මේ වෙනකොට ජාතික ජන බලවේගයට තිබෙන බවට පෙනෙන රැල්ල ආර්ථිකය බිඳ වැටුණු රටක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සංසිද්ධියක්.
දේශපාලන වශයෙන් ලංකාව දැන් ගමන් කරමින් ඉන්නේ 2009න් පසු ග්‍රීසිය ගමන් කළ ගමන් පථයට ඉතා ම කිට්ටු ගමන් පථයකයි.
ලංකාවේ ජාතික ජන බලවේගය වගේ ම ග්‍රීසියේත් ආර්ථිකය බංකොළොත් වුණු පසු වාම ජනප්‍රියවාදී (left-wing populist) බලවේගයක් රැල්ලක් වගේ ඉහළට මතු වී ආවා.
ඒ බලවේගය හැඳින්වූයේ සිරිසා (Syriza) කියන නමෙන්.
2009 ආර්ථික අර්බුදය ඇතිවෙනකොට සිරිසා කියන වමේ බලවේගයට තිබුණේ සියයට 4.6ක ඡන්ද ප්‍රතිශතයක්.
ඒක පහුගිය මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයට සමාන එකක්.
අර්බුදය ඇති වී වසර තුනක් යනකොට, ඒ කියන්නේ 2012 දී, සිරිසා ව්‍යාපාරය සියයට 26.9ක් ඡන්ද ලබාගත්තා.
2015 වන විට ඔවුන් එම ප්‍රතිශතය සියයට 36.3 දක්වා වැඩි කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට ද සමත් වුණා.
දැන් පොහොට්ටුව බලයේ ඉන්නවා වගේ ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙනකොට බලයේ හිටියේ PASOK කියන පක්ෂයයි.
2009 ආර්ථිකය කඩාවැටෙන්න කලින් PASOK පක්ෂයට සියයට 43.9ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා.
2012 වන විට ඒක සියයට 12.3 දක්වා කඩාවැටුණා. 2015 වන විට එය සියයට 4.7ට පහත වැටී පක්ෂය අතුගෑවිලා ගියා.
ඒ වගේ ම සමගි ජන බලවේගය වගේ ග්‍රීසියේ ඒ වන විට අනෙක් ප්‍රධාන ම පක්ෂය වන 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්' විශාල නායයාමකට ලක්වුණා.
මේ වෙලාවේ ලංකාවේ දකින්න ලැබෙන්නේත් ආර්ථිකය කඩාවැටුණු පසු ග්‍රීසියේ දකින්න ලැබුණාට සමාන දේශපාලන තත්ත්වයක්.
මේ පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වුණොත් ග්‍රීසියේ 2012 ලැබුණු ප්‍රතිඵලයට සමාන්තර ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මම අනුමාන කරනවා.
නමුත් ඇත්තට ම බලන්නට අවශ්‍ය වන්නේ බලයට පැමිණි පසුව ග්‍රීසියේ වාම ජනප්‍රියවාදී පක්ෂයට සිදුවුණේ කුමක්ද කියලයි.
2015 ලොකු රැල්ලකින් බලයට ආ විදියට ම 2019 වන විට සිරිසා පක්ෂය බලයෙන් වීසි වුණා.
වාම ජනප්‍රියතාවාදය ආර්ථික අර්බුදයකට විසඳුමක් නොවන බව මිනිසුන් අත්දැකීමෙන් ම තේරුම් ගත්තා.
ඒ නිසා මේ වන විට ලොකු රැල්ලක් පෙනෙන්න තියෙනවා නම් ඒ රැල්ලට එරෙහිව පීනන්න උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්.
රැල්ල උඩ එන විදියට ම රැල්ල යට යන වෙලාවක් එනවා. දේශපාලන රැලිවල ස්වභාවය ඒකයි. ඒකට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය බලයට පැමිණි විදියත්, ගෝඨාභය බලයෙන් ගිය විදියත් මතක් කර ගැනීමයි.
මේ රැල්ලේ මා දකින එක හොඳ ප්‍රතිඵලයක් වන්නේ සජිත් ප්‍රේමදාසට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට විශාල පීඩනයක් එල්ල වීමයි.
එසේ නැතිවුණොත් සමගි ජන බලවේගය කැඩී අලුත් පක්ෂයක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
ආණ්ඩුව මේ තරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන වෙලාවක, රටේ ජනතාව පාරට ඇවිත් ජනාධිපතිවරයා ගෙදර යැවූ වෙලාවක, විපක්ෂ නායකයාට තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට බැහැ කියලා කියන්නේ එම විපක්ෂ නායකයා දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.
එවැනි පසුබිමක ඔහු තවදුරටත් විපක්ෂ නායකකමේ කාලය නාස්ති නොකොට තමන්ට කරන්නට පුළුවන් වෙනත් රැකියාවක් සොයාගත යුතුයි.
වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි.
ග්‍රීසිය මේ සම්පූර්ණ ගමන් පථය යන්නට අවුරුදු 10ක් ගත කළා. හුඟ වෙලාවට ලංකාවේ මෙය අවුරුදු 5-6ක් ඇතුළත හෝ ඇතැම් විට ඊටත් කලින් සිදුවෙන්නට පුළුවන් කියා මා හිතනවා.
ඒ නිසා මේ වන විට අප කළ යුත්තේ ලෝකයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉදිරියේ දී සිදුවන්නට නියමිත පෙරළි සඳහා දේශපාලන වැඩබිම සූදානම් කිරීමයි..
-
24 - 01 - 2023
#lka #SriLanka #life