ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම

monson

Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    465465465.PNG
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    37314814_1730239030437752_2497275061715599360_n.jpg


    Mara adagahala kana palala wage :lol:

    ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයා කීම ගැන මට කණගාටුයි.. මොකෙකුටවත් කඬේ යන්නේ නෑ..- අජිත් ප‍්‍රසන්න කියයි..


    "බැසිල් මූට කාමරයකට දාල හොඳටම නෙළුව. ඒකයි මූ දැන් ඔහොම කතාකරන්නෙ."

    cnews /%e0%b6%9c%e0%b7%9d%e0%b6%a7%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b7%82-3/#comment-180365
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    දිනේෂ්ගේ විපක්ෂනායක සිහිනයට : රාජපක්ෂ පවුලෙන් බාල්දියක් !

    18 July 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබුණත් රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

    ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබීම හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කර තිබිණ.

    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ අදහස වී ඇත්තේ විපක්ෂනායක ධුරය රාජපක්ෂ පවුලෙන් පරිභාහිර පුද්ගලයකුට ලබාදීම වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවත් එය ජනාධිපති අපේක්ෂකත්වය දක්වා වූ යෝජනාවක් බවට ඇදීයාමේ අවධානමක් මතුකරන්නක් විය හැකි බවත්ය.

    එමෙන්ම මේ වන විටත් රාජපක්ෂ පවුල හරහා ගොඩනැගී ඇති ව්‍යාපාරය හදිසියේ තනතුරු අත්පත්කර ගැනීමට ගොස් අවධානමේ නොදැමිය යුතු බවත් විපක්ෂනායක ධුරය කෙසේහෝ ලබාගත්තත් එය ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්ෂයක නායකයකු අනවශ්‍ය ලෙස ඉස්මතුවීමක් හැර ජාතික වැදගත්කමක් ලැබෙන දෙයක් නොවන බව රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ අදහස වී ඇති බවද දැනගන්නට ඇත. :lol:

    කෙසේ වුවත් රාජපක්ෂ පවුලේ ප්‍රබලයාගේ විරෝධය සම්බන්ධව ඔහු සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් සුදානමින් සිටින බවද එම පාර්ශවයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


    - https://newstube.lk/news/2973-2018-07-18-03-51-09
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    කට පරිස්සම් කරගෙන ඉන්නවා : විශ්‍රාමික මේජර්ට තර්ජනයක් !

    19 July 2018

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට ප්‍රචාරය කරමින් සිටි 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න හදිසියේ සිය ප්‍රචාරය අත්හිටුවීමට හේතුවූයේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ බැන තර්ජනය කිරීමක් බව වාර්තා වෙයි. :lol:

    මේ බව තහවුරු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ ප්‍රචාරක කටයුත්තේදී අජිත් ප්‍රසන්න සිය සීමාව ඉක්මවා කටයුතු කර ඇති බැවින් ඒ පිළිබඳ සිහිකැඳවීමක් සිදුකිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු මැදිහත්වී ඇත.

    එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එහිදී බැන තර්ජනය කිරීමක් සිදුනොවූ බවත් පොදුජන පෙරමුණට සම්බන්ධව ක්‍රියාකාරීව සිටින හිටපු අමාත්‍යවරුන්ට ප්‍රසිද්ධියේ දුෂණ චෝදනා නගන්න පමණක් නොව පමණක් නොව හිටපු ජනාධිපතිවරයා ඊළඟ මැතිවරණයට ඉදිරිපත්වූවත් ඒ සමඟ ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ජන්දය ගෝඨාභය ට ලබාදෙන බව කියන්න තරම් දුරදිග අජිත් ප්‍රසන්න දුරදිගයාම වැළක්වීමට පමණක් කටයුතු යෙදුන බවය.

    කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අවස්ථා කිහිපයකදී පොදුජන පෙරමුණ විසින් අජිත් ප්‍රසන්න දැනුවත්කොට තිබේ. එහෙත් ඔහු ඒ පිළිනොගෙන සඳහන් කර ඇත්තේ තමන් කැමති අපේක්ෂකයා යෝජනා කිරීමට තමන්ට අයිතියක් තිබිය යුතු බවය. එසේම තමන් මෙම කටයුතු සිදුකරන්නේ ගෝඨාභය මහතාගේ අනුදැනුමෙන් බවත් එහෙයින් ඔහු සඳහන් කරන තුරු කවුරු කීවද තම කටයුතු නවත්වන්නේ නැති බව අජිත් ප්‍රසන්න සඳහන් කර ඇත.

    රාජපක්ෂ පවුලේ ප්‍රබලයා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්ව ඇත්තේද ඒ නිසාය. ඒ අනුව දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඔහු අජිත් ප්‍රසන්නට බැන තර්ජනය කර ඇත. එමෙන්ම මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ වරද නිවැරදි කරන ලෙසද එහිදී දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.

    තවද කොහෙවත් යන බොරු රණවිරු කතා හේතුවෙන් මේ වන විටත් තම පාර්ශවය බරපතල අර්බුදයකට මුහුණදී සිටින බවත් ජන්ද සියයක් ගන්න බැරි බොරු ෂෝ කාටයන් වෙනුවට හිටපු අමාත්‍යවරුන් තමන්ට වටින බවත් දන්වා ඇති අතර කියන විදිහට ඉන්න බැරි නම් සිදුවන දේ අලුතින් නොකියන බවද රාජපක්ෂ ප්‍රබලයා පවසා ඇති බවද වාර්තා වෙයි.

    මෙහිදී අජිත් ප්‍රසන්න මේ පිළිබඳ බලවත් කණගාටුවෙන් තම හිතවතුන් කිහිපදෙනෙකුට පවසා ඇති අතර තමන් අදාළ සිදුවීම ගැන ගෝඨාභය මහතා දැනුවත් කළත් "ගණන් ගන්න එපා ප්‍රසන්න, බැන්නා විතරයිනේ" කියූ බවද අජිත් ප්‍රසන්න පවසා ඇත.


    - https://newstube.lk/news/2986-2018-07-19-02-25-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    බැසිල් කනස්සල්ලෙන් රට යයි !

    23 July 2018

    ඒකාබද්ධයේ ඇතැමුන්ගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පාලනය කරගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මහ මොලකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

    වාර්තා වන ආකාරයට පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් නොකරන ලෙස එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දැනුම්දී ඇත. එහෙත් දිගින් දිගටම ඔවුන් එම නියෝගයට පිටුපාමින් කටයුතු කරමින් සිටියි.

    සේරම පිටිපස්සේ ගෝඨාභය ඉන්නවා : අජිත් ප්‍රසන්නයා දාලා මට ගහනවා - බැසිල්

    මෙහිදී එක් අවස්ථාවක බැසිල් රාජපක්ෂ සෘජුවම දුරකථනයෙන් කථාකොට ගෝඨාභය රාජපක්ෂගේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බැනවැදී ඇති නමුත් ඔහු ඊට පසුදින නැවත බැසිල් රාජපක්ෂටද අභියෝග කර ඇත.

    එහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් ප්‍රසන්න සඳහන්කර සිටියේ,
    "මේ වෙලාවේ මහා ලොකු කතාවක් තියෙනවා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. මේ සඳහා නම් දෙකක් සඳහන් කරලා දෙන්න පාක්ෂිකයන්ට කැමැත්ත තෝරන්න කියලා ඒක හොඳයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකකෙනෙක් නම් අනිත් පැත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ගෝඨාභයට ද බැසිල්ද ඕනේ කියලා තරඟයක් තියමු. එතකොට ප්‍රතිශතයත් එක්ක බලන්න පුළුවන්. විමලවීර දිසානයක මන්ත්‍රීතුමා කියනවා අපිට එපා ගෝඨාභය අපි කැමති බැසිල්ට. ඉතින් හොඳයිනේ මේ ප්‍රජාතන්ත්‍රවාදය. ගෝඨාද? බැසිල්ද? ගෝඨාද? බැසිල්ද?" යනුවෙනි.

    එසේම මෙහිදී අජිත් ප්‍රසන්න විසින් රාජපක්ෂ රෙජීම පාලන සමයේ හමුදාවේ පළිගැනීම් සිදුකළ බවටද අනාවරණය කර සිටියේය.

    "කවුද හමුදාපති ලුතිනන් මහේෂ් සේනානායක කවුද ඔහු පසුගිය ආණ්ඩුව කාලේ සරත් ෆොන්සේකට දේශපාලන වශයෙන් උදවු කරා හමුදාවේ ඉන්දැද්දිම කියලා පසුගිය ආණ්ඩුවෙන් බලෙන් විශ්‍රාම යවපු කෙනෙක්. සරත් ෆොන්සේකා මහත්තයා ඔහුව කැඳවන්නේ මේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ. උදාහරණයක් වශයෙන් බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන කියන නිලධාරියා 112 බ්‍රිගේඩ් එකේ සරත් ෆොන්සේකා මහත්තයාගේ වෙනම ටීම් එකක් හිටියා ඒ ටීම් එකට නායකත්වය දෙන්නේ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන කියලා ඔහුවත් ඉවත් කරලා තිබුණේ. හැබැයි අද ඔහු මේජර් ජෙනරල් වෙලා ඉහළ නිලධාරියෙක්."

    පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ පසුබිමේ බැසිල් රාජපක්ෂ තම පාර්ශවය කැඳවා පටන්ගත් ගමන දැන් වෙනතක යන බවය. එහිදී විශ්‍රාමික හමුදාකාරයන් යොදවා මේ විකාර කරන්නේ කවුද යන්න පැහැදිළි බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

    ඒ අනුව කෙටි නිවාඩුවකට ලබන මස මුලදී ඇමරිකාව බලා යාමට බලාපොරොත්තුව සිටි බැසිල් රාජපක්ෂ මහතා මෙම කලකිරීම් තත්ත්වය තුළ මාස තුනකට වැඩි කාලයක් එරට රැඳී සිටීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

    පෙබරවාරි 10 ඉඳලා පොහොට්ටුව වැටෙනවා - කෙහෙළිය

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද පවසා ඇත.

    කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ එම පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රීක් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.

    සභාපතිවරු, උප සභාපතිවරු පත් කිරීමේදීත් ලයිස්තුවෙන් මන්ත්‍රී ධුර නම් කරද්දීත් ප්‍රශ්න ඇතිවූ බවත් මන්ත්‍රීවරයා එහිදී කීය. ආණ්ඩුවේ ගම්පෙරලිය ව්‍යාපෘතිය නිසා තම පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ද ඔහු කියා සිටියේය.


    - https://newstube.lk/news/3054-basil-rajapaksa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    සිරිසේනගේ කුස්සි කැබිනෙට්ටුවේ වඳුරු රෑනට වූ දේ..!
    -දුනුසිංහ ලියන සතියේ අභ්‍යන්තර කතා-

    බැසිල් රාජපක්‍ෂ ඇමෙරිකා ගියේ රාජපක්‍ෂ පවුලේ දේශපාලන අර්බූදයක ප්‍රතිපලයක් නිසා යැයි බොහෝ දෙනා කියති. එය පට්ටපල් ගජ බින්නයකි. ඔහු ඇමරිකාවට ගියේ ඔහු ගේ ලඟම මිතුරෙකුගේ දියණියකගේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වීමට සහ තමාගේ ඇමරිකාවේ ඇති දේපොල ගැනත් දරුවන් ගැනත් බලා කියා ගැනීමට ය. මේ කියන බැසිල්ගේ ලඟම මිතුරා නම් බැසිල් ඇමරිකාවට පැමිණි අලුත ඔහුට රැකියාවක් සොයා ගැනීමට උදව් කළ පුද්ගලයා ය. බැසිල් යනු දිගුකලක් මිත්‍රකම් පවත්වාගෙන යන පුද්ගලයෙකි. ඉහත ගජ බින්නය නිර්මාණය කළේ ජනාධිපති සිරිසේනගේ කුස්සි කැබිනෙට්ටුවේ සාමාජිකයන් ය. අස්ගිරි හිට්ලර්ගේ ගොබෙල්ස් හෙවත් විමල් වීරවංශ ප්‍රධානය. පෙරහැරට ගෙනා අලි පැටියා සෙනඟ අතරේ අතරමං වී සිටියදී ඇලන්‍ මැතිනියාරාමාධිපති විසින් කවා පොවා දරු කමට හදා ගත්තා යැයි කීවේද මේ ගොබෙල්ස්‍ ය.

    මේ ගොබෙල්ස් ගේ තරම බලා ගැනීමට හොඳම උදාහරණය ඔහුගේ වෙබ් පුවත් පතය. හිරු නැඟ එද්දී තිබෙන විශේෂ පුවත රනිල් අගමැතිකමින් එළවා සිරිසේන ජනාධිපති හා මහින්ද නව ආණ්ඩුවක් ගොඩ නගන බවය. සිරිසේන ජනාධිපතිකමෙන් එළවා තනි එජාප ආණ්ඩුවක් හදන බව හිරු මුදුන් වෙද්දී කියයි. යහපාලන ආණ්ඩුව 2020 දක්වා නොසෙල්විය හැකි බව හිරු අවරට යද්දී කියයි. වීරවංශ ගොබෙල්ස් ගේ වෙබ් පුවත් පත සඳ නැග එද්දී ඉඳුරාම කියන්නේ තවත් දෙපෝයකින් ආණ්ඩුව පෙරළන බවය. බැසිල් ගේ විදෙස්ගත වීමේ ප්‍රවාදයේ සිට මේ සියලු බේගල් ඇද බෑම් සිදු කරන්නේ ඇයි?

    ජනාධිපති සිරිසේන දිගටම දත කෑවේ රනිල් පන්නා මහින්ද සමඟ එක් වී 2020 දක්වා ආණ්ඩුව ගෙන යෑමටය. එහෙත් ජනාධිපති සිරිසේනට ඒ ග්‍රහ යෝගය උදා නොවුනේ බැසිල් රාජපක්‍ෂ නැමැති හෙනහුරා මහින්දගේ දේශපාලන උච්චස්ථානයේ සිටිනා බැවිනි. කෛරාටික දේශපාලනය පිළිබඳ කප් ගසා සිටින මහින්ද ඉන්තේරුවෙන්ම දන්නා එක් කාරණාවක් ඇත. එනම් යළි රාජ්‍ය බලය ගැනීමට නම් ගෝඨා වැන්නෙක් පෙරටු කොට යා නොහැකි බව ය. ඒ වගේම ඔහු ලෝකාපවාදයට ලක් වූ අස්ගිරියේ හිට්ලර් නම් වූ කුල්ටූර් සිහින කුමරෙක් පමණක් බව මහින්ද හොඳින් දනී. ඊට අමතරව විපාක්‍ෂිකයන්, මානව හිමිකම් ක්‍රියාධරයන් මරා දණෙන් පහළ එල්ලා ගෙන යා යුතු යැයි ගෝඨා ගේ අණින් මෙහෙයැවෙන පැන්ෂන් බලකාය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමෙන් මුලු රටම තැතිගත් අයුරුද මහින්ද දුටුවේය.

    බැසිල් ගේ උවමනාව කෙසේ වී නමුත් ඔහු ආඳා මාලු කන්නේ ඉරටුවෙනි.

    විස්සයි විස්ස
    --------------------------
    මේ සාධක මත රාජපක්‍ෂ රෙජීමය තුළ ගෝඨා - බැසිල් කල්ලි අරගලයේ පෙරමුණේ සිටින්නේ බැසිල්‍ ය. දැනටමත් පොහොට්ටුව දිනූ සියළු ප්‍රාදේශීය සභා වල මුල් පුටු වලට පත් කර ඇත්තේ බැසිල්ගේ මිනිසුන් ය. ඒ කියන්නේ ගමේ බලය බැසිල් අත බවය. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ගෝඨා කල්ලිය ඉදිරිපත් කළ ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය ප්‍රසිද්ධියේම පරාජය කළේ බැසිල් කල්ලියයි. අගමැති රනිල්ට එරෙහි ජනාධිපති සිරිසේනගේ කුස්සි කැබිනෙට්ටුවේ තීරනයක් මත ගෙනා විශ්වාසභංගය කඩා කප්පල් කළේ ද බැසිල් ය. ඒ අන් කිසිවක් නිසා නොව දැන් ආණ්ඩුවක් ගෙන මහින්දගේ ණය කන්දේ වාරික ගෙවීමට ජනතාව මත බදු පැටවූ සැනින් ජනතා විරෝධයට ලක්වන බව ඔහු දන්නා බැවිනි. 2020 වන විට ඒ ණය වැඩිබරක් ගෙවා අවසන්වන හෙයින් යහපාලන ආණ්ඩුවට එල්ලවන ජනතා විරෝධය සියතට ගනිමින් රාජ්‍ය බලය ගත හැකි යැයි බැසිල් තක්සේරු කර ඇති නිසාය.

    කවුරු මොනවා කීවත් 2020 මහ මැතිවරණයට පෙර කිසිදු අයුරකින් පාලන බලය ලබා නොගැනීමට මහින්ද, බැසිල් හා ජයසුන්දර ඒකමතික තීන්දුවකට පැමිණ බොහෝ කාලයක් ගත වී ඇත. එමනිසා ඒකාබද්ධය, 16 දෙනාගේ කල්ලිය, පොහොට්ටුව යන මේ කුමන නමකින් හැඳින්වුව ද අවසාන තීරනය ගන්නේ මහින්ද රෙජීමය පමනි. කොට අදින අලි ධාතු කරඬුව වැඩම්මවීමට ගන්නේ නැත.

    බැසිල් ගේ ආර්ථික උපදේශකයා පී.බි ජයසුන්දර ය. ඔහු සිටින්නේත් බැසිල්ගේ මතයේම ය. එයට විකල්ප මතයක් මහින්දට නැත. වර්ග සංහාර යුද්ධය නිසා මහින්ද සිංහල බෞද්ධ නූගත් ජනයා අතර හොඳින් අලෙවි කළ හැකි භාණ්ඩයකි. එය වර්තමානයට උචිත අයුරින් සකස් කොට අලෙවි කළ හැකි දක්‍ෂයන් දෙදෙනා බැසිල් හා ජයසුන්දර වෙති. විමල්ලාගේ, ඩලස්ලාගේ වෙළෙඳ ප්‍රචාරණය දේශීයවත්, ජාත්‍යන්තරවත් කල් ඉකුත් වී ඇත. මහින්ද බැසිල්‍ ගේ යටතේ සිටින්නේ එබැවිනි. එනිසා විමල්ලා "වියත් මඟ" හා "එළිය" නිර්මාණය කළේ බැසිල් වට්ටන්නට ය. ඒත් බැසිල් "වියත් මඟ" හා "එළිය" පාරේ කලුවරටම ඇද දැමුවේය.

    වාසුදේව කෙලින් වීම
    --------------------------
    පසුගිය දිනක බැසිල් හා මහින්ද එකතුවී බත්තරමුල්ල පොහොට්ටු කාර්යාලයට ගෝඨාව දක්කාගෙන යන ලදී. එයින් මහින්ද දුන් අවවාදය වූවේ "උඹේ පිට්ටනිය අතන නොවේ, මෙතැනයි. ඇඟිල්ලේ තරමට ඉදිමියන්" යන්න ය. ඊට ආසන්න දිනකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද කීවේ "මම ආවහම ගෝඨාභයටත් වැඩ කරන්න පුලුවන්" කියාය.

    එතෙක් මහින්ද රෙජීමයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන වග තීන්දු ගැනීමට රෙජීමයට බාර දී කට පුක වසාගෙන සිටි වියපත් වාසුදේව ද ඉද්ද ගැසුවා සේ නැගිට්ටේය. ගෝඨාගේ "වියත් මඟ"ට හා "එළිය" සංවිධානයට දිගට හරහට බැට දෙන්නට වුනි. මැයි දින තහනම් කරමින්, වැඩ වර්ජන කඩාකප්පල් කරමින්, මර්දනය යොදවමින් චන්ද්‍රිකාගේ රජයේ සිට මහින්ද ගේ ආණ්ඩුවේ ද ඇමැතිකම් දැරූ කම්කරු ද්‍රෝහී වාසුදේවට හදිසියේම කම්කරු ප්‍රජාත්‍රන්ත්‍රවාදී අයිතිවාසිකම් මතක් වුනි. එයින් ඔහු පෙන්නුම් කිරීමට ප්‍රයත්න දැරුවේ ගෝඨා කල්ලියට වඩා බැසිල් කල්ලිය ප්‍රගතිශීලී බවය. වාසුදේව, තිස්ස විතාරණ, ඩීව්ලා නැටවෙන්නේ මහින්ද නූල අදින විට බව මෙයින් මොනවට පසක්විය. දේශපාලන නාඩි අල්ලන්න දන්නෝ මහින්දගේ ස්ථාවරය කුමක්දැයි මේ මහලු තුන් කට්ටුවට සවන් දීමෙන් මැනැවින් ප්‍රත්‍යක්‍ෂ කර ගනිති.

    ගෝඨා ජනාධිපතිවරණයට ගෙන ඒමේ නරි නාටකයේ නිෂ්පාදකයා ජනාධිපති සිරිසේනය. දෙබස් හා අධ්‍යක්‍ෂණය විමල්, ඩලස්, ගම්මන්පිළ, මහින්දානන්ද, ශිරාල් ඇතුළු ජනාධිපති සිරිසේනගේ කුස්සි කැබිනට් චෞර නඩයයි. ජනාධිපති සිරිසේන ගේ එකම අභිප්‍රාය 2020 ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම ය. ගෝඨා නටවන්නේ මහින්දව එකඟ කරගනිමින් ශ්‍රීලනිප එකම අපේක්‍ෂකයා වීමේ ඒ අරමුණ ඉටු කරගැනීම වෙනුවෙනි. ඒ සඳහා ගෝඨා ඇතුළු කුස්සි කැබිනට් සාමජිකයන්ට විශේෂ වරදාන, වරප්‍රසාද හිමිවී තිබේ.

    ඊට හොඳම උදාහරණයක් පසුදා සිදුවිය. ගෝඨාගේ වියත් මත රැස්වීමකට එන්නැයි හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩට ගෝඨා කීවේ ය. ‘මම මේ දිනවල ඉන්නේ අර ළමයි 11 උස්සපු කේස් එකේ ඉලක්කයක් වෙලානේ. ඒ නිසා මං ඕකට ආවොත් මාව තව තද කරයි.. ඒ හින්ද මං නෑවිත් ඉන්නම්’ යයි වසන්ත කරන්නාගොඩ පැවසීය. ඊට ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුන් ගෝඨා කීවේ “අයියෝ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. මං මෛත්‍රී ලොක්කට කියලා ෂේප් කරලා දෙන්නම්. ඔයා එන්න” කියා ය. (ගෝඨාභයලා තවමත් ජනාධිපති කියන්නේ මහින්දට පමණි)

    ජනාධිපති සිරිසේන සහ ගෝඨා අතර සම්බන්ධය එවැනිය.

    “දෙපිටකාට්ටුවා, කුණකටුවා”
    --------------------------
    එසේ නමුත් බැසිල් සිය ළඟම මිතුරන් සමග පවසන්නේ "මේ කප තියෙනතුරු සිරිසේනයාට නම් මගෙන් කිසිම බුරුලක් නෑ. ඕකා දෙපිටකාට්ටුවා, කුණකටුවා" ආදී වශයෙනි. මොරගහකන්ද ව්‍යාපෘතිය තමාගේ සිහිනයක් යැයි කියූ ජනාධිපති සිරිසේනට බැසිල් පිළිතුරු දුන්නේ "මොරගහකන්දේ තිබුනේ වතුර පුරවන්න විතරයි. ඒකට ආධාර ගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවෙලා, මම ආර්ථික සංවර්ධන ඇමැති හැටියට හිටපු කාලේ චීන රජයෙන්," කියාය. එය සත්‍යයකි. එජාප යුගයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ අවසන් ව්‍යාපෘතිය වූ මොරගහකන්ද සැලසුම් කෙළේ එජාපයයි. සල්ලි හෙව්වේ මහින්දගේ කාලයේ දීය. සිරිසේනට තිබුනේ වතුර පිරැවීම පමණිය. දැන් ඒ වතුර පිරැවිල්ලද කොටස් වලට කඩමින් මොරගහකන්ද සිරිසේනගේ වැඩක් යැයි පෙන්වන්න දත කනවාය. සිරිසේන හරි හමන් වැඩ කාරයෙක් නම් දැන් කළ යුත්තේ මොරගහ කන්ද ව්‍යාපෘතියෙන් වාර්ෂිකව කෘෂිකර්මයෙන් බලාපොරොත්තු වන ඇ.ඩො.මිලියන 1.67 හා සමානම මුදලක් බලාපොරොත්තු වන ජලාශයේ මත්ස්‍ය ආදායම හදා ගැනීමට දැන්ම වැඩ ආරම්භ කිරීම ය. මාළුවෙකු හැදී වැඩෙන්නට මහ කාලයක් යන්නේ නැත. වතුර පිරැවූ දිනට පසුදා සිටම මාළුන් ඇති කිරීම ආරම්භ කළා නම් දැන් මාළු අපනයනය කළ හැකිය. යුරෝපයේ වැඩුනු තිලාපියෙකු අඩුම ගණනේ යුරෝ 3- 4 කි. එනම් රුපියල් හය හත්සීයකි. සිරිසේනගේ කයිය විතර ය.

    පසුගිය පළාත් පාලන මැතිවරනයේ පොහොට්ටු ජයග්‍රහණ අත්කරගත් ආයතන පිරෙව්වේ බැසිල් හිතවාදීන් ගෙනි. එයට කදිම උදාහරනය රත්නපුර නගර සභාවයි. ගෝඨාවාදියෙක්වන රංජිත් සොයිසාගේ හා ජනාධිපති සිරිසේනගේ අනුගාමිකයන් කපා පවිත්‍රා වන්නිආරච්චිගේ අනුගාමිකයන් 03ක් හා එජාප නගර සභිකයන් සමඟින් නගරාධිපති හා උප නගරාධිපතිධූර බෙදා ගැනීමට බැසිල් කටයුතු කළේය.

    මහින්ද සම්බන්ධන්ට දුන් පොරොන්දුව
    --------------------------
    බැසිල්ගේ මඟ පෙන්වීම යටතේ මහින්ද දෙමළ ජාතික සංධානයේ නායක, විපක්‍ෂනායක ආර්.සම්බන්ධන් හා පසුගියදා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී මහින්ද පවසා ඇත්තේ 2020 දී බලයට පත්වුවහොත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙසින් බලය බෙදීමකට තමන් සූදානම් බවයි. 13ට එහා ගිය විසඳුමක් ලබා දීමට බලයේ සිටිය දී සූදානම් වුවත් එයට ඉඩ නුදුන්නේ ගෝඨා සහ ඔහු වටා සිටින අන්තවාදීන් යැයිද සම්බන්ධන් සමඟ සාකච්ඡාවේදී මහින්ද පෙන්වා දී ඇත. එම නිසා කිසිසේත් ගෝඨාට ජනාධිපතිවරණයට නාමයෝජනා නෙදෙන බවද මහින්ද සම්බන්ධන්ට පොරොන්දු වී ඇත. ගාමිණී දිසානායකගේ ලේකම්ව සිටි අවධියේ සිට බැසිල් ඉන්දියානු හිතවතෙක් බව පෙන්නා දී ඇති මහින්ද, සම්බන්ධන් හා සාකච්ඡාව තුළින් ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේදී පළුදු වූ ඉන්දියා සම්බන්ධතාවය යළි ගොඩනඟා ගැනීම සඳහා මැදිහත්වන ලෙසය. මේ සියල්ල අවසානයේදී බැසිල් ඇමෙරිකා බලා ගියේ 2020 ජනාධිපතිවරනයට නියත විවරණ ලබා ගැනීමට ය.

    මේ සිද්ධීන්ගෙන් බලවත් කම්පනයට හා කෝපයට පත්ව සිටින ජනාධිපති සිරිසේන හා ඔහුගේ කුස්සි කැබිනෙට්ටුවට සිය විරෝධය පුපුරුවා හැරීමට නොසිතූ මොහොතක අවස්ථාවක් උදාවිය. සිය අනුප්‍රාප්තිකයා ලෙසින් බැසිල් ගොඩනැගීමට මහින්ද කූට උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කළේය. විවිධ උත්සව සඳහා ලැබෙන අරාධනා භාර ගනිමින් පසුව කුමක් හෝ අසනීප තත්වයක් බව පවසා ඒ සඳහා බැසිල් යැවීම මහින්දගේ උපාය විය.

    චමල්ට විරෝධය පෑමේ ඇත්ත කතාව
    --------------------------
    පසුගියදා ඇඹිලිපිටියේ හීන්දළුක්හින්න වනවාසල නාග විහාරයේදී මෙහි පළමු අත්හදා බැලීම සිදුවන්නට නියමිතව තිබුනි. නමුත් ඊට පෙර මහින්ද ගේ ආරක්‍ෂක සේනා අතර ඉන්නා ජනාධිපති සිරිසේනගේ ඔත්තුකරුවන් සිදුවන්නට නියමිත සියල්ල ජනාධිපතිවරයාට ලබා දුනි. ජනාධිපති සිරිසේන මේ තොරතුර විමල් වීරවංගේ කනේ තැබීය. මහින්ද වෙනුවට පැමිණෙන බැසිල් රාජපක්‍ෂට හූ කියා විරෝධය පළකර එළවා දමන ලෙසත්, පොලිසිය හෝ ආරක්‍ෂක අංශ වෙතින් ප්‍රශ්නයක් නොවීමට බලා ගන්නා බවටද ජනාධිපති සිරිසේන විමල්ට පොරොන්දු විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමල් ගෝඨා හිතවාදී ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට ඇමතුම් දෙමින් බැසිල් විරෝධී වැඩ පිළිවෙල සංවිධානය කළේය. එය ඉතා සාර්ථක වුවත් ආවේ බැසිල් නොව චමල් ය. මහින්ද, බැසිල් වෙනුවට දැමූ ගස් මුට්ටිය විමල්ලා බිඳ දැමුවේ චමල් රාජපක්‍ෂට බුද්ධ ප්‍රතිමා වහන්සේ හෝ නිරාවරනය කිරීමට ඉඩ ලබා නොදෙමිනි.

    රාජපක්‍ෂලාගේ ඔලුවට උඩින් කාක්කෙක් හෝ පියාඹන්නේ නැති ඇඹිලිපිටියේදී සිදු වූ දෙයින් මහින්ද සිටින්නේ දණ්ඩෙන් පහර කෑ සර්පයකු විලසිනි. එමනිසා ඉදිරියේදී ගෝඨා කල්ලිය හා බැසිල් කල්ලිය අතර ගැටුම වඩා එළිපිටටම පැමිනීමට බොහෝ ඉඩ ඇත.


    මේ කුමන දේ සිදුවුවත් එකක් පැහැදිළිය. කලු කපුටා සුදු වුවත්, මෝල් ගහේ දළුලෑවත් ජනාධිපති සිරිසේනගේ එකදු සිහිනයක් හෝ මල්ඵල ගැන්වීමට බැසිල් රාජපක්‍ෂ ඉඩ දෙන්නේ නැත. එනිසා ගෝඨාට හා ජනාධිපති සිරිසේනගේ කුස්සි කැබිනට් සාමාජිකයන්ට සිදුවන්නේ අලින් ගේ සංවාසයට උදව් කරන්න මැදිහත්වුනු වඳුරාට වූ සන්තෑසියම ය.

    - දුනුසිංහ -


    - https://www.facebook.com/lankaenews...7957.219430344788805/1981827845215704/?type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    විපක්ෂ නායකකම ගන්න මහින්දවත් අත්සන් කරලා නෑ

    පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය තමන්ට හිමි බැවින් විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් භාර දී තිබේ.

    ඒකාබද්ධ විපක්ෂය මීට පෙර ද දිගින් දිගටම ඉල්ලා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් 70 ක් පමණ තම කණ්ඩායම නියෝජනය කරන බැවින් විපක්ෂ නායක ධූරය හිමිවිය යුත්තේ ඒකබද්ධ විපක්ෂයට බවයි.

    ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මන්ත්‍රීවරුන් 70 දෙනෙකු සිටින බවට ප්‍රකාශ වුවද අදාල ලිපිය සඳහා අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ලිපිය කතානායකවරයා වෙත භාර දී තිබේ ඒ සඳහා ඔහු සමග විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්ධුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සමග පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද අත්සන් තබා තිබේ.

    මෙම ලිපිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම විශේෂත්වයක් වන අතර රාජපක්ෂලා නියෝජනය කරමින් කිසිවෙකුත් ඊට අත්සන් එක්කර නොමැත.

    කතානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව විපක්ෂයේ බහුතර කණ්ඩායම වන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය හිමිවන බවයි. දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16 දෙනෙකු අයත් වේ. ශ්‍රීලනිපයේ එක් කණ්ඩායමක් ආණ්ඩුවේ කටයුතු කරද්දී විපක්ෂ නායක ධූරය ද එම පක්ෂයටම ලබා දිය නොහැකි බවයි කතානායකවරයා මීට පෙර අවස්ථා කිහිපයදී පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ.

    විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මේ වනවිට බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායම් දෙක අතර ගැටුමක් හටගෙන ඇති අතර බැසිල් පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවන්නේ නම් ඒ සඳහා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම මහතා පත්කළ යුතු බවයි. කෙසේ වෙතත් ගෝඨාභය පාර්ශ්වයේ මතය වන්නේ ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා පත්කළ යුතු බවයි.

    දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායකවරයා වෙත භාර දුන් ලිපිය සඳහා අත්සන් කර ඇති බහුතරය ගෝඨාභය පාර්ශ්වය නියෝජනය කරන අතර බැසිල් පාර්ශ්වය ඒ සඳහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප වී තිබේ.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවසන් තීරණය ලබන 07 වැනිදා දැනුම් දීමට නියමිතය.


    - https://lankanewsweb.net/sinhala/පු...1-විපක්ෂ-නායකකම-ගන්න-මහින්දවත්-අත්සන්-කරලා-නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    ජනාධිපති අපේක්ෂකත්වය බැසිල්ට දෙන්න, මහින්දට හතර අතින් බලපෑම්

    බැසිල් රාජපක්ෂ මහතා මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් ඊයේ (06) හිටපු ජනාධිපතිවරයා හමු වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට හෝ පොදුජන පෙරමුණට කිසිදු අනාගතයක් නොමැති බව ඔවුන් අවධාරණය කර තිබේ.
    පසුගිය 05 වැනිදා පැවති ජනබලය කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ විවේචන එල්ල වී ඇති අතර එහිදී නාමල් රාජපක්ෂ මහතා දැඩි විවේචනයට ලක්ව තිබේ. ඔවුන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා එම විරෝධතාවයට නායකත්වය ලබා දුන්නේ නම් මීට වඩා විශාල ප්‍රමාණයක් පාක්ෂිකයන් සහභාගි කර ගැනීමට හැකියාව තිබූ බවයි. එසේම මීට වඩා සංවිධානාත්මක ලෙස, සාර්ථක ලෙස විරෝධතාවය පැවැත්වීමට හැකි වූ බව ද ඔවුන් පවසා තිබෙනවා.

    05 වැනිදා කොළඹට 35,000 ක් පමණ පැමිණි බවට ඒකාබද්ධ විපක්ෂය ගණන් බලා ඇති අතර විරෝධතාවයේ සංවිධායකයන් ප්‍රකාශ කළේ ඔවුන් පසුදා වනතෙක් කොළඹ රැඳී සිටින බවයි. කෙසේ වෙතත් පැමිණි බහුතරයක් රාත්‍රිය එළඹීමට පෙර කොළඹින් පිට වූ අතර එය සංවිධානයේ දුර්වලතාවයක් බවයි ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය වී තිබෙන්නේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ රෑ 09 පමණ වනවිට ලේක්හවුස් වටරවුම අසල සිටියේ 2,500 කට අඩු ප්‍රමාණයක් බවයි.

    මේ වනවිට ඒකාබද්ද විපක්ෂයේ දේශපාලනඥයන්ට අයත් වෙබ් අඩවි හරහා සහ සමාජ මාධ්‍ය හරහා නාමල් දැඩිලෙස විවේචනය කිරීම ආරම්බ කර ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ බැසිල් නොමැතිව කිසිවක් කළ නොහැකි බවට ඒකාබද්ධ විපක්ෂයට හා මහින්ද රාජපක්ෂට ඒත්තු ගැන්වීමයි.

    ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි එකම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුට ඉදිරිපත්විය නොහැකි නම් ඒ සඳහා ඇති එකම විකල්පය බැසිල් රාජපක්ෂ මහතා බවත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය බවට පත්ව තිබෙනවා.


    - https://lankanewsweb.net/sinhala/පු...කත්වය-බැසිල්ට-දෙන්න,-මහින්දට-හතර-අතින්-බලපෑම්