ජවිපෙ විශේෂ යෝජනා මාලාව පොදු ප්රතිසංස්ක
ජවිපෙ විශේෂ යෝජනා මාලාව
පොදු ප්‍රතිසංස්කරණ යෝජනා:
ජවිපෙ විශේෂ යෝජනා මාලාව
පොදු ප්‍රතිසංස්කරණ යෝජනා:
**************************************
1. ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලුම ජාතිකත්වයන්ට අයත් සියලුම පුරවැසියන්ට සමාන පුරවැසි අයිතියක් සහිත ජනරජයක් බව පිළිගත යුතුය.
2. ශ්‍රී ලංකාව තුළ ඕනෑම ආගමක් ඇදහීමට මෙන්ම කැමති පුද්ගලයකුට තමා කැමැති ආගමක් ඇදහීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් පිළිගත යුතුය; ආරක්ෂා කළ යුතුය.
3. ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන් ජාතික, ආගමික, ලිංග භේදයකින් තොරව සියලු දෙනාම සියලුම අපරාධ හා සිවිල් නීති මඟින් සමාන විය යුතුය; සමානව පාලනය විය යුතුය.
දැනට ජාතික, ආගමික හා ලිංගික වශයෙන් වෙනස්කම් ඇති සිවිල් නීති පොදු නීති යටතට ගත යුතුය. ආගමික අයිතිය පෞද්ගලික වන නමුත් නීති රාජ්‍යයට අයත් වේ. ආගමික සංස්ථාවලට අදාළව පවතින නීති හෝ සම්ප්‍රදායන් පොදු නීතිය අභියෝගයට ලක් නොකරන ඒවා විය යුතු වන අතර පොදු නීතියම සෑම විටම බලාත්මක විය යුතුය.
4. ජාති, ආගම් හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ආරම්භ කර පවත්වාගෙන යාම, ලියාපදිංචි කිරීම නතර කිරීමට නීති සකස් කළ යුතුය.
5. ජාතිවාදී හා ආගමික ගැටුම්වලින් පීඩාවට පත් බොහෝ රටවල ක්‍රියාවට නගා ඇති පරිදි ජනතාව තුළ ගොඩනැඟී ඇති සැකය, වෛරය හා අවිශ්වාසය දුරු කිරීම සඳහා සත්‍යය හා ප්රතිසන්ධාන කොමිසමක් (Truth and Reconciliation Commission) වහා පිහිටු විය යුතුය.
6. ජාතික, ආගමික, කුල හෝ ලිංගිකමය වෙනස්කම් නිසා ඇති වන හිංසා හා බලපෑම් වැළැක්වීමට වෙනස්කම් වැළැක්වීමේ කොමිසමක් (Commission Against Discrimination) ස්ථාපිත කළ යුතුය. එම කොමිසම යටතේ වෙනස් ලෙස සැලැකීම් ජනතාවට නිතිපතා වාර්තා කළ හැකි නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (Discrimination Monitoring Centre) සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථාපිත කළ යුතු ය. එමඟින් ලැබෙන තොරතුරු මත එම තත්වයන් වැඩි ප්‍රදේශවල වෙනස්කම් පාලනය කිරීම සඳහා කළ යුතු නිර්දේශ කොමිසම මඟින් වරින්වර ආණ්ඩුවට යෝජනා කළ යුතුය.
7. වෛරී ප්‍රකාශ සිදු කිරීම හා ප්‍රචාරය කිරීම වැළැක්වීමේ, වෛරී ප්‍රකාශ පාලනය කිරීමේ (Anti Hate Speech Act) හඳුන්වා දිය යුතුය.