ජහ පාලන බුද්ධිමතුන් මේක අහපල්ලා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව ගැන කතාකරල වැඩක් නැහැ අප්ප්ච්චි මලා නාකි දිනෙශ්ට ලබන පාර ටිකට් එක හම්බවෙන්නෙ නැහැ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වාසු හරි ම ග්‍රේට් ය.

    ඔහු මෛත්‍රීපාලගේ ප්‍රතිපත්ති අගයයි. එයට හේතුව රටේ සිදු විය යුතු ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණ නියෝජනය කරන්නේ ඔහු නිසා ය.

    එහෙත්, වාසු ජනාධිපතිවරණයේදී ආධාර කරන්නේ මහින්ද රාජපක්ෂට ය. ඔහු දිනවන්නේ මෛත්‍රීපාල විසින් කරන්නට ඉඩ තිබෙන ප්‍රතිසංස්කරණ පැරදවීමට ය.

    ඔහු එසේ කරන්නේ ඇයි? වාමාංශිකයන් සතු උතුම් මානුෂික ලක්ෂණයක් නිසා ය. ඒ මොකක් ද?

    ඒකට ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ කන්න දීපු අත හපා නොකෑම කියා ය.

    ප්‍රතිපත්ති මත ම කටයුතු කළා නම් වික්‍රමබාහු කරුණාරත්න සේ ආර්ථික හා සමාජ ප්‍රාග්ධනය පැත්තෙන් දිළිඳුභාවයට පත් වන්නට නියමිතව සිටි වයෝවෘද්ධ වාසුදේව නානායක්කාර ‘මා වැනි බිළින්දා - වර වර ළඟට කැන්දා - දුක් සැප කුමන්දා' යි අසා අතින් කන්න දී හදා වඩා ගත්තේ මහින්ද රාජපක්ෂ උතුමාණෝ ය.

    වැඩක් ඇතත්, නැතත්, ඇමතිකමක් දරමින්, කාර්ය මණ්ඩලයක්, වාහන කීපයක්, කාර්යාල, නිල නිවාස ආදිය නඩත්තු කරමින්, මහජන මුදලින් ජීවිතයේ අවසන් කාලය සැපෙන් සතුටින් ගත කරන්නට ඔහුට අවස්ථාව ලබා දුන්නේ ජනාධිපතිතුමා හැර වෙන කවුරු ද?

    ඉතින්, අනන්ත දුක් විඳිමින්, හම්බ කරන සේසත ම බදු ලෙස ආණ්ඩුවට ගෙවමින්, රජය නඩත්තු කරන පීඩිතයන්ට වඩා ජනාධිපතිවරයා වටින්නේ නැද්ද?

    මෙම සටහනේ වාසු යන නම වෙනුවට ඩිව්, තිස්ස දිනේෂ් වැනි වෙනත් නමක් වුව ආදේශ කර ගත හැකි ය.

    අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබගේ තීරණය ඔබට ය. අඩු තරමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් රටේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ කරන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය කිරීමට හෝ උත්සාහ කරන්න. එමගින් ඔබ ගැන අප කණගාටු විය යුතු මට්ටම හෝ අවම වනු ඇත.


    946922_654218581262308_1979675360_n.jpg

    vasudeva%20nanayakkara.jpg