ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, ඊළාම් කොඩි&#3514

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, ඊළාම් කොඩි&#3514

    වෙනස මෙන්න : ''ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, සජිත් එක්ක. ඊළාම් කොඩිය උස්සපු වර්ධරාජා, ගෝඨා එක්ක''

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගනු ලබන, ජාතික ධජයට ගරු කරන දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්දන්ලා සජිත් ප්‍රේමදාසට සහය පළකරද්දී, ගෝඨාබයට සහය දක්වන්නේ,

    1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කර, ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්ලා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    ඇමතිවරයා එබව සඳහන් කළේ මාතර නගරයේ ඊයේ (03) පැවති රැස්වීමක් අමතමිනි.

    දෙමල ජාතික සන්ධානයේ සම්බන්දන්ලා එක්සත් ජාතික පක්ෂය සමග එකට වැඩකිරීම අලුත් දෙයක් නොවන බවත් ඔහු 2013 දී යාපනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේ වේදිකාවට ගොඩවී ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු දේශපාලනඥයකු බවත් මංගල සමරවීර එහිදී කියා සිටියේය.

    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG


    ඇමතිවරයා මෙම රැස්වීමේදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

    ''මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා''

    ''අපිත් එක්ක විශාල පිරිසක් දැන් මේ වෙනකොටත් එකතුවෙලා ඉන්නවා. මම දැක්කා දැන් දෙරණෙන්ම ඇලට් එකක් එවලා. ඒවා අපි දැනන් හිටපු දේවල්. නමුත් ඒ අය දැන් කියනවා ටීඑන්ඒ පක්ෂයත් සජිත් ප්‍රේමදාසට නිල වශයෙන්ම සහයෝගය දෙනවා කිව්වායි කියලා.

    මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා, හැබැයි දැන් මුන් කියයි අන්න අන්න කොටිත් ඇවිල්ලයි කියලා.

    මෙතනදී අපි මතක් කරන්න ඕනේ ගරු ස්වාමින් වහන්ස රට බෙදන අය කොහෙද ඉන්නේ රට එකතුකරන අය කොහෙද ඉන්නේ කියලා.

    මොකද සම්බන්ධන් මැතිතුමා කියන්නේ, මට මතකයි 2013 අපි යාපනයට මැයි දිනය තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගිය වෙලාවේ අපේ වේදිකාවට නැගලා ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්ධන් තමයි ටීඑන්ඒ නායකයා අපිත් එක්ක එතුවෙලා ඉන්නේ.

    ගෝඨාබයගේ කදවුරේ ඉන්නේ කව්ද ?

    අනිත් කඳවුරේ ඉන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි 1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කරලා ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්.

    ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීන් 600 ක් මරන්න නායකත්වය දීපු අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දීපු කරුණා අම්මාන් කොහෙද ඉන්නේ? කරුණා අම්මාන් ඉන්නෙත් අද ගෝඨාභය රාජපක්ෂගේ පිලේ.

    ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක කුඩා දෙමළ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා එල්ටීටීඊ සංවිධානයට එකතු කරපු පිල්ලෙයාන් කොහෙද ඉන්නේ. ඊයේ පෙරේදා අර මහින්ද රාජපක්ෂ රටේ මහා දේශප්‍රේමියා හිරේටත් යනවා බලන්න පිල්ලෙයානුත් ඉන්නේ ඒ ගොඩේ.

    අපිට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නැහැයි කියලා. හිස්බුල්ලා ත්‍රස්ථවාදීන්ට උදවුකරනවා කියන එක ඒ අයම කියලා අද හිස්බුල්ලා ඉන්නේ මොන කඳවුරේද මම දැක්කා අද උදේ වෙනකොට හිස්බුල්ලා කියනවා තමන්ගේ දෙවෙනි මනාපයත් ගෝඨාභය රාජපක්ෂට දෙන්න කියලා.

    අන්න එහෙනම් මේක පැහැදිළියි. අද රට එකතුකරන්න සජිත් ප්‍රේමදාස වටා එකතුවෙලා ඉන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන අපේ ජනතා බලවේගය. අනිත් පැත්තෙන් රට බෙදන ත්‍රස්තවාදි අන්තවාදී සියලු බලවේග එකතුවෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්ක.''

    ෆේක් අගමැති, සම්බන්දන්ගේ සහය ඉල්ලුව මතකද ?

    දෙමළ ජාතික සංධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඊයේ (03) ප්‍රකාශ කිරීමත් සමග ම කලබලයට පත් 'ගොට්ටන්' සමාජ මාධ්‍ය ඔස්සේ වහ වහාම ජාතිවාදය ඉස්මතු කරමින් පොස්ටු පළකර තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

    'හදිස්සියේම දැන් කොටි නැගිටලනෙ. මේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවෙ (Oct 30) විපක්‍ෂ නායක "මහ කොටියව" තමන්ගෙ ගෙදරට අඬගහල ෆේක් අගමැති "කොටි සහය" ඉල්ලපු අවස්ථාවේදී ගත්ත ෆොටෝ එකක් :)


    uvi-sambansan.jpg


    73011038_10156169868811467_9108169460514029568_n.jpg


     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    සම්පන්දන්ගේ යෝජනා වලිය පෙන්නා ඇත​, වර්ධරාජාගේ යෝජනා වලිය මෙතන දාන්න බලන්න​.
    අනික මේ POST එක දාපු උඹයි... ඔය BUMP කරපු එකයි.. කොච්චර ආසාවකින් ඉන්නවද කියල පේනව සජිය එනකන්.
    :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සම්පන්දන්ගේ යෝජනා වලිය පෙන්නා ඇත​, වර්ධරාජාගේ යෝජනා වලිය මෙතන දාන්න බලන්න​.
    අනික මේ POST එක දාපු උඹයි... ඔය BUMP කරපු එකයි.. කොච්චර ආසාවකින් ඉන්නවද කියල පේනව සජිය එනකන්.
    :P


    :rofl:

    UNP පල් හොරු කියල රන්ජන්‍ම කියනවා.මුං UNP ඵනකන් පුක කහ කහ බලන් ඉන්නවා.:rofl:

    https://www.facebook.com/Lankawaynews/videos/2227353050812561/
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    සම්පන්දන්ගේ යෝජනා වලිය පෙන්නා ඇත​, වර්ධරාජාගේ යෝජනා වලිය මෙතන දාන්න බලන්න​.
    අනික මේ POST එක දාපු උඹයි... ඔය BUMP කරපු එකයි.. කොච්චර ආසාවකින් ඉන්නවද කියල පේනව සජිය එනකන්.
    :P


    සම්පන්දන් ගෙ යෝජනා වලට සජිත් එකග උනා කියල කොහේ හරි තියනවා ද ?