ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි

    ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි



    5.png





    (01) සිට ඉල්ලූම් කරන නව ජාතික හැදුනුම්පත් සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර් කාලීන ජාතික හැදුනුම්පත නම් වූ නව තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල හා ඉතා සූක්ෂම ආරක්ෂිත ලක්ෂණවලින් සමන්විත ස්මාට් ( SMART ) කාඩ්පතක් හඳුන්වාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
    මෙය දිගුකාලීන නව වැඩ පිළිවෙලක මූලික පියවරක් වන අතර ලෝකයේ දියුණු රටවල් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා යොදා ගනු ලබන නව තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ද හඳුන්වා දීම සඳහා සිදු කරනු ලබන වැඩ පිළිවෙලක් .
    ඒ අනුව මෙම තාක්ෂණික හැඳුනුම්පත නිකුත් කිරීම මඟින් පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදිව හා විශ්වසනීය භාවයෙන් යුක්තව තහවුරු කළ හැකි වනු ඇත.
    1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද හැදුනුම්පත සඳහා හා 2014 පෙබරවාරි 28 වැනි දින සිට සිංහල හා දෙමළ භාෂාවෙන් පරිගණක තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කර නිකුත් කරන ලද හැඳුනුම්පත සඳහා ද යොදා ගත් ආරක්ෂිත කාඩ්පත් ක්‍රමය මේ දක්වා පැවතුන ද එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික කාඩ්පතක් ඔස්සේ නව මුහුණුවරකින් මෙම අන්තර් කාලීන ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට තීරණය තිබෙනවා.
    මෙහි පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කාඩ්පතෙහි මුද්‍රණය කරනු ලබන දත්ත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමත් , ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් (ICAO) යුතු ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමටත් කටයුතු කරනු ලබනවා.
    ඒ අනුව නව ඡායාරූපයේ ප්‍රමිතීන්

    * ඡායාරූප ප්‍රමාණය මි.මී.35 පළල මි.මී.45 උස විය යුතු අතර ඡායාරූපයේ ප්‍රමිතිය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සපයනු ලබන මෘදුකාංගය හෝ උපදෙස් අනුව විය යුතුය.
    * මුහුණ ඇස් විවෘතව හා පැහැදිලිව පෙනෙන පරිදි ද, මුඛය වසා සිනහවීමෙන් තොරව ද, කිසිදු හැඟීමක් පළ නොකරන මධ්‍යස්ථ ඉරියව්වෙන් යුක්තව ද වියයුතුය.
    * හිසකෙස් මුහුණට නොවැටෙන පරිදි තිබිය යුතු අතර මුහුණේ කෙලවර තෙක් පැහැදිලිව දිස්විය යුතුය.
    * (අදාළ වේ නම්) ඇස් කණ්නාඩි වීදුරුවලින් කිසිදු ප්‍රතිබිම්භයක් දිස් නොවිය යුතුය.
    * කාච තුළින් ඇස් පැහැදිලිව දර්ශනය විය යුතු අතර පැහැදිලි කාච (අඳුරු නොකරන ලද) පමණක් පැළදිය යුතුය.
    * ආලෝකය ඒකාකාරි වියයුතු අතර සෙවනැලි, දිලිසීම හෝ ක්ෂණිකාලෝක පරාවර්තන දර්ශනය නොවිය යුතුය.
    * නිරාවරණය හා ඡායාරූපයේ සුදු පැහැයේ තුලනය අයදුම්කරුගේ සමේ ස්වභාවික වර්ණ සංයෝගය පිළිබිඹු කළ යුතුය.
    * ඡායාරූපයට පෙනී සිටින ආකාරය, කැමරාවට කෙළින්ම මුහුණලා, මුහුණ හා උරහිස් ඡායාරූපයේ මැද පිහිටන පරිදි විය යුතුය.
    * පසුතලය ඒකාකාරිව, පැහැදිලිව ආකෘතික ස්වරූපයෙන් තොරව, ලා නිල් වර්ණයෙන් තිබිය යුතුය.
    * පිලිබිඹුව පැහැදිලි තියුණු සහ නාභිගත විය යුතුය.
    * වෘත්තීමය මුද්‍රණ රසායනාගාරයක් භාවිත කරමින් ඡායාරූප වර්ණයෙන් මුද්‍රණය කර තිබිය යුතුය.
    * ඡායාරූපය කිසිදු ආකාරයකින් වෙනස් කර නොතිබිය යුතු අතර එම ඡායාරූපය අයදුම්කරුගේ ස්වභාවික තත්ත්වය පිළිබිඹු කරන ඡායාරූපයක් විය යුතුය.


    2015.12.22 දිනැති අංක 1946/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) නියෝගවලින් උපුටා ගන්නා ලදී.
    මෙම ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙත යොමුවිය යුතුයි.
    ඒ සඳහා ඡායාරූප ශාලා 1900 ක් වෙන්කර ඇති අතර එම ස්ථාන පහත වෙබ් අඩවියට පිවිසීමෙන් හඳුනා ගත හැකියි.

    මෙතනින් පිවිසෙන්න
    source:www.hirunews.lk
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොකු දෙයක්. පිටරට එකෙක් ID එක දැක්කොත් වහ කනවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kohomada ban okata maru karaganne dan thiyana eka

    bump
    වුරුදු 40 වෙනකන් අවුරුදු 10න් 10ට ඔක අලුත් කරන්න ඔනා. මැන්ඩේටරි නැ ඔක ගන්න එක. හැබැයි අද ඉදන් දෙන්නේ ඔක.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    etakota dan tiyena NIC eka wenas wenawada ?
    නැ යකො.. උබට ඔක ගන්න එක අනිවාර්ය නැ. උබට දැන් වයස 30ට වැඩි නම් ඔක එක පාරයි ගන්න ඔනා. 30ට අඩු නම් උබට ආයේ ඔක අවුරුදු 10න් අලුත් කරන්න ඔනා. 40න් පස්සෙ ආයේ අලුත් කරන්න ඔනා නැ.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    නැ යකො.. උබට ඔක ගන්න එක අනිවාර්ය නැ. උබට දැන් වයස 30ට වැඩි නම් ඔක එක පාරයි ගන්න ඔනා. 30ට අඩු නම් උබට ආයේ ඔක අවුරුදු 10න් අලුත් කරන්න ඔනා. 40න් පස්සෙ ආයේ අලුත් කරන්න ඔනා නැ.

    Janadipatithuma kiyanawanam echcharai ithin :lol: :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලොකු දෙයක්. පිටරට එකෙක් ID එක දැක්කොත් වහ කනවා.

    :lol::lol:
    හැබැයි ඉතින් චිප් රීඩරස් එහෙම හැම තැනකම තියෙන්න ඕනෙ වෙයි.. :yes:
    අනික් රටවලනම් එහෙමයි.. හැමදේටම එක එක ඩිජිටල් ගැජමැටික්ස් තියෙනවා.. කොටින්ම ලයිසන් එක තියාගෙන දඩ ගහන්නේ නෑ.. ලයිසන් එක අරන් පොලිස් ජිප්පුවෙම තියෙන මැෂින් එකට ලයිසන් එක දැම්මාම පෙර වැරදිත් එක්ක ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා..:baffled: අපේ ලයිසන් එකේ චිප් එකත් ලස්සනට විතරයි..:rolleyes:

    ප්‍රාදේශීය සභා වල, එහෙම සිස්ටම් අවුල් ගිහින් වැඩ කරන්නේ නෑ කිව්වොතින් මළ තොප්පියයි.. :angry:දන්නවනේ රාජ්‍ය සේවයේ හැටි.. සිස්ටම් වැඩ කරන්නේ නෑ කියන්නේ වැඩ කරන උන්ට අදාළ දෙයක් නෙමෙයි නිසා ආතල් එකේ ඉඳී අපිට කරන්න දෙයක් නෑනේ කියලා.. :lol:
    අනික ග්‍රාමසේවක මහත්තයාට පවා අයි.ඩී එකේ චිප් රීඩ් කරන ගැජමැටික් දෙන්න වෙයි නේහ්..:)
     
    • Like
    Reactions: lilman

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0


    :lol::lol:
    හැබැයි ඉතින් චිප් රීඩරස් එහෙම හැම තැනකම තියෙන්න ඕනෙ වෙයි.. :yes:
    අනික් රටවලනම් එහෙමයි.. හැමදේටම එක එක ඩිජිටල් ගැජමැටික්ස් තියෙනවා.. කොටින්ම ලයිසන් එක තියාගෙන දඩ ගහන්නේ නෑ.. ලයිසන් එක අරන් පොලිස් ජිප්පුවෙම තියෙන මැෂින් එකට ලයිසන් එක දැම්මාම පෙර වැරදිත් එක්ක ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා..:baffled: අපේ ලයිසන් එකේ චිප් එකත් ලස්සනට විතරයි..:rolleyes:

    ප්‍රාදේශීය සභා වල, එහෙම සිස්ටම් අවුල් ගිහින් වැඩ කරන්නේ නෑ කිව්වොතින් මළ තොප්පියයි.. :angry:දන්නවනේ රාජ්‍ය සේවයේ හැටි.. සිස්ටම් වැඩ කරන්නේ නෑ කියන්නේ වැඩ කරන උන්ට අදාළ දෙයක් නෙමෙයි නිසා ආතල් එකේ ඉඳී අපිට කරන්න දෙයක් නෑනේ කියලා.. :lol:
    අනික ග්‍රාමසේවක මහත්තයාට පවා අයි.ඩී එකේ චිප් රීඩ් කරන ගැජමැටික් දෙන්න වෙයි නේහ්..:)
    ඔව් බන්. ඊයේ හදිස්සියකට නුවර තැපැල් කන්තොරුවට ගියා නෙට් කැෆේ එකට යන්න. කැෆේ එකේ මැශින් වැඩ කරනවා. එතන උන්නු එකා කියනවා ඒක වහලලු. ඌන්ගේ උන්ට විතරයි වගේ. ආන්ඩුවේ දේපල මුන් ගෙවල්වල ගෙනිහින්ද මන්දා.
     

    Similar threads