මහ නාහිමිවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රබල බෞද්ධ සංවිධානයක්
සිංහල ජාතියට සහ බුදු දහමට එල්ලවී ඇති තර්ජන වළක්වාලමින් ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට සහ අනවශ්‍ය අර්බුද ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ෙතේරනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී ඊයේ (07) පස්වරුවේ පිහිටුවා ගනු ලැබූහ.
සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන ප්‍රේමසිරි යන මහානාහිමිවරුන් ඇතුළු සියලු සංඝ සභාවන්හි අනුනායක ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද මේ සඳහා සහභාගි වී ඇත.
ජයග්‍රහණය පදනමේ අධ්‍යක්ෂ මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රධාන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු බෞද්ධ සංගම් රැසක ප්‍රධානීහු මේ සඳහා සහභාගි වී ඇත.
ෙතේරනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා මෙම සංවිධානයේ සභාපති මණ්ඩලයට පත්ව සිටිති. මේ දිනවල බුදු දහමට හා සිංහල ජනතාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙහිදී විශේෂයෙන් කතා බහට ලක්ව ඇත. සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ජාතික, ආගමික ගැටලුවක් ඇති නොවන පරිදි ඇති වී ඇති අර්බුදයන්ගෙන් හා අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන්නේ බෞද්ධයන් ආරක්ෂා කර ගැනීම මෙම සංවිධානයේ අරමුණ වේ.
ෙතේරනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා මෙහිදී විශේෂ අනුශාසනා පවත්වා ඇති අතර අනුනායක ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ සංගම් නියෝජිතයන්ද මෙහිදී අදහස් දක්වා ඇත.