ජවුසන්_නැටීම_මීගමු කතෝලික ජන උරුමයකි
'ජවුසන් නැටීම' මීගමු දූවේ කතෝලික ජන උරුමයකි
පාරම්පරිකව අසා දැන හිඳින අන්දමට ‘ජවුසන්’ යනු කතෝලික ජන නාටක අංගයකි. එසේ නොමැතිව ‘ජවුසන්’ යනු මුස්ලිමුන්ගේ ජන උරුමයක් නොවේ. එය කතෝලික ජනනාටක අංගයකි. මෙම නාටක විශේෂය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ මීගමුවේ ධීවර ජනතාව සහ දකුණු ඉන්දියාවේ කේරලයේ කොචින් අතර පැවති ජනවාර්ගික සම්බන්ධතාවය නිසාය.
එවක ශ්‍රී ලාංකීය ජනතාව ධීවර සහ අනෙකුත් කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ කේරළයේ කොචින් වරයාට සේන්දු වූ අතර එහි ජනතාවද බහුල වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූහ.
ශ්‍රී ලංකාවේ දී ‘කොච්චින්’ යනුවෙන් හඳුන්වන්නට වූයේ මොවුන්ය. කොච්චිකඩේ යනු අතීතයේ මෙම ජනතාව බහුලව පදිංචි වූ පෙදෙසක් බව පැහැදිළිය. 1505 ශ්‍රී ලංකාවට සිදුවූ පෘතුගීසි ආක්‍රමණයට පසු කෙමෙන් වර්ධනය වූ කිතුණු සංස්කෘතිකාංග වලට ආධ්‍යාත්මික මුහුණුවරක් ලබා දීමට මහනුවර යුගයේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සමයේ (ක්‍රි.ව 1704 -1739) ශ්‍රී ලංකාවට පැමිණි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා (ක්‍රි.ව 1676 – 1742) සමත් වූ බව නොරහසකි. වර්තමානයේ ද කිතුණු සමාජයේ ද දක්නට ඇති පසන් හෙවත් දුක්ප්‍රාප්ති ගායනා, ලතෝනි හෙවත් වැලපුම් ගී ආදිය ශ්‍රී ලාංකික කිතුණු සමාජය හා බද්ධ වූයේ ඉන් පසුවය. එහෙත් රජතුන්කට්ටුව නම් වන නත්තල් නාටකය කිතු සමිදානන් කුරුස වධයට ලක්කරවීම නිරූපනය කරන පාස්කු නාට්‍ය, වාසප්පු , ජවුසන් සහ ජල්ලි යන ජනසංස්කෘතිකාංග මීගමුවේ කිතුණු ධීවර ජන සමාජය විසින් ප්‍රචලිත කරවන ලද බව පැහැදිළිය.
එහිදී සිවුදෙසින්ම ජලයෙන් වට වූ මීගමු දූව එකම කිතුණු ජන කලා නිකේතනයක් සේ හැඳින්විය හැක. අද ද දූවේ පාස්කු යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජනසංස්කෘතික අංගයක් සේ සලකනු ලැබේ.
ඒ අතරින් අතීතයේ මෙහි පැවති කලා අංග අතුරින් මෙම ජවුසන් නම් ජන රංගනය විශේෂත්වයක් ගනී. මෙය මතුපිටින් බලන විට වැදි නැටුමකි. එහි කොළ අතු ඇඳගත් වැද්දන් සේම සතුන් ලෙසද නළුවෝ පෙනී සිටිති. එහෙත් මෙහි කිතුණු ආධ්‍යාත්මික ලක්ෂණද ගැබ්ව තිබේ.
මීගමුවේ මිහිඳුකුලසූරිය සහ මැල් යන පෙලපත් නම් හිමි කලාකරුවෝ මෙම ජවුසන් නාටකයෙහි අභිවෘද්ධිය සහ සංවර්ධනය පිණිස ඉටුකළ මෙහෙය සුළු පටු නැත.
1944 වසරේ කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැති දීප ව්‍යාප්ත පාසල් ජන රංගන තරගයකදී මීගමු දූවේ රෝමානු කතෝලික විදුහලේ සිසුන් ඉදිරිපත් කළ ‘ජවුසන්’ නැටුමකට මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් කිතුණු ජන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ කැලණි විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ හිටපු මහාචාර්ය එච්.එම්.ගුණතිලක ශූරීන් බොහෝ කරුණු ඒකරාශී කොට තිබේ.
ඒ අනුව සැබෑ ‘ජවුසන්’ නැටීම කතෝලික ජන උරුමරයකි
සලකන අයට සහ Bump , Comment කරන අයට 10+ ගානේ දෙනවා.....
.