Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික වීරවරයන්ගේ දෛවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?

බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්.

නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස් කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති. සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති.

ඊනියා රාජකීයයන් නුවර ගිහිල්ලා. ඔවුන් පත්තිරිප්පුවටත් ගොඩ වෙලා. ඒකට ප්‍රේමදාසත් ගොඩ වුණා. තමන් ලංකාවේ කීවෙනි (මේ සංඛ්‍යාව මට මතක නැහැ. මට අදහස් මිස කරුණු මතක නැහැ) රජු ද කියා සිතා සිටි ජේ ආර් පත්තිරිප්පුවට ගොඩ වුණෙ නැත්තෙ මොකද කියලා අහගන්න විධියක් නැහැ. දැන් පඬියකු කියන්න පුළුවන් පත්තිරිප්පුව දෙමළ වචනයක් කියලත් ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ කියලත්. ශ්‍රී වික්‍රම ආන්ද්‍ර ප්‍රදේශයේ තෙළිඟු පෙළපතකින් පැවත එන්නෙක්. ඔහු නමටවත් බුදුදහම වැළඳ ගත්තා පමණක් නොව බුදුසසුන රකින්නත් කටයුතු කළා. පත්තිරිප්පු කියන එක තෙළිඟු වචනයක් වෙන්න බැරි නැහැ. ඒ මොකක් වුණත් මෙහි වැදගත් කරුණ ශ්‍රී වික්‍රම රාජසිංහ බුදුසසුන රකින්න බැඳී සිටිය එක.

එඩ්වඩ්ගේ මුත්තණුවකු වූ තුන්වැනි ජොර්ජ් ද 1815 ගිවිසුමෙන් බුදුසසුන රකින්න පොරොන්දු වුණා. ඒ බ්රවුන්රිග්ගේ මාර්ගයෙන්. ඒත් පස්සෙ එංගලන්තෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් ඒ වගන්තියට විරුද්ධ වුණා. ඒ අනුව 1840 වන විට ඉංගිරිසින් බුදුසසුන රැකීමෙන් නිදහස් වෙලා දළදා මාළිගාව දියවඩන නිළමෙට ම භාර දුන්නා. අද එඩ්වඩ් පත්තිරිප්පුවට නැග්ග එකේ වගකීම දියවඩන නිළමෙට භාර වෙනවා. එහෙත් ඔහුට ආදළ තිරණ ගන්න බැහැ. මහානායක හාමුදුරුවන්ටත් බැහැ. අපේ නිදහසේ තරම එයයි.

එඩ්වඩ් නුවර දි ත්‍රිත්ව විදහලටත් බාලිකාවන්ගේ උසස් පාසලටත් (හයි ස්කූල්) ගිහින්. ත්‍රිත්ව විදුහල අදත් ලංකා සභාවෙ පාසලක්. ලංකා සභාව කියන්නෙ එඩ්වඩ්ලාගේ ඇංග්ලිකන් සභාවෙ ලංකා ශාඛාව කියන්න පුළුවන්. උසස් බාලිකා පාසල අද කෙසේ වෙතත් පටන් ගත්තෙ ඇංග්ලිකන් පාසලක් ලෙස. එඩ්වඩ් ධර්මරාජයට මහාමායා විදුහලට තබා කතෝලික ශාන්ත අන්තෝනි විදුහලටවත් යන්න කල්පනා කර නැහැ. එඩ්වඩ්ලා තම ආගමට ඇති බැඳීම එබඳුයි. එලිසබෙත් වින්ඩ්සර් තමයි ඇංග්ලිකන් සභාවෙ නායිකාව. කැන්ටබරියේ හා යෝක්හි ආච් බිෂොප්වරුනුත් එලිසබෙත් එන විට නැගිටින්න ඕන. එඩ්වඩ් ඇවිල්ල ඉන්නෙ ඇංග්ලිකන් සභාවෙ නායිකාවගෙ නියෝජිතයා ලෙස. තුන්වැනි ජෝර්ගෙන් පැවතෙන්නක් ලෙස.

එඩ්වඩ් එන දවස්වල ම බූටෑවෙ රාළගෙ පිළිමයෙ කඩුව හොරු අරන් ගිහින්. ඒ මෛත්‍රිපාලට දෙන්න කියලා මා හිතන්නෙ නැහැ. පිළිමයටත් අලාභ හානි කරලා. බූටෑවෙ රාළ කොහුකුඹුරෙ රාළ ආදීන් තමයි 1817-18 අපේ පළමු නිදහස් සටන මෙහෙයවූවෙ. ඔවුන් යක්ෂ ජනතාවගෙන් පැවතෙන්නන්. අපට යක්ෂ ජනතාව අමතක කරලා නිදහස දිනාගන්න බැහැ. අද බොහෝ ජාතිකවාදීන් එඩ්වඩ්ට කළ ආරාධනය ගැන විරුද්ධ වෙනවා. එහෙත් තවමත් මහින්දවත් ඒ ගැන වචනයක් කතා කරලා නැහැ. මහින්ද තමන්ගෙ ළමයින්ට ඉගැන්නුවෙ ඇංග්ලිකන් පාසලක් ලෙස ඇරඹි ශාන්ත තෝමස් විදුහලේ. අදත් එය ලංකා සභාවෙ පාසලක්.

අද ජාතිකවාදීන් විශාල සංඛ්‍යාවක් සිටීම ගැනත් ඔවුන් එඩ්වඩ්ගෙ ලංකාගමනයට විරුද්ධ වීම ගැන සතුටුයි. ඔවුන් මට විරුද්ධ වීම වෙනත් කරුණක්. මේ අයට මතක නැහැ අවුරුදු විස්සකට ඉස්සර අපේ ඊනියා පනස්වැනි නිදහස් සමරුවට චාල්ස් වින්ඩ්සර් ආ බව. එකල ජනාධිපතිනි චන්ද්‍රිකා. මහින්දත් ඒ අමාත්‍ය මණ්ඩලේ හිටියා. චන්ද්‍රිකාගෙ සීයා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගෙ තාත්තා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගෙ බාප්පා කුරණෑගල ඇංග්ලිකන් බිෂොප් වෙලා හිටියා. චාල්ස්ට කියන්නේ වේල්ස් කුමාරයා කියලා. එංගලන්තෙ මීළඟට රජ වෙන්න ඉන්න තැනැත්තා හඳුන්වන්නෙ වේල්ස් කුමාරයා කියලා. මොරටුවෙ වේල්ස් කුමර කුමරි විදුහල් තනලා තියෙන්නෙ එකල වේල්ස් කුමරු ලංකාවට පැමිණි අවස්ථාව සිහි කරන්න ඇංග්ලිකන් භක්තිකයන් වූ මොරටුවෙ සොයිසාලා.

චාල්ස් පැමිණි වෙලාවෙ අප කිහිප දෙනකු වෙල්ලස්සට ගියා වේල්ස් කුමරු නොව වෙල්ලස්සේ කුමරු සැමරීමට. වෙල්ලස්සේ කුමරු ලෙස අප සැලකුවෙ බූටෑවෙ රාළ ආදීන්. එකල අද තරම් ජාතිකවාදීන් හිටියෙ නැහැ. දේශප්‍රේමි භික්ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය පමණයි වෙල්ලස්සට ගියෙ. එදා දේශ හිතෛශීන් හිටියෙ නැහැ. ඔවුන් ජාකිකවාදයට විරුද්ධව ජ වි පෙ හිටියෙ. අපට වෙල්ලස්ට යන්න හිටියෙ කිහිප දෙනකු පමණයි. එහි දී අපට සුමේධ විරවර්ධනගෙන් හා විශේෂඥ වෛද්‍ය කමලදාසගෙන් නොමඳ සහායක් ලැබුණා. එදා සිසුවකු වූ සුමේධ අද පේරාදෙණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුයෙක්. කමලදාස අපෙන් ඈත්වෙලා අපට වඩා දේශහිතෛශීන් සොයා ගෙන.

අපට වෙල්ලස්සේ දී විජිතමුනි සොයිසාගේ ආධාර කරුවන්ගෙන් හා පොලීසියෙන් තර්ජන එල්ල වුණා. මා සමග මගේ භාර්යාවත් එකල කුඩා දැරියක වූ මගේ දියණියත් හිටියා. විජිතමුනි එදත් චන්ද්‍රිකාගෙ ගෝලයෙක්. පස්සෙ ඔහු පිළිවෙළින් මහින්දටත් මෛත්‍රිපාලටත් එකතු වුණා. අප තර්ජන සතපහකට ගණන් ගත්තෙ නැහැ. අද ජාතිකවාදීන් වෙලා ඉන්න බොහෝ අය එදා ජ වි පෙ නැත්නම් චම්පක එක්ක. ගුණදාස අමරසේකරවත් අප සමග ආවෙ නැහැ. ඔහු කිසි දිනෙක චින්තන පර්ෂදයෙ හිටියෙ නැහැ. අපට පුවත්පත්වලින් ප්‍රචාරයක් ලබා දුන්නෙත් නැහැ. අප වෙල්ලස්සේ කුමරු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට මුල්ගලක් තැබුවා. එහෙත් අපට එය ඉදිකරන්න බැරි වුණා.

අප එදා එවැන්නක් කළ බවවත් හෙට අනිද්දා මට ද්‍රෝහියා කියන්න බලන් ඉන්න ජාතිකවාදීන් දන්නෙ නැතිව ඇති. දේශහිතෛශීන්ට මා අවිශ්වාස නම් කමලදාසගෙන් මේ කරුණු අහන්න පුළුවන්. අද අපට එවැන්නක් කරන්නවත් ශක්තියක් නැහැ. නැත්නම් අප වෙල්ලස්සට ගොස් ඉංගිරිසින්ට විරුද්ධව කළ පළමු නිදහස් සටන සමරනවා. අපට පෙබරවරි හතරවැනි දා ලැබුණු නිදහසක් නැහැ. අපට ලැබුණෙ ඩොමීනියන් තත්වය. අප අපේ රජතුමා/රැජින ලෙස ඇංග්ලිකන් සභාවෙ නායකයා/නායිකාව පිළිගත්තා. අග්‍රාණ්ඩුකාරයා එංගලන්තයෙ රජුගෙ/රැජිනගෙ මෙරට නියෝජිතයා. ෆ්‍රෙඩිරික් නෝත්ගේ සිට විලියම් ගොපල්ලව දක්වා අපට එවැනි නියෝජිතයන් සිටියා. 1948 පෙබරවාරි හතරවැනිදා පාණදුරේ ආතර් වී දියෙස් මහතා හෙවත් කොස් මාමා කළු කොඩි එසවූ බව අපේ පියා අපට කියා තිබෙනවා. 1948 දී මට වයස අවුරුදු තුනයි. අප ඒ තත්වයෙන්වත් නිදහස් වී ජනරජයක් වුණෙ මැයි විසිදෙවැනිදා. ප්රභාකරන් පරාජය කළ මැයි දහඅට සිට විසිදෙක දක්වා උත්සව පවත්වන ලෙස මා යෝජනා කළත් මහින්ද ඒ ගණන් ගත්තේ නැහැ. අඩුම තරමෙන් මැයි විසිදෙක නිවාඩු දිනයක් කළේවත් නැහැ. මහින්දගේ පොඩි වරදක්වත් කීම පංචානන්තරීය පාපකර්මයක් බව මා දන්නවා. නමුත් මා අපායෙ යන්න සූදානම්.

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2

අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්.

එහෙත් ඒ හාමුදුරුවරු දෙනම ප්‍රභූ හාමුදුරුවරු. ප්‍රභූ හමුදුරුවරු කියන්නේ ප්‍රභූ පන්සල්වල නායක හාමුදුරුවරුන්ට. ප්‍රභූ පන්සල් කියන්නේ ප්‍රභූන් යන පන්සල්වලට. ප්‍රභූන් ඇති කරනු ලැබුයේ සුද්දන් විසින්. නාලක හාමුදුරුවන්වත් කස්සප හාමුදුරුවන්වත් ප්‍රභූ හාමුදුරුවරුන් නො වෙයි. මෙයින් පෙන්වන්නේ අප තවමත් සුද්දන් දුන් මානසිකත්වයෙන් නිදහස් වී නැති බවයි. සුද්දන්ගෙන් ලැබුණු ආචාර්ය උපාධිය නොවන්නට මට මෙරට විසුමක්වත් වන්නේ නැහැ. අදත් මට පිළිගැනීමක් නැහැ. මා ප්රභූවරයකුවත් ප්‍රභූවරයකු වීමට උත්සාහ ගන්නකුවත් නො වෙයි. අනගාරික ධර්මපාලතුමා ප්‍රභූ පවුලක නොඉපදෙන්නට කිසිවකු එතුමා ගණන් නොගැනීමට තිබුණා. එක්සත් රාජ්‍යවලින් පැමිණි ඕල්කට්තුමා බෞද්ධ ප්රභූන්ගේ ගෞරවයට පාත්‍ර වුණා.

අද පැවැත්වෙන නිදහස් උත්සවයට ඒකාබද්ධ විපක්ෂය සහභාගි වන්නේ නැහැ කියා වාර්තා වෙනවා. ඒ කුමන අදහසකින් කුමන ප්‍රතිපත්තියක් මත පිහිටා ගත් එකක් දැයි මට තේරෙන්නේ නැහැ. මා ඊයේ කිව්වේ මහින්ද එඩ්වඩ් ගැන එතෙක් කිසිවක් නොකී බවයි. එහෙත් අද ඒකාබද්ධ විපක්ෂය එඩ්වඩ් සහභාගි වන නිසා නිදහස් උත්සවයට සහභාගි නොවන බව කියා තිබෙන බවට ආරංචියක් තියෙනවා. ඒ ඔවුන්ගේ ජාතිකත්වය නිසා ගත් තීරණයක් ද? එහෙත් මේ අයගෙන් කී දෙනකු චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ මැති ඇමතිවරුන් ලෙස 1998 දී චාල්ස් පැමිණි නිදහස් උත්සවවලට සහභාගි වුණා ද? මේ අවුරුදු විස්සෙ ඔවුන්ගෙ ජාතිකත්වය වර්ධනය වී තිබෙනවා නම් හොඳයි.

චන්ද්‍රිකා එදා ජාතිය ඇමතුවෙ ඉංගිරිසියෙන්. ඒකට එදා ඇමති මණ්ඩලයේ කී දෙනකු විරුද්ධ වුණා ද? ඉංගිරිසියෙන් ඇමතුවෙ චාල්ස්ට තේරෙන්න. සමහර විට ඇය චාල්ස් ජාතිය කියා හිතන්න ඇති. ඇගේ පුතා විමුක්ති සිංහලයකු වී ඉපදීම ගැන ලජ්ජා වන්නේ අම්මා නිසා. ඒකෙ අර්ථ කිහිපයක් තියෙනවා. ඔබට ඕනෑ අර්ථයක් ලබා ගන්න. අපට නිදහස තව දුරයි.

අද උත්සවයට දෙමළ ජාතික සංධානය සහභාගි වන්නේත් නැහැ. ඔවුන් එයින් කියන්න අදහස් කරන්නේ, එඩ්වඩ්ට පණිවුඩයක් දෙන්නේ, මෙරට දෙමළ ජනයාට තවමත් නිදහසක් නැති බවයි. ඒ මා කියන අර්ථයෙන් නිදහසක් නො වෙයි. දෙමළ නායකයන් එදත් අදත් මෙහෙයවනු ලබන්නේ මූලික ව ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් විසින්. ෆෙඩරල් පක්ෂය නමින් හැඳින්වුණු ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙහි භාණ්ඩාගාරික වූ ඊ එම් වී නාගනාදන් පළමු පාර්ලිමේන්තුවේ පළමු සැසියේ රාජාසන කතාවේ දී කිව්වේ මෙරට සිංහලයන්ට නිදහස ලැබී ඇති නමුත් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස් වීමට ඇති බවයි. සුමන්තිරන්ලාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් නිදහස් වීමට අවශ්‍ය නැහැ. චෙල්වනායගම් මෙන් ම සුමන්තිරන් ක්‍රිස්තියානි. එක් අයකු අංග්ලිකන් අනෙක් අය මැතෝදිස්ත. පාණදුරා වාදය කෙරුණේ ඒ දෙගොල්ලන්ට විරුද්ධව.

අපට පෙවරවාරි හතරවැනි දා ලැබුණේ වෙල්ලස්සේ කුමරයා බලාපොරොත්තු වූ නිදහස නො වෙයි. ඒ නිදහස තව හුඟක් ඈතයි. මා ඊයේ කී පරිදි අපට ලැබුණේ ඩොමීනියන් තත්වයක්. අප එයින් තරමක් ඉදිරියට ගියේ 1972 මැයි විසිදෙවැනි දා. අප ජනරජයක් වී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව ජනාධිපති විලියම් ගොපල්ලව වූ දා. එයට මුල් වූයේ බණ්ඩාරනායක මැතිණියයි.

පෙබරවාරි හතරවැනි දා මෙරට ඉංගිරිසින් විසින් ඇති කරනු ලැබූ ප්‍රභූ පංතියට ඔවුන් පැතු නිදහස ලැබුණා. ඔවුන් පෙත්සම් මගින් ගතුකම් කර නිවට කමින් තමයි ඒ නිදහස ලබා ගත්තෙ. ඒ නිදහසට ලේ හැලුවෙ නැහැ කියන එකේ ඇත්තක් තියෙනවා. කැප්පෙටිපොළ නිළමෙ පුරන් අප්පු කඩහපොළ හාමුදුරවෙන් ලේ හලපු නිදහස තවම අපට ලැබුණෙ නැහැ. ජ වි පෙ ලේ හලමින් අනුන්ගේත් ලේ හැලුවෙ මාක්සගෙ හිතළුවක් වෙනුවෙන්. අද නන්නත්තාර වී ඇති ඊනියා විද්වතුන් යන එන මං නැතිව ජ වි පෙරමුණට ආධාර කරන්නේ මිනී මැරුම් අමතක කරමින්. මොවුන්ගෙන් ඇතැමකු දයා පතිරණගෙ විශ්වවිිද්‍යාල සගයන්. අද ඔවුන් පල්ලිය හා එහි නියෝජිත කුරුස කාරයන් සමග එකතු වෙලා. එදත් ඇතැමුන්ගෙ මතයක් තිබුණ ජ වි පෙ පිටුපස පල්ලිය හිටීියා කියා. ඔවුන් හාමුදුරුවරුන් ඝාතනය කළා පමණක් නොව තරුණ භික්ෂූන් වහන්සේගේ භික්ෂූත්වයත් කෙළසුවා. තාප්ප උඩින් සෘද්ධි වෙන්න තරුණ හාමුදුරුවරුන්ට කියා දුන්නෙ ජ වි පෙ.

ඇතැමුන් කියන විධියට පෙබරවාරි හතරවැනි දා අයිවෝ ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය. රනිල් කියන විධියට එහෙම නම් අද අප සමරන්නේ ජෙනිංග්ස්ගෙ භාර්යාවගේ උපන් දිනය. අයිවො ජෙනිංග්ස් තමයි මෙරට මුල් ව්‍යවස්ථාවේ නිර්මාතෘ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඩොයිලිගෙන් පසු අපට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු භයානක ම පුද්ගලයා ජෙනිංග්ස්. අප ඩොයිලිට මෙන් ම ජෙනිංග්ස්ටත් හසු වුණා. මෙරට ප්රභූන්ට නම් ජෙනිංග්ස්ට වඩා බුද්ධිමතකු නැහැ.

ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේත් නිර්මාතෘ. පේරාදෙණිය ආශ්රයෙන් තමයි මෙරට අනෙක් විශ්වවිද්‍යාල ඇති වී තිබෙන්නේ. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් මරලා ඒවා පේරාදෙණි ආකෘතියේ විශ්වවිද්‍යාල බවට පත්කරලා මෙරට පැවිදි පඬිවරුන් බිහි වීම වළක්වනු ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මනරම් භූමියක ගොඩනගලා තියෙනවා. එය ලෝකයේ ම රමණීය විශ්වවිද්‍යල දහය අතරට වැටෙනවා. එය සමහර විට ලෝකයේ ම වඩාත් ම අනුකාරක විශ්වවිද්‍යාල දහය අතරටත් වැටෙනවා ඇති. අපේ නිදහසට මග අහුරණ ප්‍රධාන ම ආයතනය ජෙනිංග්ස්ගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ජෙනිංග්ස් මෙරට පළමු ව්‍යවස්ථාවටත් පළමු විශ්වවිද්‍යාලයටත් දායක වීම කෙතරම් අභාග්‍යක් ද? (මතු සම්බන්ධයි)

[QUOTE="WhiteWalker, post: 22807451, member: 548558"] [SIZE="4"]අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්. නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස් කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති. සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති. ඊනියා රාජකීයයන් නුවර ගිහිල්ලා. ඔවුන් පත්තිරිප්පුවටත් ගොඩ වෙලා. ඒකට ප්‍රේමදාසත් ගොඩ වුණා. තමන් ලංකාවේ කීවෙනි (මේ සංඛ්‍යාව මට මතක නැහැ. මට අදහස් මිස කරුණු මතක නැහැ) රජු ද කියා සිතා සිටි ජේ ආර් පත්තිරිප්පුවට ගොඩ වුණෙ නැත්තෙ මොකද කියලා අහගන්න විධියක් නැහැ. දැන් පඬියකු කියන්න පුළුවන් පත්තිරිප්පුව දෙමළ වචනයක් කියලත් ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ කියලත්. ශ්‍රී වික්‍රම ආන්ද්‍ර ප්‍රදේශයේ තෙළිඟු පෙළපතකින් පැවත එන්නෙක්. ඔහු නමටවත් බුදුදහම වැළඳ ගත්තා පමණක් නොව බුදුසසුන රකින්නත් කටයුතු කළා. පත්තිරිප්පු කියන එක තෙළිඟු වචනයක් වෙන්න බැරි නැහැ. ඒ මොකක් වුණත් මෙහි වැදගත් කරුණ ශ්‍රී වික්‍රම රාජසිංහ බුදුසසුන රකින්න බැඳී සිටිය එක. එඩ්වඩ්ගේ මුත්තණුවකු වූ තුන්වැනි ජොර්ජ් ද 1815 ගිවිසුමෙන් බුදුසසුන රකින්න පොරොන්දු වුණා. ඒ බ්රවුන්රිග්ගේ මාර්ගයෙන්. ඒත් පස්සෙ එංගලන්තෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් ඒ වගන්තියට විරුද්ධ වුණා. ඒ අනුව 1840 වන විට ඉංගිරිසින් බුදුසසුන රැකීමෙන් නිදහස් වෙලා දළදා මාළිගාව දියවඩන නිළමෙට ම භාර දුන්නා. අද එඩ්වඩ් පත්තිරිප්පුවට නැග්ග එකේ වගකීම දියවඩන නිළමෙට භාර වෙනවා. එහෙත් ඔහුට ආදළ තිරණ ගන්න බැහැ. මහානායක හාමුදුරුවන්ටත් බැහැ. අපේ නිදහසේ තරම එයයි. එඩ්වඩ් නුවර දි ත්‍රිත්ව විදහලටත් බාලිකාවන්ගේ උසස් පාසලටත් (හයි ස්කූල්) ගිහින්. ත්‍රිත්ව විදුහල අදත් ලංකා සභාවෙ පාසලක්. ලංකා සභාව කියන්නෙ එඩ්වඩ්ලාගේ ඇංග්ලිකන් සභාවෙ ලංකා ශාඛාව කියන්න පුළුවන්. උසස් බාලිකා පාසල අද කෙසේ වෙතත් පටන් ගත්තෙ ඇංග්ලිකන් පාසලක් ලෙස. එඩ්වඩ් ධර්මරාජයට මහාමායා විදුහලට තබා කතෝලික ශාන්ත අන්තෝනි විදුහලටවත් යන්න කල්පනා කර නැහැ. එඩ්වඩ්ලා තම ආගමට ඇති බැඳීම එබඳුයි. එලිසබෙත් වින්ඩ්සර් තමයි ඇංග්ලිකන් සභාවෙ නායිකාව. කැන්ටබරියේ හා යෝක්හි ආච් බිෂොප්වරුනුත් එලිසබෙත් එන විට නැගිටින්න ඕන. එඩ්වඩ් ඇවිල්ල ඉන්නෙ ඇංග්ලිකන් සභාවෙ නායිකාවගෙ නියෝජිතයා ලෙස. තුන්වැනි ජෝර්ගෙන් පැවතෙන්නක් ලෙස. එඩ්වඩ් එන දවස්වල ම බූටෑවෙ රාළගෙ පිළිමයෙ කඩුව හොරු අරන් ගිහින්. ඒ මෛත්‍රිපාලට දෙන්න කියලා මා හිතන්නෙ නැහැ. පිළිමයටත් අලාභ හානි කරලා. බූටෑවෙ රාළ කොහුකුඹුරෙ රාළ ආදීන් තමයි 1817-18 අපේ පළමු නිදහස් සටන මෙහෙයවූවෙ. ඔවුන් යක්ෂ ජනතාවගෙන් පැවතෙන්නන්. අපට යක්ෂ ජනතාව අමතක කරලා නිදහස දිනාගන්න බැහැ. අද බොහෝ ජාතිකවාදීන් එඩ්වඩ්ට කළ ආරාධනය ගැන විරුද්ධ වෙනවා. එහෙත් තවමත් මහින්දවත් ඒ ගැන වචනයක් කතා කරලා නැහැ. මහින්ද තමන්ගෙ ළමයින්ට ඉගැන්නුවෙ ඇංග්ලිකන් පාසලක් ලෙස ඇරඹි ශාන්ත තෝමස් විදුහලේ. අදත් එය ලංකා සභාවෙ පාසලක්. අද ජාතිකවාදීන් විශාල සංඛ්‍යාවක් සිටීම ගැනත් ඔවුන් එඩ්වඩ්ගෙ ලංකාගමනයට විරුද්ධ වීම ගැන සතුටුයි. ඔවුන් මට විරුද්ධ වීම වෙනත් කරුණක්. මේ අයට මතක නැහැ අවුරුදු විස්සකට ඉස්සර අපේ ඊනියා පනස්වැනි නිදහස් සමරුවට චාල්ස් වින්ඩ්සර් ආ බව. එකල ජනාධිපතිනි චන්ද්‍රිකා. මහින්දත් ඒ අමාත්‍ය මණ්ඩලේ හිටියා. චන්ද්‍රිකාගෙ සීයා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගෙ තාත්තා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගෙ බාප්පා කුරණෑගල ඇංග්ලිකන් බිෂොප් වෙලා හිටියා. චාල්ස්ට කියන්නේ වේල්ස් කුමාරයා කියලා. එංගලන්තෙ මීළඟට රජ වෙන්න ඉන්න තැනැත්තා හඳුන්වන්නෙ වේල්ස් කුමාරයා කියලා. මොරටුවෙ වේල්ස් කුමර කුමරි විදුහල් තනලා තියෙන්නෙ එකල වේල්ස් කුමරු ලංකාවට පැමිණි අවස්ථාව සිහි කරන්න ඇංග්ලිකන් භක්තිකයන් වූ මොරටුවෙ සොයිසාලා. චාල්ස් පැමිණි වෙලාවෙ අප කිහිප දෙනකු වෙල්ලස්සට ගියා වේල්ස් කුමරු නොව වෙල්ලස්සේ කුමරු සැමරීමට. වෙල්ලස්සේ කුමරු ලෙස අප සැලකුවෙ බූටෑවෙ රාළ ආදීන්. එකල අද තරම් ජාතිකවාදීන් හිටියෙ නැහැ. දේශප්‍රේමි භික්ෂු පෙරමුණ සහ චින්තන පර්ෂදය පමණයි වෙල්ලස්සට ගියෙ. එදා දේශ හිතෛශීන් හිටියෙ නැහැ. ඔවුන් ජාකිකවාදයට විරුද්ධව ජ වි පෙ හිටියෙ. අපට වෙල්ලස්ට යන්න හිටියෙ කිහිප දෙනකු පමණයි. එහි දී අපට සුමේධ විරවර්ධනගෙන් හා විශේෂඥ වෛද්‍ය කමලදාසගෙන් නොමඳ සහායක් ලැබුණා. එදා සිසුවකු වූ සුමේධ අද පේරාදෙණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුයෙක්. කමලදාස අපෙන් ඈත්වෙලා අපට වඩා දේශහිතෛශීන් සොයා ගෙන. අපට වෙල්ලස්සේ දී විජිතමුනි සොයිසාගේ ආධාර කරුවන්ගෙන් හා පොලීසියෙන් තර්ජන එල්ල වුණා. මා සමග මගේ භාර්යාවත් එකල කුඩා දැරියක වූ මගේ දියණියත් හිටියා. විජිතමුනි එදත් චන්ද්‍රිකාගෙ ගෝලයෙක්. පස්සෙ ඔහු පිළිවෙළින් මහින්දටත් මෛත්‍රිපාලටත් එකතු වුණා. අප තර්ජන සතපහකට ගණන් ගත්තෙ නැහැ. අද ජාතිකවාදීන් වෙලා ඉන්න බොහෝ අය එදා ජ වි පෙ නැත්නම් චම්පක එක්ක. ගුණදාස අමරසේකරවත් අප සමග ආවෙ නැහැ. ඔහු කිසි දිනෙක චින්තන පර්ෂදයෙ හිටියෙ නැහැ. අපට පුවත්පත්වලින් ප්‍රචාරයක් ලබා දුන්නෙත් නැහැ. අප වෙල්ලස්සේ කුමරු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට මුල්ගලක් තැබුවා. එහෙත් අපට එය ඉදිකරන්න බැරි වුණා. අප එදා එවැන්නක් කළ බවවත් හෙට අනිද්දා මට ද්‍රෝහියා කියන්න බලන් ඉන්න ජාතිකවාදීන් දන්නෙ නැතිව ඇති. දේශහිතෛශීන්ට මා අවිශ්වාස නම් කමලදාසගෙන් මේ කරුණු අහන්න පුළුවන්. අද අපට එවැන්නක් කරන්නවත් ශක්තියක් නැහැ. නැත්නම් අප වෙල්ලස්සට ගොස් ඉංගිරිසින්ට විරුද්ධව කළ පළමු නිදහස් සටන සමරනවා. අපට පෙබරවරි හතරවැනි දා ලැබුණු නිදහසක් නැහැ. අපට ලැබුණෙ ඩොමීනියන් තත්වය. අප අපේ රජතුමා/රැජින ලෙස ඇංග්ලිකන් සභාවෙ නායකයා/නායිකාව පිළිගත්තා. අග්‍රාණ්ඩුකාරයා එංගලන්තයෙ රජුගෙ/රැජිනගෙ මෙරට නියෝජිතයා. ෆ්‍රෙඩිරික් නෝත්ගේ සිට විලියම් ගොපල්ලව දක්වා අපට එවැනි නියෝජිතයන් සිටියා. 1948 පෙබරවාරි හතරවැනිදා පාණදුරේ ආතර් වී දියෙස් මහතා හෙවත් කොස් මාමා කළු කොඩි එසවූ බව අපේ පියා අපට කියා තිබෙනවා. 1948 දී මට වයස අවුරුදු තුනයි. අප ඒ තත්වයෙන්වත් නිදහස් වී ජනරජයක් වුණෙ මැයි විසිදෙවැනිදා. ප්රභාකරන් පරාජය කළ මැයි දහඅට සිට විසිදෙක දක්වා උත්සව පවත්වන ලෙස මා යෝජනා කළත් මහින්ද ඒ ගණන් ගත්තේ නැහැ. අඩුම තරමෙන් මැයි විසිදෙක නිවාඩු දිනයක් කළේවත් නැහැ. මහින්දගේ පොඩි වරදක්වත් කීම පංචානන්තරීය පාපකර්මයක් බව මා දන්නවා. නමුත් මා අපායෙ යන්න සූදානම්. අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2 අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්. එහෙත් ඒ හාමුදුරුවරු දෙනම ප්‍රභූ හාමුදුරුවරු. ප්‍රභූ හමුදුරුවරු කියන්නේ ප්‍රභූ පන්සල්වල නායක හාමුදුරුවරුන්ට. ප්‍රභූ පන්සල් කියන්නේ ප්‍රභූන් යන පන්සල්වලට. ප්‍රභූන් ඇති කරනු ලැබුයේ සුද්දන් විසින්. නාලක හාමුදුරුවන්වත් කස්සප හාමුදුරුවන්වත් ප්‍රභූ හාමුදුරුවරුන් නො වෙයි. මෙයින් පෙන්වන්නේ අප තවමත් සුද්දන් දුන් මානසිකත්වයෙන් නිදහස් වී නැති බවයි. සුද්දන්ගෙන් ලැබුණු ආචාර්ය උපාධිය නොවන්නට මට මෙරට විසුමක්වත් වන්නේ නැහැ. අදත් මට පිළිගැනීමක් නැහැ. මා ප්රභූවරයකුවත් ප්‍රභූවරයකු වීමට උත්සාහ ගන්නකුවත් නො වෙයි. අනගාරික ධර්මපාලතුමා ප්‍රභූ පවුලක නොඉපදෙන්නට කිසිවකු එතුමා ගණන් නොගැනීමට තිබුණා. එක්සත් රාජ්‍යවලින් පැමිණි ඕල්කට්තුමා බෞද්ධ ප්රභූන්ගේ ගෞරවයට පාත්‍ර වුණා. අද පැවැත්වෙන නිදහස් උත්සවයට ඒකාබද්ධ විපක්ෂය සහභාගි වන්නේ නැහැ කියා වාර්තා වෙනවා. ඒ කුමන අදහසකින් කුමන ප්‍රතිපත්තියක් මත පිහිටා ගත් එකක් දැයි මට තේරෙන්නේ නැහැ. මා ඊයේ කිව්වේ මහින්ද එඩ්වඩ් ගැන එතෙක් කිසිවක් නොකී බවයි. එහෙත් අද ඒකාබද්ධ විපක්ෂය එඩ්වඩ් සහභාගි වන නිසා නිදහස් උත්සවයට සහභාගි නොවන බව කියා තිබෙන බවට ආරංචියක් තියෙනවා. ඒ ඔවුන්ගේ ජාතිකත්වය නිසා ගත් තීරණයක් ද? එහෙත් මේ අයගෙන් කී දෙනකු චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ මැති ඇමතිවරුන් ලෙස 1998 දී චාල්ස් පැමිණි නිදහස් උත්සවවලට සහභාගි වුණා ද? මේ අවුරුදු විස්සෙ ඔවුන්ගෙ ජාතිකත්වය වර්ධනය වී තිබෙනවා නම් හොඳයි. චන්ද්‍රිකා එදා ජාතිය ඇමතුවෙ ඉංගිරිසියෙන්. ඒකට එදා ඇමති මණ්ඩලයේ කී දෙනකු විරුද්ධ වුණා ද? ඉංගිරිසියෙන් ඇමතුවෙ චාල්ස්ට තේරෙන්න. සමහර විට ඇය චාල්ස් ජාතිය කියා හිතන්න ඇති. ඇගේ පුතා විමුක්ති සිංහලයකු වී ඉපදීම ගැන ලජ්ජා වන්නේ අම්මා නිසා. ඒකෙ අර්ථ කිහිපයක් තියෙනවා. ඔබට ඕනෑ අර්ථයක් ලබා ගන්න. අපට නිදහස තව දුරයි. අද උත්සවයට දෙමළ ජාතික සංධානය සහභාගි වන්නේත් නැහැ. ඔවුන් එයින් කියන්න අදහස් කරන්නේ, එඩ්වඩ්ට පණිවුඩයක් දෙන්නේ, මෙරට දෙමළ ජනයාට තවමත් නිදහසක් නැති බවයි. ඒ මා කියන අර්ථයෙන් නිදහසක් නො වෙයි. දෙමළ නායකයන් එදත් අදත් මෙහෙයවනු ලබන්නේ මූලික ව ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් විසින්. ෆෙඩරල් පක්ෂය නමින් හැඳින්වුණු ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙහි භාණ්ඩාගාරික වූ ඊ එම් වී නාගනාදන් පළමු පාර්ලිමේන්තුවේ පළමු සැසියේ රාජාසන කතාවේ දී කිව්වේ මෙරට සිංහලයන්ට නිදහස ලැබී ඇති නමුත් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස් වීමට ඇති බවයි. සුමන්තිරන්ලාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් නිදහස් වීමට අවශ්‍ය නැහැ. චෙල්වනායගම් මෙන් ම සුමන්තිරන් ක්‍රිස්තියානි. එක් අයකු අංග්ලිකන් අනෙක් අය මැතෝදිස්ත. පාණදුරා වාදය කෙරුණේ ඒ දෙගොල්ලන්ට විරුද්ධව. අපට පෙවරවාරි හතරවැනි දා ලැබුණේ වෙල්ලස්සේ කුමරයා බලාපොරොත්තු වූ නිදහස නො වෙයි. ඒ නිදහස තව හුඟක් ඈතයි. මා ඊයේ කී පරිදි අපට ලැබුණේ ඩොමීනියන් තත්වයක්. අප එයින් තරමක් ඉදිරියට ගියේ 1972 මැයි විසිදෙවැනි දා. අප ජනරජයක් වී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව ජනාධිපති විලියම් ගොපල්ලව වූ දා. එයට මුල් වූයේ බණ්ඩාරනායක මැතිණියයි. පෙබරවාරි හතරවැනි දා මෙරට ඉංගිරිසින් විසින් ඇති කරනු ලැබූ ප්‍රභූ පංතියට ඔවුන් පැතු නිදහස ලැබුණා. ඔවුන් පෙත්සම් මගින් ගතුකම් කර නිවට කමින් තමයි ඒ නිදහස ලබා ගත්තෙ. ඒ නිදහසට ලේ හැලුවෙ නැහැ කියන එකේ ඇත්තක් තියෙනවා. කැප්පෙටිපොළ නිළමෙ පුරන් අප්පු කඩහපොළ හාමුදුරවෙන් ලේ හලපු නිදහස තවම අපට ලැබුණෙ නැහැ. ජ වි පෙ ලේ හලමින් අනුන්ගේත් ලේ හැලුවෙ මාක්සගෙ හිතළුවක් වෙනුවෙන්. අද නන්නත්තාර වී ඇති ඊනියා විද්වතුන් යන එන මං නැතිව ජ වි පෙරමුණට ආධාර කරන්නේ මිනී මැරුම් අමතක කරමින්. මොවුන්ගෙන් ඇතැමකු දයා පතිරණගෙ විශ්වවිිද්‍යාල සගයන්. අද ඔවුන් පල්ලිය හා එහි නියෝජිත කුරුස කාරයන් සමග එකතු වෙලා. එදත් ඇතැමුන්ගෙ මතයක් තිබුණ ජ වි පෙ පිටුපස පල්ලිය හිටීියා කියා. ඔවුන් හාමුදුරුවරුන් ඝාතනය කළා පමණක් නොව තරුණ භික්ෂූන් වහන්සේගේ භික්ෂූත්වයත් කෙළසුවා. තාප්ප උඩින් සෘද්ධි වෙන්න තරුණ හාමුදුරුවරුන්ට කියා දුන්නෙ ජ වි පෙ. ඇතැමුන් කියන විධියට පෙබරවාරි හතරවැනි දා අයිවෝ ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය. රනිල් කියන විධියට එහෙම නම් අද අප සමරන්නේ ජෙනිංග්ස්ගෙ භාර්යාවගේ උපන් දිනය. අයිවො ජෙනිංග්ස් තමයි මෙරට මුල් ව්‍යවස්ථාවේ නිර්මාතෘ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඩොයිලිගෙන් පසු අපට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු භයානක ම පුද්ගලයා ජෙනිංග්ස්. අප ඩොයිලිට මෙන් ම ජෙනිංග්ස්ටත් හසු වුණා. මෙරට ප්රභූන්ට නම් ජෙනිංග්ස්ට වඩා බුද්ධිමතකු නැහැ. ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේත් නිර්මාතෘ. පේරාදෙණිය ආශ්රයෙන් තමයි මෙරට අනෙක් විශ්වවිද්‍යාල ඇති වී තිබෙන්නේ. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් මරලා ඒවා පේරාදෙණි ආකෘතියේ විශ්වවිද්‍යාල බවට පත්කරලා මෙරට පැවිදි පඬිවරුන් බිහි වීම වළක්වනු ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මනරම් භූමියක ගොඩනගලා තියෙනවා. එය ලෝකයේ ම රමණීය විශ්වවිද්‍යල දහය අතරට වැටෙනවා. එය සමහර විට ලෝකයේ ම වඩාත් ම අනුකාරක විශ්වවිද්‍යාල දහය අතරටත් වැටෙනවා ඇති. අපේ නිදහසට මග අහුරණ ප්‍රධාන ම ආයතනය ජෙනිංග්ස්ගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ජෙනිංග්ස් මෙරට පළමු ව්‍යවස්ථාවටත් පළමු විශ්වවිද්‍යාලයටත් දායක වීම කෙතරම් අභාග්‍යක් ද? (මතු සම්බන්ධයි) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom