ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කළ මරණීය තර්ජනය

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    සිය නිජබිම් වනසා, ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා, බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීමට ආ බහු ජාතික සමාගම් ඉංජිනේරුවරයා හමු වූ ඇමසෝනයේ ආදීවාසික කයාපෝ ගෝත්‍රික නායිකාව වූ, ටුයිරා කයාපෝ සිය හිණ පැළදි දඩයම් මන්නය ගෙන, තෘෂ්ණාවේ තෙලෙන් දිදුලන ධන්වීය කම්මුල මත එය තෙවරක් තදින් ඇද මෙසේ පවසා සිටියා ය,
    "උඹ බොරුකාරයෙක්! තොපේ විදුලිය අපට ඕනෑ කරන්නේ නෑ. අපගේ ගංගාවන් නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න. අපගේත් තොපගේත් අනාගතය රැදී ඇත්තේ ඒ මත මිස තොප හදන්නට යන විදුලිය මත නොවෙයි. අපට අපගේ නිජබිම් පුරා නිදහසේ සරමින් දඩමං ඔස්සේ ජීවිතය සරි කරගන්නට ඉඩහැර තොපේ ලොකු යන්තර සූත්තර ගෙන තොපි සදාගත් කුඩා නගරයටම මකබෑවී යන්න"

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ ඇය සිදුකල මරණීය තර්ජනයේ අව්‍යාජත්වය ඉදිරියේ මුළුමහත් ලෝකය සලිත වී ගිය අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ව්‍යාපෘතිය සදහා නිකුත් කරනට තිබූ මුදල් ආධාර අවලංගු කරනවා හැර වෙනත් වූ විකල්පයක් ඉතිරි නොවීය.

    මෙලෙස 1989 වසරේ ඇරඹීමට තිබූ බලාගාරයේ ව්‍යාපෘතිය ඉන් අඩපණ වී ගිය අතර විරෝධතාවයේ උණුසුම අඩුව යනතෙක් කල්මැරූ ශඨකපටයන් 2011 වසරේදී නොසිතූ විරූ ලෙස ව්‍යාපෘතිය යළි අරඹා 2016 වසර අවසන් වනවිට අති සීග්‍ර වේගයකින් ව්‍යාපෘතිය සම්පූර්ණ කර අවසන් කර දැමීය.

    ව්‍යාපෘතිය අවසානයේ ෂිංගු ගංගාව දෙතැනකින් හරස් කොට තැනූ බෙලෝ මොන්ටේ හා බෙලා විස්ටා වේළී හරහා වර්ග කිලෝමීටර් 108 ක් විශාල වූ ඩොස් කැනයිස් ජලාශයද, පයිමෙන්ටල් වේල්ල හරහා වර්ග කිලෝමීටර් 333ක් වූ සුවිසල් කල්හා ඩෝ ෂිංගූ ජලාශයද නිමවී තිබුනු අතර ඉන් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 447 ක් යටවී තුරුලතා, වනසතා, නම් නොදන්නා ගෝත්‍රික ජන සමූහයා, උන්ගේ නිජභූමි තුළදීම ගිල්වා මරා දැමුනු අතර ඉන් උපන් විදුලියෙන් ආලෝකය ලැබූ සැතපුම් දහසක් ඔබ්බෙන් වූ කිසිවෙක් 'වන පෙතක අසිරිය' නම් වාර්තාමය වැඩසටහනක් නරඹා සොබාදම් මෑණියන්ගේ සුන්දරත්වයෙන් ඔකදව මොහොතක් උදම් වී 'පරිසර හිතකාමී' සිය විදුලි මෝටර් රථය පණගන්වා විදුලි වේගයෙන් සිය දෛනික ජිවිතය සොයා ඉගිලෙනු දැකගත හැකි විය!
    FB_IMG_1598765360062.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :dull: පිහිය දික් කරලා හුරුතල් කරන්නෙ නැතුව ඒ වෙලේම ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ අරුන්ගෙන් එකෙක් පෙති කැපුවනම් ඔය වැඩේ එතනින්ම නවතිනවා..