ජල ගාස්තුවත් ඉහළ දමනවා - පොහොට්ටු සනත් නිශාන්ත

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    පාඩුපිට කරන්න බැහැ ජල ගාස්තුවත් ඉහළ දමනවා - සනත් නිශාන්ත​


    collage.webp


    විදුලිය ගාස්තුව ඉහළ දැමීමට සමගාමීව අනිවාර්යයෙන් ම ජල ගාස්තු ඉහළ නංවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසා තිබේ.

    ජල පිරිපහදුව, බෙදාහැරීම ආදී කාර්යයන් සඳහා විශාල ලෙස විදුලිය වැය වන බැවින් පාඩුව පියවා ගැනීම සඳහා ජල බිල ඉහළ නැංවීමට සිදු වන බවත් එසේ නොකළත් තවමත් මණ්ඩලය පාඩු පිට පවත්වා යන බවත් ඔහු සඳහන් කළේය.

    පසුගිය අගොස්තු මාසයේ දී ජල ගාස්තුව එක් එක් කාණ්ඩ සඳහා 13% සිට 50% දක්වා වන ප්‍රතිශතයකින් ඉහළ දමා තිබුණි. ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය කර තිබූ මුදල සත 7 ක්ව තිබියදී පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත්තේ සත දෙකක මුදලකට බැවින් තවමත් පාඩු ලබන බවට ඔහු තර්ක කර තිබේ.

    source: https://www.gossiplankanews.com/2023/10/water-bill-hike-sanath-nishantha.html

     

    Similar threads