ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා
යුදබිමටත්, පුදබිමටත්, දෙකටම ඉන්ද්‍රඛීලයක් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතිඳුන් – මේජර් ජෙනරාල් ජානක පෙරේරා
දවස 2008 ඔක්තෝබර් 6 වනදාය, එවක විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකු ලෙස දේශනයකට සහභාගී වෙමින් සිටි මට හද සසල කරවන පණිවුඩයක් ලැබුණේ මගේ හිතමිත්‍ර රාජා හරහාය. රටම ආදරය කළ උතුරු මැද පළාත් විපක්ෂ නායක, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා අනුරාධපුරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව රාජාට යම් මාධ්‍ය ජාලයකින් ලැබුණු කෙටි පණිවුඩයේ සඳහන් වූ පුවතයි. මේ දීර්ඝ ලියමන ලියැවෙන්නේ ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා සහ සොඳුරු මිනිසා වෙත ඇති ඉමහත් භක්ත්‍යාදරය නිසාමය.
මේජර් ජෙනරල් ජානක පෙරේරා
1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මහතා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය. ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා මහතා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි. ඒ අනුව 1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි. එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා සෙබලා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා ලදි.
දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි. ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.
ත්‍රස්තවාදයට විරුද්ධ කොමාන්ඩෝ නිලධාරියකු සේ
අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි. මේ වනවිට 1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි. එදා පටන් කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කොමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.
මායිම් ගම්මාන සුරැකි ගම්භාර දිව්‍යරාජයා
1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර මායිම් ගම්මානවල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තෝරා ගත්තේ අන් කවරකුවත් නොව එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.
ජීවිත අවදානම නොතකා සිය වගකීම භාරගත් ජානක පෙරේරා මැතිඳුන් ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය. ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.
අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ මායිම් ගම්මාන සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන මායිම් ගම්මානවලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය. නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය. ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ. මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ එතුමා කෙරේ ඔවුන් තුල පැවැති නොමඳ භක්තිය නිසාමය.
වඩමාරච්චි මෙහෙයුමට දායක වෙමින්
1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation) සක්‍රීයව දායක වන ජානක පෙරේරා මහතාට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ. මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.
මේ සුවිශේෂී ඡායාරූපයේ වම් කෙළවරේ ඉන්නේ ජානක පෙරේරාය, අද කඳවුරු දෙකක නයි වෛරයෙන් පෙලෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාද මෙහි වෙති.
කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ. කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය. එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව සුප්‍රකට ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි මහතා සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි. එහිදී ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත. එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.
ජවිපෙ කැරැල්ල මැඩලීමට
එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සුරුවිරුකම් පාමින් සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා ඉතා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි. තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර සහෝදරයා වලපනේ බංගලාවක ගම්ලත් නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය. ඊට අනුව වලපනේ වත්තට ගිය ජානක පෙරේරා අද යුද හමුදාවේ ඇතැම් නිලධාරීන් මෙන් රෝහණ විජේවීරව නින්දිත ලෙස කුදලාගෙන ආවේ නැත. ඔහු තමන්ව හඳුන්වා දී ගම්ලත් යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින් පෙනී සිටින්නා හා දොඩමළු විය. ගම්ලත්ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.
ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත. මේ සුවිශේෂී මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ. මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර සහෝදරයාගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත. මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි. විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.
පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය. කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි.
යාපන අර්ධද්වීපයට රිවිරැස පතිත වූ වගයි
1993දී යූඇන්පී ආණ්ඩුව යටතේ තොප්පිගලින් ස්වකේය ආරක්ෂාව වෙනුවෙන් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.
1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි. වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය. එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙහිදී යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය. ජයග්‍රහණයෙන් උද්දාමයට පත්විය යුතුව තිබූ ජානක පෙරේරා බොහොම උපේක්ෂාවෙන් මේ දෙස බැලීය. අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු
මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප ගෞරව පූර්වකව සිහිපත් කරමු.
යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.
වැලිඔය සංග්‍රාමික ආශ්චර්යය
වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය. මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට සිදුවුණි.
ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.
එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට බුද්ධි තොරතුරු පිළිබඳ හොඳ ඉවක් ඇති බවත් බුද්ධි තොරතුරු රැස් කිරීමෙහිලා විශේෂ සුරුවිරුකම් පෑ බවත් ඉහත සඳහන් කළෙමි. මේ එක් මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි. ජානක පෙරේරා කළබල නොවී, කොහිවත් පලා නොයමින් කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.
එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය. ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි. මෙහි විශේෂය නම් මේ මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 10කටත් අඩු ගණනක් වීමයි.
මේ විජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජයපැන් බීවේ, පම්පෝරි ගැහුවේ නැත. හමුදාව මහත් විජයග්‍රහණයකට මෙහෙයවූ ඔහුගෙන් දක්නට ලැබුණේ උපේක්ෂා සහගත ස්වභාවයකි. මිය ගිය කොටි සෙබලුන් ඉදිරියේ ඡායාරූපවලට පෙනී සිටීම පිළිකෙව් කළ ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ
වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද?
නොනවතින රැල්ලට නැවතීමේ තිත
වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ කාර්යය බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය. මේ අතරවාරයේ වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය. ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි. යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත. හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.
අලිමංකඩ
හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය. මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි. යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය, අනෙකා එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි. මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්තුමා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් කළ අභීත ප්‍රකාශය පරාජිත මානසිකත්වයකින් ආලෝලනය වූ රටට අළුත් බලාපොරොත්තුවක් ගෙන දුනි. මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් වීම විශේෂත්වයකි.
හනිකට හමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි. ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල සමත්කම් පෑහ. රිවිකිරණ සහ කිණිහිරය නමින් යාපනය සුරැකීමේ පරමාර්ථයෙන් දියත් කෙරුණු මෙහෙයුම් සියල්ල මල්ඵල දරන්නට විය. යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක, ජයගැනීම සුවිශේෂී සන්ධිස්ථානයකි, හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක මේ රණශූර මේජර් ජෙනරාල්වරුන් දෙපල දේශයට අත් කර දුන්නේ සැබෑ විජයග්‍රහණයකි.
අද සිදුව ඇත්තේ කුමක්ද? මේ මෙහෙයුම රට වෙනුවෙන් මෙහෙයවූ එක් මේජර් ජෙනරාල්වරයෙක් මිනිස් බෝම්බයකින් එළොව යවා ඇත, අනෙක් ජෙනරල්වරයා සිරගතව ඇත, එම මෙහෙයුමේදී කොටි ත්‍රස්තයින්ගේ මහ මොළකරුවකු වූ කරුණා අම්මාන් අද කැබිනට් ඇමැතිවරයකු ලෙස සුරසැප විඳියී. ඔබම ඔබේ හදවතට තට්ටු කර අහන්න මේ දේ හරිද කියල. ජාතික නිදහස් පෙරමුණේ, ජාතික හෙළ උරුමයේ මහා ලොකු ඊනියා දේශප්‍රේමීන්ට, සංවේදී කළාකාර බඩගෝස්තරවාදීන්ට මේවා සාධාරණීකරණය කළ හැකි වුවද බුද්ධිමත් කාට නම් මේවාට හුරේ දමත හැකිද??
යුදබිමටත්, පුදබිමටත්, දෙකටම ඉන්ද්‍රඛීලයක් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතිඳුන් – මේජර් ජෙනරාල් ජානක පෙරේරා
දවස 2008 ඔක්තෝබර් 6 වනදාය, එවක විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකු ලෙස දේශනයකට සහභාගී වෙමින් සිටි මට හද සසල කරවන පණිවුඩයක් ලැබුණේ මගේ හිතමිත්‍ර රාජා හරහාය. රටම ආදරය කළ උතුරු මැද පළාත් විපක්ෂ නායක, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා අනුරාධපුරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව රාජාට යම් මාධ්‍ය ජාලයකින් ලැබුණු කෙටි පණිවුඩයේ සඳහන් වූ පුවතයි. මේ දීර්ඝ ලියමන ලියැවෙන්නේ ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා සහ සොඳුරු මිනිසා වෙත ඇති ඉමහත් භක්ත්‍යාදරය නිසාමය.
1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මහතා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය. ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා මහතා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි. ඒ අනුව 1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි. එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා සෙබලා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා ලදි.
දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි. ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.
ත්‍රස්තවාදයට විරුද්ධ කොමාන්ඩෝ නිලධාරියකු සේ
අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි. මේ වනවිට 1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි. එදා පටන් කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කොමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.
මායිම් ගම්මාන සුරැකි ගම්භාර දිව්‍යරාජයා
1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර මායිම් ගම්මානවල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තෝරා ගත්තේ අන් කවරකුවත් නොව එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.
ජීවිත අවදානම නොතකා සිය වගකීම භාරගත් ජානක පෙරේරා මැතිඳුන් ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය. ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.
අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ මායිම් ගම්මාන සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන මායිම් ගම්මානවලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය. නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය. ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ. මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ එතුමා කෙරේ ඔවුන් තුල පැවැති නොමඳ භක්තිය නිසාමය.
වඩමාරච්චි මෙහෙයුමට දායක වෙමින්
1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation) සක්‍රීයව දායක වන ජානක පෙරේරා මහතාට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ. මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.
කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ. කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය. එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව සුප්‍රකට ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි මහතා සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි. එහිදී ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත. එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.
ජවිපෙ කැරැල්ල මැඩලීමට
එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සුරුවිරුකම් පාමින් සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා ඉතා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි. තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර සහෝදරයා වලපනේ බංගලාවක ගම්ලත් නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය. ඊට අනුව වලපනේ වත්තට ගිය ජානක පෙරේරා අද යුද හමුදාවේ ඇතැම් නිලධාරීන් මෙන් රෝහණ විජේවීරව නින්දිත ලෙස කුදලාගෙන ආවේ නැත. ඔහු තමන්ව හඳුන්වා දී ගම්ලත් යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින් පෙනී සිටින්නා හා දොඩමළු විය. ගම්ලත්ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.
ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත. මේ සුවිශේෂී මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ. මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර සහෝදරයාගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත. මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි. විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.
පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය. කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි.
යාපන අර්ධද්වීපයට රිවිරැස පතිත වූ වගයි
1993දී යූඇන්පී ආණ්ඩුව යටතේ තොප්පිගලින් ස්වකේය ආරක්ෂාව වෙනුවෙන් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.
1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි. වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය. එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙහිදී යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය. ජයග්‍රහණයෙන් උද්දාමයට පත්විය යුතුව තිබූ ජානක පෙරේරා බොහොම උපේක්ෂාවෙන් මේ දෙස බැලීය. අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ”
කියා තෙපලා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ අවංකත්වය ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.
මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප ගෞරව පූර්වකව සිහිපත් කරමු.
යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.
වැලිඔය සංග්‍රාමික ආශ්චර්යය
වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය. මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට සිදුවුණි.ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.
එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට බුද්ධි තොරතුරු පිළිබඳ හොඳ ඉවක් ඇති බවත් බුද්ධි තොරතුරු රැස් කිරීමෙහිලා විශේෂ සුරුවිරුකම් පෑ බවත් ඉහත සඳහන් කළෙමි. මේ එක් මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි. ජානක පෙරේරා කළබල නොවී, කොහිවත් පලා නොයමින් කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.
එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය. ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි. මෙහි විශේෂය නම් මේ මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 10කටත් අඩු ගණනක් වීමයි.
මේ විජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජයපැන් බීවේ, පම්පෝරි ගැහුවේ නැත. හමුදාව මහත් විජයග්‍රහණයකට මෙහෙයවූ ඔහුගෙන් දක්නට ලැබුණේ උපේක්ෂා සහගත ස්වභාවයකි. මිය ගිය කොටි සෙබලුන් ඉදිරියේ ඡායාරූපවලට පෙනී සිටීම පිළිකෙව් කළ ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ
“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”
කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.

Last edited: