ජාතික ආණ්ඩුවක් ද විජාතික ආණ්ඩුවක් ද?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ජාතික ආණ්ඩුවක් ද විජාතික ආණ්ඩුවක් ද?

මේ වෙලාවේ රට වෙනුවෙන් කතා කරන විපක්ෂයක් හදන්නේ කොහොමද? කියවල බලන්න.


විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක්


මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්‍රීපාලට පක්ෂපාතව සිටි “ප්‍රබල” මන්ත්‍රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ තමන් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද මිස මෛත්‍රීපාල නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර එය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් කිරීමේ උත්සාහයට තමන් එකඟ නොවන බවත් ය. එහෙත් අද මෛත්‍රිපාල සහ චන්ද්‍රිකා මේ ජනමතය අමු අමුවේ පාගා දමමින් පරාජිත මන්ත්‍රී වරුන් හොර ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට ගැනීමටත්, මොවුන් යොදාගෙන රනිල් සමග විජාතික ආණ්ඩුවක් (ජාතික ආණ්ඩුවක් නොවේ) සෑදීමටත් උත්සාහ කරති. විජාතික ආණ්ඩුවේ එකම අරමුණ බටහිරයන්ගේ කීමට අනුව දෙමළ බෙදුම්වාදීන්ට දොළ පිදේනි දීම ය. මේ සඳහා පාර්ලිමේන්තුවේ බලය ගොඩනගාගැනීමත් විපක්ෂය දුර්වල කිරීමත් රනිල්-මෛත්‍රීපාල-චන්ද්‍රිකා කල්ලියේ අපේක්ෂාව වේ.

සන්ධානයේ ඡන්ද දායකයන් මෙන්ම පක්ෂයේ ප්‍රාදේශීය සභා, පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් මෛත්‍රීපාලව ප්‍රතික්ෂේප කරන්නේ පක්ෂයට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කළ ඔහු කුමන්ත්‍රණයක් කරහා පක්ෂ නායකත්වය ඩැහැගත් දා පටන් ය. සබෑ ජන සහයෝගයක් නොමැති මෛත්‍රීපාල තම බලය රැකගැනීම උදෙසා ගෙනගියේ එකාධිපති වැඩ පිළිවෙලකි. මැතිවරණය ආම්භයේදීම තමන් සිදු කළ වෛරී ප්‍රකාශය හේතුවෙන් තම නායකත්වයට තර්ජනයක් එල්ල වන බව දැනගත් ඔහු උසාවිය ලවා පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් තහනම් කරවාගත්තේය. ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමට මොහොතකට පෙර විශාල ප්‍රචාරයක් දෙමින් මහින්ද ජය ගත්තද තමන් අගමැතිකම කිසි සේත්ම ලබා නොදෙන බව පවසා ව්‍යවස්ථා විරෝධී ලිපියක් යැවීය. (ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස පත් කෙරිය යුත්තේ වැඩිම මන්ත්‍රී වරුන් පිරිසකගේ විශ්වාසය ලැබෙන පුද්ගලයා ය. පාර්ලිමේන්තුව පත් වීමට පෙර සිටම ජනාධිපතිවරයා මහින්දට අගමැති කම දිය නොහැකි බව පැවසීමම ව්‍යවස්ථා විරෝධී ය). අවසන් මොහොතේ පක්ෂයේ ලේකම් වරු ඉවත් කළේය. ඉන්පසු ජාතික ලැයිස්තුව අයිති මෛත්‍රීපාලට නිසා රනිල්ගේ වලියේ එල්ලීමට කැමති මන්ත්‍රී වරුන් පිරිසක් ඒ හරහා පත් වන බව අනුර කුමාර ඇතුළු පිරිස් හරහා ජනතාවට දැනෙන්නට සැලැස්වීය. මේ ක්‍රියා මගින් සන්ධාන ඡන්ද දායකයන් පිරිසක් අධෛර්යමත් කරවා කිසිවකුට ඡන්දය නොදමා සිටීම සඳහා ඔවුන් යොමු කරවීමට මෛත්‍රීපාලට හැකි විය.

මේ සියල්ලෙන් නොනැවතුන මෛත්‍රීපාල අද රනිල්ගේ විජාතික ආණ්ඩුවට එකතු නොවන මන්ත්‍රී වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට තර්ජනය කරයි. බල ලෝභය දුරු කළ, මෛත්‍රී සහගත පාලකයෙක් ලෙස ජනාධිපතිවරණයට පෙර හුවා දක්වන ලද මෛත්‍රීපාලගේ බල තණ්හාව, වෛරය සහ ඒකාධිපතිවාදය අද හෙළිදරව් වී ඇත. එදා “මෛත්‍රී පාලන” බොරුව ගෙනගිය රනිල්ලා අද “ජාතික” ආණ්ඩුවක් තුලින් “සම්මුතිවාදී”, “ලිච්ඡවි” පාලනයක් ඇති කරවන බවට අළුත් බොරුවක් ගෙනැවිත් ඇත. මේ බොරු මවාපෑම් වලට යටින් ඇත්තේ රටේ ඒකීය භාවය පාවාදීමෙත් සිංහල සංස්කෘතිය දුර්වල කිරීමේත් බටහිරයන්ගේ අවශ්‍යතාවයය. මේ ක්‍රියා වලට පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ ඒකාධිති බලය යොදා යටපත් කිරීමත් ඉන්පසු එන ජනතා විරෝධය ලේ ගංගාවක් හරහා විනාශ කිරීමත් මේ විජාතිකයන්ගේ අවශ්‍යතාවය වේ. මේ විනාශය වැළැක්වීමටනම් අද සිදු කළ යුත්තේ රටේ ජාතිකත්වය සහ ඒකීය භාවය නියෝජනය කෙරෙන ජාතික විපක්ෂයක් රනිල්ගේ විජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමයි.



ගත්තේ FB එකෙන්.
 
Last edited:

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කවුරු ලිව්වද කියල නෙවෙයි ලියල තියෙන්නේ ඇත්තද බලපන්.

    මෙහෙමනේ, එක එක්කෙනාට එක එක ඒවා හිතෙනවා, ඊට පස්සේ ඒවා ලියනවා. එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ ලියපු එකම වෙනවා කියල හිතන් ඉන්න උන් තමයි අමුම අමු මෝඩයෝ. මොලේ කළදක් නෑ .:):)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //මේ විනාශය වැළැක්වීමටනම් අද සිදු කළ යුත්තේ රටේ ජාතිකත්වය සහ ඒකීය භාවය නියෝජනය කෙරෙන ජාතික විපක්ෂයක් රනිල්ගේ විජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමයි//.
    :yes::yes::yes::yes:


    එකෙන්ම ...
    :yes::yes:


    දිනු දේශය අනතුරේ ! අලුතින්ම පටන්ගමු ! අප්පච්චි විපක්සනායක කරමු
    !!



    ps :

    ටෝයියෝ ! තොපිල ඔක්කොම චාටර් ඔයි :frown::frown:... ජනාධිපති කරමු කිව්වා බැ කිව්වා අගමැති කරමු කිව්වා බැ කිව්වා ...අඩෝ මේකට හරි සපෝර්ට් එකක් දීපල්ලා උබලත් මිනිස්සු නේද ? මේක බැරී උනොත් අඩුම ගානේ ගාල්ලේ නගරාදිපති කමටවත් ..කැරි වැඩ කරන්ඩ එපා ඔයි ..ඔව් :sorry::sorry:
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Apo mala anda andiyaawak ne ban meka.. Patta moosalai ban elakiri ekath ekkama. Hariyata honthu geniyek wa kasada bendala thiyan innawa wage
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    අනිවා උබ කියනවා නම් විජාතික වෙන්න ඇති
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔන්න ජනවාරි මාසෙට කලින් පුම්බපු මෛත්රීපාලගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය,
     

    Similar threads