ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    36382817_1964158460281306_1337724399641427968_n.jpg


    Page 9
    Ada | 2018.06.29
    http://epaper.ada.lk/images/flippingbook/2018/06/29/09.jpg


    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    විමල්ගේ හොර ගමන ගම්මන්පිලගේ අතට මාට්ටු… රනිල්-විමල් හමුවෙන් විමල් කූජිත වෙයි…

    On Jun 28, 2018

    විමල් කාටත් හොරෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඇතිකරගෙන තිබේන සබඳතාවය උදය ගම්මන්පිල රනිල් සමග ඩීල් කිරිමට ආරම්භ විමත් සමග ආනවරණය වි ඇති බවත් ඒ හේතුවෙන් විමල් විරවංශ තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය තුල කුජිත චරිතයක් බවට පත්ව සිටින බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    නාමයෝජනා සකස් කරන දිනවලදි බැසිල් රාජපක්ෂ සමඟ ඇති වූ නෝක්කඩුවේ ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන ඡන්දය අවසන් වූ දා සිට විමල් වීරවංශ ඒකාබද්ධ විපක්ෂය තුළ කොන් වන්නට පටන් ගත් අතර මැතිවරණයට පෙර ජාතික නිදහස් පෙරමුණට පොරොන්දු වූ නගරාධිපතිධූර හා උපනගරාධිපතිධූර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන වලින් ලබා දීමට ද බැසිල් රාජපක්ෂ කටයුතු නොකිරිමත් සමග විමල් -බැසිල් ගැටුම උග්‍ර විය.

    මේ අතර විමල් -බැසිල් ගැටුම උග්‍ර වෙමින් තිබියදි බැසිල් රාජපක්ෂ විසින් විමල් වීරවංශ සම්බන්ධ කටයුතු වලදි එයට අදාළ ලිපිගොනු එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් අවස්ථාවන් ද විමල්ට අතටම හසු ව තිබේ.

    මේ සියළු කරුණු සමඟම පසුගිය දිනවල විමල් හා විමල් ගේ බිරිඳව අත්තඩංගුවට ගැනීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වුණ අතර එම අවස්ථාවේදි අගමැති රනිල් වික්‍රමසිංහව ඇමතු විමල් වීරවංශ අගමැති නිවසේදි රනිල් වික්‍රමසිංහ ව හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර අනාගත මෙහෙයුම් දියත් කිරිම වෙනුවෙන් විමල් භාවිතා කලහැකි දන්නා රනිල් ඒ සදහා අවස්ථාවක් ලබා දුන් අතර එම සාකච්ඡාව සදහා රනිල් තමන්ගේ ඉතාම සමීපතමයන් කිහිප දෙනෙකුද කැදවා ගෙන තිබේ.

    එම සාකච්ඡාවේදි විමල් තමන්ගේ බිරිදව අත් අඩංගුවට නොගෙන සිටිමට අවශ්‍ය සහය ඉල්ලා සිටි අතර පසුව රටේ දේශපාලනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර ඒකාබද්ධ විපක්ෂයේ සහ මහින්ද මෙන්ම බැසිල්ගේත් අනාගත ජනාධිපති විමට සිහින බලමින් සිටින ගෝඨාභය රාජපක්ෂගේත් දුර්වල කම් රැසක් ගැන විමල් එහිදි වමාරා තිබේ.

    පසුව අවස්ථා කිහිපයකදිම මලික් මෙන්ම රනිල්වද වන්දනා කිරිමට විමල් කටයුතු කල අතර එම වන්දනා වල ප්‍රතිපලයක් ලෙස විමල් සහ ඔහුගේ සමීපතම සහචරයන් සම්බන්ධයෙන් තිබු චොදනා රැසකට නීතිය ක්‍රියාත්මක කිරිමද අත්හිටුවා තිබේ.

    මේ සාකච්ඡා සියල්ලම විමල්ගේ අපාය සහයක මිතුරා වන ගම්මන්පිලට හොරා සිදු වු අතර පසුව ඕස්ට්‍රේලියාවේ නඩුව ඉහලට ආ අවස්ථාවේදි ගම්මන්පිල ඉතා අසරණ වූ අතර රවි කරුණානායක හමු වීමට ගම්මන්පිල තින්දු කල අතර ඒ සදහ රවීද දැඩි කැමත්තක් දක්වා තිබේ.ඊට හේතුව වි ඇත්තේ රවිට ඒජාපය තුල අහිමි වෙමින් යන තැන රැක ගැනිමටය.

    වීරවංශ මේ වන විට රනිල් සමඟ කෙලින්ම ඩීල් දමන තත්ත්වයට පත් වී ඇති අතර ඔහුට සම්බන්ධ ප්‍රසිද්ධ වෙබ් අඩවිය රවීගේ මාසික ගෙවීම් ලැයිස්තුවටද මේ වන විට ඇතුලත් වී තිබේ. නමුත් රනිල් මලික් ඇතුළු එජාප සාමාජිකයින් දිගටම විමල්ට හා ගම්මන්පිලට වාග් ප්‍රහාර එල්ල කරන්නේ එම එල්ල කිරීම හරහා ඔවුන් තව තවත් එජාපය දෙසට තල්ලු වන බව දන්නා නිසාවෙනි.

    රවි විසින් ගම්මන්පිලව අගමැතිවරයා හමුවට කැඳවා ගෙන ගිය අතර ගම්මන්පිල සහ රනිල් අතර සාකච්ඡාවේදි ඒකාබද්ධය සහ මහින්ද කණ්ඩායම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.පසුව රනිල් ට ගහන වේගය අඩු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ගහන වේගය වැඩි කල යුතු බවට එකඟතාවයක්ද ඇතිකරගෙන තිබේ.

    කෙසේවෙතත් ගම්මන්පිලව රනිල් ලඟට ගෙන ඒමේ පිහිටෙන් රවි කෙසේ හෝ අමාත්‍යධූරය ලබා ගෙන එජාපයේ නියෝජ්‍ය නායකධූරය ලබා ගැනීම සඳහා මානබලමින් සිටියද රවිගේ එම උත්සහය අසාර්ථක වුයේ මලික් සමරවික්‍රම ගම්මන්පිල සමඟ කෙලින්ම ඩීල් කිරිමට කටයුතු කිරිමත් සමගය.ගම්මන්පිල -මලික් ඩීල් එක හේතුවෙන් මේ වනවිට විමල් සහ රනිල් අතර සිදුවු සාකච්ඡා සියල්ලම ගම්මන්පිල දැන ගැනිමට හැකියාව ලැබි තිබේ.විමල්- රනිල් ඩීල් ගැන මෙන්ම ගම්මන්පිල -රනිල් ඩීල් ගැන මේ වනවිට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති අතර ගම්මන්පිලගේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව බොහෝ දේ වෙනස් විමට හැකි බවද මෙ වනවිට වාර්තා වේ.

    මේ වනවිට විමල් සහ ඔහුගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය තුල කුජිතව ඇති අතර තමන්ට සිදුවන කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක මහින්ද හමුවි කරුණු කිමට විමල් උත්සහ ගත්තද විමල්-රනිල් ගනුදෙනු සම්බන්ධයෙන් අවුලක සිටින මහින්ද ඒ සදහා අවස්ථාවක් ලබා දි නෑ.

    මේ අතර මේ වනවිට විමල් ඒකාබද්ධයේ සහ මහින්දගේ යාන්ත්‍රනය සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට පත්කර තිබේන අතර පෙරදා මහින්ද හමුවිට ගිය ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ මහින්ද පවසා ඇත්තේ 2020 ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහ පුලුල් සන්ධානයක් නිර්මාණය කරන බවයි.


    - http://www.lankaleaks.net/2018/06/28/1540

    ඉන්න බැරිනම් යනවා…. මහින්දගෙන්,විමල්ට අවසන් නිවේදනය නිකුත් වෙයි…

    ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම නම්කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින විමල් වීරවංශ හට මහින්ද බැණ වැදි ඇති බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණයි කළා.

    පසුගිය දිනකිහිපයේම විමල් සිය සහචරයන් යොදා ගනිමින් මහින්දට දැඩි ලෙස පහරදුන් අතර ඒ හරහා මහින්ද බීතියටම හේත්තු කිරිමට විමල් උත්සහ කර ඇත්තේ එම මෙහෙයුම අවසානයේ මහින්ද භාවිතා කර ගෝඨා 2020 අපේක්ෂකයා ලෙස නම්කර ගැනිමටයි.

    කෙසේවෙතත් ඊයේ සවස දුරකතනයෙන් මහින්ද අමතා ඇති විමල් ගෝඨා අපේක්ෂකයා ලෙස නම් කිරිමට මහින්ද කටයුතු නොකරන්නේ නම් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කර තිබේ.

    “තවත් පරක්කු කරන්න එපා.. ජනාධිපති අපේක්‍ෂකයා වහා නම් කරන්න.. නැත්නම් මම තව් කට්ටිය අරන්ම් ඉවත් වෙනවා… යනුවෙන් මහින්දට තර්ජනය කර තිබේ.

    එයට පිලිතුරු දෙමින් මහින්ද විමල්ට බැණ වැදි ඇති අතර ජනාධිපතිවරණයක් කැදවනු තුරු විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් නොකරන බවත් එතෙක් ඉවසාගෙන ඉන්නට බැරි ඔනෑම අයෙකු ඉවත් ව යැම ගැන තමන් කලබල නොවන බවද මහින්ද පවසා තිබේ.

    ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණයක් කැදවා නැති අවස්ථාවක නම් කිරිම හරහා ඔහුට එරෙහිව පාලක බලයේ සිටින කණ්ඩායම් විසින් චොදනා සහ ඔහුගේ චරිතය ඝාතනය කිරිමට ඉඩක් ලැබෙන බවත් පවසා ඇති මහින්ද විමල්ට අද අවශ්‍යව ඇත්තේ එය බවද පවසා තිබේ.

    ඒකාබද්ධයේ අලුත් අර්බුදය …..

    “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” යනුවෙන් අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් දක්වා ඇති අදහස සම්බන්ධයෙන් මේ වනවිට ඒකාබද්ධය අභ්‍යන්තර උග්‍ර අර්බුදයක් හටගෙන් ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න.


    - http://www.lankaleaks.net/2018/07/01/1559

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත්

    ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ල වී ඇති බව රාජපක්ෂ පවුලට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනිද්දාට වාර්තා වේ. ඒ සඳහා හේතු වි ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය ගියහොත් තමන්ගේ දේශපාලන අනාගතයට එය තර්ජනයක් විය හැකි බව රාජපක්ෂ පුතුන් සිතීම නිසා බවත් වාර්තා වේ.

    ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරය හොබවමින් ගෝඨාභය රාජපක්ෂ, විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට පවා අවනත නොවී විධායක ජනාධිපති බලය අතික්‍රමණය කරමින් හිතුවක්කාරී ආකාරයෙන් සිදු කර ඇති ඇතැම් ක්‍රියාකාරකම් පෙන්වා දෙමින් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුව කිසිසේත්ම කිසිවකුට මෙල්ල කළ නොහැකි ‘හිට්ලර්‘ කෙනෙකු වනු ඇති බවයි. :lol:

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුගේ හැසිරීම් රටාව කිසිදු විටෙකදී රාජපක්ෂ පවුලේ පුතුන් ත්‍රිත්වයට හිතකර එකක් නොවන අතිශය පිඩාකාරී එකක් වන තැනකට තල්ලුවීම වඩතේ අනතුරුදායක බවත් එහිදී අවධාරණය වී ඇත.

    ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ නම් කරනු ලබන පුද්ගලයෙකුට බැවින්ද, ඔහුගේම බිරිඳ ඒ සඳහා නම් කරන්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන බව ද එම බලපෑම්වලදී රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ද එහිදී අවධාරණය කෙරී ඇත.

    මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සිය පවුල සාකච්ඡා කර තීරණයට ආ බව මාධ්‍යයට පිළිතුරු දෙමින් පසුගියදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළත් එම අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි කළේ නැත. දේශපාලන කරලියේ සිටින රාජපක්ෂ සහෝදරවරුන් වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන හතරදෙනා පසුගිය දිනක මිරිහානේ පිහිටි ඔවුන්ගේ සහෝදරියකගේ නිවසට රැස්වී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කර ඇතත් එහිදී පැමිණි ඇති අවසන් එකඟතාවය වන්නේද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව නම් කිරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමටය.
    ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර තිබුණ ද ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නට හැකිවේ ද යන ප්‍රශ්නය ද එමෙන්ම බැසිල් රාජප්කෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය ද මෙහිදී අවධානයට ලක් වී ඇත.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ගෙන ඒමෙන් වළකින ලෙස ඇමරිකාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාධිපතිවරයා මඟින් දැනුම් දීමක් කළ බව මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීප මාධ්‍ය වාර්තා කළේය.

    එහිදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනයන්, පුද්ගල මරණ හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු වී ඇති බව ද දන්වා තිබුණි.

    (අනිද්දා)


    - https://newstube.lk/news/2783-shiranthani-rajapaksa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැන කතා කරන්නවත් එපා..- මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ…
    July 11, 2018 at 10:48 pm | lanka C news

    අපට උවමනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඒකාබද්දයේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍සක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

    ගෝටාභය රාජපක්‍ෂ මහතාද ප‍්‍රජාතවන්ත‍්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත‍්‍රි වෙල්ගම රාජ්‍ය නියකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.

    මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසු පිටව යන අතරේ මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.


     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    වෙල්ගම ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් - ගෝඨාගේ ප්‍රකාශකයාගෙන් චෝදනා



    :lol:

    එක්බද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුද වන එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ චෝදනාව සිදුකළ අතර වෙල්ගම මන්ත්‍රීවරයාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත් ඔහු පවසයි.

    වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද අජිත් ප්‍රසන්න සඳහන් කර ඇති අතර ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් ඔවුන් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.




    - https://newstube.lk/news/2901-ajith-prasanna-welagama
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    චමල් සමඟ ගමනකට : එකාබද්ධයේ වෙනම පිරිසක් සූදානම් !

    14 July 2018

    මේ වන විටත් ලංකාවේ හිට්ලර් ලෙසට සමාජ මතයක් නිර්මාණයවී ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට හිටපු කතානායක චමල් රාජපක්ෂ ඉදිරියට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    මේ වන විටත් වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පැරණි වාමාංශික පක්ෂ නායකයින් ඒ ගැන එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී රාජපක්ෂ සහෝදරයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

    කෙසේ වුවත් මෙම සාකච්ඡා වලදී එක් තරුණ දේශපාලන නායකයකු විමසා ඇත්තේ රාජපක්ෂ පවුලෙන් හැර ඉදිරි නායකත්වය සඳහා සූදානම් කිරීමට කිසිවකුත් තම පාර්ශවයන් අතර නැතිද කියාය.

    එහෙත් ඊට මෙම නායකයින් කිසිවෙකුත් පිළිතුරක් දී නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    මේ අතර අද (14) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත්තේ 2020දි ඒකාබද්ධය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ජනතා හිතවාදි පුද්ගලයෙකු විය යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ හිටපු තථා නායක චමල් රාජපක්ස මහතා පමණක් බවත් ය.

    එසේම ගොඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත් ඔහු පිටුපස සිටින මිලිටරිවාදි පාලනයකට පක්ෂපාති පිරිසට නම් අකමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

    තවද වතමන් ආණ්ඩුව පෙරළා දැමිම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාධාමයකට අනුව බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


    - https://newstube.lk/news/2912-2018-07-14-14-03-06
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මරුසිරා;23412854 said:
    දැන් සංවර්දන නිවුස් නැතෙයි ? මෙච්චර රෙදි අපුල්ලන්නේ ?:lol::lol:


    චන්දයක් ලගයිද ?:lol::lol:


    සන්වර්දන නිව්ස් 1. - ටිරිකුනාමලේට එයාපෝට් එකක් - තඩිපොලිෂ්

    සන්වර්දන නිව්ස් 2. - පරාක්‍රමසමුද්‍රය ගොඩකර කුරුදු වවන වියප්තියක් - පොනිල්

    සන්වර්දන නිව්ස් 3. - පොක්ස්වැගන් කර්මාන්තශාලාව නම වෙනස් කර සමනලවැගන් නමින් අලුත් පැක්ටරියක් - අකිල
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සන්වර්දන නිව්ස් 1. - ටිරිකුනාමලේට එයාපෝට් එකක් - තඩිපොලිෂ්

    සන්වර්දන නිව්ස් 2. - පරාක්‍රමසමුද්‍රය ගොඩකර කුරුදු වවන වියප්තියක් - පොනිල්

    සන්වර්දන නිව්ස් 3. - පොක්ස්වැගන් කර්මාන්තශාලාව නම වෙනස් කර සමනලවැගන් නමින් අලුත් පැක්ටරියක් - අකිල
    :lol::love::lol::love:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    :lol:

    හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි - වෙල්ගම හා වාසු අනතුරු අඟවයි

    දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටට යන කල දසාව කුමක්දැයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විමසයි.

    ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් ඊයේ (14) ඔහු එහි රැස්ව සිටි පාක්ෂිකයින් ගෙන් එබව විමසා සිටියේය.
    වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.
    "විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා ..
    එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?
    එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ ''

    එකා පිස්සෙක් !

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකු ලෙස කටයුතු කරන විශ්‍රාමික හමුදා නිලධාරී අජිත් ප්‍රසන්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී පිළිතුරුදුන් වෙල්ගම මහතා, අජිත් ප්‍රසන්න මහතාව හැඳින්වුයේ 'පිස්සකු' ලෙසය.
    ''ප්‍රසන්නලට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නහැ. ගමත් අතහැරලා ගහිල්ලා වෙන ප්‍රදේශයක පදිංචියට ගිය මිනිහෙක්. ඡන්ද පන්දාහක්වත් ගන්න බැරි මුළු රටම දන්න පිස්සෙක් එක්ක මම මොකටද කතා කරන්නේ'' මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    'ගෝඨා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි'- වාසුදේව

    මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා, ''ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග අතිශය භයානක බව'' පැවසිය.
    ඉතාම දැඩි මිලිටරි ආණ්ඩුවක් ගොඩනැගීමට එම පිරිස සුදානම්වන බවට මන්ත්‍රීවරයා අනතුරු ඇඟවිය.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් බවද මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
    වාසුදේව නානායක්කාර මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

    හමුදා ආණ්ඩුවක් හදාගැනීමේ අභිප්‍රායෙන් :

    ''මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැමැත්තක් නැහැ. අපි අරගෙන බැලුවොත් පක්ෂ හැටියට වමේ පක්ෂ කවුරුත් එකඟ නැහැ. පෙරටුගාමී පක්ෂයත් එකඟ නැහැ. ජේවීපී ගත්තොත් එගොල්ලොත් එකඟ නැහැ. දෙමළ සන්ධානයත් එකඟ නැහැ. යූඑන්පී එකත් එකඟ නැහැ. මේ අපේ ජේඕ එකෙත් කොටසක් එකඟ නැහැ.
    හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්ධනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ.
    දෙවෙනි එක හමුදා නිලධාරීන්. හමුදා ආණ්ඩුවක් හදාගැනීමේ අභිප්‍රායෙන්.
    වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි.''


    - https://sinhala.srilankamirror.com/news/13179-welgama-and-wasu
     
    • Like
    Reactions: shan4djfun

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මැදමුලන පවුලේ පැන නැගුන ආරවුල කෙරවර වූයේ ගෝටාබයගේ දේශපාලන ශරීරයේ අවධානම් නිලයකට බරපතල පිහි ඇනුමකින් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වාර්ථා කිරීමට සිදුව ඇත. පිහි ඇනුමට ලක්වූ ගෝටාබයට ප්‍රතිකාර කිරීම වෙනුවට අවශේෂ රාජපක්ෂලා තුවාලය අතින් වසා සිටින්නේය. ගෝටාබයගේ පශ්චාත් මරණ පරීකෂණයට සූදානම් වනු විනා ඔහුට යලි පනදිය හැකි ඉසිවරෙයෙකු මිහිපිට නොමැත. පි‍ටුපස සිට එල්ල වූ පිහි ප්‍රහාරය එතරම් බරපතලය. ගෝටාවාදීන් මෙම පුවත් පිලිගැනීමට සූදානම් නැති බව දනිමු. නමුත් ගනන් ඉලක්කම් සහ ඇසින් දු‍ටු සාක්ෂි සමග බොරු කල නොහැක.

    ගෝටාබයගේ රජ මාවතේ සිහිනය අද ඊයේ පහල වූවක් නොවේ. 2009 වසරේ යුද්ධය අවසන් වූ විගස ගෝටාබයගේ පූර්ණ අනුදෙනුම මත '' යුවරජා '' නමින් සිංන්දුවක් නිකුත් වූයේය. යුවරජාගේ ආගමනයට පලමු ප්‍රහාරය එල්ල වූයේ මහින්දගෙනි. මහින්දගේ විරෝධය කොතෙක්දයත් යුවරජා සින්දුව පමනක් නොව රජමාවතේ සිහිනයද හකුලා ගැනීමට ගෝටාබයට සිදු විය. 2014 මැතිවරණය අභියෙසදී මහින්ද සමග උදේ ආප්ප කෑ සිරිසේන හවස රනිල් සමග සිට ගත්තේ රාජපක්ෂලා හොල්මන් කරමිනි. මෙම සිදූවීමත් සමගම මහින්දගේ කුනුහරුප සංග්‍රහය පලමුව එල්ල වූයේ ගෝටාබය වෙතය. ආරක්ෂාව සහ බුද්ධි අංශය භාරව සිටි ගෝටාබය සිරිසේනගේ හැරවුම පිලිබදව හාංකවිසියක් නොදැන සිටියේය.

    2014 මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල යන අත සුභ දායක නොවුන හොත් හමුදා මෙහෙයුමක් දියත් කිරීමට ගෝටබය මුලින් සැලසුම් කලේ අසහාය වීරයෙකු ලෙසිනි. නමුත් එම සැලසුම මහ පොලොවේ ක්‍රියාත්මක කිරීමට තරම් එඩිතර භාවයක් ගෝටාබය තුල නොවිනි. චන්ද ප්‍රතිඵල අයහපත් වන විට ගෝටාභය කලේ හමුදා මෙහෙයුම ක්‍රියාත්මක නොකිරීම සාධාරනීයකරනය කොට පලා යාමය. පලා ගිය ගෝටාබය නතර වූයේ සිරිසේනගේ ඔඩොකුවේය. අවකල්ක්‍රියා හේතුවෙන් මහ උළු ගෙදර යාමට සිටි වීරවංශ ඇතුලු තව බොහෝ දෙනෙක් ගෝටාබය ගිය මග ගියේය. විමල් වීරවංශ යනු යටි ගිරියෙන් මොරදීම මිස ඉන් එහා ශිල්පයක් නොදත් ගෙවලයෙකි. කපටි නරියෙකු වූ රනිල් විමලෙ-ගෝටා වැනි නොමේරූ චරිත මහින්ද නැති කිරීමට අතකොළු ලෙස භාවිත කලේය.

    රාජපක්ෂ පවුලේ ඔප්පු කල හැකි මට්ටමෙ බරපතල චෝදනා ඇත්තේ ගෝටාබය වෙත පමනි. ගෝටාබය වැන්නෙකු දේශපාලන වේදිකාවට ගොඩවීම මහින්දට අවාසිදායක අතර රනිල්ට වාසි දායකය. මැතිවරණය හත් ගව්වක් තියා ගෝටාබය පෙන්වූ මොනර නැ‍ටුම රනිල්ගේ නිෂ්පාදනකි. වීරවංශ සහ දේශපාලනය පිලිබද මෙලෝ හසරක් නොදත් හමුදාවේ ගොබ්බ ‍රැල යොදවා ගෝටාබයට වේදිකාව ගැසුවේය. වේදිකාවට ගොඩවූ ගෝටාබය රනිල්ගේ කදවුරෙන් එල්ලවූ බර ප්‍රහාරයන්ට ලක්විය. ප්‍රහාර හේතුවෙන් ගෝටාබයට පමනක් නොව මුලු මහින්ද කදවුරම බරපතල හානි සිදුවිය. මහින්දගේ කීමට පි‍ටුපා තනිව ගමනක් යාමට සැරසුනු ගෝටාබය මහින්දගේ උදහසට ලක්වූයේය

    කඹය කඩා ගෙන ගිය ගොං වස්සාගෙ සිරිත අහල පහල වතු පිටි උලා කෑමය. මහින්ද කෙවිට අතට ගත්තේ මෙවන් පසු බිමක් තුලය. ගෝටා නෙලුම් මාවතට ගෙන්වා වියත්මග ඉවරයි කියා මූනටම කීවේය. මහින්දගේ ප්‍රකාශය හේතුවෙන් ගෝටාවාදින් උපන් ගෙයිම අනාථ විය . විමල් වීරවංශ වැනි දේශපාලන හයිනා සතුන් කොන් කලේය . වාසුදේව , වෙල්ගම ගෝටාබයට එරෙහිව නැගී සිටියේය. අජිත් ප්‍රසන්න වැනි ගෝටා හිතවාදීන්ට ප්‍රහාර ආරම්භ කලේය. ගෝටාබයට මහින්ද කැමති නැත, චමල්ට ශිරන්ති කැමති නැත , මහින්දට නීතිය හරස් වී ඇත. නාමල්ලා විහින් මුල කාගෙන ඇත. බැසිල් සිල් ගත් උපාසක බලලෙකි . දැන් බැලූ බැල්මට රාජපක්ෂ පවුලෙන් දැමීමට එකෙක් නැත.

    ඌරන් කැකුන තලන විට හබන් කුකුලන්ට මගුල්ය. මහින්ද පිලේ ජේෂ්ඨයන්ගේ දැන් කල්පනා කරන්නේ විජේතුංගලා සිරිසේනලා රජවූ පොට පිලිබදවය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ජ්යේෂ්ඨයෙක් වන කුමාර වෙල්ගම, ජනාධිපතිවරණය සඳහා තමන් ට නාමයෝජනා ලබාදිය යුතු යයි තැන තැන කථා පවත්වමින් සිටියි. කුමාර වෙල්ගමගේ මේ හදිසි උනන්දුවට හේතු වී ඇත්තේ ජෝතීර්වේදියෙක් කී අනාවැකියකි. ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජය ලැබෙන බව ජෝතීර්වේදියෙක් විසින් කුමාර වෙල්ගමට කියා ඇති බව සදහන්ය. නමුත් මෙම ජෝතිශ්‍යවේදියා බැසිල්ගේ ගෝලයෙකි. රාජපක්ෂ පවුලේ අවුල පි‍ටුපස සිටින ජෙහාන් කවුද ? ගෝටාභයට පි‍ටු පස සිට පිහියෙන් ඇන්නේ කවුද ? පිටිය තවත් උනුසුම් කරමින් බැසිල් හෙට දින ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    කීර්ති රත්නායක

    - http://www.lankaleaks.net/2018/07/17/1643

    :lol:
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    තවත් එක් සිහින දකින දරුවෙක්........අනුකම්පා කරමු....