Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජාතිවාදය ඇවිස්සෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟ ‘අන්තෝ ජටා බහි ජටා

‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක්‍රිස්තු වර්ෂ 973-1057)

මාර්ටින් වික්‍රමසිංහගේ ‘භව තරණය’ ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට නිගාවකැ යි කියා තහනම් කරන්නැ යි ඇතැම් (ගිහි පැවිදි) සිංහල-බෞද්ධයෝ ඉල්ලා සිටියහ.

ක්‍රිස්තියානි විරෝධී සාරධර්ම පතුරුවති යි කියා ‘හැරී පොටර්’ නවකතා මාලාව තහනම් කළ යුතු යැයි සිතන ඇමරිකානු ශුභාරංචිකරුවෝ ද වෙත්.

‘රාමායනය’ ගැන ඒ. කේ. රාමනුජාන් ලියූ විවේචනාත්මක රචනාවක් බී.ඒ. (ගෞරව) උපාධි පාඨමාලාවට ඇතුළත් කිරීම උඩ දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානියාට ‘භාරතීය ජනතා පක්ෂයේ’ ශිෂ්‍ය ව්‍යාපාරය තඩිබෑවේය. ඔවුන්ගේ අදහස වුණේ, ඒ මගින් හින්දු හැඟීම් රිදවන බව ය.

‘අරාබි නිසොල්ලාසයේ කතා’ මගින් ‘පාපය’ ඉස්මතු කෙරෙති යි කියා එම ග්‍රන්ථය ඊජිප්තුවේ තහනම් කරවා ගැනීමට ඉස්ලාමීය නීතිඥයෝ පිරිසක් වලිකෑහ.

මේ කියන ආගම් හතරේ මූලධර්මවාදීන්ට තමන් සිතන පරිදි තමන්ගේ ආගම්වලට නිගාවකැ යි යන තර්කය මත ඕනෑම පොතක් තහනම් කිරීමේ අයිතිය යම් රාජ්‍යයකින් ලැබෙතොත් එම රටේ තත්වය කුමක් විය හැකි දැ යි සිතා බලන්න. යම් රටක ජනතාවක් කියැවිය යුත්තේ සහ ලිවිය යුත්තේ කුමක් ද, දැකිය යුත්තේ සහ ඇසිය යුත්තේ කුමක් ද, භාරගත යුත්තේ සහ රස විඳිය යුත්තේ කුමක් ද යන්න තීරණය කිරීමේ සින්නක්කර වරය මෙකී ආධානග්රාහී භික්ෂූන්ට/පූජකයන්ට හිමි වෙතොත් එරටේ තත්වය කුමක් විය හැකි දැ යි සිතා බලන්න.

රාජපක්ෂගේ අළුත්ම කූට වට්ටෝරුව සාර්ථක වුණොත්, ශ්‍රී ලංකාව එවන් රටක් වෙනු ඇත.

1559 දී, හතරවැනි පාවුළු පාප් වහන්සේ ප්‍රථම ‘තහංචි පොත් ලැයිස්තුව’ (පෝලින් සූචිය) ප්‍රකාශයට පත්කෙළේය. කතුවරු 538 ක් ඊට ඇතුළත් වූහ. 1966 දී අහෝසි කරන තෙක්, ‘පුස්තක තහංචි සූචිය’ නමින් ලතින් භාෂාවෙන් හැඳින්වුණු මේ ලැයිස්තුව, වතිකානුව විසින් යාවත්කාලීන කොට එක දිගටම පවත්වාගෙන ආවේය.

අද ලංකාව පාලනය කරන සහෝදරවරු තමන්ගේම වන ‘පුස්තක තහංචි සූචියක්’ ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කරති. ‘රාජපක්ෂ තහංචි සූචිය’ කලින් කී ‘පෝලින් සූචියටත්’ වඩා මර්දනකාරී ය. සීමාකාරී ය. මන්ද යත්, ශ්‍රී ලංකාවේ ආගම් හතරෙන් ඕනෑම එකකට රිඳවති යි යමෙකු විශ්වාස කරන ඕනෑම දෙයක් තහනම් කිරීමට එය අපේක්ෂා කරන බැවිනි. ‘‘ප්‍රධාන ආගම්වල මූල ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් අපකීර්තියට පත්කරන ඕනෑම මුද්‍රිත හෝ විද්‍යුත් ප්රකාශනයකට එරෙහිව පියවර ගැනීම සඳහා වන නව නීතියක් හඳුන්වා දීමට, ‘බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය’ සැරසෙන’’ බව මාධ්‍ය වාර්තා කෙළේය. ‘බෞද්ධ ප්‍රකාශන නියාමක මණ්ඩලයක්’ ස්ථාපිත කිරීම සඳහා වන කෙටුම්පතක් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබේ. එම කෙටුම්පත නීතියක් බවට පත්වීමෙන් පසු, ‘‘වෙනත් ආගම්වල මූල ඉගැන්විම්වලට අනුගත නැති ප්රකාශනවලට එරෙහිව නීති මගින් පියවර ගැනෙනු ඇත’’.

‘‘ලෝකය අභිභවනය කිරීමේ ලැදි උමතු විද්‍යා ප්‍රබන්ධ මූලාකෘතිය, තමාගේ ඇසින් පමණක් ලෝකය දැකීමේ සමත් පිස්සු පූජකයා විසින් ඩැහැගෙන තිබේ’’ යනුවෙන්, සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නයිජීරියානු ජාතික නවකතාකරු වෝල් සෝයින්කා, 2012 එක්සත් ජාතීන්ගේ ‘සාමය සහ අවිහිංසාවේ සංස්කෘතිය’ පිළිබඳ ජගත් සමුළුව අමතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාව ඊටත් වඩා හොඳින් එය කිරීමට සැරසෙයි. අද මේ රට පාලනය කරන සහෝදරවරුන් තිදෙනා සැරසෙන්නේ, පිස්සු නැටීමේ අවසරය සෑම ආගමකම ‘පිස්සු පූජකයන්ට’ පවරමින්, ස්වකීය බල ව්‍යාපෘති තර කර ගැනීමටයි. එයින් මතුකෙරෙන ‘ආගමික නිරවද්‍යතාවයේ’ නාමයෙන්, මුළු සමාජයම හිරිවට්ටන ප්රජාතන්ත්ර විරෝධී සාරධර්ම සහ ආතතික ශීලයන් අස්සෙන් ආඥාදායකත්වය තිරිහන් කර ගැනීමටයි.

ලෝකය පුරාමත්, ඉතිහාසය පුරාමත් සිටි හයිකාර පාලකයන් ස්වකීය රටවල ජනතාව අන්ධ ළදරුවන් කිරීමට තැත්කොට තිබේ. රටක පාලකයෙකු එරටේ ප්‍රථම පුරවැසියා බවට පත්වෙනවා වෙනුවට, සියල්ල දන්නා සහ සියල්ල දකින, ‘ජාතියේ සර්වඥ පියෙකු’ වීමට වළිකන විට, එරට ජනතාව වැඩිහිටියන් නොවී ළදරුවන් බවට පත්වන්නේ නිතැතිනි. ඒකාධිපතියෙකුගේ ලෝකයේ එකම වැඩිහිටියා වන්නේ ඔහු ය. අන් සියල්ලෝ බාලවයස්කරුවෝය. ජාතියේ පියා වශයෙන්, ඔහුගේ ‘දරුවන්’ සදාචාරමය වශයෙන් ¥ෂ්‍ය නොවනු වස් සහ දේශපාලනිකව අයාලේ නොයනු වස්, ඔවුන් කියැවිය යුත්තේ, ලිවිය යුත්තේ, දැකිය යුත්තේ, ඇසිය යුත්තේ සහ කතා කළ යුත්තේ කුමක් දැ යි තීරණය කිරීමේ අයිතිය සහ වගකීම ඔහු තමාට පවරා ගනී. එවැනි හයිකාර ඒකාධිපතියෙකුගේ ලෝකය, සදාතන දේශපාලනික ළදරු භාවයක කුණුවෙන ‘නෙවර් ලෑන්ඞ්’ දේශයේ (ස්කොට්ලන්ත ජාතික ජේ. එම්. බැරී ගේ නවකතාවක එන ප්‍රබන්ධ ස්ථානයක්* අඳුරු අනුවාදයක් බඳු ය.

සමස්ත ජාතියක් ළදරුවන් බවට පත්කිරීමට, මූලධර්මවාදී ආගම විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේය.

රාජපක්ෂලා ඔවුන්ගේ ‘සූචිය’ සාර්ථක කරගත්තොත්, ඔවුන්ගේ ස්වප්න ශ්‍රී ලංකාව, එනම් ශාස්ත්‍රීය විචාරය අපරාධයක් බවට පත්කෙරෙන, විචාර බුද්ධිය අංගවිකල කෙරෙන සහ විසම්මුතිය පාපයක් බවට පත්කෙරෙන ශ්‍රී ලංකාවක් දෙසට කෙරෙන මහා පිම්මක් බවට එය පත්වෙනු නියතයි: ‘යහපත් යටත්වැසියන්ගෙන්’ පිරුණු ‘සුවච දේශයක්’. පාලකයන් කියන ඕනෑම දෙයක් දෙස භක්තියෙන් බැලීමට, ඇසීමට සහ විශ්වාස කිරීමට පුරුදු පුහුණු කළ ‘ළදරු වැඩිහිටියන්ගෙන්’ පිරුණු දේශයක්.

මිනිස් සිත් පාලනය කිරීම සහ දේශපාලන බලය

‘පෝලින් සූචිය’ බිහිවුණේ ඓතිහාසික අවස්ථා දෙකකට ප්‍රතිචාර වශයෙනි: එනම්, ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය සහ මුද්‍රණ ශිල්පයේ ආරම්භයට ප්‍රතිචාරයක් වශයෙනි. මේ සිදුවීම් දාමයන්ගෙන් බැටකෑ පාප් වහන්සේ, වෙනස් මත (විසම්මුතිය* නිහඩ කොට, සමාජයීය සහ මනෝමය පාලනය යළිත් තම සන්තකයට ගැනීම සඳහා ගත් ප්රයත්නයක් වශයෙන් ‘පෝලින් සූචිය’ හඳුනාගත යුතුව තිබේ.

ආපසු ලංකාවට එන විට, අන්තර්ජාලයත් මීට විශේෂයෙන් අන්තර්ගත කිරීම මගින් පෙන්නුම් කරන්නේ, යෝජිත ආගමික වාරණය, ලාංකිකයන් වෙත තොරතුරු ගලායාමේ මාදිලිය හැඩගැස්වීම සහ එය පාලනය කිරීම සඳහා වන රාජපක්ෂලාගේ පුළුල් ව්‍යාපෘතියේ එක් අනුලංඝනීය අංගයක් වන බවයි. පෞද්ගලික මාධ්‍ය මේ වන විට බොහෝ සෙයින් හීලෑ කොට තිබේ. පරිපූර්ණ පවුල් පාලනයක් වෙත වැටී ඇති රාජපක්ෂ මාවතේ අවසාන ප්රත්යන්තය වනුයේ අන්තර්ජාලයයි. මේ කියන ‘රාජපක්ෂ සූචිය’ රටේ නීතියක් බවට පත්වූ සැණින්, ශ්‍රද්ධාව සහ ‘ආගමික නිරවද්‍යතාව’ නැමැති කඩතුරාව යටතේ, තථ්‍ය සහ තථ්‍යසම මාධ්‍ය ලෝකයේ පූර්ණ පාලනය හෙබැවීමට රාජපක්ෂ සහෝදරවරු සමත් වනු ඇත.

ආගම සහ මිථ්‍යාදෘෂ්ටිය, සංජෛවී නිවුන්නු ය. ආගම් තුළ නිකාය භේද ඇති වන්නේ, එකී නොකැඩිය හැකි බන්ධනය හේතුවෙනි. ඒ අනුව බුද්ධාගම, ථෙරවාද බුද්ධාගම සහ මහායාන බුද්ධාගම වශයෙන් ප්‍රධාන අංග දෙකකට බෙදෙයි. ක්‍රිස්තියානිය, ප්‍රොතෙස්තන්ත සහ සත්‍යලබ්ධික යනුවෙන් තුනකට බෙදෙයි. ඉස්ලාම් ආගම, සුන්නි සහ ෂියා යනුවෙන් දෙකට බෙදෙයි. මීට අමතරව, මේ සෑම ආගමකම තවත් අනු=නිකායන් බොහොමයකි. එවැනි භින්නතා ඇති වන්නේ, ‘ආගමක මුල් දේශනා සහ සම්ප්රදායයන්’ ගැන බැතිමතුන් තුළ එකඟත්වයක් නැති නිසා ය. තමන්ගේම ආගමේ වෙනත් නිකායිකයන්ව ඝාතනය කරනු ලබන්නේ ද, ආගම පිළිබඳව පවතින මෙවැනි ප්රතිඅර්ථකථන මත ය.

සිංහල=බෞද්ධයන්, ථෙරවාද නොවන බෞද්ධ ග්රන්ථ සියල්ලම හෝ සමහරක් නොකියැවිය යුතු යැයි දැන් තීන්දු කිරීමට යන්නේ යෝජිත බෞද්ධ පොලීසිය (බෞද්ධ ප්‍රකාශන නියාමන මණ්ඩලය* මගින් ද? ඔවුන්ට එය එතරම් අපහසු කාරියක් නොවනු ඇත. මන්ද යත්, පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ ද මහායානික අභයගිරිය සහ ජේතවනය, හීනයානික මහාවිහාරයේ අණසකට බලහත්කාරයෙන් නතු කිරීම මගින් ථෙරවාදී නොවන බෞද්ධාගමික අදහස් මැඩපැවැත්වීමට 1165 දී අපේ පාලකයන් කටයුතු කර ඇති බැවිනි. ‘ජාතික උරුම කොමිසමේ’ හිටපු වැඩ සටහන් සම්පාදක ඩබ්. කරූ පීරිස් පවසන පරිදි, ‘‘ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවස වන විට, අභයගිරි විහාර සංකීර්ණය අධ්‍යාපනික පීඨ හතරකින් සමන්විත විය… විදේශ රටවල් සමග සම්බන්ධතා පැවති එම විහාරය, මනාව සංවිධානය කරන ලද, සත්‍යලබ්ධික නොවන ආගමික අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට වර්ධනය වී තිබුණි… අභයගිරි ශිෂ්‍යයෝ, මහායාන සහ හීනයාන යන දෙවදෑරුම් ධර්මතාවන්ම අධ්‍යයනය කළෝය…’’ ථෙරවාදී නොවන මහායානික බෞද්ධ කුලකය මොන තරම් සාර්ථකව මර්දනය කෙළේ ද යත්, බුදුරජාණන් වහන්සේගේ සහ දෙවි දේවතාවුන්ගේ අභිමතය පරිදි, අතීතයේ දී මෙන්ම අනාගතයේ දී ද ලංකාව ථෙරවාදී බුද්ධාගමේ පූර්ණ සන්තකයක් වනු ඇතැ යි යන මිථ්‍යාව කලක් යන විට ප්‍රධාන ‘සත්‍යයක්’ බවට ස්ථාපිත කෙරුණි.

ඕනෑම ආගමික මූලධර්මවාදියෙකුගේ සිහිනය, ලාංකීය ථෙරවාදී බෞද්ධයන් සාක්ෂාත් කරගෙන ඇත. ඒ, තමන්ගේ දේශය තුළ සකල විකල්ප අර්ථකථන මර්දනය කරමින්, තමන්ගේ අර්ථකථනයම විරාජමාන කිරීමෙනි. විවිධ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් නිකායිකයෝ, ඒ අර්ථයෙන් ගත් කල, එතරම් සාර්ථක වී නැත. ලංකාවේ, කතෝලික සහ කතෝලික නොවන කිතුණුවෝ වෙසෙති. සුන්නි සහ ෂියා මුස්ලිම් නිකායිකයෝ වෙසෙති. එසේ වන කල, ක්‍රිස්තියානි/ඉස්ලාමීය ‘ප්‍රකාශන නියාමක මණ්ඩලයේ‘ සංයුතිය නිර්ණය කරනුයේ කෙසේද? කාගේ අර්ථකථනය තුළ, ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාම් ආගමේ ‘මූල ධර්මතා සහ සම්ප්රදායයන්’ අඩංගු වේ යැයි නිර්ණය කරන්නෝ කවරහුද? රාජපක්ෂ ‘තහංචි සූචියට’ ඇතුළත් වන්නෝ කවරහු ද? මාටින් ලූතර් ද, ලොයෝලා ඉග්නේෂියස් ද? ෂියා පතපොත තහනම් කරන්නැ යි සුන්නි මුස්ලිම්වරුන් ඉල්ලා සිටියොත් හෝ සුන්නි පතපොත තහනම් කරන්නැ යි ෂියා මුස්ලිම්වරුන් ඉල්ලා සිටියොත් හෝ ඇති විය හැකි තත්වය කුමක් ද? එපමණක් ද? ආගම් විරෝධී යැයි තමන් සිතන ඕනෑම සාහිත්‍ය, දාර්ශනික හෝ විද්‍යාත්මක විවිධ කෘති තහනම් කරන්නැ යි මේ මූලධර්මවාදීන් ඉල්ලා සිටියොත් කුමක් වනු ඇත් ද?

සෑම ආගමකම සිටින ගලගොඩඅත්තේ ඥානසාර මාදිලියේ පුද්ගලයන්ගේ නපුරු, අත්තනෝමතික මතවාදවලට නම් මේ ‘රාජපක්ෂ සූචියෙන්’ රැුකවරණය සැපයෙනු ඇත. එහෙත් ප්රකාශනයේ නිදහස වැනසෙනු නියතයි. දැනටමත් හිංසනයෙන් පෙළෙන දේශයකට, ආගම් තුළම වන ගැටුම් පුපුරා හැරීමෙන් තවත් රුදුරු අසහනයක ලේ තැවරුණු පරිච්ෙඡ්දයක් එක්කාසු කෙරෙනු ඇත.

මේ අළුත්ම විකාරයේ මාරාන්තික ස්වභාවය ගැන රාජපක්ෂවරු නොදනිත් ද? නැතහොත් ඔවුන් කරන්නේ, (ආගම් අතරේ ගැටුම් නිර්මාණය කරන්නා සේම* හිතාමතාම ආගම් ඇතුළේමත් ගැටුම් නිර්මාණය කිරීමක් ද? වාර්ගිකාගමික ‘අනෙකා’ පිළිබඳ භීතියෙන් සිංහල=බෞද්ධ සිත් ඔද්දල් වන විට, ක්‍රිස්තියානි/මුස්ලිම්/හින්දු සිත්සතන් මිථ්‍යාදෘෂ්ටි භීතිකාවකින් පෙළෙන විට, තම තමන්ම එකිනෙකා ඇනකොට ගන්නවා මිස, රාජපක්ෂලාට එරෙහි වීමේ අවකාශයක් ලාංකිකයාට ඉතිරි වන්නේ නැත.

ඒ අර්ථයෙන් ගත් විට, යෝජිත ආගමික වාරණය, සමාජයක් බෙදා වෙන්කොට පාලනය කෙරෙන, රාජපක්ෂ මාදිලියේ තවත් උප්පරවැට්ටියක් විය නොහැකි ද?

[QUOTE="Suryaa, post: 15579628, member: 406184"] [COLOR="DarkRed"]ඊළඟ ‘අන්තෝ ජටා බහි ජටා[/COLOR] [IMG]http://s19.postimg.org/in3p373sz/bbs2_e1377395103428.jpg[/IMG] [SIZE="4"][COLOR="rgb(139, 0, 0)"]‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික්‍රමසිංහගේ ‘භව තරණය’ ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට නිගාවකැ යි කියා තහනම් කරන්නැ යි ඇතැම් (ගිහි පැවිදි) සිංහල-බෞද්ධයෝ ඉල්ලා සිටියහ. ක්‍රිස්තියානි විරෝධී සාරධර්ම පතුරුවති යි කියා ‘හැරී පොටර්’ නවකතා මාලාව තහනම් කළ යුතු යැයි සිතන ඇමරිකානු ශුභාරංචිකරුවෝ ද වෙත්. ‘රාමායනය’ ගැන ඒ. කේ. රාමනුජාන් ලියූ විවේචනාත්මක රචනාවක් බී.ඒ. (ගෞරව) උපාධි පාඨමාලාවට ඇතුළත් කිරීම උඩ දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානියාට ‘භාරතීය ජනතා පක්ෂයේ’ ශිෂ්‍ය ව්‍යාපාරය තඩිබෑවේය. ඔවුන්ගේ අදහස වුණේ, ඒ මගින් හින්දු හැඟීම් රිදවන බව ය. ‘අරාබි නිසොල්ලාසයේ කතා’ මගින් ‘පාපය’ ඉස්මතු කෙරෙති යි කියා එම ග්‍රන්ථය ඊජිප්තුවේ තහනම් කරවා ගැනීමට ඉස්ලාමීය නීතිඥයෝ පිරිසක් වලිකෑහ. මේ කියන ආගම් හතරේ මූලධර්මවාදීන්ට තමන් සිතන පරිදි තමන්ගේ ආගම්වලට නිගාවකැ යි යන තර්කය මත ඕනෑම පොතක් තහනම් කිරීමේ අයිතිය යම් රාජ්‍යයකින් ලැබෙතොත් එම රටේ තත්වය කුමක් විය හැකි දැ යි සිතා බලන්න. යම් රටක ජනතාවක් කියැවිය යුත්තේ සහ ලිවිය යුත්තේ කුමක් ද, දැකිය යුත්තේ සහ ඇසිය යුත්තේ කුමක් ද, භාරගත යුත්තේ සහ රස විඳිය යුත්තේ කුමක් ද යන්න තීරණය කිරීමේ සින්නක්කර වරය මෙකී ආධානග්රාහී භික්ෂූන්ට/පූජකයන්ට හිමි වෙතොත් එරටේ තත්වය කුමක් විය හැකි දැ යි සිතා බලන්න. රාජපක්ෂගේ අළුත්ම කූට වට්ටෝරුව සාර්ථක වුණොත්, ශ්‍රී ලංකාව එවන් රටක් වෙනු ඇත. 1559 දී, හතරවැනි පාවුළු පාප් වහන්සේ ප්‍රථම ‘තහංචි පොත් ලැයිස්තුව’ (පෝලින් සූචිය) ප්‍රකාශයට පත්කෙළේය. කතුවරු 538 ක් ඊට ඇතුළත් වූහ. 1966 දී අහෝසි කරන තෙක්, ‘පුස්තක තහංචි සූචිය’ නමින් ලතින් භාෂාවෙන් හැඳින්වුණු මේ ලැයිස්තුව, වතිකානුව විසින් යාවත්කාලීන කොට එක දිගටම පවත්වාගෙන ආවේය. අද ලංකාව පාලනය කරන සහෝදරවරු තමන්ගේම වන ‘පුස්තක තහංචි සූචියක්’ ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කරති. ‘රාජපක්ෂ තහංචි සූචිය’ කලින් කී ‘පෝලින් සූචියටත්’ වඩා මර්දනකාරී ය. සීමාකාරී ය. මන්ද යත්, ශ්‍රී ලංකාවේ ආගම් හතරෙන් ඕනෑම එකකට රිඳවති යි යමෙකු විශ්වාස කරන ඕනෑම දෙයක් තහනම් කිරීමට එය අපේක්ෂා කරන බැවිනි. ‘‘ප්‍රධාන ආගම්වල මූල ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් අපකීර්තියට පත්කරන ඕනෑම මුද්‍රිත හෝ විද්‍යුත් ප්රකාශනයකට එරෙහිව පියවර ගැනීම සඳහා වන නව නීතියක් හඳුන්වා දීමට, ‘බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය’ සැරසෙන’’ බව මාධ්‍ය වාර්තා කෙළේය. ‘බෞද්ධ ප්‍රකාශන නියාමක මණ්ඩලයක්’ ස්ථාපිත කිරීම සඳහා වන කෙටුම්පතක් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබේ. එම කෙටුම්පත නීතියක් බවට පත්වීමෙන් පසු, ‘‘වෙනත් ආගම්වල මූල ඉගැන්විම්වලට අනුගත නැති ප්රකාශනවලට එරෙහිව නීති මගින් පියවර ගැනෙනු ඇත’’. ‘‘ලෝකය අභිභවනය කිරීමේ ලැදි උමතු විද්‍යා ප්‍රබන්ධ මූලාකෘතිය, තමාගේ ඇසින් පමණක් ලෝකය දැකීමේ සමත් පිස්සු පූජකයා විසින් ඩැහැගෙන තිබේ’’ යනුවෙන්, සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නයිජීරියානු ජාතික නවකතාකරු වෝල් සෝයින්කා, 2012 එක්සත් ජාතීන්ගේ ‘සාමය සහ අවිහිංසාවේ සංස්කෘතිය’ පිළිබඳ ජගත් සමුළුව අමතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාව ඊටත් වඩා හොඳින් එය කිරීමට සැරසෙයි. අද මේ රට පාලනය කරන සහෝදරවරුන් තිදෙනා සැරසෙන්නේ, පිස්සු නැටීමේ අවසරය සෑම ආගමකම ‘පිස්සු පූජකයන්ට’ පවරමින්, ස්වකීය බල ව්‍යාපෘති තර කර ගැනීමටයි. එයින් මතුකෙරෙන ‘ආගමික නිරවද්‍යතාවයේ’ නාමයෙන්, මුළු සමාජයම හිරිවට්ටන ප්රජාතන්ත්ර විරෝධී සාරධර්ම සහ ආතතික ශීලයන් අස්සෙන් ආඥාදායකත්වය තිරිහන් කර ගැනීමටයි. ලෝකය පුරාමත්, ඉතිහාසය පුරාමත් සිටි හයිකාර පාලකයන් ස්වකීය රටවල ජනතාව අන්ධ ළදරුවන් කිරීමට තැත්කොට තිබේ. රටක පාලකයෙකු එරටේ ප්‍රථම පුරවැසියා බවට පත්වෙනවා වෙනුවට, සියල්ල දන්නා සහ සියල්ල දකින, ‘ජාතියේ සර්වඥ පියෙකු’ වීමට වළිකන විට, එරට ජනතාව වැඩිහිටියන් නොවී ළදරුවන් බවට පත්වන්නේ නිතැතිනි. ඒකාධිපතියෙකුගේ ලෝකයේ එකම වැඩිහිටියා වන්නේ ඔහු ය. අන් සියල්ලෝ බාලවයස්කරුවෝය. ජාතියේ පියා වශයෙන්, ඔහුගේ ‘දරුවන්’ සදාචාරමය වශයෙන් ¥ෂ්‍ය නොවනු වස් සහ දේශපාලනිකව අයාලේ නොයනු වස්, ඔවුන් කියැවිය යුත්තේ, ලිවිය යුත්තේ, දැකිය යුත්තේ, ඇසිය යුත්තේ සහ කතා කළ යුත්තේ කුමක් දැ යි තීරණය කිරීමේ අයිතිය සහ වගකීම ඔහු තමාට පවරා ගනී. එවැනි හයිකාර ඒකාධිපතියෙකුගේ ලෝකය, සදාතන දේශපාලනික ළදරු භාවයක කුණුවෙන ‘නෙවර් ලෑන්ඞ්’ දේශයේ (ස්කොට්ලන්ත ජාතික ජේ. එම්. බැරී ගේ නවකතාවක එන ප්‍රබන්ධ ස්ථානයක්* අඳුරු අනුවාදයක් බඳු ය. සමස්ත ජාතියක් ළදරුවන් බවට පත්කිරීමට, මූලධර්මවාදී ආගම විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේය. රාජපක්ෂලා ඔවුන්ගේ ‘සූචිය’ සාර්ථක කරගත්තොත්, ඔවුන්ගේ ස්වප්න ශ්‍රී ලංකාව, එනම් ශාස්ත්‍රීය විචාරය අපරාධයක් බවට පත්කෙරෙන, විචාර බුද්ධිය අංගවිකල කෙරෙන සහ විසම්මුතිය පාපයක් බවට පත්කෙරෙන ශ්‍රී ලංකාවක් දෙසට කෙරෙන මහා පිම්මක් බවට එය පත්වෙනු නියතයි: ‘යහපත් යටත්වැසියන්ගෙන්’ පිරුණු ‘සුවච දේශයක්’. පාලකයන් කියන ඕනෑම දෙයක් දෙස භක්තියෙන් බැලීමට, ඇසීමට සහ විශ්වාස කිරීමට පුරුදු පුහුණු කළ ‘ළදරු වැඩිහිටියන්ගෙන්’ පිරුණු දේශයක්. මිනිස් සිත් පාලනය කිරීම සහ දේශපාලන බලය ‘පෝලින් සූචිය’ බිහිවුණේ ඓතිහාසික අවස්ථා දෙකකට ප්‍රතිචාර වශයෙනි: එනම්, ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය සහ මුද්‍රණ ශිල්පයේ ආරම්භයට ප්‍රතිචාරයක් වශයෙනි. මේ සිදුවීම් දාමයන්ගෙන් බැටකෑ පාප් වහන්සේ, වෙනස් මත (විසම්මුතිය* නිහඩ කොට, සමාජයීය සහ මනෝමය පාලනය යළිත් තම සන්තකයට ගැනීම සඳහා ගත් ප්රයත්නයක් වශයෙන් ‘පෝලින් සූචිය’ හඳුනාගත යුතුව තිබේ. ආපසු ලංකාවට එන විට, අන්තර්ජාලයත් මීට විශේෂයෙන් අන්තර්ගත කිරීම මගින් පෙන්නුම් කරන්නේ, යෝජිත ආගමික වාරණය, ලාංකිකයන් වෙත තොරතුරු ගලායාමේ මාදිලිය හැඩගැස්වීම සහ එය පාලනය කිරීම සඳහා වන රාජපක්ෂලාගේ පුළුල් ව්‍යාපෘතියේ එක් අනුලංඝනීය අංගයක් වන බවයි. පෞද්ගලික මාධ්‍ය මේ වන විට බොහෝ සෙයින් හීලෑ කොට තිබේ. පරිපූර්ණ පවුල් පාලනයක් වෙත වැටී ඇති රාජපක්ෂ මාවතේ අවසාන ප්රත්යන්තය වනුයේ අන්තර්ජාලයයි. මේ කියන ‘රාජපක්ෂ සූචිය’ රටේ නීතියක් බවට පත්වූ සැණින්, ශ්‍රද්ධාව සහ ‘ආගමික නිරවද්‍යතාව’ නැමැති කඩතුරාව යටතේ, තථ්‍ය සහ තථ්‍යසම මාධ්‍ය ලෝකයේ පූර්ණ පාලනය හෙබැවීමට රාජපක්ෂ සහෝදරවරු සමත් වනු ඇත. ආගම සහ මිථ්‍යාදෘෂ්ටිය, සංජෛවී නිවුන්නු ය. ආගම් තුළ නිකාය භේද ඇති වන්නේ, එකී නොකැඩිය හැකි බන්ධනය හේතුවෙනි. ඒ අනුව බුද්ධාගම, ථෙරවාද බුද්ධාගම සහ මහායාන බුද්ධාගම වශයෙන් ප්‍රධාන අංග දෙකකට බෙදෙයි. ක්‍රිස්තියානිය, ප්‍රොතෙස්තන්ත සහ සත්‍යලබ්ධික යනුවෙන් තුනකට බෙදෙයි. ඉස්ලාම් ආගම, සුන්නි සහ ෂියා යනුවෙන් දෙකට බෙදෙයි. මීට අමතරව, මේ සෑම ආගමකම තවත් අනු=නිකායන් බොහොමයකි. එවැනි භින්නතා ඇති වන්නේ, ‘ආගමක මුල් දේශනා සහ සම්ප්රදායයන්’ ගැන බැතිමතුන් තුළ එකඟත්වයක් නැති නිසා ය. තමන්ගේම ආගමේ වෙනත් නිකායිකයන්ව ඝාතනය කරනු ලබන්නේ ද, ආගම පිළිබඳව පවතින මෙවැනි ප්රතිඅර්ථකථන මත ය. සිංහල=බෞද්ධයන්, ථෙරවාද නොවන බෞද්ධ ග්රන්ථ සියල්ලම හෝ සමහරක් නොකියැවිය යුතු යැයි දැන් තීන්දු කිරීමට යන්නේ යෝජිත බෞද්ධ පොලීසිය (බෞද්ධ ප්‍රකාශන නියාමන මණ්ඩලය* මගින් ද? ඔවුන්ට එය එතරම් අපහසු කාරියක් නොවනු ඇත. මන්ද යත්, පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ ද මහායානික අභයගිරිය සහ ජේතවනය, හීනයානික මහාවිහාරයේ අණසකට බලහත්කාරයෙන් නතු කිරීම මගින් ථෙරවාදී නොවන බෞද්ධාගමික අදහස් මැඩපැවැත්වීමට 1165 දී අපේ පාලකයන් කටයුතු කර ඇති බැවිනි. ‘ජාතික උරුම කොමිසමේ’ හිටපු වැඩ සටහන් සම්පාදක ඩබ්. කරූ පීරිස් පවසන පරිදි, ‘‘ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවස වන විට, අභයගිරි විහාර සංකීර්ණය අධ්‍යාපනික පීඨ හතරකින් සමන්විත විය… විදේශ රටවල් සමග සම්බන්ධතා පැවති එම විහාරය, මනාව සංවිධානය කරන ලද, සත්‍යලබ්ධික නොවන ආගමික අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට වර්ධනය වී තිබුණි… අභයගිරි ශිෂ්‍යයෝ, මහායාන සහ හීනයාන යන දෙවදෑරුම් ධර්මතාවන්ම අධ්‍යයනය කළෝය…’’ ථෙරවාදී නොවන මහායානික බෞද්ධ කුලකය මොන තරම් සාර්ථකව මර්දනය කෙළේ ද යත්, බුදුරජාණන් වහන්සේගේ සහ දෙවි දේවතාවුන්ගේ අභිමතය පරිදි, අතීතයේ දී මෙන්ම අනාගතයේ දී ද ලංකාව ථෙරවාදී බුද්ධාගමේ පූර්ණ සන්තකයක් වනු ඇතැ යි යන මිථ්‍යාව කලක් යන විට ප්‍රධාන ‘සත්‍යයක්’ බවට ස්ථාපිත කෙරුණි. ඕනෑම ආගමික මූලධර්මවාදියෙකුගේ සිහිනය, ලාංකීය ථෙරවාදී බෞද්ධයන් සාක්ෂාත් කරගෙන ඇත. ඒ, තමන්ගේ දේශය තුළ සකල විකල්ප අර්ථකථන මර්දනය කරමින්, තමන්ගේ අර්ථකථනයම විරාජමාන කිරීමෙනි. විවිධ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් නිකායිකයෝ, ඒ අර්ථයෙන් ගත් කල, එතරම් සාර්ථක වී නැත. ලංකාවේ, කතෝලික සහ කතෝලික නොවන කිතුණුවෝ වෙසෙති. සුන්නි සහ ෂියා මුස්ලිම් නිකායිකයෝ වෙසෙති. එසේ වන කල, ක්‍රිස්තියානි/ඉස්ලාමීය ‘ප්‍රකාශන නියාමක මණ්ඩලයේ‘ සංයුතිය නිර්ණය කරනුයේ කෙසේද? කාගේ අර්ථකථනය තුළ, ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාම් ආගමේ ‘මූල ධර්මතා සහ සම්ප්රදායයන්’ අඩංගු වේ යැයි නිර්ණය කරන්නෝ කවරහුද? රාජපක්ෂ ‘තහංචි සූචියට’ ඇතුළත් වන්නෝ කවරහු ද? මාටින් ලූතර් ද, ලොයෝලා ඉග්නේෂියස් ද? ෂියා පතපොත තහනම් කරන්නැ යි සුන්නි මුස්ලිම්වරුන් ඉල්ලා සිටියොත් හෝ සුන්නි පතපොත තහනම් කරන්නැ යි ෂියා මුස්ලිම්වරුන් ඉල්ලා සිටියොත් හෝ ඇති විය හැකි තත්වය කුමක් ද? එපමණක් ද? ආගම් විරෝධී යැයි තමන් සිතන ඕනෑම සාහිත්‍ය, දාර්ශනික හෝ විද්‍යාත්මක විවිධ කෘති තහනම් කරන්නැ යි මේ මූලධර්මවාදීන් ඉල්ලා සිටියොත් කුමක් වනු ඇත් ද? සෑම ආගමකම සිටින ගලගොඩඅත්තේ ඥානසාර මාදිලියේ පුද්ගලයන්ගේ නපුරු, අත්තනෝමතික මතවාදවලට නම් මේ ‘රාජපක්ෂ සූචියෙන්’ රැුකවරණය සැපයෙනු ඇත. එහෙත් ප්රකාශනයේ නිදහස වැනසෙනු නියතයි. දැනටමත් හිංසනයෙන් පෙළෙන දේශයකට, ආගම් තුළම වන ගැටුම් පුපුරා හැරීමෙන් තවත් රුදුරු අසහනයක ලේ තැවරුණු පරිච්ෙඡ්දයක් එක්කාසු කෙරෙනු ඇත. මේ අළුත්ම විකාරයේ මාරාන්තික ස්වභාවය ගැන රාජපක්ෂවරු නොදනිත් ද? නැතහොත් ඔවුන් කරන්නේ, (ආගම් අතරේ ගැටුම් නිර්මාණය කරන්නා සේම* හිතාමතාම ආගම් ඇතුළේමත් ගැටුම් නිර්මාණය කිරීමක් ද? වාර්ගිකාගමික ‘අනෙකා’ පිළිබඳ භීතියෙන් සිංහල=බෞද්ධ සිත් ඔද්දල් වන විට, ක්‍රිස්තියානි/මුස්ලිම්/හින්දු සිත්සතන් මිථ්‍යාදෘෂ්ටි භීතිකාවකින් පෙළෙන විට, තම තමන්ම එකිනෙකා ඇනකොට ගන්නවා මිස, රාජපක්ෂලාට එරෙහි වීමේ අවකාශයක් ලාංකිකයාට ඉතිරි වන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් විට, යෝජිත ආගමික වාරණය, සමාජයක් බෙදා වෙන්කොට පාලනය කෙරෙන, රාජපක්ෂ මාදිලියේ තවත් උප්පරවැට්ටියක් විය නොහැකි ද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom