Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාධාරණයකින් කෙළවර වූ හමුදා දිවිය

ජානක පෙරේරා හමුදා නිලධාරියකු ලෙස ඉතා පුළුල් දර්ශනයකින් සන්නද්ධව සිටියේය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ ඔහු දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි
“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”

මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.

රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය, කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු ජානක පෙරේරාට රජය විසින් සැලකිය යුතුව තිබුණේ ජාතික වීරයකු ලෙසින්ය.

2000දී එතෙක් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කෙරිණි. හරිනම් හමුදාපතිවරයා ලෙස පත්වීමට ඔහු නියමව සිටියද චන්ද්‍රිකා ජනපතිනිය ඔහුට එම වරප්‍රසාදය ලබා නොදුන්නේ ජානක පෙරේරාගේ අසහාය පෞරුෂත්වය, බුද්ධිමත්කම, ජනප්‍රියත්වය හා සූක්ෂම ක්‍රියා පිළිවෙත තමන්ට තර්ජනයක් වනු ඇතැයි යන සැකයෙන් යැයි පැවසේ.

හමුදාපතිවීමේ සිහින දැකි ජානක පෙරේරා ඉච්ඡා භංගත්වයට පත්වෙමින් තම හමුදා දිවියට සමුදුන්නේය. හමුදාවෙන් නික්මෙන විට හේ රණවික්‍රම පදක්කම (RWP), රණශූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණය (VSV), උත්තම සේවා පදක්කම (USP), පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි පදක්කම් රැසකින් ඔහුගේ වීරත්වයට පිදුම් ලෑයේය.

ලක්දිව බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායකයන් ජානක පෙරේරාට බෙහෙවින් ගරු කළ අතර කෙදිනක හෝ ජානක යුද හමුදාපති වනු දැකීම ඔහුගේ සිහිනයක් වූ බව කියැවේ. අවාසනාවකට ඒ කෘතහස්ත දේශපාලනඥයා රටේ රාජ්‍ය නායකත්වය මුවදොරට පැමිණි කළ එය අහිමි වූවා සේ ජානක පෙරේරාටද හමුදාපතිධුරය අසලටම විත් එය අහිමි වීම දෛවයේ සරදමක් විය හැකිය.

ජානක පෙරේරා මහතාගේ බිරිඳ වූයේ වජිරා පෙරේරා මහත්මියයි. ඇය ලංකා හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නිලධාරිනියන් 6 දෙනාගෙන් එක් අයෙකි. ජානක පෙරේරා සහ වජිරා පෙරේරා යුවලට දාව ජනුක්ෂි, ෂෙහාරා සහ අශංක නමින් දරුවන් තිදෙනෙකි. තම සැමියාට සෙවනැල්ලක් බඳු ගුණ නැණ බෙලෙන් යුතු බිරියක් වූ වජිරා පෙරේරා මැතිණියත් ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයෙන්ම සිය ජීවිත ගමනෙන් සමුගත්තාය.

රාජතාන්ත්‍රිකයකුගේ භූමිකාවට පණපොවමින්

ලැබෙන්නට තුබූ හමුදාපතිධුරය ජානක පෙරේරා මැතිඳුන්ට නොලැබුණ මුත් චන්ද්‍රිකා ජනපතිනියගේ ආණ්ඩුව ඔහුට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්ධුරය පිරිනමනුයේ තම පව් කමා කරගැනීමේ චේතනාවෙන් විය හැක. මෙහි විශේෂත්වය වනුයේ මීට පෙර හමුදාපතිධුරයට පහළ තනතුරකින් විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු කවරදාකවත් තානාපති තනතුරට පත්කර නොතිබීමයි. ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කැන්බරා නුවර ගත කළ සිව්වසර පුරා ඔහුට ඕස්ට්‍රේලියාවේ පදිංචි ද්‍රවිඩ ඩයැස්පෝරාවෙන් සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ නමුදු ඔහු ඒවාට නොසැලී මුහුණ දුන්නේය. එසේ චෝදනා නැගූ කිසිවකු නීතිමය වශයෙන් කටයුතු නොකළේ ඒවා හුදු අභූත චෝදනා පමණකැයි යන්න තහවුරු කරමිනි.

ජානක සහ වජිරා පෙරේරා යුවළ කැන්බරා නුවරදී

කැන්බරා නුවර සිව්වසක මෙහෙවරින් පසුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එතුමා 2005දී ජකර්තා නුවරදී වැඩ භාරගත්තේය. දෙරටේම තානාපතිවරයා ලෙස කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පැරදවීමට ජානක පෙරේරා මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඕස්ට්‍රේලියාවේ කොටින්ට මූල්‍යාධාර කරන සංවිධාන මැඩලීමට සහ කොටි හිතවාදී කණ්ඩායම් මෙල්ල කිරීමට එරට රජය සමඟ හවුලේ ක්‍රියාකළ ජානක පෙරේරා ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් සහ කොටි අතර ඇති ගනුදෙනු ගැන එරට රජය දැනුවත් කරමින් කොටි විරෝධී මානසිකත්වයක් ඉන්දුනීසියාවේ ගොඩ නැගීය. ඒ අතරම අග්නිදිග ආසියාව හරහා වැටී තුබූ එල්ටීටීඊ අවි සැපයුම් මාර්ග අඩපණ කිරීමටද ජානක පෙරේරා මැතිඳුන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ සිය රාජතාන්ත්‍රිකභාවය මනාව විදහා දක්වමිනි.

2007 වසරේදී ජානක පෙරේරා සෙන්පතිඳුන් වසර හයක තානාපති සේවයට සමුදුන්නේය.

දේශපාලන රංගාවතරණය

අද අතිගරු ජනාධිපතිතුමාගේ කුණු සේදීමෙහිලා ප්රමුඛ කර්තව්‍යයක් කරන ජාතික හෙළ උරුමය 2005 ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ ඒ සඳහා තරඟ කිරීමට අපේක්ෂකයකු සෙවීය. එහිදී ඔවුන් එම ආරාධනය පිළිගැන්වූයේ එවක ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාටය. නමුත් ජානක පෙරේරා මැතිතුමා ජාතික හෙළ උරුමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ජානක පෙරේරා, එජාපයට එක්වූ තවත් රණවිරු දේශපාලනඥයකු වන රෝහණ ගමගේ සමඟ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ දුක සැප විමසමින්

දිගටම තානාපති සේවයේ නියුක්තව සිටි ජානක පෙරේරා මහතා යළි ලංකාවට ආ විට ජනාධිපතිතුමා ඔහුට ජනාධිපති උපදේශකධුරයක් සහ පාකිස්ථානය සඳහා වූ විශේෂ නියෝජිතධුරය යෝජනා කළ වග පුවත්පත් වාර්තා කර තිබුණි. ජානක පෙරේරා මැතිතුමා විසින් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළද යුද ක්‍රියාන්විතය සාර්ථක කරගනු වස් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ජානක පෙරේරා මහතා ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබුණි.

ජානක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට තීන්දු කරන්නේ එම පක්ෂයේ මතවාදයන් කෙරේ තුබූ විශ්වාසයත් සමඟය, ආර්ථිකය සහ ජාතික සමගිය පිළිබඳ එජාපයේ මතය සෑහෙන පමණ ජානක පෙරේරා මැතිඳුන්ගේ මතවාදයට සමාන වූ අතර එජාපය තුල මූලික ප්‍රතිපත්තීන්ට අනුගතව තම තමන්ට අනන්‍ය මතවාද දැරීමේ නිදහසද මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් විය. අනෙක් අතට ජානක පෙරේරා නම් වූ රණශූරයාගෙන් රටට අප්‍රමාණ ලෙස වැඩ ගත්තේ යූඇන්පී ආණ්ඩුවයි, ජානක පෙරේරා නම් වූ රණශූර මැණික බොහෝ දෙනා නොහැකි යයි පවසන වගකීම් කළ හැක්කකු ලෙසට ඔපමට්ටම් කළේද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එනිසා එජාපය කෙරේ ඔහුට ඇල්මක් තිබීමත් තමාට කෙණෙහිලිකම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතරම් පැහැදීමක් නොතිබීමත් පුදුමයක් නොවන්නේය. අනෙක් අතට 1993-94 වකවානුවේ නැගෙනහිර මුදාගනිමින් කොටින් හා සටන්වැදි යූඇන්පී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ ඔහු තුල විශ්වාසයක්ද තිබෙන්නට ඇත.

සැදැහැවත් බෞද්ධයකුද වූ ජානක පෙරේරා, හමුදා නිලධාරියකු ලෙස විශිෂ්ට සේවාවක් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන ගමන ඇරඹූ ජානක පෙරේරා මහතා 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිධුර අපේක්ෂකයා ලෙස තරඟ කරනු ලැබූයේ රජරට ජනතාව රජ කරවීමේ උත්තුංග අරමුණ පෙරදැරිවය. එදා හමුදා නිලධාරියකු ලෙස මායිම් ගම්මානවලට සිදු කළ සේවය මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් වූ අතර ඔහුගේ ප්‍රභාමත්, පෞරුෂවත් නායකත්වය සහ බුද්ධිය ජනතා ආකර්ෂණයටම හේතුකාරක විය.

උතුරේ යුද්ධය විකිණූ බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය 2008 අගෝස්තු 23දා පැවැති පළාත් සභා මැතිවරණය ජයගත්තද රජරට හදවත බඳු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් 142,019ක් වූ ජනතාවගෙන් 81%ක් ඉක්මවූ ජනකායක්, එනම් 116,000කට අධික ජනකායක් මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයාට උත්තමාචාර දක්වන්නේ මැතිවරණ වංචා කිහිපයක් වාර්තා වෙද්දීය. මෙය උතුරු මැද ඡන්ද ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින් වාර්තා වූ වැඩිම මනාප ප්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි. මේ අනුව මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වූ අතර ඔහු රජරට ජනතාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව දේශපාලනයේ නිරතවීමට අධිෂ්ඨාන කරගත්තේය. ඒ සඳහා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් වූ පී. හැරිසන් මහතාගේත් චන්ද්‍රානී බණ්ඩාර මැතිණියගේත් නොමඳ සහය හිමිවිණි.

සැබෑ දේශප්‍රේමියකුගේ නික්ම යෑම

උතුරු මැද පළාත් මැතිවරණය පුරාවට දක්නට ලැබුණේ මඩගොහොරුවකි. බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් ජානක පෙරේරාට නොගැසූ මඩක් නැත. ඔවුන් ඔහුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගැසුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. උතුරු මැද වේදිකාවේ මහා හඬක් නැගූ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වරෙක ප්‍රකාශ කර තිබුණේ සන්ධානයෙන් පළාත් සභාවට තරඟ කළ දෙපා අහිමි රණවිරුවකු වූ උපාලි මහතාට වඩා ජානක පෙරේරා මනාප ගත්තොත් ඇමැතිකමින් ඉල්ලා අස්වන බවයි. ජානක පෙරේරා මහතා උපාලි රණවරුවා ඇතුළු සෙසු සියළු අපේක්ෂකයින් පරයමින් උතුරු මැදින් වැඩිම මනාප දින්නේ ජානක පෙරේරා යුද්ධයට කරපු කජ්ජක් නැතැයි කියා ආණ්ඩුවේ වේදිකාවලත් රජයේ මාධ්‍යයේත් බෙරිහන් දෙද්දීය, ජනාධිපතිතුමා කිලිනොච්චිය පේන තෙක්මානයේ කියා පපුවට ගසා ගනිද්දීය. සැබැවින්ම රටට අද්විතීය අනභිභවණීය මෙහෙවරක් සිදු කළ ලක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම රණශූරයාට මෙසේ අපහාස කිරීම කිසිඳු සැබෑ දේශප්‍රේමියකු අනුමත නොකරනු ඇත. එදා ජීවිත තර්ජන පෙන්වා සිය ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලද්දී ආණ්ඩුව කිව්වේ වැඩකට නැති හිටපු ජෙනරල් කෙනෙක්ට මොන ආරක්ෂාවක්ද කියලාය. බර්ටි ප්‍රේමලාල්ට දුසිම් ගණනින් ආරක්ෂකයින් සිටිද්දී රටට දිවිහිමියෙන් සේවය කළ ජානක පෙරේරාට ලබා දුන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පමණි. වෙසෙසින්ම රටට ජීවිත පරදුවෙන් සේවය කළ, සන්ධාන නායකයින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගැසූ ඒ අභීත යුගපුරුෂයා ප්රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවල පෙරමුණ ගනිද්දී ඔහුට මඩ ගැසූ ඊනියා දේශප්‍රේමීන් ගැන තුට්ටුවකටවත් ප්රභාකරන් මායිම් කළේ නැත, ජාතිවාදය වපුරමින්, ජානක පෙරේරා වැනි සෙන්පතියන් ද්‍රෝහීන් කරමින් ජනතාව අතර වෛරය වපුරමින් කොටින්ගේ අවශ්‍යතාවය ඉටුකළ එම ඊනියා දේශප්‍රේමීන්ගේ මයිල් ගහකටවත් හානියක් කිරීමට ප්රභාකරන්ට උවමනාවක් නොතිබිණි.

එදා ප්‍රේමදාස ආණ්ඩුව ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට පාර කැපුවා සේ, චන්ද්‍රිකා ආණ්ඩුව ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ආදී ඝාතනයන්ට පාර කැපුවා සේ, ජානක පෙරේරා ඝාතනයටත් සන්ධාන ආණ්ඩුව පාර කැපුවා යැයි සාධාරණ සැකයක් ජනතාවගේ සිත් සතන් තුල රැව් පිළිරැව් දෙයි.

උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ හමුවේ දිවුරුම් දෙමින්

ජානක පෙරේරා මැතිඳුන් සිය බිරිඳ සමඟ, මරාගෙන මැරෙන ප්‍රහාරයට මොහොතකට පෙර

එදා මේජර් ජෙනරල් ජානක පෙරේරා මුහුණදුන් තත්ත්වයට අද දේශයේ තවත් අභීත රණවිරුවකු වූ ජෙනරල් සරත් ෆොන්සේකාට මුහුණදීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගතවය. නමුත් රටට ආදරය කරන මිනිසුන් ලෙස එදා ජානක පෙරේරාටත් රටටත් අත්වූ අභාග්‍යසම්පන්න ඉරණම සරත් ෆොන්සේකාට අත් නොවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.

ජානක පෙරේරා රටහැර ඕස්ට්‍රේලියාවට යන බවට ආණ්ඩුව විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය මුසාවක් කරමින් දිගටම ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අනුරාධපුරයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් ආණ්ඩුවේ වැරදි දේට විරුද්ධ වීමට තමන් ඉදිරිපත් වන බව ජානක පෙරේරා මැතිතුමා පවසා සිටියේය. ඒ අනුව මැතිවරණ අක්‍රමිකතා ගැන හඬ නගමින්, දොස්තර රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවස්නය ගිනි තැබීම ආදි විපක්ෂ මර්දනයට එරෙහි වෙමින් අනුරාධපුරයේ දේශපාලනයේ නියුක්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා තම දේශපාලන කාර්යාලය මෙන්ම නිවස ලෙස අලුතෙන් නිවහනක් තෝරා ගත්තේය. එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවය වැටී තුබුණේ 2008 ඔක්තෝබර් 6වනදාටය.

ජානක පෙරේරාගේ දේහයට හමුදා ගෞරව පිරිණමමින්

ඊට දින කිහිපයකට පෙර පූර්ණ ආරක්ෂක සෝදිසියකට ලක් කර තිබුණු අනුරපුරයේදී උදෑසන 9 පහුවෙද්දී මහා ගිගුම් නාදයක් රැව් දුන්නේ ජානක පෙරේරා මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට මරු කැඳවමිනි. චින්තන ඥාණසේන, සුනිල් සේනානායක යන මන්ත්‍රීවරුන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ප්‍රබල එජාප ක්‍රියාකාරියකු මෙන්ම දක්ෂ වෛද්‍යවරයකුත් වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතා සහ එම මැතිණියත්, ජානක පෙරේරා මැතිඳුන්ගේ ආදර බිරිඳ වූ වජිරා පෙරේරා මැතිණියත් ඇතුළු විශාල පිරිසකට මරු කැඳවමිනි. පසුව කෙරුණු විමර්ශන වලදී හෙළිවූයේ බෝම්බකරු ආබාධිතයකු බවයි, පරීක්ෂණ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

රටට අපරිමිත සේවයක් ඉටු කළ, තවත් ඉටු කළ හැකිව තුබූ ශ්‍රේෂ්ඨ ලංකාපුත්රයකු අප අතුරෙන් සමුගැනීම මුළුමහත් රටටම ඉමහත් පාඩුවකි. රටට ඉමහත් ලෙස ආදරය කළ මෙම අසහාය සෙන්පතිඳුන්ට සදාහරිත අපේ ප්‍රණාමය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුනි, ඔබට නිවන් සැප.

සැබෑ ජාතික වීරයකු වන මේජර් ජනරාල් ජානක පෙරේරා නාමය අමරණීය වන්නේ ඔහුගේ නාමය ගස් ගල් වල කෙටි ඇති නිසා නොව මිනිස්සුන්ගේ හදවත් තුල කෙටුම්පත්ව ඇති නියාවෙනි…

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

H Niles Perera©, February 2010

[FONT=&quot]උපුටා ගැනීම සදාහරිත බ්ලොග් අඩවිය

[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="suranga034, post: 20763008, member: 326454"] [SIZE=5][SIZE=6][B][B]අසාධාරණයකින් කෙළවර වූ හමුදා දිවිය[/B][/B][/SIZE] ජානක පෙරේරා හමුදා නිලධාරියකු ලෙස ඉතා පුළුල් දර්ශනයකින් සන්නද්ධව සිටියේය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ ඔහු දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි[/SIZE][INDENT][SIZE=5]“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.” [/SIZE] [/INDENT][SIZE=5]මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි. රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය, කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු ජානක පෙරේරාට රජය විසින් සැලකිය යුතුව තිබුණේ ජාතික වීරයකු ලෙසින්ය. 2000දී එතෙක් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කෙරිණි. හරිනම් හමුදාපතිවරයා ලෙස පත්වීමට ඔහු නියමව සිටියද චන්ද්‍රිකා ජනපතිනිය ඔහුට එම වරප්‍රසාදය ලබා නොදුන්නේ ජානක පෙරේරාගේ අසහාය පෞරුෂත්වය, බුද්ධිමත්කම, ජනප්‍රියත්වය හා සූක්ෂම ක්‍රියා පිළිවෙත තමන්ට තර්ජනයක් වනු ඇතැයි යන සැකයෙන් යැයි පැවසේ. [IMG]https://sinhale.files.wordpress.com/2008/10/janaka-perera.jpg?w=158&h=207[/IMG]හමුදාපතිවීමේ සිහින දැකි ජානක පෙරේරා ඉච්ඡා භංගත්වයට පත්වෙමින් තම හමුදා දිවියට සමුදුන්නේය. හමුදාවෙන් නික්මෙන විට හේ රණවික්‍රම පදක්කම (RWP), රණශූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණය (VSV), උත්තම සේවා පදක්කම (USP), පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි පදක්කම් රැසකින් ඔහුගේ වීරත්වයට පිදුම් ලෑයේය. ලක්දිව බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායකයන් ජානක පෙරේරාට බෙහෙවින් ගරු කළ අතර කෙදිනක හෝ ජානක යුද හමුදාපති වනු දැකීම ඔහුගේ සිහිනයක් වූ බව කියැවේ. අවාසනාවකට ඒ කෘතහස්ත දේශපාලනඥයා රටේ රාජ්‍ය නායකත්වය මුවදොරට පැමිණි කළ එය අහිමි වූවා සේ ජානක පෙරේරාටද හමුදාපතිධුරය අසලටම විත් එය අහිමි වීම දෛවයේ සරදමක් විය හැකිය. ජානක පෙරේරා මහතාගේ බිරිඳ වූයේ වජිරා පෙරේරා මහත්මියයි. ඇය ලංකා හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නිලධාරිනියන් 6 දෙනාගෙන් එක් අයෙකි. ජානක පෙරේරා සහ වජිරා පෙරේරා යුවලට දාව ජනුක්ෂි, ෂෙහාරා සහ අශංක නමින් දරුවන් තිදෙනෙකි. තම සැමියාට සෙවනැල්ලක් බඳු ගුණ නැණ බෙලෙන් යුතු බිරියක් වූ වජිරා පෙරේරා මැතිණියත් ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයෙන්ම සිය ජීවිත ගමනෙන් සමුගත්තාය. [B][B] [SIZE=6]රාජතාන්ත්‍රිකයකුගේ භූමිකාවට පණපොවමින්[/SIZE][/B][/B] ලැබෙන්නට තුබූ හමුදාපතිධුරය ජානක පෙරේරා මැතිඳුන්ට නොලැබුණ මුත් චන්ද්‍රිකා ජනපතිනියගේ ආණ්ඩුව ඔහුට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්ධුරය පිරිනමනුයේ තම පව් කමා කරගැනීමේ චේතනාවෙන් විය හැක. මෙහි විශේෂත්වය වනුයේ මීට පෙර හමුදාපතිධුරයට පහළ තනතුරකින් විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු කවරදාකවත් තානාපති තනතුරට පත්කර නොතිබීමයි. ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කැන්බරා නුවර ගත කළ සිව්වසර පුරා ඔහුට ඕස්ට්‍රේලියාවේ පදිංචි ද්‍රවිඩ ඩයැස්පෝරාවෙන් සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ නමුදු ඔහු ඒවාට නොසැලී මුහුණ දුන්නේය. එසේ චෝදනා නැගූ කිසිවකු නීතිමය වශයෙන් කටයුතු නොකළේ ඒවා හුදු අභූත චෝදනා පමණකැයි යන්න තහවුරු කරමිනි. [URL="https://sadaharita.files.wordpress.com/2010/02/janaka_perera.jpg"][IMG]https://sadaharita.files.wordpress.com/2010/02/janaka_perera.jpg?w=570[/IMG][/URL]ජානක සහ වජිරා පෙරේරා යුවළ කැන්බරා නුවරදී කැන්බරා නුවර සිව්වසක මෙහෙවරින් පසුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එතුමා 2005දී ජකර්තා නුවරදී වැඩ භාරගත්තේය. දෙරටේම තානාපතිවරයා ලෙස කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පැරදවීමට ජානක පෙරේරා මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඕස්ට්‍රේලියාවේ කොටින්ට මූල්‍යාධාර කරන සංවිධාන මැඩලීමට සහ කොටි හිතවාදී කණ්ඩායම් මෙල්ල කිරීමට එරට රජය සමඟ හවුලේ ක්‍රියාකළ ජානක පෙරේරා ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් සහ කොටි අතර ඇති ගනුදෙනු ගැන එරට රජය දැනුවත් කරමින් කොටි විරෝධී මානසිකත්වයක් ඉන්දුනීසියාවේ ගොඩ නැගීය. ඒ අතරම අග්නිදිග ආසියාව හරහා වැටී තුබූ එල්ටීටීඊ අවි සැපයුම් මාර්ග අඩපණ කිරීමටද ජානක පෙරේරා මැතිඳුන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ සිය රාජතාන්ත්‍රිකභාවය මනාව විදහා දක්වමිනි. 2007 වසරේදී ජානක පෙරේරා සෙන්පතිඳුන් වසර හයක තානාපති සේවයට සමුදුන්නේය. [SIZE=6][B][B]දේශපාලන රංගාවතරණය[/B][/B][/SIZE] අද අතිගරු ජනාධිපතිතුමාගේ කුණු සේදීමෙහිලා ප්රමුඛ කර්තව්‍යයක් කරන ජාතික හෙළ උරුමය 2005 ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ ඒ සඳහා තරඟ කිරීමට අපේක්ෂකයකු සෙවීය. එහිදී ඔවුන් එම ආරාධනය පිළිගැන්වූයේ එවක ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාටය. නමුත් ජානක පෙරේරා මැතිතුමා ජාතික හෙළ උරුමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. [IMG]https://bandaragama.files.wordpress.com/2008/07/janaka.gif?w=405&h=381[/IMG]ජානක පෙරේරා, එජාපයට එක්වූ තවත් රණවිරු දේශපාලනඥයකු වන රෝහණ ගමගේ සමඟ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ දුක සැප විමසමින් දිගටම තානාපති සේවයේ නියුක්තව සිටි ජානක පෙරේරා මහතා යළි ලංකාවට ආ විට ජනාධිපතිතුමා ඔහුට ජනාධිපති උපදේශකධුරයක් සහ පාකිස්ථානය සඳහා වූ විශේෂ නියෝජිතධුරය යෝජනා කළ වග පුවත්පත් වාර්තා කර තිබුණි. ජානක පෙරේරා මැතිතුමා විසින් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළද යුද ක්‍රියාන්විතය සාර්ථක කරගනු වස් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ජානක පෙරේරා මහතා ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබුණි. ජානක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට තීන්දු කරන්නේ එම පක්ෂයේ මතවාදයන් කෙරේ තුබූ විශ්වාසයත් සමඟය, ආර්ථිකය සහ ජාතික සමගිය පිළිබඳ එජාපයේ මතය සෑහෙන පමණ ජානක පෙරේරා මැතිඳුන්ගේ මතවාදයට සමාන වූ අතර එජාපය තුල මූලික ප්‍රතිපත්තීන්ට අනුගතව තම තමන්ට අනන්‍ය මතවාද දැරීමේ නිදහසද මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් විය. අනෙක් අතට ජානක පෙරේරා නම් වූ රණශූරයාගෙන් රටට අප්‍රමාණ ලෙස වැඩ ගත්තේ යූඇන්පී ආණ්ඩුවයි, ජානක පෙරේරා නම් වූ රණශූර මැණික බොහෝ දෙනා නොහැකි යයි පවසන වගකීම් කළ හැක්කකු ලෙසට ඔපමට්ටම් කළේද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එනිසා එජාපය කෙරේ ඔහුට ඇල්මක් තිබීමත් තමාට කෙණෙහිලිකම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතරම් පැහැදීමක් නොතිබීමත් පුදුමයක් නොවන්නේය. අනෙක් අතට 1993-94 වකවානුවේ නැගෙනහිර මුදාගනිමින් කොටින් හා සටන්වැදි යූඇන්පී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ ඔහු තුල විශ්වාසයක්ද තිබෙන්නට ඇත. සැදැහැවත් බෞද්ධයකුද වූ ජානක පෙරේරා, හමුදා නිලධාරියකු ලෙස විශිෂ්ට සේවාවක් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන ගමන ඇරඹූ ජානක පෙරේරා මහතා 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිධුර අපේක්ෂකයා ලෙස තරඟ කරනු ලැබූයේ රජරට ජනතාව රජ කරවීමේ උත්තුංග අරමුණ පෙරදැරිවය. එදා හමුදා නිලධාරියකු ලෙස මායිම් ගම්මානවලට සිදු කළ සේවය මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් වූ අතර ඔහුගේ ප්‍රභාමත්, පෞරුෂවත් නායකත්වය සහ බුද්ධිය ජනතා ආකර්ෂණයටම හේතුකාරක විය. උතුරේ යුද්ධය විකිණූ බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය 2008 අගෝස්තු 23දා පැවැති පළාත් සභා මැතිවරණය ජයගත්තද රජරට හදවත බඳු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් 142,019ක් වූ ජනතාවගෙන් 81%ක් ඉක්මවූ ජනකායක්, එනම් 116,000කට අධික ජනකායක් මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයාට උත්තමාචාර දක්වන්නේ මැතිවරණ වංචා කිහිපයක් වාර්තා වෙද්දීය. මෙය උතුරු මැද ඡන්ද ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින් වාර්තා වූ වැඩිම මනාප ප්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි. මේ අනුව මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වූ අතර ඔහු රජරට ජනතාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව දේශපාලනයේ නිරතවීමට අධිෂ්ඨාන කරගත්තේය. ඒ සඳහා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් වූ පී. හැරිසන් මහතාගේත් චන්ද්‍රානී බණ්ඩාර මැතිණියගේත් නොමඳ සහය හිමිවිණි. [SIZE=6][B][B]සැබෑ දේශප්‍රේමියකුගේ නික්ම යෑම[/B][/B][/SIZE] උතුරු මැද පළාත් මැතිවරණය පුරාවට දක්නට ලැබුණේ මඩගොහොරුවකි. බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් ජානක පෙරේරාට නොගැසූ මඩක් නැත. ඔවුන් ඔහුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගැසුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. උතුරු මැද වේදිකාවේ මහා හඬක් නැගූ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වරෙක ප්‍රකාශ කර තිබුණේ සන්ධානයෙන් පළාත් සභාවට තරඟ කළ දෙපා අහිමි රණවිරුවකු වූ උපාලි මහතාට වඩා ජානක පෙරේරා මනාප ගත්තොත් ඇමැතිකමින් ඉල්ලා අස්වන බවයි. ජානක පෙරේරා මහතා උපාලි රණවරුවා ඇතුළු සෙසු සියළු අපේක්ෂකයින් පරයමින් උතුරු මැදින් වැඩිම මනාප දින්නේ ජානක පෙරේරා යුද්ධයට කරපු කජ්ජක් නැතැයි කියා ආණ්ඩුවේ වේදිකාවලත් රජයේ මාධ්‍යයේත් බෙරිහන් දෙද්දීය, ජනාධිපතිතුමා කිලිනොච්චිය පේන තෙක්මානයේ කියා පපුවට ගසා ගනිද්දීය. සැබැවින්ම රටට අද්විතීය අනභිභවණීය මෙහෙවරක් සිදු කළ ලක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම රණශූරයාට මෙසේ අපහාස කිරීම කිසිඳු සැබෑ දේශප්‍රේමියකු අනුමත නොකරනු ඇත. එදා ජීවිත තර්ජන පෙන්වා සිය ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලද්දී ආණ්ඩුව කිව්වේ වැඩකට නැති හිටපු ජෙනරල් කෙනෙක්ට මොන ආරක්ෂාවක්ද කියලාය. බර්ටි ප්‍රේමලාල්ට දුසිම් ගණනින් ආරක්ෂකයින් සිටිද්දී රටට දිවිහිමියෙන් සේවය කළ ජානක පෙරේරාට ලබා දුන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පමණි. වෙසෙසින්ම රටට ජීවිත පරදුවෙන් සේවය කළ, සන්ධාන නායකයින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගැසූ ඒ අභීත යුගපුරුෂයා ප්රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවල පෙරමුණ ගනිද්දී ඔහුට මඩ ගැසූ ඊනියා දේශප්‍රේමීන් ගැන තුට්ටුවකටවත් ප්රභාකරන් මායිම් කළේ නැත, ජාතිවාදය වපුරමින්, ජානක පෙරේරා වැනි සෙන්පතියන් ද්‍රෝහීන් කරමින් ජනතාව අතර වෛරය වපුරමින් කොටින්ගේ අවශ්‍යතාවය ඉටුකළ එම ඊනියා දේශප්‍රේමීන්ගේ මයිල් ගහකටවත් හානියක් කිරීමට ප්රභාකරන්ට උවමනාවක් නොතිබිණි. එදා ප්‍රේමදාස ආණ්ඩුව ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට පාර කැපුවා සේ, චන්ද්‍රිකා ආණ්ඩුව ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ආදී ඝාතනයන්ට පාර කැපුවා සේ, ජානක පෙරේරා ඝාතනයටත් සන්ධාන ආණ්ඩුව පාර කැපුවා යැයි සාධාරණ සැකයක් ජනතාවගේ සිත් සතන් තුල රැව් පිළිරැව් දෙයි. [URL="https://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/jp5/"][IMG]https://sadaharita.files.wordpress.com/2010/02/jp5.jpg?w=225&h=170[/IMG][/URL] උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ හමුවේ දිවුරුම් දෙමින් [URL="https://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/jp4/"][IMG]https://sadaharita.files.wordpress.com/2010/02/jp4.jpg?w=170&h=225[/IMG][/URL] [URL="https://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/jp3/"][IMG]https://sadaharita.files.wordpress.com/2010/02/jp3.jpg?w=225&h=170[/IMG][/URL] ජානක පෙරේරා මැතිඳුන් සිය බිරිඳ සමඟ, මරාගෙන මැරෙන ප්‍රහාරයට මොහොතකට පෙර එදා මේජර් ජෙනරල් ජානක පෙරේරා මුහුණදුන් තත්ත්වයට අද දේශයේ තවත් අභීත රණවිරුවකු වූ ජෙනරල් සරත් ෆොන්සේකාට මුහුණදීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගතවය. නමුත් රටට ආදරය කරන මිනිසුන් ලෙස එදා ජානක පෙරේරාටත් රටටත් අත්වූ අභාග්‍යසම්පන්න ඉරණම සරත් ෆොන්සේකාට අත් නොවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. ජානක පෙරේරා රටහැර ඕස්ට්‍රේලියාවට යන බවට ආණ්ඩුව විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය මුසාවක් කරමින් දිගටම ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අනුරාධපුරයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් ආණ්ඩුවේ වැරදි දේට විරුද්ධ වීමට තමන් ඉදිරිපත් වන බව ජානක පෙරේරා මැතිතුමා පවසා සිටියේය. ඒ අනුව මැතිවරණ අක්‍රමිකතා ගැන හඬ නගමින්, දොස්තර රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවස්නය ගිනි තැබීම ආදි විපක්ෂ මර්දනයට එරෙහි වෙමින් අනුරාධපුරයේ දේශපාලනයේ නියුක්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා තම දේශපාලන කාර්යාලය මෙන්ම නිවස ලෙස අලුතෙන් නිවහනක් තෝරා ගත්තේය. එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවය වැටී තුබුණේ 2008 ඔක්තෝබර් 6වනදාටය. [IMG]https://i0.wp.com/sundaytimes.lk/081012/images/Janaka-Perera.jpg[/IMG]ජානක පෙරේරාගේ දේහයට හමුදා ගෞරව පිරිණමමින් ඊට දින කිහිපයකට පෙර පූර්ණ ආරක්ෂක සෝදිසියකට ලක් කර තිබුණු අනුරපුරයේදී උදෑසන 9 පහුවෙද්දී මහා ගිගුම් නාදයක් රැව් දුන්නේ ජානක පෙරේරා මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට මරු කැඳවමිනි. චින්තන ඥාණසේන, සුනිල් සේනානායක යන මන්ත්‍රීවරුන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ප්‍රබල එජාප ක්‍රියාකාරියකු මෙන්ම දක්ෂ වෛද්‍යවරයකුත් වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතා සහ එම මැතිණියත්, ජානක පෙරේරා මැතිඳුන්ගේ ආදර බිරිඳ වූ වජිරා පෙරේරා මැතිණියත් ඇතුළු විශාල පිරිසකට මරු කැඳවමිනි. පසුව කෙරුණු විමර්ශන වලදී හෙළිවූයේ බෝම්බකරු ආබාධිතයකු බවයි, පරීක්ෂණ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. රටට අපරිමිත සේවයක් ඉටු කළ, තවත් ඉටු කළ හැකිව තුබූ ශ්‍රේෂ්ඨ ලංකාපුත්රයකු අප අතුරෙන් සමුගැනීම මුළුමහත් රටටම ඉමහත් පාඩුවකි. රටට ඉමහත් ලෙස ආදරය කළ මෙම අසහාය සෙන්පතිඳුන්ට සදාහරිත අපේ ප්‍රණාමය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුනි, ඔබට නිවන් සැප. [I][B]සැබෑ ජාතික වීරයකු වන [/B][/I][B][I]මේජර් ජනරාල් ජානක පෙරේරා නාමය අමරණීය වන්නේ ඔහුගේ නාමය ගස් ගල් වල කෙටි ඇති නිසා නොව මිනිස්සුන්ගේ හදවත් තුල කෙටුම්පත්ව ඇති නියාවෙනි…[/I][/B] [SIZE=4]– [B]හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්[/B] – H Niles Perera©, February 2010[/SIZE] [/SIZE] [SIZE=5] [FONT="]උපුටා ගැනීම [B][URL="https://sadaharita.wordpress.com/"]සදාහරිත[/URL][/B] බ්ලොග් අඩවිය [/FONT] [FONT="] [/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom