ජැක්ලීන් මවක් වීමට තීරණය කරයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජැක්ලීන් මවක් වීමට තීරණය කරයි

    2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන්ය

    34523364_axdof9f5[1].jpg

    "දරුවකු හදාවඩා ගැනීම සුන්දර අත්දැකීමක්. මව්පියන් අහිමි දරුවකුට ඔවුන්ට එම අහිමි වූ පවුලක ආදරය ලබාදීම යහපත් කරුණක්. දරුවෙකු හදාවඩා ගැනීම බොහෝ කලක් මා සතුව පැවති සිහිනයක්. දැන් මගේ ඒ සිහිනය සැබෑකරගැනීම සඳහා සුදුසු කාලය එළඹ තිබෙනවා" ජැක්ලීන් පවසයි.ශ්‍රී ලංකාවෙහි පිහිටි සිය නිවසෙහි කුඩා ගැහැණු දරුවන් කිහිපදෙනෙකු හදාවඩාගැනීම සඳහා මූල්‍යමය පහසුකම් පවතින බව ඇය සඳහන් කර තිබේ. "රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව මම මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක නිරතවෙනවා. නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නිවාස තනාදීම වෙනුවෙන් අපි ස්වේච්ඡා සේවකයින් ලෙස කටයුතු කරනවා. එමෙන්ම ඉන්දියාවේ කාන්තා අධ්‍යාපනය ඉහළ නැංවීම සම්බන්ධව ද මම මැදිහත්ව කටයුතු කරනවා" මෙම සුරූපී රංගන ශිල්පිණිය සඳහන් කරයි.2006 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ජැක්ලීන් එම වසරේ මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් විය. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. 2009 වසරේදී ෂුජෝයි ගෝෂ්ගේ ඇලදින් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙමින් ජැක්ලීන් බොලිවුඩ් සිනමාවට පිවිසියාය. එමෙන්ම මේ වනවිට ඇය දකුණු ඉන්දීය සිනමාවට ද පිවිස සිටියි.

    Jack2_thumb[2][1].jpg
    jacqueline-fernandez-19[1].jpg
    1257453460[1].jpg
    :P:P:P:P:P


    http://www.dnaindia.com/entertainme...fernandez-wants-to-adopt-a-girl-child_1483137
     
    Last edited: