ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය












    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් කිහිප දෙනෙකුට වාසය කල හැකි වන ලෙස පහල පෘතුවි කක්ෂය තුල රඳවා ඇති විශාල කෘතීම චන්ද්‍රිකාවකි (යානාවකි).

    මෙය ඇමරිකානු NASA, රුසියානු Roscosmos (Russia's Federal Space Agency), ජපාන JAXA (Japan Aerospace Exploration Agency), යුරෝපා ESA (European Space Agency), සහ කැනේඩියානු CSA (Canadian Space Agency) යන අන්තර්ජාතික අභ්‍යාවකාශ ඒජන්සි 5ක ( රටවල් 15ක් අයත් වේ ) ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

    මෙය තැනීමේ මුලිකම පරමාර්ථය වී ඇත්තේ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ තත්ව යටතේ ජීව විද්‍යාව , මානව ජීව විද්‍යාව, භෞතික විද්‍යාව , තාරකා විද්‍යාව සහ අනෙකුත් සියලු අංශයන්ගේ පර්යේෂණ පැවත් වීමට හැකි පර්යේෂණාගාරයක් ලෙස භාවිතයට ගැනීමයි. ඉදිරි අභ්‍යාවකාශ ගමන් වලට යොදා ගන්නා උපකරණ අත්හදා බැලීමේ පර්යේෂණාගරයක් ලෙසද මෙය භාවිතා කෙරේ .

    අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දල සැලැස්ම



    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත්තේ පෘතුවියේ සිට ගෙන යන ලද කොටස් අභ්‍යවකාශයේදී එකලස් කිරීම මගිනි. මෙලෙස රැගෙන යන ලද පළමු කොටස වන්නේ 1998 නොවෙම්බර් 20 ගෙන ගිය රුසියානු Zarya මොඩුයුලයයි. ඉන් වසර දෙකකට පසු එනම් 2000 නොවෙම්බර් 2 දින පළමු පර්යේෂණ කණ්ඩායම මෙයට ලගාවිය.

    එකවර ගගනගාමින් 6 දෙනෙකුට නවාතැන් ගැනීමේ පහසුකම් මෙය තුල පවතී. 2015 සැප්තැම්බර් මාසය වන විට ගවේෂණ 45 ක දී ගගනගාමීන් 220 ක් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට චාරිකා කොට ඇත

    ඇතුලත දර්ශනයක්
    මෙය පෘතුවියට වඩා සැතපුම් 205 - 270 (කිලෝමීටර 330 - 435) ක් අතර උසකින්, පැයට සැතපුම් 17500 ක පමණ වේගයෙන් පෘතුවිය වටා භ්‍රමණය වෙමින් පවතී. එනම් සෑම විනාඩි 90 ක දීම පමණ පෘථිවිය වටා එක්‌ වාරයක් ද , දිනකට 15.54 වාරයක් ද භ්‍රමණය වේ. ප්‍රමාණාත්මකව ගත් විට මෙය දිගින් 72.8 මීටර (239 අඩි), පළල 108.5 මීටර (356 අඩි) ,උසින් 20 මීටර (66 අඩි) පමණ වේ .මුළු බර 419,455 kg පමණ වේ


    එතෙක් මෙතෙක් කලක් තුල මිනිසා විසින් සිදු කරන කරන ලද දැවැන්තම විද්‍යාත්මක ඉංජිනේරු ව්‍යාපෘතිය මෙය ලෙස සැලකේ. තවද මිනිසා විසින් අභ්‍යාවකාශයට යවන ලද විශාලම නිර්මාණය ද වන්නේ මෙයයි. 2020 පමණ වනතෙක් පමණක් මෙම මධ්‍යස්ථානය භාවිතා කිරීමට මුලින් සැලසුම් කර තිබුන ද , එය අවම වශයෙන් 2024 දක්වා හෝ දීර්ග කර ගැනීමට ඇමරිකාව සහ රුසියාව සාකච්චා කරමින් පවතී.

    රාත්‍රී අහසේ චලනය වන දීප්තිමත් තාරකාවක් ලෙස පියවි ඇසට මෙය දැකගත හැක. පහත සඳහන් වෙබ් අඩවිය මගින් මෙම මොහොතේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිහිටීම ඔබට නිරීක්ෂණය කල හැක
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif