ජාතික ආලේ

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm

ජාතික ආලේ

තමන් වැඩූ ලක් දෙරණේ
සියලු දෙනා වැජබෙන්නේ
කුමට කුලල් කාගන්නේ
සමගි සමාදානෙන් ඉන්නේ

ජාතික ආලේ පෙන්වා
කුණු හම්බෙන් මඩ සැලුවා
සම්පත් නාස්ති කරමින් දවා
නෙට් එකේ සී පද ඇනුවා

රට පවතින තැන දන්නෝ
එකමුතු වී ගොඩගන්නෝ
තුන්වෙනි ලෝකෙන් යන්නෝ
එවිට ඉහළ යා හැකි වන්නෝ

එකමුතු වී කරන දනා
කළ හැකි මේ සියලු දනා
එය නිසි ලෙස කරන කෙනා
පමණයි ලෝ පතල වෙනා

අප සියල්ල මිනිසත් බව ලද්දේ
එය රැක ගනිමින් දිගු සැරදේ
අමතක කර ඒ රොඩු සුළු දේ
අර්ථ වතින් සරසමු මේ කෙටිදේ

By Mesozoic /ජාතික ආලේ / 2011,08,22