ජාතික වීරවරයන්ගේ දෛවය
ජාතික වීරවරයන්ගේ දෛවය
1948 පෙබරවාරි මස හතර වැනි දා ශ්‍රී ලංකාවාසී අපට නිදහස ලැබුණේ යෑයි කියනු ලැබේ. නිදහස ලැබුවේ ඉංග්‍රීසි ජාතිකයන් ගෙනි. ඉංග්‍රීසි පාලනය විසින් සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සකලවිධ ජනතාව පීඩනයට පත් කළ ආකාරය ඉතිහාසය කියවන විට පැහැදිලි වේ.
එහෙත් අප අදටත් අපේ භාෂාව කතා කිරීමට වඩා ඉංග්‍රීසියෙන් කතා කිරීම මහා උජාරුවක් කොට සලකමු. ඉංග්‍රීසි බැරි එකා ගොඩයෙකි. එමෙන්ම බත් සමග වෑංජන වුව ද හැන්ද හා ගෑරුප්පුව භාවිත කර කෑම උජාරුවක් කොට සලකමු. බත්වලට වඩා µ්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්‌ස් කෑම ද ඉංග්‍රීසි ක්‍රමය නිසා ඊට කැමැතිය. අපට අපේම කිව හැකි ඇ`දුමක් ද නැති අතර කලිසම හා ටයි කෝට්‌වලින් සැරසෙමු. ජාතික ඇ`දුමට "කපටි සූට්" එක යෑයි කියන්නෝ ද අපිම ය. දැන් පපුව මත තබා ආචාර කරනවාට වඩා සුද්දන් මෙන් අතට අත දීමට අපි කැමැතිය. "ආයුබෝවන්" කියන්නේ ගමේ ගොඩයෝ ය.
වසර කිහිපයකට පෙර මම මෙවැනි කවියක් දුටුවෙමි. එහි මාතෘකාව වූයේ "සුද්දාගේ නිදහස් දින පණිවිඩය" යි. කවිය මෙසේ ය.
"මගේ භාෂාව
මගේ ඇදුම
මගේ කෑම බීම
මගේ සිරිත් විරිත්
තොපට මොන නිදහසක් ද බොලව්....."
කතාව ඇත්ත ය. නිදහස ලැබී අවුරුදු හැත්තෑවක් ගත වුවත් අපි සුද්දා ම අනුගමනය කරමු. එසේ කරන හැටි විශේෂයෙන් ඉගැන්වීමට ජාත්‍යන්තර පාසල් බිහි වී තිබේ. ජාතික පාසලින් නිදහස් අධ්‍යාපන ලැබූ උගත්තු යෑයි කියන පාලකයෝ බොහොමයක් ම ක`ඵ සුද්දොa වෙති. අප මෙවැනි තත්ත්වයකට වැටී ඇත්තේ ඉතිහාසය අමතක කිරීම නැතහොත් නො දන්නාකම නිසා ය. මේ ලිපියෙන් අප උත්සාහ ගන්නේ නිදහස වෙනුවෙන් සටන් කළ ජාතික වීරවරයින් කිහිප දෙනකුගේ දෛවය ගැන සාකච්ඡා කිරීමට ය.
වසර තුන්සිය ගණනක් මු`ඵල්ලේ බටහිර ජාතීන් තුනකට යටත් කර ගත හැකි නොවුණු අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වන්නේ සටනක් පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස නොව පාවා දීමක ප්‍රතිඵලයක් ලෙස බව කීමට සිදු වීම කනගාටුදායක ය. ඒ 1815 වසරයි. ඉතිහාසයේ ශෝචනීය කාලය යි. රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වූ අතර මේ වන විට රජතුමා බේබද්දෙක් ව සිටි බව කියනු ලැබේ.
සේනාධිපති වූ ලෙව්කේ දිසාපතිතුමා නොයෙක් යුද්ධවලදී සිය දක්‌ෂතාව පෙන්වා තිබූ වීරයෙකි. එමෙන්ම අතිශය රූප සම්පත්තියෙන් යුතු කඩවසම් පිරිමියෙකි. කවියකු එතුමා ගැන මෙසේ කීවේය.
"ඉ`දගත්තම පිළිමය තිබ්බා වාගේ
නැගිටපුවම වේපත බැන්දා වාගේ
යන එන ගමන විදුලිය කෙටුවා වාගේ
ලෙව්කේ මැති`දු ගල් අතරට කොත වාගේ"
එහෙත් සේනාධිනායක ලෙව්කේ දිසාව ගැන රජු සිටියේ ඊර්ෂ්‍යාවෙනි. එය වෛරයක් බවට පත් විය. 1803 සැප්තැම්බර් 6 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සේනාවත් සමග පහතරට ආක්‍රමණය කළේ ය. මෙහිදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ලෙව්කේ හා රජු විරසක විය. කුමන්ත්‍රණය කළේ ද සිංහලයෝ ම ය. මෙහිදී රජුගේ නියමයෙන් ලෙව්කේ දිසාවගේ හිස ගසා දමන ලදී.ජන කවියා එය දුටුවේ මෙසේය.
පුන් ස`ද සේම පායාලා රට මැද්දේ
රන් කෝදි සේ ම පීරාලා පිට මැද්දේ
මාර සෙන`ග වට කරගෙන යම යුද්දේ
ලෙව්කේ මැති`දු අද තනියම වෙල මැද්දේ
ලෙව්කේ මැති`දුන් ධනු ලග්නයෙන් ඉපැදී ඇති අතර පුවපුටුප නැකැත හිමි වේ. උපතින් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයක් ගෙවෙන අවස්‌ථාවක එතුමා ඝාතනය කර ඇති බව ද පෙනේ. ජාතික වීරයින් නැවත නැවත ඉපදෙන බව ද සිsතිය හැකි ය. ලෙව්කේ දිසාපතිතුමා හතර කෝරළයෙන් බිහිවූ නායකයකු වන අතර 1970 දශකයේ කීර්තිමත් මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ කේන්ද්‍රය ද ලෙව්කේ දිසාපතිගේ කේන්ද්‍රයට සමාන වේ.
බේබදු බවට පත්ව සිටි රාජසිංහ රජු බලයෙන් පහකරවන්නට සිංහලේ නායකයන් උත්සාහ කළ අතර ඇහැලේපොල නිලමේ ද ඉන් එක් අයෙකි. මේ බව ආරංචි වූ රජු ඔහුට තමා ඉදිරියේ පෙනී සිටින මෙන් අණ කළද එම අණ නොතකා හේ පලා ගියේ ය. මෙවිට පළි ගත්තේ එතුමාගේ බිරි`ද හා දරුවන්ගෙනි. රජු විසින් ඇහැලේපොල කුමාරිහාමි හා දරුවන් සිර ගත කොට තැබූ අතර බෙහෙවින් රූමත් වූ කුමාරිහාමිට අයුතු යෝජනාවක් කළේ ය. මේ පණිවුඩය රැගෙන ආ අයට කුමාරිහාමි කීවේ
"වඩුගයෙක් සමග සැතපීමට මම වඩුග
ගැහැනියක් නොවෙමි .......... යනුවෙනි
මෙයින් රජු කෝපයට පත් විය. අවසානයේ රජුගේ නියමය වූයේ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමටත්, දරුවන් හිස ගසා මරා දැමීමටත් ය. මෙම ඝාතන සියෑසින්ම දැක ගැනීම ස`දහා රජු පත්තිරිප්පුවේ සිට බලා සිටි බව කියනු ලැබේ.
මෙහිදී වැඩිමහල් පිරිමි දරුවා භීතියට පත් ව මව පිටුපසට වී සැ`ගවුණු අතර අවුරුදු හතක් වයස වූ මද්දුම බණ්‌ඩාර කුමරු
"අයියණ්‌ඩිය බිය නොවන්න
මැරෙන හැටි මම පෙන්වමි" කියමින් ගහලයාට සිය ගෙල පෑවේ ය. වැඩිමහල් පුතාත් මේ දෙවැනි පුතාත් හිස ගසා මරා දැමූ පසුව රජු නියම කළේ කුමාරිහාමිගේ අතේ කිරි බොමින් සිටි කුඩා ළදරුවාගේ හිස කපා වංගෙඩියක දමා කොටවන ලෙස ය.
මවකට එසේ කළ හැකි ද ? එහෙත් එය ප්‍රතික්‌ෂේප කළ විට රජු කීවේ එසේ නම් ඇය සැඩොලෙකුට පාවාදෙන බවයි. මෙහිදී වංශාභිමානය මෙන්ම ජීවිතය මෙන් රැක ගෙන ආ පතිව්‍රතාව අගය කරන කුමාරිහාමි තම ආදරණීය පුංචි බිලිs`දාගේ හිස දැමූ වංගෙඩිය මත එක වරක් පමණක් මෝල් ගහ හෙළා සිහි නැතිව බිම ඇද වැටුණා ය. ඉන් පසුව එතුමිය ද බෝගම්බර වැව් දියේ ගිල්වා මරා දමන ලදී.
ඇහැලේපොළ කුමාරිහාමි 1780 උපන් අතර 1814 ඝාතනය කරන විට වයස අවුරුදු 34 කි. ඇය ද උපන්නේ ධනු ලග්නයෙන් වන අතර ලග්නපති ගුරු එකොළහේ තැන්පත් ව තිබුණි. කුජ හතරේ ය. ගුරුගේ ශුභ දෘෂ්ටීන් හත්වැන්නට ලැබීම ශුභ විවාහයක් හා යහපත් චරිතයක් ඇයට උරුම කර දී තිබේ. ස`දු ලග්නයේ තිබූ අතර ලග්න හා ජන්ම ඒරාෂ්ඨක අපල දෙකත් එකවර යෙදී තිබූ බරපතළ සෙනසුරු අපල කාලයක ඇයට පවුලත්, ජීවිතයත් අහිමි වූ බව පෙනෙන්නේ ජ්‍යෙdතිෂයේ නිවැරැදි බව හා අගය තවත් පසක් කරමිනි.
එමෙන්ම වීර මද්දුම බණ්‌ඩාර කුමරුන් උපදින්නේ ඇයට වයස 26 ක් වූ 1806 දී ය. කුමරු උපන් ලග්නය සිංහ වූ අතර ලග්නපති රවි, බුධද හා කුජ සමග හත්වැන්නේ, ස`දු දෙවැන්නේ හා ගුරු පහේ සිටියේ ය. රවි, කුජ, බුධ කුමරුන්ගේ වීරත්වය සංකේතවත් කරයි.
ඇහැලේපොළ කුමාරිහාමි ජාතියට දායාද කරන්නේ වීරත්වය පමණක් නොවේ. චරිතය හෙවත් පතිව්‍රතාව ආරක්‌ෂා කර ගැනීමට ක්‍රියා නො කර බේබදු රජුගේ ආශාවන් මුදුන්පත් කළා නම් ඇයටත්, දරුවන්ටත් ජීවිත දානය ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් පවුලේ අභිමානය හා පතිව්‍රතාව ඇය ජීවිතයට වඩා අගය කළ බැවින් අදත් ඇය හා මද්දුමබණ්‌ඩාර කුමරුත් ජාතියේ වීරවරයන් බවට පත්ව සිටී. මේ අනුව අප ද විශේෂයෙන් අපගේ කාන්තා පක්‌ෂය ද දරුවන් ද මේ ශ්‍රේෂ්ඨ මව හා දරුවා ආදර්ශයට ගත යුතු ය.
යටත් විජිත වාසීන් අප රට යටත් කර ගත්තේ මෙවැනි අමන බේබදු රජයක පාලනය යටතේ ජාතික නායකයන් බේද භින්න වී විරසකව සිටින යුගයක ය. මේ අනුව ඇහැලේපොළ නිලමේගේ පවුල ඝාතනය කළ ආකාරය ගැන ආරංචි වූ ඔහුගේ පූර්ණ අනුග්‍රහය ලබන ඉංග්‍රීසි හමුදා 1815 දී උඩරට යටත් කර රට තුළ හිරු නො බසින අධිරාජ්‍යයේ ආධිපත්‍යය පතුරුවන ලදී.
එහෙත් ඉංග්‍රීසීන් රට පාලනය කළේ අපේ නායකයන් බලාපොරොත්තු වූ ආකාරයට නොවේ. මෙහි ප්‍රතිඵලය වූයේ රට තුළ ඉංග්‍රීසි විරෝධී කැරැලි ඇති වීමයි. 1818 ඇති වූ කැරැල්ල එවැන්නකි. මෙම සටනේදී ඉතිහාසයේ රන් අකුරින් ලියෑවුණු නමක් වන්නේ මොණරවිල කැප්පෙටිපොල යන නමයි. ඌව වෙල්ලස්‌ස දිසාව වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේ වර්ෂ 1766 උපන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි.
ලග්නාධිපති කුජ හතරේත්, ගුරු දහයේත් සිටි එතුමා සටනට නායකත්වය දුන් වරදට 1818 - 11 - 26 දින හිස ගසා මරා දමන ලදී. එවිට එතුමාගේ වයස අවුරුදු 52 කි.
අරගල එතැනින් නිමවූයේ නැත. ජය ගත්තේ ද නැත. සිංහලේ වෙනුවෙන් කරන ලද තවත් කැරැල්ලකට නායකත්වය දුන් තරුණයෙක් නැවත කරළියට එන්නේ ය. ඒ පුරන්අප්පු වීරයා ය. බොහෝ වීරයන් මෙන්ම 1812 දී ඔහුද ඉපැදෙන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි. කුජ හා සිකුරු එකොළහේත්, බුධ ලග්නයේත්, ගුරු උච්චව නවයේත් තැන්පත්ව සිටියදී උපදින පුරන් අප්පු වීරයා තම 35 වැනි වියේදී ජීවිතය මාතෘ භූමියට පූජා කරමින් අවසන් හුස්‌ම හෙළන්නේ ය.
එදා සිට 1948 දක්‌වාම බ්‍රිතාන්‍ය ජාතිකයන් සම`ග අරගල කළ වීරයන් සංඛ්‍යාව සු`ඵපටු නොවේ. ඒ සියලු දෙනා ගැනම ලිවීමට තරම් මේ ලිපිය දිගු කිරීම අපේ අපේක්‌ෂාව නොවේ.
වැඩි විස්‌තර ස`දහා - 035 2232084/ 077 1234313
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්