ජ්‍යෝතිෂයට අනුව මහින්දගේ ජය ස්ථිරයි.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    15153_381655850483_381492845483_10301712_5338105_n.jpg
    [​
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ජ්‍යෝතිෂයට අනුව මහින්දගේ ජය ස්ථිරයි.

    ප‍්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ජගත්පාල ජයවර්ධන මහතා විසින් රචනා කරන ලද‘‘2010 ජනපතිවරණ ජය කාටද?’’ නම් කෘතිය දැන් නිකුත් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ඕනෑම පොත්හලකින් මෙය ලබාගත හැකි බව ටොප් ලංකා නිව්ස් වාර්තාකරු පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා සරත් ෆොන්සේකාගේ ජන්මපත‍්‍ර ඉතා සියුම් ලෙස විග‍්‍රහ කරමින් කරුණු දක්වන ජ්‍යෝතිර්වේදියා දෙදෙනාගේ උපන් ග‍්‍රහබලය අනුවත්, දැනට පවත්නා ග‍්‍රහබල අනුවත්, මැතිවරණයදා ග‍්‍රහබල අනුවත් මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය ස්ථිර බව පවසයි. මේ කෘතියෙහි අවසානයට ඇති ‘‘නිගමනය පරිච්ෙඡ්දය පහත දැක්වේ.

    නිගමනය

    අප මෙතෙක් දැක්වූ කරුණු අනුව 2010 ජනපතිවරණයෙහි ජය ලැබෙන්නේ කවර අපේක්ෂකයාට ද යනු තීරණය කිරීම අපහසු නො වේ.
    1. දැනට ජනාධිපති ධුරය දරන, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්ද්‍රයෙහි ග‍්‍රහ බල ඉතා විශිෂ්ට ය. රාජ යෝග සහිත ය. රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය ග‍්‍රහ යෝග ගණනාවක් ම එහි විද්‍යමාන වේ. ඒ අතුරින් චන්ද්‍රාධියෝගය ප‍්‍රධාන වේ. ලග්නයෙහි ගුරු දිග්බල ව පූර්ණ බලැති වීම, දෙ වැන්නාධිපති ගේ ස්වක්ෂේත‍්‍ර බලය, තුන් වැන්නේ රවි ගේ බලය, ශුභ ග‍්‍රහ දෘෂ්ටි, සංයෝග ආදිය නිසා ඔහු ගේ කේන්ද්‍රය ඉතා බලවත් ය. රාජ්‍ය පාලන කාර්යය සඳහා ඉතා ම ගැළැපේ. කුමන අවුල් වියවුල් මැද්දේ වුව ද, රට ඉදිරියට ගෙන යෑමේ ශක්තිය ඔහුට ඇත. හෙ තෙමේ නියම ජනතා නායකයෙකි.

    නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා වන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතා ගේ කේන්ද්‍රය ද ඉතා බලවත් ය. රාජ යෝග කාරක ය. පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන රුචක යෝගය යෙදීම, ලග්නය වර්ගෝත්තම වීම, චන්ද්‍රයා වර්ගෝත්තම වීම සමඟ ලග්නාධිපති, ගුරු ආදි ග‍්‍රහයන් බලවත් වීම නිසා ඔහු ගේ කේන්ද්‍රයෙහි ද ග‍්‍රහ බල විශිෂ්ට ය. එහෙත් කේන්ද්‍රයෙහි ප‍්‍රබලතම ග‍්‍රහයා කුජ වීම නිසා ද වෙනත් ග‍්‍රහ පිහිටීම් නිසා ද ඔහු අතිශයින් සුදුසු වන්නේ යුද්ධ කාර්යයට යි. යුද්ධ නායකයකු වශයෙන් ඔහු ගේ තත්ත්වය විශිෂ්ට ය. ග‍්‍රහ යෝග අනුව ඔහු දැඩි, අනම්‍ය, ක‍්‍රෑර, අත්තනෝමතික පාලකයකු විය හැකි නිසා රාජ්‍ය පාලනයට සුදුසු වෙති යි කිව හැකි නො වේ. විශේෂයෙන් ශනි ගේ තත්ත්වය අනුව මහජනයාට ඔහු ගෙන් යහපතක් බලාපොරොත්තු වීම තරමක් උගහට ය.

    2. රාජපක්‍ෂ මහතා ද පොන්සේකා මහතා ද යන දෙ දෙනා ම දැනට ශනි ඒරාෂ්ටක ගෙවමින් සිටී. දෙ දෙනාට ම ලබා ඇත්තේ තුන් වන ලග්න ඒරාෂ්ටකය වීම වඩාත් බරපතළ ය. එහෙත් රාජපක්‍ෂ මහතා ගේ කේන්ද්‍රයෙහි ඇතැම් ග‍්‍රහ යෝග නිසා ඒරාෂ්ටක අපලය තරමක් මර්දනය වේ.

    3. විංශෝන්තරී මහ දශා ක‍්‍රමය අනුව බලන කල, රාජපක්‍ෂ මහතා තමාට ශුභ මහ දශාවෙක ශුභ අන්තර් දශාවෙක ශුභ විදශාවක් ගෙවයි. එ හෙයින් එයින් විශිෂ්ට ශුභ ඵල ලබාගත හැකි ය.
    එහෙත්, පොන්සේකා මහතා ගෙවන්නේ අශුභ මහා දශාවෙක අශුභ අන්තර් දශා වක අශුභ විදශාවෙකි. එය ඔහුට ඉතා ම අවාසිදායක වේ. උපතේ දී පැවැති ග‍්‍රහබල පවා එයින් යටපත් වේ.

    4. ජනාධිපතිවරණ දිනයෙහි - එනම් 2010 ජනවාරි 26 වැනිදා තත්කාල ග‍්‍රහ බලය අනුව මුළුමනින් වාසි සහගත වනුයේ රාජ්‍ය පක්‍ෂයට යි, එනම් දැන් බලයේ සිටින පාර්ශ්වයට යි. විපක්‍ෂයට හෙවත් රාජ්‍ය පක්‍ෂයට විරුද්ධ ව එන්නන්ගේ බලය දුර්වල වේ. පෞද්ගලික වශයෙන් පොන්සේකා මහතාට ද එ දින ශුභ නො වේ.

    5. මේ සියලූ කරුණු විමසා බලන කල 2010 ජනවාරි 26 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දැනට බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නියත ජයක් ලැබෙන බව ස්ථිර ව කිව හැකි ය.


    Thanks Sakibura!


    haha
    ela ela mahinda ehenam jothishayath keliya ehenan
    suba anagathayak
    pa** thama
     

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට


    2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත‍්‍රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක‍්‍රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි.


    රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක‍්‍රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප‍්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප‍්‍රසාදය නැති වී යයි.



    අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග‍්‍රහයා ය. මේ ග‍්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය. ජ්‍යෝතීර්වේදීන් මෙම තත්වය පහදාදීමත් සමග උතුමාණෝ බය භිරාන්ත වූහ.

    රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය



    අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයය


    වැඩේ නම් කුජීතයි නේද..?
     
    Last edited: