ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    මහා භාණ්ඩාගාරය එම ව්‍යාපෘතියට අවශ්‍ය ඩී.අයි පයිප්ප සහ උපාංග ගෙන්වීමේ කාර්යය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවරා තිබූ අතර එම මණ්ඩලය එම කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදී තිබිණැයි ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

    එම භාණ්ඩ බදු නොගෙවා ගුදම් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා රේගු සටහන් කර 8ක් නිකුත් කර ඇතැයි කියන කමිටුව භාණ්ඩ ගුදම්කර වටිනාකම ඇමෙරිකා ඩොලර් 5139621ක් නමුත් එම භාණ්ඩ ගුදමෙන් නිදහස් කර ගැනීමේදී දේශීයව සැකසූ ඉන්ඩෙයිස් භාවිත කර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් 6350364ක් ලෙස දක්වා ව්‍යාජ තොරතුරු සටහන්කර ඇමෙරිකා ඩොලර් 1207598ක මුදලක් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා ගැනීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානයට යොමු විය.

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශීය මෙන්ම දේශීය මුදල් ද අයාථ ලෙස ලබාගෙන තිබියදී ශ්‍රී ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය.

    මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගුඅධ්‍යක්ෂ ජනරාල්වරයි මෙහිදි සඳහන් කළේය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    @SLK_sri kotiya

    74439203_551004752142562_1970228395359232801_n.jpg
     

    Similar threads