ජවිපෙ ආණ්ඩුව ණය ගෙවුවා! සමාජ ශෝධනය සහ ඇත්ත.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ හොරනෑ කරුවන්ගේ දෙඩවීමට අනුව සහ කසල ශෝධකයින්ගේ මතයට අනුව ආණ්ඩුව ණය ගෙවා ඇත .

    සමාජයේ මොළ සේදීම දිගටමට පවතිනවා

    බොරුව තවමත් යනවා .

    අනුලා කුමාරි පරණ ආණ්ඩුවක හොරෙක් හිරේ දාල දියවන්නාවට සිංහයා වගේ ඇවිත් දොඩලා යනවා
    ඔන්න ආණ්ඩු කිරීම
    සතුටුයි


    2026 වසර වන විට රටට තවමත් විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබේ.


    ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය දන්නවද, කීයද ?


    • මුළු රාජ්‍ය ණය: ඇමෙරිකානු ඩොලර් බිලියන 95 සිට 100 අතර වෙනවා .
    • විදේශීය ණය: ඩොලර් බිලියන 54 සිට 57 අතර.
    • දේශීය ණය: ඩොලර් බිලියන 40 සිට 43 අතර.

    සරලව කියනවා නම්, රජය රට තුළින් සහ විදේශ රටවල්, බැංකු, ආයතන හා ආයෝජකයන්ගෙන් ලබාගත් ණය එකතුව ඩොලර් බිලියන 95–100ක් පමණ වේ.


    පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකාව ගෙවා ඇති මුදල්:


    • ණය මුදල (Principal): ඩොලර් බිලියන 1.37 ක්
    • පොලිය (Interest): ඩොලර් බිලියන 1.09 ක් (පට්ට)

    එකතුව: ඩොලර් බිලියන 2.45 ක් පමණ වෙනවා ඔන්න

    පසුගිය අවුරුද්දේ ණය සහ පොලී සඳහා රුපියල් වලින් ගත්විට (1 USD ≈ LKR 300 ලෙස ගත්තොත්) රුපියල් බිලියන 735ක් පමණ ගෙවා තිබේ.

    තවමත් ගෙවීමට ඉතිරි ණය කොපමණද?



    • මුළු ණය: ඩොලර් බිලියන 95–100
    • එයින්
      • විදේශ ණය: ඩොලර් බිලියන 55ක් පමණ.
      • දේශීය ණය: ඩොලර් බිලියන 40ක් පමණ.

    මෙම ණය එකවර ගෙවිය යුතු නැහැ. රනිල් ද කොහෙද කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Debt Restructuring) නිසා අවුරුදු ගණනාවක් පුරා වාරික වශයෙන් ගෙවීමට සැලසුම් තියෙනවා
    හැබැයි පොලිය මරු

    බොහෝ දෙනා සිතන ආකාරයට "ණය ගෙවලා ඉවරයි" කියන තත්ත්වයක් තවම නැහැ.
    ඇත්තටම සිදුවී තිබෙන්නේ ණය ගෙවීමේ කාලය දිගු කර, වාර්ෂික ගෙවීම් කළමනාකරණය කළ හැකි ලෙස නැවත සැලසුම් කිරීමයි.

    ආණ්ඩුව මේ වසර 3 දී සංවර්ධනයක් නොකලොත් රටට වැඩකුත් නැහැ නය ගෙවිමෙනුත් වැඩක් නැති වෙනවා
    ඩොලරය නගින්න නගින්න බඩු බනිස්



     
    • Like
    Reactions: Inigo Montoya