ජාතික ගීය දෙමළින්

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    ජාතික ගීය දෙමළින්

    බයියොන්ට රිදෙයි​








    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ(දෙමල පරිවර්ථනයේ ) සදහන් පරිදි ජාතික ගීය දෙමළින් ගැයිමට අවසර ඇත.
    දේශප්‍රේමි මහින්ද ප්‍රමුක විමල් පවා මෙය වෙනස් කිරිමට කිසිදු උත්සහයක් නොගත්තේය.
    2n83es8.png


    20u1fn7.jpg


    In Sri Lanka then known as Ceylon , the song “Namo Namo Matha” written by the artist-poet Ananda Samarakoon was formally adopted as the national anthem in 1951. It was slightly amended and changed to “Sri Lanka Matha” in 1961 without the consent of Samarakoon.

    When the national anthem was adopted in 1951 Sinhala had not been proclaimed as the sole official language. Thus the United National Party (UNP) government of the day got the song in Sinhala translated into Tamil by the scholar “Pundit” M. Nallathamby.

    Both the Sinhala and Tamil versions have been in use for decades. There has set in over the years a certain form of usage in relation to the national anthem. The original Sinhala song gets pride of place in most state or official ceremonies and events. In some instances the Tamil version is also sung.

    It has however been the practice for the Tamil version to be used in most events or functions in the Tamil speaking areas of the Northern and Eastern provinces. Most Tamil medium schools also sing the national anthem in Tamil at school events. This applies to many Tamil medium schools outside the North – East too.

    It is indeed noteworthy that the Tamil version continued to be in use even after Sinhala was made the sole official language in 1956. Both the Sinhala and Taml versions were sung in the sixties of the last century when the Prime minister Dudley Senanayake visited Jaffna.When Mrs. Sirima Bandaranaike came to Jaffna as premier in 1974 to open the newly set up Jaffna campus of the University of Sri Lanka both versions were sung.

    It was common in those days for selected school bands and choirs to render the national anthem in Sinhala and Tamil. What is remarkable is that though the Tamil language held no official status the more enlightened governments of the day had no qualms about the national anthem being sung in the Tamil language in Tamil medium schools or official functions in the predominantly Tamil speaking regions.

    The Constitution of 1978 ushered in by the UNP regime led by Junius Richard Jayewardene provided national language status to the Tamil language. It also granted Constitutional status to the national anthem.

    source
     
    Last edited:
    • Like
    Reactions: wdk

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    national%2Banthem.jpg

    ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය.

    ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී.

    දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි.

    වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙම දෙමළ ගීය 2009 යුද ජයග්‍රහණයෙන් පසු ජාතිවාදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සම්බාධකවලට ලක් විය.

    එකම තනුවට නිර්මානය කරන ලද, එක ම ගීය විවිධ භාෂාවලින් ගායනා වීම වර්තමානයේ සුලබ තත්වයකි. එසේම එකම ගීයේ කොටස් විවිධ භාෂාවලින් ගායනා වීම ද දැන් ඉතා සුලබ ය.

    බහු සංස්කෘතික වූ ‍ලොව වෙනත් රටවල ද ජාතික ගීය භාෂා කීපයකින් ගායනා වේ දකුණු අප්‍රිකාව නිදසුනකි.

    ජාතික ගීය දෙමළෙන් ගැයීමෙහි ඇති වරදක් නැත. නො දන්නා භාෂාවකින් ලියැවුණ ගීයක් ගායනා කරන්නැයි දෙමළ පාසල් දරුවන්ට හෝ ජනතාවට බල කරන්නට රජයට හිමිකමක් නැත. හමුදා බලහත්කාරය යොදවා නො දන්නා භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත. සිදු වන්නේ හිත් පතුළේ වෛරය මුල් බැස ගැනීම පමණි.

    අද වන විට ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් බහුතරය කොළඹ රාජකීය පිරිමි පාසලේ හෙවත් රෝයල් කොලීජියේ ආදි සිසුවෝ ය. ඔවුහු අදත් සිය පාසල් ගීය ලෙස ගයන්නේ ඉංග්‍රීසි ගීයකි.

    එවන් සංදර්භයක් තුළ ඈත පිටිසර පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ගම්මානයේ උපන් ගොවි පුතකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිවාදී බලහත්කාරයක් ඉවත් කරන්නට ගන්නා මෙම පියවර අගය කළ යුතු ය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය හා ජාතික කොඩිය පිළිබඳ කතිකාවක් ඇත. ‍ඒවා ඒ හැටියෙන් ම පිළි ගත යුතු ය යන්න අපේ ස්ථාවරය නො වේ. සිංහල හා දෙමළ ජාතික සීමාවන් අතික්‍රමණය කළ ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමත් සමග මේවා නැවත සාකච්ඡා විය යුතු කරුණු ය. එහෙත්, ඉදිරියට යන්නට නම් මේ පියවර පවා වැදගත් ය.
    උපුටා ගැනීම w3lanka