ජල-විදුලි හා දුරකථන සේවා ගාස්තු වැඩිවෙන්න
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2016 අය වැය යෝජනා මගින් මෙතෙක් තනි අනුපාතික අගයෙන් යුක්තව පැවති වැට් බද්ද කාණ්ඩ තුනකට වෙන්කිරීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල අඩුවන බවත්, එමගින් ජලය, විදුලිය හා විදුලි සංදේශ ක්ෂේත්රවල කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
මෙතෙක් 11 % ක් ලෙස තනි අගයකින් පැවති වැට් බද්ද අය වැය මගින් 0%, 12.5 % සහ 8% වශයෙන් වර්ගීකරණය කර ඇති අතර තොග සහ සිල්ලර වෙළඳාම මුළුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව මෙතෙක් 11% ක වැට් ගෙවීමට යටත් ව තිබූ තොග සහ සිල්ලර වෙළඳාම වැට් වලින් ඉවත් කිරීමෙන් අය වැය මගින් මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව අන් සියලු භාණ්ඩවල මිලෙහි විකුණූම් මිල විවෘත වෙළඳ පොලේ අඩුවිය යුතු බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තවද රාජ්‍ය මැදිහත්වීම් මත පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවාවන් වන ජල සැපයුම හා විදුලිය සැපයුමට අමතරව විදුලි සංදේශ සේවාවන්ද වැට් වලින් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසූ වග අමාත්‍යංශය කියා සිටියි.
එබැවින් එම සේවා සැපයීම් සඳහා පාරිභොගිකයන්ගෙන් කිසිදු වැට් අය කිරීමක් සිදු නොවන බැවින් එම සේවා ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදුනොවන බව මුදල් අමාත්‍යංසය අවඩාරණය කරයි.
ආනයනික භාණ්ඩ හා දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ වලට මෙතෙක් අය කරන ලද 11 % වැට් බද්ද අය වැය මගින් 8% දක්වා අඩු කර ඇති බැවින් සියලු ආනයනික භාණාඩවල මිල ද ඉදිරියේදී අඩුවනු ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.