ජවිපෙ කුසලානය අත්හරියි .......

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ජවිපෙ කුසලානය අත්හරියි .......

15zi0dt.jpg

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තම පක්‍ෂය තනිව තරඟ වදින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සොමවංශ අමරසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡවකදී ඔහු මේ අදහස් පල කලේය. මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් සමඟ සාකච්ඡා කළ බවත් මෙතෙක් පැවති පළාත් පාලන මැතිවරණ සදහා ජනතා විමුක්ති පෙරමුණ තරඟකර ඇත්තේ තනිවම බවත්අමරසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. සෑම මැතිවරණ කොට්ඨාශයකටම තරඟ කිරීමටත් උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේ නම් එම පළාත් සදහාත් තරග කිරීමට තම පක්ෂය සූදානම් බවත් ජවිපෙ සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්ක සන්ධානයේ නායකයෙක් දුරකථනවෙන් සම්බන්ධ කර ගත්තද ඔහු මේ අවස්ථාවේ අදහස් පල කිරීමෙන් වැලකී සිටියේය.
 

Similar threads