ජාති ආලය පරණ බැවින් දැන් ජාති ආතලය

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ජාති ආලය පරණ බැවින් දැන් ජාති ආතලය

    ජාති ආලය පරණ බැවින් දැන් ජාති ආතලය | රුවන් නෙලූ

    Posted by admin on January 1st, 2014
    Canabis-And-Patriotism-In-Sri-Lanka-300x208.jpg


    මහාවංසයෙ දුටුගැමුණු පෙළ
    හීනියට කතුරින් කපාගෙන
    වීර කැප්පෙටිපොල කතාවෙන්
    කෑල්ලක් කුඩුකර දමාගෙන
    ත්‍රිපිටකේ පුස් කොල ඉරාගෙන
    හීනියට පැට්ටෙක් ඔතාගෙන
    රෝල්කර ජාතික චින්තනය
    හදාගන්නට හැක ෆිල්ටරය

    රැවුල අවුලන බඩේ ගින්නෙන්
    පත්තු කරගත් සඳ සුරුට්ටුව
    දඬුමොනරු නැතිවම ගුවන් ගත
    වෙන්ට පුළුවනි සිංහලයෙකුට

    ධර්මපාල අනගාරික
    ප්ලේන්ටියක් අරගෙන වර
    මහින්ද චින්තන දියකර
    සොළී රටෙන් අරගෙන ආ
    ගජබාහුගෙ පැණි වළලු ද
    ඇමරිකාව පතුරු ගහන
    වමේ චොකලටුත් කදිමය
    සූස්තියෙන් ඉන්නා විට



    ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ’
    මෙහෙමෙ ආතල් තියෙද්දිත් තව ගංජා මොකටද මස්සිනේ…



    [ගංජා නීතිගත කරන්නට යන කතාවක් ඇහුණු අස්සේ අසිහියෙන් ලියැවිණි.]


    උපුටා ගැනීම බූන්ද් අඩවියෙ