ජාතික පුෂ්පයත් ‘නාමල’ කරලා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ජාතික පුෂ්පයත් ‘නාමල’ කරලා

    5 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා මහනුවර කළාප අධ්‍යාපන කාර්යාලය මගින් පසුගිය සතියේ පැවැත්වූ ශිෂ්‍ය නිපුනතා පරික්‍ෂණයේදී සිසුන්ට ලබාදුන් ප‍්‍රශ්න පත්තරයෙන් ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නාමල’ බව ප‍්‍රකාශයට පත්කර තිබේ.
    මහනුවර කළාපයේ සියලූ පාසල් සඳහා ලබාදී ඇති මෙම ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්නයකින් විමසා ඇත්තේ, ‘‘ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නාමලට ඇති පෙති ගණන කීයදැ’’යි කියාය.

    ඊට පිළිතුරු වශයෙන් (1) 8 කි. (2) 4 කි. (3) 6 කි. (4) රාශියකි. යනුවෙන් පිලිතුරු 4ක් සටහන් කර නිවැරදි පිලිතුරට යටින් ඉරක් අදින ලෙස විභාග අපේක්‍ෂකයන්ට උපදෙස් දී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ බව දන්නා 5 ශ්‍රේණියේ සිසු දරුවෝත් ගුරුවරුත් මෙම අලූත් ජාතික පුෂ්පය පිළිබද ප‍්‍රශ්නයෙන් වික්‍ෂිප්ත වී තිබේ.

    කෙසේ වෙතත් අදාල ප‍්‍රශ්නය නිවැරැදි කිරීමට මහනුවර කළාප අධ්‍යාපන කාර්යාලය මේ දක්වා පියවර ගෙන නොමැත.