්ත්වයෙන් පවතින්නේ සියයට දශම .003 ක් පමණයි.ඈත සාගරයේ මාළු අල්ලන්න යන ධීවරයන් බීමට ජලය රැගෙන යන්නේ මහාසාගරයේ සිටියත් ඔවුන්ට කරදිය බීමට නොහැකි නිසයි. මහා සාගරයට වඩා පුංචි ළිඳක් වටින බව කියන්නේත් මේ නිසයි.දැන් පුංචි ඔබට වැටෙහෙනවා ඇති ලෝවැසියාට අයිති තමන්ගේ ප‍්‍රයෝජනයට ගත හැකි ජල ප‍්‍රමාණය මේ තරම් පුංචි ප‍්‍රමාණයක් නම්, එයම අපේ ජීවය නම්, අපි ජල සම්පත කෙලෙස රැක ගත යුතුද යන්න ජලය පූජනීය වස්තුවක් ලෙස රැකගත යුත්තේ ඒ නිසයි.


    ජලය නාස්ති නොකොට පාවිච්චි කිරීමටත්, ජලය දූෂිත නොකොට රැක ගැනීමත් සඳහා පුංචි ඔබගේ දායකත්වය අවශ්‍යමයි. එසේම දානයකදී , පිරිතකදී , මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේද පැන් වැඩීමෙනි. සියලුම සත්ව හා ශාඛ විශේෂ නිර්මාණය වී තිබෙන්නේ සජීවී සෛල වලින්. මෙම සෛලයක 70% - 80% පමණම තිබෙන්නේ ජලයයි.

    මිනිස් කළලය මවුකුස වැඩෙන්නේද ජලය තුළයි. මිනිසාට ජීවිතයේ සෑම කි‍්‍රයාවක් සඳහාම ජලය අවශ්‍ය වෙනවා. ආහාර ජීර්ණය වීමට ,සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමට , සමේ පටක මෘදුව තබාගැනීමට , ශරීරයේ සියලුම රසායනික කි‍්‍රයාවලියන් සඳහා ජලය අවශ්‍යයි.

    පුද්ගලයෙකු දිනකට ජලය බෝතල 4 ක් පමණ පානය කළ යුතුයි.ඔබ ඉගෙනගෙන ඇති දිනකට ජලය වීදුරු 6 ක් පානය කළ යුතු බව හැමවිටම පිරිසිදු ජලය පානය කිරීම වැදගත්.

    අපිරිසිදු ජලය පානය කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝග වලට ලක්වෙනවා. සැම විටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම ලෙඩ රෝගවලින් වැළකී සිටීමට උදවුවෙනවා.දහදිය , මළ , මුත‍්‍ර, කඳුළු හා ප‍්‍රශ්වාස වාතය මගින් අප සිරුරෙන් ජලය පිටවෙනවා. පෘථිවියෙන් 3/4 ක්ම ජලයෙන් පිරී තිබුණත් අපට පාවිච්චියට ගත හැකි ප‍්‍රමාණය ඉතා ස්වල්ප බව දන්නවා.

    ලෝකයේ විවිධ රටවල් හා සැසදීමේදී ලංකාවේ ජල සම්පත අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වැඩියෙන් තිබෙනවා. එය අපේ වාසනාවක්. එහෙත් ඇතැම් පුද්ගලයන්ගේ නොදැනුවත්කම හා අපරික්ෂාකාරිබව නිසා ජලය නාස්තිවීම සිදුවෙනවා. නිවසේ ජලය පාවිච්චි කිරීමේදීත් නොදැනුවත්කම නිසා ජලය නාස්ති වෙනවා.

    ගංගාවලින් ලබාගන්නා ජලය එක්වරම අපවෙත ලබාදෙන්නේ නැහැ. ගංගාවලින් ලබාගන්නා ජලය පරිභෝජනයට සුදුසු පරිදි විද්‍යානුකූලව පවිත‍්‍රකිරීම සිදුකරනවා.සෑම කාර්යයකදීම හොඳම සන්නිවේදකයා දරුවා . එබැවින් මේ පණිවිඩය නිවසට ලබාදීමට සුදුසුම පුද්ගලයන් දරුවන්. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමටත් , සනීපාරක්ෂාව රැක ගැනීමටත් ජලයේ ඇති වැදගත්කමක් දරුවන් අවබෝධ කර ගත යුතුයි. ඒ පණිවිඩය තම දෙමාපියන්හට නිසි පරිදි ලබාදීමත් දරුවන් වන ඔබගේ විශාල වගකීමක්. එය ඔබෙන් සමාජයට වන යුතුකමක් . ඔබේ නිවසේ ජල බිල්පත අඩු කර ගැනීම ආර්ථිකයටත් උපකාරයක් වේවි.
    :):)
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2lcvat4.gif
     
    • Like
    Reactions: sirajstc

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් කාලින වැදගත්කමක් තියෙන ලිපියක්
    ගොඩක් වටිනවා මචෝ
    මේ වගේ දේවල් දාහන් දිගටම