Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ පුස් මතවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

ලංකාව මේ තරම් පසුගාමී තත්ත්වයට සහ උගත් වෘත්තිකයන් ලංකාවට හැරදමා යන තත්ත්වයට පත් කරන්න හොර දේශපාලනඥයන් මෙන් ම මාෆියා ජාලයක් විදියට ක්රියාත්මක වන වෘත්තීය සමිති ද විශාල වැඩකොටසක් කළා.

ඒකේ ප්රතිඵලයක් ව්දියට ඉතා ම අකාර්යක්ෂම, අලස සහ දූෂිත රාජ්ය සේවයක් මේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් දූෂිත දේශපාලනඥයන් තමන් ගේ හෙංචයියන් ලවා මේ රාජ්ය සේවයේ සාරය උරා බිව්වා. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති යෝජනා වෙන ඕනෑම වෙනස්කමකට එරෙහි වෙමින්, මේ දූෂිත, අසමත්, අකාර්යක්ෂම ක්රියාවලිය දිගට ම පවත්වාගෙන ගියා. මේ දෙගොල්ල ම එකම කාසියක දෙපැත්තක් වන්නේ ඒ නිසයි.

මේකෙ ප්රතිඵලයක් විදියට ලංකාවේ හුඟක් රාජ්ය ආයතනවලට කාර්ය සාධන දර්ශක (KPI) හදුන්වා දීම වගේ ලොකු වෙනස්කම් සිදු කරනවා තියා අඩු තරමින් ඇඟිලි සළකුණු යන්ත්රයක්වත් සවි කරගන්න බැහැ. ලංකාවේ ජීවත් වන මිනිසුනන්ගෙන් අති බහුතරයකට ලංකාවේ රාජ්ය ආයතන සම්බන්ධයෙන් ඉතා ම අප්රසන්න, කටුක අත්දැකීම් තියෙනවා.

අද මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට විදේශීය සමාගම් තුනක් එනවාට විරුද්ධවයි. මේ වෘත්තීය සමිති කියන්නේ ලංකාවේ තෙල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ අධිකාරය දිගට ම පවත්වා ගත යුතු බවයි. එහෙම තියාගත්තම තෙල් සංස්ථාවේ සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ගන්නට, හොරට අතිකාල දීමනා ගන්නට, ආයතනය අන්තිම සතේට ම සූරාකන්නට පුළුවන් වෙනවා. මේ රටේ දුප්පත් මිනිසුන් පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සොරුන් නඩත්තු කරගෙන යනවා.

මේක වෙනස් කළ හැකි එක ම ක්රමය වෙළෙඳපොළ තරගකරීත්වය වැඩි කිරීමයි. සම්පත් ගිල දමන මේ කම්බ හොරුන්ට විදේශීය සමාගම් සමග තරග කරන්නට වන තැනට තල්ලු කිරීමයි. තරගකාරීත්වය තුළින් සේවාවන් අලුත් වෙනවා. යාවත්කාලීන වෙනවා. හොරුන්ට වෙළෙඳපොළ ඇතුළේ අධිකාරයන් හදාගෙන පාරිභෝගිකයන් ප්රාණ ඇපයට ගන්න බැරි වෙනවා.

මොවුන් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව බොරු බිල්ලන් මවන්නේ, 'කුමන්ත්රණ තියරි' නිර්මාණය කරන්න හදන්නේ, මිනිසුන් උසි ගන්වන්න හදන්නේ ඒ හින්දයි.

රනිල්ට විරුද්ධ වීම කියන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ වීම කියන්නේ වෘත්තීය සමිති මාෆියාකාරයින්ට පක්ෂ වීම නෙවෙයි. පැහැදිලිව ම මේ වැඩ වර්ජනය කරන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කිරීමට විරුද්ධවයි. IMF එකෙන් නොව එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කළත් එය හොඳ දෙයක්. මේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය පරාජය කිරීමට හෘදය සාක්ෂියක් තියෙන ලංකාවේ හැම පුරවැසියෙකුට ම යුතුකමක් තියෙන්නේ ඒකයි.

ලංකාවේ හුඟක් මිනිසුන් යන්න බලාපොරොත්තු වෙන දියුණු, සංවර්ධිත රටවල් කියන්නේ අහසින් පාත් වූ ඒවා නෙවෙයි. හුඟක් වෙලාවට ඒ රටවල් ඒ තැනට පත් වුණේ නිදහස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි කිරීම තුළිනුයි. වෙළෙඳපොළ තරගකාරීත්වය නැති කළොත් ලංකාවටත් සිදුවන්නේ කියුබාව, උතුරු කොරියාව, වෙනිසුවේලාව ගිය පාරේ යන්නයි. එහෙම රටක් හැදෙන එක මේ වෘත්තීය සමිති මාෆියාකාරයන්ට හොඳයි. ඒත් ඒක ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දරුවන් ගේ දරුවන්ට නරකයි.

වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධව ඔබව ප්රාණ ඇපයට ගන්න සූදානම් වන මේ මාෆියාකරුවන්ට එක හෙළා විරුද්ධ වන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔවුන් ගේ මේ තකතීරු ක්රියාමාර්ගයට එරෙහිව සමාජයේ දැඩි ප්රතිරෝධයක් එල්ල විය යුතුයි. ඔවුන් නවත්වාලිය හැකි එක ම ක්රමය ඔවුන්ට එරෙහිව හිංසනය දියත් කිරීම නොව, ඔවුන් ගේ ක්රියාමාර්ග පිළිකෙව් කොට ඔවුන් හුදෙකලා කිරීම හරහා පමණයි.

[QUOTE="riduna pm, post: 28735979, member: 567786"] මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා. ලංකාව මේ තරම් පසුගාමී තත්ත්වයට සහ උගත් වෘත්තිකයන් ලංකාවට හැරදමා යන තත්ත්වයට පත් කරන්න හොර දේශපාලනඥයන් මෙන් ම මාෆියා ජාලයක් විදියට ක්රියාත්මක වන වෘත්තීය සමිති ද විශාල වැඩකොටසක් කළා. ඒකේ ප්රතිඵලයක් ව්දියට ඉතා ම අකාර්යක්ෂම, අලස සහ දූෂිත රාජ්ය සේවයක් මේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් දූෂිත දේශපාලනඥයන් තමන් ගේ හෙංචයියන් ලවා මේ රාජ්ය සේවයේ සාරය උරා බිව්වා. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති යෝජනා වෙන ඕනෑම වෙනස්කමකට එරෙහි වෙමින්, මේ දූෂිත, අසමත්, අකාර්යක්ෂම ක්රියාවලිය දිගට ම පවත්වාගෙන ගියා. මේ දෙගොල්ල ම එකම කාසියක දෙපැත්තක් වන්නේ ඒ නිසයි. මේකෙ ප්රතිඵලයක් විදියට ලංකාවේ හුඟක් රාජ්ය ආයතනවලට කාර්ය සාධන දර්ශක (KPI) හදුන්වා දීම වගේ ලොකු වෙනස්කම් සිදු කරනවා තියා අඩු තරමින් ඇඟිලි සළකුණු යන්ත්රයක්වත් සවි කරගන්න බැහැ. ලංකාවේ ජීවත් වන මිනිසුනන්ගෙන් අති බහුතරයකට ලංකාවේ රාජ්ය ආයතන සම්බන්ධයෙන් ඉතා ම අප්රසන්න, කටුක අත්දැකීම් තියෙනවා. අද මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට විදේශීය සමාගම් තුනක් එනවාට විරුද්ධවයි. මේ වෘත්තීය සමිති කියන්නේ ලංකාවේ තෙල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ අධිකාරය දිගට ම පවත්වා ගත යුතු බවයි. එහෙම තියාගත්තම තෙල් සංස්ථාවේ සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ගන්නට, හොරට අතිකාල දීමනා ගන්නට, ආයතනය අන්තිම සතේට ම සූරාකන්නට පුළුවන් වෙනවා. මේ රටේ දුප්පත් මිනිසුන් පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සොරුන් නඩත්තු කරගෙන යනවා. මේක වෙනස් කළ හැකි එක ම ක්රමය වෙළෙඳපොළ තරගකරීත්වය වැඩි කිරීමයි. සම්පත් ගිල දමන මේ කම්බ හොරුන්ට විදේශීය සමාගම් සමග තරග කරන්නට වන තැනට තල්ලු කිරීමයි. තරගකාරීත්වය තුළින් සේවාවන් අලුත් වෙනවා. යාවත්කාලීන වෙනවා. හොරුන්ට වෙළෙඳපොළ ඇතුළේ අධිකාරයන් හදාගෙන පාරිභෝගිකයන් ප්රාණ ඇපයට ගන්න බැරි වෙනවා. මොවුන් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව බොරු බිල්ලන් මවන්නේ, 'කුමන්ත්රණ තියරි' නිර්මාණය කරන්න හදන්නේ, මිනිසුන් උසි ගන්වන්න හදන්නේ ඒ හින්දයි. රනිල්ට විරුද්ධ වීම කියන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ වීම කියන්නේ වෘත්තීය සමිති මාෆියාකාරයින්ට පක්ෂ වීම නෙවෙයි. පැහැදිලිව ම මේ වැඩ වර්ජනය කරන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කිරීමට විරුද්ධවයි. IMF එකෙන් නොව එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කළත් එය හොඳ දෙයක්. මේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය පරාජය කිරීමට හෘදය සාක්ෂියක් තියෙන ලංකාවේ හැම පුරවැසියෙකුට ම යුතුකමක් තියෙන්නේ ඒකයි. ලංකාවේ හුඟක් මිනිසුන් යන්න බලාපොරොත්තු වෙන දියුණු, සංවර්ධිත රටවල් කියන්නේ අහසින් පාත් වූ ඒවා නෙවෙයි. හුඟක් වෙලාවට ඒ රටවල් ඒ තැනට පත් වුණේ නිදහස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි කිරීම තුළිනුයි. වෙළෙඳපොළ තරගකාරීත්වය නැති කළොත් ලංකාවටත් සිදුවන්නේ කියුබාව, උතුරු කොරියාව, වෙනිසුවේලාව ගිය පාරේ යන්නයි. එහෙම රටක් හැදෙන එක මේ වෘත්තීය සමිති මාෆියාකාරයන්ට හොඳයි. ඒත් ඒක ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දරුවන් ගේ දරුවන්ට නරකයි. වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධව ඔබව ප්රාණ ඇපයට ගන්න සූදානම් වන මේ මාෆියාකරුවන්ට එක හෙළා විරුද්ධ වන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔවුන් ගේ මේ තකතීරු ක්රියාමාර්ගයට එරෙහිව සමාජයේ දැඩි ප්රතිරෝධයක් එල්ල විය යුතුයි. ඔවුන් නවත්වාලිය හැකි එක ම ක්රමය ඔවුන්ට එරෙහිව හිංසනය දියත් කිරීම නොව, ඔවුන් ගේ ක්රියාමාර්ග පිළිකෙව් කොට ඔවුන් හුදෙකලා කිරීම හරහා පමණයි. - [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom