ජාතිය රකිමු

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මගේ රට මගේ ජාතිය හා ආග ...... ම
මා ලද සම්පත්ය මේ ජන්මෙන් ...... ම
ඒ වස්තුව නොරැක රජ වී ............ ම
මා හට යුතු නොවේ බියසුලු වී ....... ම
 
Last edited:

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
අප දුප්පත්ය කියනා බටහිර ජාති .................. න්
නොදන්න නිසා මගේ ලක් මව සතු මිනි කැ ...... න්
ලජ්ජා වන්ට නොම උන් ගැන දුක් වීය ............ න්
උන් හට සමා දෙනු උන් නොදනා කම් ගැ ......... න්
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
mahinda_rajapakse.jpg


මුදල්ය කියන රැවටිල්ලට වහ වැටු ............ නූ
මෝඩයො හිතයි අප රට ගැන දුහු වටු ........ නූ
එනමුදු ලක් දරුවන් එහි වහ වැටු ............. නූ
දනිති රකිති තම රට බැඳ රන් ඔටු ............. නූ
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
Def_Sec.JPEG


ජාතිය රන් විමණක් ......... සේ
ආගම මිණි පහණක් ........ සේ
තම රට දැය කිරුලක් ....... සේ
සිතා රකිනු මැන නිබ ....... ඳේ


Gotabhaya_Rajapaksa.jpg


ඉපදුනු බිම, ජාතිය හා බුදු සසු ............ න
දිවිහිමියෙන් රකින්නට පණ නළ පිදු ...... ම
මේ ලක් දෙරණ ඉපදුනු පුතු හට සී ........ හ
එයමයි ඔබ ලැබූ ගරු නම්බුව නිබ ........ ඳ

 
Last edited:

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
වෙඩි උන්ඩයට බිම් බෝම්බෙටත් අසු ...... වී
නන් දුක් විඳ සිහල පුතුන් හෙම්බත් ......... වී
ලැබදුන් නිදහසෙන් නිවටුන් එක් රොක් .... වී
බෙදනට හදයි මගෙ මව්බිම යලි කෑ ........ ලී

පරයන් හට රට දෙන්නට නොවෙයි ......... බොලං
යුද්ධ කලේ උන්ගෙ එවුන් නොවෙයි ....... බොලං
අපේ රටේ සවි ශක්තිය අපියි ................ බොලං
උන්ට නැවෙන කොඳු අපිලඟ නැහැනෙ ..... බොලං
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
6028_586287284716228_23827166_n.jpg

අභාවප‍්‍රාප්ත වූ වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හි්‍යුගෝ චාවේස්ගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාඞ් මේ වන විට එරට මාධ්‍යවල සහ ඉස්ලාමීය ආගමික නායකයන්ගේ විවේචනයට ලක් වී සිටියි.

ඒ හි්‍යුගෝ චාවේස් අවමංගල්‍ය උත්සවයේ දී ඉරාන ජනාධිපති අහමදිනෙජාඞ්,චාවේස්ගේ මව වූ එලීනා ෆ‍්‍රියේස් ඞී චාවේස්ව සිප වැළඳ ශෝකය බෙදා ගන්නා ඡුායාරූපයක් පළවීම හේතුවෙනි. ඉස්ලාමීය ආගමික නීතිරීතිවලට අනුව මුස්ලිම් පිරිමියෙකු තම පවුලේ සාමාජිකාවක නො වන ස්ත‍්‍රියක් ස්පර්ශ කිරීම පාපයකි. ඔවුහු එය ‘හරාම්’ ක‍්‍රියාවක් හෙවත් වැළැකිය යුතු ක‍්‍රියාවක් ලෙස සලකති.

එසේ තිබිය දී ප‍්‍රබල මුස්ලිම් රාජ්‍ය නායකයකු වන ජනාධිපති අහමදිනෙජාඞ් මෙලෙස ‘‘හැඟීම් පාලනයකින් තොර ව හැසිරීම’ අනුමත කළ නොහැකි බව ඉරාන ඉස්ලාමීය ආගමික ප‍්‍රධානීහු පවසති. මෙම ඡුායාරූපය පළ වීමට පෙර ජනපති අහමදිනෙජාඞ් විසින් ජනපති චාවේස්ගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩය ද ඉස්ලාමීය ආගමික නායකයන්ගේ විවේචනයට බඳුන් විය.