Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාපාලඇට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත කියපිය තෝ මේ account එක හැදුවෙම ඕක අහන්නද? ඕක දීලා මොකක් හරි උනොත් අපි නෑ පුතෝ..

පාල හෙවත් Purging Croton.

ඔව් ජාපාල ඇට වලට බඩ යනවා. ඇයි උඹට කාට හරි ගේමක් දෙන්නද ඕන..ජාපාල ලී කෑල්ලක් ලිපට දාපන් එතකොට උයන කෑම කාපු එකා වසලා හමාරයි. එහෙම නැත්තම් ජාපාල ගහක් යට හිටියත් බඩ යනවා..කිතුල් ඇට දාලා වතුර ගහලා තියෙනවා බයිසිකල් රේස් කාරයොන්ට නම් කසලා ඉවරයක් නෑ..

මෙන්න ජාපාල ගැන -->>

පුරාතනයේදි මෙරට බොහෝ ගැමි සමාජ තුල ජයපාල නම් උද්භිද ද්‍රව්‍යය ඉතා පුසිද්ධියට පත්ව තිබුනේ දේශිය ආයුර්වේද ඖෂධීය ද්රව්යයකටත් වඩා යමෙකුගේ ජීවිතයට අනතුරක් නොවන අයුරින් ඔහුට හෝ ඇයට අමතක නොවන කෙටිකාලීන ශාරිරික පීඩාවක් ඇතිකිරීමට භාවිතයට ගන්නා ද්‍රව්‍යයක් ලෙසයි. පැරැන්නන් විසින් තමා විසින් පිඩාවක් කල යුතු තැනැත්තෙකු හෝ තැනැත්තියක අරඹයා “ඕකට/ඕකිට ජාපාල කෂාය ටිකක් පොවන්න ඇත්නම්/ ජාපාල ඇට ටිකක් කවන්න ඇත්නම්” යන කියමන් තරහෙන් මුමුණනු ලැබුවේ එය පානය කරන්නාට එමගින් බොහෝ වාර ගණනාවක් නොනවත්වා මලපහ කිරිමට යාමට සිදුවන ලැජ්ජාසහගත සහ වෙහෙසකර තත්ත්වයක් ඇතිවන නිසාවෙනි. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල විරේක වෙනවා යන්නෙන් හැදින්වෙන්නේ මෙසේ නොනවත්වා බොහෝ වාර ගණනක් මලපහ පිටවීමයි. මේ නිසා තමාගේ එදිරිවාදිකුවෙකුට පාඩමක් ඉගැන්වීමට යොදාගත් අහිංසක උපක්‍රමයක් ලෙස එදා පැරැන්නන් අතර මෙම ද්‍රව්‍ය භාවිතයේ තිබුණි. ඉතාම උග්‍ර විරේචන ද්‍රව්‍යයක් ලෙස ආයුර්වේදයේ සඳහන් ජයපාල අහිතකර උපද්‍රවවලින් තොර ව ඖෂධ සඳහා යොදා ගැනීමට දේශිය වෛද්‍යවරු සමත් වූහ. කෙටියෙන්ම පවසනවා නම් මෙම ගසක් යට සිටියත් විරේක වන බව සඳහන් කර ඇත්තේ එහි එතරම් ප්‍රභල විරේචන ගුණයක් අන්තර්ගත නිසාවෙනි. එහෙත් වෛද්‍ය ග්‍රන්ථවල ජයපාල විෂ සහිත ද්‍රව්‍යයක් ලෙසද හඳුන්වා ඇති නිසා ඖෂධ පිණිස යෙදිමට ප්‍රථමයෙන් විවිධ ශෝධන කර්ම මගින් විෂ හරණය කරගැනිම පිළිබඳ තොරතුරු දක්වා ඇත. ජයපාල වල අන්තර්ගත තීක්ෂ්ණ රසායනික පදාර්ථයන් හි විෂ සහිත සංඝඨකයන් ශෝධනය කොට ඒවා හිතකර අයුරින් ඖෂධීය ගුණයට එකතු කර ගැනීමේ කලාව දේශිය ආයුර්වේද වෛද්‍යවරු දැන සිටියහ.

ජයපාල ඇට/බීජ ශෝධනය

ජයපාල ඇට පොතු හැර මද පලා ඒ මැද වු පත්‍ර ඉවත් කොට ඉන් 1/8 ක් ශෝධිත ටංකණ යොදා, පොට්ටනි බැද මැටි පාත්‍රයක දුග්ධ ලා දෝලා යන්ත්‍ර නියමයෙන් රාත්‍රි තුනක් ස්වේද දි වියලා ගත යුතු වේ යන්න එක් ශෝධන ක්රමයකි.

ජයපාල ඇට පොතු හැර දලුව ඉවත් කොට, පොට්ටනි බැද මැටි පාත්‍රයක හෝ දුග්ධ සහිතව දෝලා යන්ත්‍රයෙන් ස්වේද දිය යුතුය. පසුව එය අඹරා මැටි කබලක හෝ රෙදි කඩක හෝ මසිශෝෂණ (බ්ලෝටින් පේපරයක) හෝ ආලේප කොට මද පවනේ වියලා ගත යුතුය යන්න එම ක්රමයේම තවත් දිගුවකි.

ජයපාල පොතු හැර ගෙන මී ගොම දියකර ගත් ජලය හෝ ගව මුත්‍ර හෝ දෙහි යුෂ යන ඒවායේ පිළිවෙලින් එක එකින් තම්බා ගෙන පලා දලුව ඉවත් කොට එළකිරෙන් තම්බා එයින්ම බැද වියලා ගත යුතුය යන්න තවත් ක්රමයකි.

කෙසේ නමුත් සියළු ශෝධන අවසානයේදි නවමු මැටි වළඳක ලා බැද ගත යුතු බව දේශිය ආයුර්වේද ද්‍රව්‍ය ගුන විඥානයේ සහ භෛෂජ්‍ය කල්පනාවේ (Ayurveda Pharmacology) මුලග්‍රන්ථ වල වැඩිදුරටත් සඳහන්ය.

ජයපාල යනු ජය පාලනය නරන්නා යන්නයි. මීට අමතරව ජාපාල, තිත්තිඩිවල, දන්තබීජ, ජේපාල, කනකවල, නේපාල, තිත්තිරිවල, ජමල්ගොටා, නර්වාලම්, නෙරවාලම්, Croton oil, Seed, Purgative or Purgin Crotin යන නම් භාවිතා කෙරේ. සිංහල වෙද පොත් වල නෙරුවල යනු බහුලව ව්‍යවහාර වෙන නාමයකි. ජයපාල (ජාපාල) Croton tinglium Linnයන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Euphorbiaceae (ඒරණ්ඩ) කුලයට අයත් පදුරු ශාකයකි. ජයපාල ශාකය ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බුරුමය, මැලේසියාව සහ ගිනිකොණ දිග ඉන්දියානු දූපත් වල සුලබ වශයෙන් දැක ගත හැකි අතර බෙංගාලය, ඇසෑමය හා දකුණු ඉන්දියාව යන ප්‍රදේශ වල ඉතාම සුලබ ශාකයකි. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් පරිසර වල හොඳින් වැඩේ. ප්රමාණනයෙන් කුඩා ශාකයකි. අතරින් පතර නොමේරු අතු විහිදි ඇති අතර ඒවා තාරකාකාර-කේශර සහිත වන නමුදු වැඩුණු පසු සිනිඳු වේ. පත්‍ර ඒකාන්තරය. කඳෙහි අග්රස්ථයට වන්නට සුළු වශයෙන් සම්මුඛය. දිග නටුවක් දරයි. පත්‍ර තලය 5-15 cm X 2.5-8 cmප්‍රමාණ වේ. පුර්ණ අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලංසාකාර වේ. අග්‍රය තීව්රය. පාදය රවුම්ය. මොටය. දාරය මද වශයෙන් කරපත්‍රික-දන්තාකාර සිට සම්පූර්ණ පත්‍රය දක්වා වෙනස් වේ. සිනිඳු හෝ සමහර විට තාරකාකාර කේශර සහිතය. නිර්වෘන්ත මණ්ඩලාකාර ග්‍රන්ථි දෙකක් පත්‍ර තලයේ පාදයට ආසන්නව දාරය අසල දැකිය හැකිය. පුෂ්ප මංජරියක් ඇත. අග්රස්ථව හෝ කක්ෂියව පිහිටයි. ඵලය ස්ඵෝටිකාවකි. හැඩය ආයත-ප්රත්යන්ඩාකාරය. ලා කහ පැහැතිය. බීජ ඉලිප්සාකර-තුන්තලය, අලු පැහැයට හුරු දුඹුරු පැහැතිය. බීජය 9-15 mm x 6-10 mm පමණ වේ. ගන හා දැඩි කුරුඳු දුඹුරු පැහැ තිත්මය ස්වභාවයකි. බීජ ගබඩා කිරීම නිසා මෙම පෘෂ්ඨයේ පැල්ලම් ඇතිවීම සිදුවේ. බීජාවරණය පැලුම් සහිතය. දිලිසෙන සුළු හා පෘෂ්ඨීය පැත්තේ රවුමට විහිදුනු මියරයකි. උදරිය පැත්තේ ආවේනික මියරයකි. මෙහි ස්ඵොටිකාව බොහෝ විට එරඬු වලට සමාන මුත් මෙහි බාහිරෙන් කටු නොමැති වීමෙන් වෙන්කර හඳුනා ගත හැකිය. බීජ එරඬු බීජ වලට ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන මුත් අඳුරු, කුරුඳු දුඹුරු පැහැ වර්ණයෙන් හා බීජ චෝලය නොමැති වීම නිසා හඳුනාගත හැකිය.

ඖෂධ සංස්කරණයේදී ව්‍යවහාර අංග අතර බීජ සහ තෛලය ප්‍රධානය. ජයපාල බීජ නෙලා ගත යුත්තේ හොඳින් පැසුණු පසුවය. ඒවා මනාසේ වියලා රුද්ධ භාජනයන්හි තැන්පත් කල යුතුය. කොළ මුල් පොතු දඬුද යෙදා ගන්නා අවස්ථා ඇත. නමුත් ඖෂධ ලෙස අභ්‍යන්තරව කිසිවිටෙකත් තනිව නොයෙදේ. ජයපාල ඇතුලත් ඇතැම් බෙහෙත් වර්ග සර්ප විෂ වලදී වුවද ප්‍රයෝග කරනා අතර ඒවැනි යෝග සඳහා ගත යුත්තේ නිසි ලෙස ශුද්ධ කල විෂ හරණය කරන ලද බීජයන්ය. එසේ නැත හොත් සවිෂ ජයපාල ප්‍රයෝගයෙන් වන තීව්ර විරේචනය නතර කර ගත නොහැකි වන්නේය.

නවින විද්‍යාව අනූව සිදුකර ඇති රසායන සංයුති පරික්ෂාවන්ට අනූව එක් ස්ථිර තෛල පදාර්ථයක්ද ටිග්ලික් ඇසිඩ්(Tiglic acid), ක්රොටොනික් ඇසිඩ්(Crotonic acid) සහ ක්වාටනොලික් ඇසිඩ්(Quattenylic acid) යන ඒවා ප්‍රධාන වශයෙන් අන්තර්ගත බව සොයා ගෙන ඇත.ක්රොටොනොලියික් අම්ලය(Crotonoleic acid) ජයපාල බීජයෙහි ප්‍රධාන ක්‍රියාකාරී තත්ත්වය වේ. වාශ්පශීලි තෛලයක්ද ඇති නිසා තියුණු ගන්ධයක් යුක්තය.

ආයුර්වේද ශාස්ත්‍රාණුකූල විස්තරය

රස – කටුක, තික්ත

වීර්ය – උෂ්ණ

ගුණ – ගුරු, ස්නිග්ධ, තික්ෂ්ණ

විපාක – කටුක

දෝෂ කර්ම ලෙස කඵ පිත්ත හරබව දක්වා ඇත.

ප්‍රධාන කර්ම

දීපන, රේචන, කෘමිඝ්න, ශ්ලේෂ්ම, වමන උත්පාදක, අන්ත්‍ර ක්‍රිමි නාශක, මලභේදක, ශෝථහාර, ජ්වරඝ්න, විෂඝ්න, ලේඛනීය, විදාහි, ස්පෝඨජනක යන ඒවා දක්වා ඇත.

ව්‍යවහාරික රෝග අවස්ථා

ඉන්ද්‍රලුප්ත, ධ්වජභංග(Impotency) , අග්නිමාන්දය, අජීර්ණ, විබන්ධ, කෘමි රෝග, ජලෝදර, මෂ්තිෂ්කගත රක්තස්‍රාව, සංන්‍යාස, විෂ යන රෝග අවස්ථා වලදි භාවිතා කෙරේ.

පොදුවේ ජයපාල භාවිතා වෙන ප්‍රකට යෝග කිහිපයක් පහත දැක්වේ.

ජංගම විෂට විශේෂයෙන් සර්ප විෂයේදි ඇට දෙහි ඉස්මෙන් අඹරා ඇස්වලට අඳුන් යෙදීම.

උඳුගොව්වන් කෑමට ඇට දෙහි යුෂින් ගලගා ආලේප කිරීම

ජලෝදර, සංන්යාසයට විරේචනය සඳහා යොදා ගැනීම

ධ්වජභංගයට ශෝධිත ජයපාල ගිතෙලින් බැද අඹරා ශිෂ්ණයේ ආලේප කිරීම.

ජයපාල අඩංගු සංස්කාරිත දේශිය ආයුර්වේද ඖෂධ සහ යෝග

කුඩාකුමාර ගුලිය, වලිප්පු ගුලිය, මාන්දම් වජ්රකාන්ත්රි ගුලිය, මාන්දම් සන්නි ගුලිය, පිප්පල්‍යාදි ගුලිය, මහකෝල දවුණ්ඩය, ආනන්දබහිරව රසය, සංග්රාමබහිරව රසය, ජ්වරමුරාරි රසය, ඉච්ඡාභේදි රසය, වාතනාගාංකුශ, නවජ්වරාංකුශ, ආදි විරේචන වටිකා වල ප්‍රධානතම උපාදානය වේ. ශෙිය කල්ක හා වටිකාවන්හි විරේක පංගුවල බරට බරක් හෝ බරින් අඩක් හෝ ශුද්ධ නෙරුවාල යෙදේ. සුරංවිදුර සහ යෂ්ටි කල්කය.

ශුද්ධ ජයපාල භාවිතයේදී යොදා ගත යුතු මාත්‍රාවන් වශයෙන් දක්වා ඇත්තේ බීජ(මද) චූර්ණය රක්තිකා ½ – 1 දක්වාද, තෛල බිංදු ½ – 1 දක්වාද යන ප්රමාණයන්ගෙනි.

ජයපාල සම්බන්ධයෙන් දක්වා ඇති විශේෂ සිමාකාරි අවස්ථා කිහිපයක්ද ඇත. දියවැඩියා රෝගීනට සහ පිත් බහුල රෝගීනට ජයපාල යෝග සුදුසු නොවන්නේය. ජයපාල තනිකර යොදනු නොලබල අතර තවත් ඖෂධ හා එක්ව යොදනු ලැබේ. සමේ ඇතිල්ලු විට සමේ තෙත් ගතිය නිසා සමට උරාගෙන සමේ ප්‍රදාහ ඇතිවේ. ඇතිල්ලිමෙන් පමණක් වුවද සමහර විට විරේචනයද විය හැකිය. . ජයපාල තියුණූ විෂ සහිත ද්‍රව්‍යයක් වන බැවින් ස්තන්‍ය විරේචනය සඳහා යොදා නොගනී.

ජයපාල විෂ ශරීර ගතවීම නිසා ඇතිවන විෂඝ්න ලක්ෂ්ණ සහ ඊට ප්රතිකාරද වෙනම දේශීය ආයුර්වේද අගද තන්ත්රයේ (Ayurveda Toxicology) දක්වා ඇත. මුඛයේ අමිහිරිතාව, වමනය ඇතිවීම, අතිශයින් මල සරණය වීම, අන්ත්‍රවල ව්රණ ඇතිවීම, මුඛයේ ලාලාස්රාවය, මුව වියැලීම, ඇස් ගිලීම, ක්ලාන්තය, දහදිය නැගීම, මාංශ පේෂි වල ගැස්ම, සිරුරෙන් ගිනි පිටවෙන්නාක් දැනීම, ඇසේ දෘෂ්ටිය අඳුරු වීම, මුඛයේ අම්ලබවක් ඇතිකිරීම, දත් දුර්වර්ණ වීම, මුසපත්බව ඇතිවීම, ආමාශය කැළඹිම සහ බඩේ රුජා ඇතිවෙයි. අන්ත්‍රගත ශ්ලේෂ්මල කලාව ඉදිමෙන අතර බොහෝ වාරයක් වතුර බඳු ද්‍රව පිටවෙයි. අවසානයේ මරණයද විය හැකිය.

චිකිත්සාව/ප්‍රතිකාර

වාත, පිත්ත ශාමක වු ස්නිග්ධ මධුර ශීත ද්‍රව්‍යයන් නිරන්තරයෙන් ප්‍රයෝග කල යුතුය. විෂ හරණය කිරීම සඳහා එළකිරි, එළඟිතෙල්, දි පෙරෙලිදිය, දෙහි යුෂ යෙදු සරුවත්(නිම්බුපාතක) තැඹිලි වතුර, අලු පුහුල් යුෂ, කූරතම්පලා යුෂ යන මේවා දීම ගුණදායකය. මීට අමතරව විෂ ලක්ෂණ ඇතිවු විට විෂ දුරු කිරීම සඳහා වදකහ පුළුස්සා ගත් අළු, සියඹලා රොඩු දැවූ අළු සමව ගෙන ජලයට දියකර අඩට සිඳුවා පැය දෙකකට වරක් පෙවිය යුතුය.එවිට වමනය සහ විරේකය නවති. මේ සඳහා සුදුලුණු කලං තුනක් ගෙන වතුර පතක් දමා තම්බා පෙරා මී පැණියෙන් දීම.

ජයපාල ඖෂධිය ද්‍රව්‍යක් ලෙස භාවිතා වනවාට අමතරව අපේ පැරැන්නන් ඒවා විවිධ සාමාජීය අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනිමට කටයුතු කර ඇත. එහිදි විවිධ කෙම් ක්‍රම සඳහා මෙන්ම සතුරන් මර්ධනයටද, මල් බෙහෙත් තැබීම(කිතුල් රා කර්මාන්තයේදි) සඳහාද භාවිතා කර ඇත. එසේම අලංකාර පෙනුමකින් යුත් කුඩා ගසක් වන බැවින් උද්‍යාන අලංකරණයේදි යොදා ගෙන ඇත. කෙසේ නමුදු ජයපාල ශාකය ගැන වත්මන් පරපුර එතරම් දැනුමක් ඇති බවක් පෙනෙන්නට නැති අතර ජයපාල ශාකයද ක්‍රමයෙන් ජනතාවගේ මතකයෙන් ගිලිහි යන ශාකයක් බවට පත් වෙමින් තිබේ.

[QUOTE="kaotic, post: 18692610, member: 512644"] [SIZE=4]ඇත්ත කියපිය තෝ මේ account එක හැදුවෙම ඕක අහන්නද? ඕක දීලා මොකක් හරි උනොත් අපි නෑ පුතෝ..:lol: පාල හෙවත් Purging Croton. [IMG]http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-FRUIT-150x150.jpg[/IMG] ඔව් ජාපාල ඇට වලට බඩ යනවා. ඇයි උඹට කාට හරි ගේමක් දෙන්නද ඕන..ජාපාල ලී කෑල්ලක් ලිපට දාපන් එතකොට උයන කෑම කාපු එකා වසලා හමාරයි. එහෙම නැත්තම් ජාපාල ගහක් යට හිටියත් බඩ යනවා..කිතුල් ඇට දාලා වතුර ගහලා තියෙනවා බයිසිකල් රේස් කාරයොන්ට නම් කසලා ඉවරයක් නෑ.. මෙන්න ජාපාල ගැන -->> [/SIZE][SIZE=4]පුරාතනයේදි මෙරට බොහෝ ගැමි සමාජ තුල ජයපාල නම් උද්භිද ද්‍රව්‍යය ඉතා පුසිද්ධියට පත්ව තිබුනේ දේශිය ආයුර්වේද ඖෂධීය ද්රව්යයකටත් වඩා යමෙකුගේ ජීවිතයට අනතුරක් නොවන අයුරින් ඔහුට හෝ [URL="http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-FRUIT.jpg"][IMG]http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-FRUIT-150x150.jpg[/IMG][/URL]ඇයට අමතක නොවන කෙටිකාලීන ශාරිරික පීඩාවක් ඇතිකිරීමට භාවිතයට ගන්නා ද්‍රව්‍යයක් ලෙසයි. පැරැන්නන් විසින් තමා විසින් පිඩාවක් කල යුතු තැනැත්තෙකු හෝ තැනැත්තියක අරඹයා “ඕකට/ඕකිට ජාපාල කෂාය ටිකක් පොවන්න ඇත්නම්/ ජාපාල ඇට ටිකක් කවන්න ඇත්නම්” යන කියමන් තරහෙන් මුමුණනු ලැබුවේ එය පානය කරන්නාට එමගින් බොහෝ වාර ගණනාවක් නොනවත්වා මලපහ කිරිමට යාමට සිදුවන ලැජ්ජාසහගත සහ වෙහෙසකර තත්ත්වයක් ඇතිවන නිසාවෙනි. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල විරේක වෙනවා යන්නෙන් හැදින්වෙන්නේ මෙසේ නොනවත්වා බොහෝ වාර ගණනක් මලපහ පිටවීමයි. මේ නිසා තමාගේ එදිරිවාදිකුවෙකුට පාඩමක් ඉගැන්වීමට යොදාගත් අහිංසක උපක්‍රමයක් ලෙස එදා පැරැන්නන් අතර මෙම ද්‍රව්‍ය භාවිතයේ තිබුණි. ඉතාම උග්‍ර විරේචන ද්‍රව්‍යයක් ලෙස ආයුර්වේදයේ සඳහන් ජයපාල අහිතකර උපද්‍රවවලින් තොර ව ඖෂධ සඳහා යොදා ගැනීමට දේශිය වෛද්‍යවරු සමත් වූහ. කෙටියෙන්ම පවසනවා නම් මෙම ගසක් යට සිටියත් විරේක වන බව සඳහන් කර ඇත්තේ එහි එතරම් ප්‍රභල විරේචන ගුණයක් අන්තර්ගත නිසාවෙනි. එහෙත් වෛද්‍ය ග්‍රන්ථවල ජයපාල විෂ සහිත ද්‍රව්‍යයක් ලෙසද හඳුන්වා ඇති නිසා ඖෂධ පිණිස යෙදිමට ප්‍රථමයෙන් විවිධ ශෝධන කර්ම මගින් විෂ හරණය කරගැනිම පිළිබඳ තොරතුරු දක්වා ඇත. ජයපාල වල අන්තර්ගත තීක්ෂ්ණ රසායනික පදාර්ථයන් හි විෂ සහිත සංඝඨකයන් ශෝධනය කොට ඒවා හිතකර අයුරින් ඖෂධීය ගුණයට එකතු කර ගැනීමේ කලාව දේශිය ආයුර්වේද වෛද්‍යවරු දැන සිටියහ.[/SIZE] [B][SIZE=4][B]ජයපාල ඇට/බීජ ශෝධනය[/B][/SIZE][/B] [LIST] [*][SIZE=4]ජයපාල ඇට පොතු හැර මද පලා ඒ මැද වු පත්‍ර ඉවත් කොට ඉන් 1/8 ක් ශෝධිත ටංකණ යොදා, පොට්ටනි බැද මැටි පාත්‍රයක දුග්ධ ලා දෝලා යන්ත්‍ර නියමයෙන් රාත්‍රි තුනක් ස්වේද දි වියලා ගත යුතු වේ යන්න එක් ශෝධන ක්රමයකි.[/SIZE] [*][SIZE=4]ජයපාල ඇට පොතු හැර දලුව ඉවත් කොට, පොට්ටනි බැද මැටි පාත්‍රයක හෝ දුග්ධ සහිතව දෝලා යන්ත්‍රයෙන් ස්වේද දිය යුතුය. පසුව එය අඹරා මැටි කබලක හෝ රෙදි කඩක හෝ මසිශෝෂණ (බ්ලෝටින් පේපරයක) හෝ ආලේප කොට මද පවනේ වියලා ගත යුතුය යන්න එම ක්රමයේම තවත් දිගුවකි.[/SIZE] [*][SIZE=4]ජයපාල පොතු හැර ගෙන මී ගොම දියකර ගත් ජලය හෝ ගව මුත්‍ර හෝ දෙහි යුෂ යන ඒවායේ පිළිවෙලින් එක එකින් තම්බා ගෙන පලා දලුව ඉවත් කොට එළකිරෙන් තම්බා එයින්ම බැද වියලා ගත යුතුය යන්න තවත් ක්රමයකි.[/SIZE] [/LIST] [SIZE=4]කෙසේ නමුත් සියළු ශෝධන අවසානයේදි නවමු මැටි වළඳක ලා බැද ගත යුතු බව දේශිය ආයුර්වේද ද්‍රව්‍ය ගුන විඥානයේ සහ භෛෂජ්‍ය කල්පනාවේ (Ayurveda Pharmacology) මුලග්‍රන්ථ වල වැඩිදුරටත් සඳහන්ය.[/SIZE] [SIZE=4]ජයපාල යනු ජය පාලනය නරන්නා යන්නයි. මීට අමතරව ජාපාල, තිත්තිඩිවල, දන්තබීජ, ජේපාල, කනකවල, නේපාල, තිත්තිරිවල, ජමල්ගොටා, නර්වාලම්, නෙරවාලම්, Croton oil, Seed, Purgative or Purgin Crotin යන නම් භාවිතා කෙරේ. සිංහල වෙද පොත් වල නෙරුවල යනු බහුලව ව්‍යවහාර වෙන නාමයකි. ජයපාල (ජාපාල) [B]Croton tinglium Linn[/B]යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Euphorbiaceae (ඒරණ්ඩ) කුලයට අයත් පදුරු ශාකයකි. ජයපාල ශාකය ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, [URL="http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-DRY-FRUITS.jpg"][IMG]http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-DRY-FRUITS-150x150.jpg[/IMG][/URL]බුරුමය, මැලේසියාව සහ ගිනිකොණ දිග ඉන්දියානු දූපත් වල සුලබ වශයෙන් දැක ගත හැකි අතර බෙංගාලය, ඇසෑමය හා දකුණු ඉන්දියාව යන ප්‍රදේශ වල ඉතාම සුලබ ශාකයකි. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් පරිසර වල හොඳින් වැඩේ. ප්රමාණනයෙන් කුඩා ශාකයකි. අතරින් පතර නොමේරු අතු විහිදි ඇති අතර ඒවා තාරකාකාර-කේශර සහිත වන නමුදු වැඩුණු පසු සිනිඳු වේ. පත්‍ර ඒකාන්තරය. කඳෙහි අග්රස්ථයට වන්නට සුළු වශයෙන් සම්මුඛය. දිග නටුවක් දරයි. පත්‍ර තලය 5-15 cm X 2.5-8 cmප්‍රමාණ වේ. පුර්ණ අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලංසාකාර වේ. අග්‍රය තීව්රය. පාදය රවුම්ය. මොටය. දාරය මද වශයෙන් කරපත්‍රික-දන්තාකාර සිට සම්පූර්ණ පත්‍රය දක්වා වෙනස් වේ. සිනිඳු හෝ සමහර විට තාරකාකාර කේශර සහිතය. නිර්වෘන්ත මණ්ඩලාකාර ග්‍රන්ථි දෙකක් පත්‍ර තලයේ පාදයට ආසන්නව දාරය අසල දැකිය හැකිය. පුෂ්ප මංජරියක් ඇත. අග්රස්ථව හෝ කක්ෂියව පිහිටයි. ඵලය ස්ඵෝටිකාවකි. හැඩය ආයත-ප්රත්යන්ඩාකාරය. ලා කහ පැහැතිය. බීජ ඉලිප්සාකර-තුන්තලය, අලු පැහැයට හුරු දුඹුරු පැහැතිය. බීජය 9-15 mm x 6-10 mm පමණ වේ. ගන හා දැඩි කුරුඳු දුඹුරු පැහැ තිත්මය ස්වභාවයකි. බීජ ගබඩා කිරීම නිසා මෙම පෘෂ්ඨයේ පැල්ලම් ඇතිවීම සිදුවේ. බීජාවරණය පැලුම් සහිතය. දිලිසෙන සුළු හා පෘෂ්ඨීය පැත්තේ රවුමට විහිදුනු මියරයකි. උදරිය පැත්තේ ආවේනික මියරයකි. මෙහි ස්ඵොටිකාව බොහෝ විට එරඬු වලට සමාන මුත් මෙහි බාහිරෙන් කටු නොමැති වීමෙන් වෙන්කර හඳුනා ගත හැකිය. බීජ එරඬු බීජ වලට ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන මුත් අඳුරු, කුරුඳු දුඹුරු පැහැ වර්ණයෙන් හා බීජ චෝලය නොමැති වීම නිසා හඳුනාගත හැකිය.[/SIZE] [SIZE=4]ඖෂධ සංස්කරණයේදී ව්‍යවහාර අංග අතර බීජ සහ තෛලය ප්‍රධානය. ජයපාල බීජ නෙලා ගත යුත්තේ හොඳින් පැසුණු පසුවය. ඒවා මනාසේ වියලා රුද්ධ භාජනයන්හි තැන්පත් කල යුතුය. කොළ මුල් පොතු දඬුද යෙදා ගන්නා අවස්ථා ඇත. නමුත් ඖෂධ ලෙස අභ්‍යන්තරව කිසිවිටෙකත් තනිව නොයෙදේ. ජයපාල ඇතුලත් ඇතැම් බෙහෙත් වර්ග සර්ප විෂ වලදී වුවද ප්‍රයෝග කරනා අතර ඒවැනි යෝග සඳහා ගත යුත්තේ නිසි ලෙස ශුද්ධ කල විෂ හරණය කරන ලද බීජයන්ය. එසේ නැත හොත් සවිෂ ජයපාල ප්‍රයෝගයෙන් වන තීව්ර විරේචනය නතර කර ගත නොහැකි වන්නේය.[/SIZE] [SIZE=4]නවින විද්‍යාව අනූව සිදුකර ඇති රසායන සංයුති පරික්ෂාවන්ට අනූව එක් ස්ථිර තෛල පදාර්ථයක්ද ටිග්ලික් ඇසිඩ්(Tiglic acid), ක්රොටොනික් ඇසිඩ්(Crotonic acid) සහ ක්වාටනොලික් ඇසිඩ්(Quattenylic acid) යන ඒවා ප්‍රධාන වශයෙන් අන්තර්ගත බව සොයා ගෙන ඇත.ක්රොටොනොලියික් අම්ලය(Crotonoleic acid) ජයපාල බීජයෙහි ප්‍රධාන ක්‍රියාකාරී තත්ත්වය වේ. වාශ්පශීලි තෛලයක්ද ඇති නිසා තියුණු ගන්ධයක් යුක්තය. [/SIZE] [B][SIZE=4][B]ආයුර්වේද ශාස්ත්‍රාණුකූල විස්තරය[/B][/SIZE][/B] [SIZE=4]රස – කටුක, තික්ත [/SIZE] [SIZE=4]වීර්ය – උෂ්ණ [/SIZE] [SIZE=4]ගුණ – ගුරු, ස්නිග්ධ, තික්ෂ්ණ [/SIZE] [SIZE=4]විපාක – කටුක[/SIZE] [SIZE=4][B]දෝෂ කර්ම ලෙස [/B]කඵ පිත්ත හරබව දක්වා ඇත. [/SIZE] [SIZE=4][B]ප්‍රධාන කර්ම[/B] දීපන, රේචන, කෘමිඝ්න, ශ්ලේෂ්ම, වමන උත්පාදක, අන්ත්‍ර ක්‍රිමි නාශක, මලභේදක, ශෝථහාර, ජ්වරඝ්න, විෂඝ්න, ලේඛනීය, විදාහි, ස්පෝඨජනක යන ඒවා දක්වා ඇත. [/SIZE] [SIZE=4][B]ව්‍යවහාරික රෝග අවස්ථා[/B] ඉන්ද්‍රලුප්ත, ධ්වජභංග(Impotency) , අග්නිමාන්දය, අජීර්ණ, විබන්ධ, කෘමි රෝග, ජලෝදර, මෂ්තිෂ්කගත රක්තස්‍රාව, සංන්‍යාස, විෂ යන රෝග අවස්ථා වලදි භාවිතා කෙරේ.[/SIZE] [SIZE=4][B]පොදුවේ ජයපාල භාවිතා වෙන ප්‍රකට යෝග කිහිපයක් පහත දැක්වේ.[/B][/SIZE] [LIST] [*][SIZE=4]ජංගම විෂට විශේෂයෙන් සර්ප විෂයේදි ඇට දෙහි ඉස්මෙන් අඹරා ඇස්වලට අඳුන් යෙදීම.[/SIZE] [*][SIZE=4]උඳුගොව්වන් කෑමට ඇට දෙහි යුෂින් ගලගා ආලේප කිරීම[/SIZE] [*][SIZE=4]ජලෝදර, සංන්යාසයට විරේචනය සඳහා යොදා ගැනීම[/SIZE] [*][SIZE=4]ධ්වජභංගයට ශෝධිත ජයපාල ගිතෙලින් බැද අඹරා ශිෂ්ණයේ ආලේප කිරීම.[/SIZE] [/LIST] [B][SIZE=4][B]ජයපාල අඩංගු සංස්කාරිත දේශිය ආයුර්වේද ඖෂධ සහ යෝග[/B][/SIZE][/B] [SIZE=4]කුඩාකුමාර ගුලිය, වලිප්පු ගුලිය, මාන්දම් වජ්රකාන්ත්රි ගුලිය, මාන්දම් සන්නි ගුලිය, පිප්පල්‍යාදි ගුලිය, මහකෝල දවුණ්ඩය, ආනන්දබහිරව රසය, සංග්රාමබහිරව රසය, ජ්වරමුරාරි රසය, ඉච්ඡාභේදි රසය, වාතනාගාංකුශ, නවජ්වරාංකුශ, ආදි විරේචන වටිකා වල ප්‍රධානතම උපාදානය වේ. ශෙිය කල්ක හා වටිකාවන්හි විරේක පංගුවල බරට බරක් හෝ බරින් අඩක් හෝ ශුද්ධ නෙරුවාල යෙදේ. සුරංවිදුර සහ යෂ්ටි කල්කය.[/SIZE] [SIZE=4]ශුද්ධ ජයපාල භාවිතයේදී යොදා ගත යුතු මාත්‍රාවන් වශයෙන් දක්වා ඇත්තේ බීජ(මද) චූර්ණය රක්තිකා ½ – 1 දක්වාද, තෛල බිංදු ½ – 1 දක්වාද යන ප්රමාණයන්ගෙනි.[/SIZE] [SIZE=4][URL="http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-LEAVES.jpg"][IMG]http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-LEAVES-150x150.jpg[/IMG][/URL]ජයපාල සම්බන්ධයෙන් දක්වා ඇති විශේෂ සිමාකාරි අවස්ථා කිහිපයක්ද ඇත. දියවැඩියා රෝගීනට සහ පිත් බහුල රෝගීනට ජයපාල යෝග සුදුසු නොවන්නේය. ජයපාල තනිකර යොදනු නොලබල අතර තවත් ඖෂධ හා එක්ව යොදනු ලැබේ. සමේ ඇතිල්ලු විට සමේ තෙත් ගතිය නිසා සමට උරාගෙන සමේ ප්‍රදාහ ඇතිවේ. ඇතිල්ලිමෙන් පමණක් වුවද සමහර විට විරේචනයද විය හැකිය. . ජයපාල තියුණූ විෂ සහිත ද්‍රව්‍යයක් වන බැවින් ස්තන්‍ය විරේචනය සඳහා යොදා නොගනී.[/SIZE] [SIZE=4]ජයපාල විෂ ශරීර ගතවීම නිසා ඇතිවන විෂඝ්න ලක්ෂ්ණ සහ ඊට ප්රතිකාරද වෙනම දේශීය ආයුර්වේද අගද තන්ත්රයේ (Ayurveda Toxicology) දක්වා ඇත. මුඛයේ අමිහිරිතාව, වමනය ඇතිවීම, අතිශයින් මල සරණය වීම, අන්ත්‍රවල ව්රණ ඇතිවීම, මුඛයේ ලාලාස්රාවය, මුව වියැලීම, ඇස් ගිලීම, ක්ලාන්තය, දහදිය නැගීම, මාංශ පේෂි වල ගැස්ම, සිරුරෙන් ගිනි පිටවෙන්නාක් දැනීම, ඇසේ දෘෂ්ටිය අඳුරු වීම, මුඛයේ අම්ලබවක් ඇතිකිරීම, දත් දුර්වර්ණ වීම, මුසපත්බව ඇතිවීම, ආමාශය කැළඹිම සහ බඩේ රුජා ඇතිවෙයි. අන්ත්‍රගත ශ්ලේෂ්මල කලාව ඉදිමෙන අතර බොහෝ වාරයක් වතුර බඳු ද්‍රව පිටවෙයි. අවසානයේ මරණයද විය හැකිය.[/SIZE] [B][SIZE=4][B]චිකිත්සාව/ප්‍රතිකාර[/B][/SIZE][/B] [SIZE=4]වාත, පිත්ත ශාමක වු ස්නිග්ධ මධුර ශීත ද්‍රව්‍යයන් නිරන්තරයෙන් ප්‍රයෝග කල යුතුය. විෂ හරණය කිරීම සඳහා එළකිරි, එළඟිතෙල්, දි පෙරෙලිදිය, දෙහි යුෂ යෙදු සරුවත්(නිම්බුපාතක) තැඹිලි වතුර, අලු පුහුල් යුෂ, කූරතම්පලා යුෂ යන මේවා දීම ගුණදායකය. මීට අමතරව විෂ ලක්ෂණ ඇතිවු විට විෂ දුරු කිරීම සඳහා වදකහ පුළුස්සා ගත් අළු, සියඹලා රොඩු දැවූ අළු සමව ගෙන ජලයට දියකර අඩට සිඳුවා පැය දෙකකට වරක් පෙවිය යුතුය.එවිට වමනය සහ විරේකය නවති. මේ සඳහා සුදුලුණු කලං තුනක් ගෙන වතුර පතක් දමා තම්බා පෙරා මී පැණියෙන් දීම.[/SIZE] [SIZE=4][URL="http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-FLOWERS.jpg"][IMG]http://www.wedasa.info/wp-content/uploads/2014/11/JAYAPALA-FLOWERS-150x150.jpg[/IMG][/URL]ජයපාල ඖෂධිය ද්‍රව්‍යක් ලෙස භාවිතා වනවාට අමතරව අපේ පැරැන්නන් ඒවා විවිධ සාමාජීය අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනිමට කටයුතු කර ඇත. එහිදි විවිධ කෙම් ක්‍රම සඳහා මෙන්ම සතුරන් මර්ධනයටද, මල් බෙහෙත් තැබීම(කිතුල් රා කර්මාන්තයේදි) සඳහාද භාවිතා කර ඇත. එසේම අලංකාර පෙනුමකින් යුත් කුඩා ගසක් වන බැවින් උද්‍යාන අලංකරණයේදි යොදා ගෙන ඇත. කෙසේ නමුදු ජයපාල ශාකය ගැන වත්මන් පරපුර එතරම් දැනුමක් ඇති බවක් පෙනෙන්නට නැති අතර ජයපාල ශාකයද ක්‍රමයෙන් ජනතාවගේ මතකයෙන් ගිලිහි යන ශාකයක් බවට පත් වෙමින් තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom