ජවිපෙ විශේෂ යෝජනා මාලාව 2
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 2
මහජන ආරක්ෂාව
**********************
1. මහජන ආරක්ෂාව හා රටේ පොදු ආරක්ෂාව තහවුරු කිරීමේදී විදේශ රටවල් හෝ ආරක්ෂක සංවිධාන (NATO වැනි) සමඟ ගිවිසුම්වලට එළඹීමේදී රටේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට හානිකර ඒවා අත්සන් නොකළ යුතු අතර කිසියම් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමේදී ඒවා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමෙන් හා පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් තොරව සිදු නොකළ යුතුය.
2. රටේ පොදු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය හා විශේෂයෙන් රටේ මූල්‍ය සේවා සඳහා වන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය, රටේ බලශක්ති සේවා සඳහා වන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය ආදිය පාලනය, අධීක්ෂණය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මඟින් පමණක් සිදු කළ යුතු ය.
3. විදේශීය ත්රස්තවාදීන් හා විදේශීය ත්‍රස්ත සංවිධානවල කටයුතු කළ පුද්ගලයන් ලංකාවට පැමිණීම වැළැක්වීමට Foreign Fighter Act වැනි පනතක් සම්පාදනය කළ යුතුය.
4. දේශපාලන හෝ ආගමික හෝ සුභසාධනමය හෝ පෞද්ගලික පදනමින් ගොඩනඟන සංවිධාන පාර්ලිමේන්තු පනත් මඟින් සංස්ථාපනය කිරීම කලක සිට අතිශයින් ඉහළ ගොස් තිබෙන අතර, එමඟින් පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කිරීමෙන් ලැබෙන රාජ්‍ය පිළිගැනීම විසින් අන්තවාදී හා දූෂිත ක්‍රියා සඳහා යොදා ගැනීමේ බරපතළ අනතුරක් ඇති වී තිබේ. මෙලෙස සංවිධාන පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කිරීම සීමා කිරීම හා අධීක්ෂණය කිරීමට අවශ්‍ය වෙනස්කම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සිදු කිරීම.
5. එවැනි සංවිධාන සංස්ථාපනය කිරීමේදී ඒවා සැලකිය යුතු කාල පරාසයක් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ ඒවා විය යුතුය. එම සංවිධාන එක් ආගමකට, එක් ජාතිකත්වයකට පමණක් සේවා සපයන ඒවා නොවිය යුතු අතර ඒවායේ පාලන මණ්ඩල එක් පවුලකට හෝ ඥාති සබඳතා ඇති පවුල් කිහිපයකට හෝ සීමා නොවිය යුතුය.
6. රාජ්‍ය බුද්ධි අංශ හෝ විවිධ ආරක්ෂක අංශවලින් ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදී සංවිධාන ගොඩනැඟීම, පවත්වාගෙන යාම, ආධාර, උපකාර හා රැකවරණය ලබා දීම පිළිබඳව දැනට ඉදිරිපත් වී ඇති චෝදනා විභාග කිරීමට පූර්ණ බලැති කොමිසමක් පත් කළ යුතුය.
7. දේශපාලන හෝ වෙනත් බලපෑම් නිසා රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතිරීති රෙගුලාසිවලට පටහැණිව රටේ ආරක්ෂාවට, මහජන සාමයට හා සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීමට බලපෑම් එල්ල වන නිශ්චිත අවස්ථාවන්හිදී ඒවා ඉටු නොකර සිටීමටත්, ඒවා ඉහළ අධිකරණයකට ලිඛිතව පැමිණිලි කිරීමට හා අවශ්‍ය අවස්ථාවන්හිදී ජනතාවට දැන්වීමටත් නිලධාරීන්ට අයිතිය ලැබෙන නීති සම්පාදනය (Whistle Blowers Act) කළ යුතුය.