Vidarshana Kannangara
ජැක්සන් ඇන්තනී ගේ දේහය පුරා තියෙන්නෙ කතෝලික ආගමික සංකේත.ඒ ඔහු සහ පවුල කතෝලික බැතිමතුන් වීම සහ ස්වර්ග මෝක්ෂයේ ගැලවීම විශ්වාස කරන අය නිසා. එහෙත් ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශන බහුතරයකම ලොව 'ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා' කියල නම් කළේ බුදුන් වහන්සේව. උන්වහන්සේ හා සමකළ හැකි කෙනෙකු විශ්වයේ කිසිදා සිට නැති බවත් ඔහු කියනව.ලොව උතුම්ම ආගම හා දර්ශනය කියල ඔහු නම්කරන්නෙත් බුද්දාගම හා බුදුදදහම. ලොව උසස්ම සංස්කෘතිය තියෙන්නෙ 'අපේ ජාතික වංශය' තුළ බවත්, එය එසේ වීමට ප්‍රධානතම සාධකය වුනේ බුදුදහමින් පෝෂණය වීම බවත් ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කරනව.එපමණක් නොවෙයි ඔහු දේවාගම් ස්ථානගත කරන්නෙ 'ශ්‍රද්ධා සම්පන්න බුද්ධාගමට' පහලින්..
ඔහු තමන්ගේ ජන්ම ආගමට,භක්තියට හා ශාස්තෘවරයාට (ජීසස්ට) ප්‍රමුඛත්වය නොදී අසහාය වැදගත්කමක් දෙන්නෙ අන්‍යාගමක් වූ බුද්ධාගමට සහ බුදුන්ට..
ඒත් ඔහු තමන්ගේ මරණය හා ගැලවීම පදනම් කරන්නෙ තමන්ගෙ ආගම හා භක්තිය වූ කතෝලිකය මත.
මම හිතනව මෙන්න මේ දෙබිඩි පරස්පරය ජැක්සන් නම් වූ සංස්කෘතික-දේශපාලන භූමිකාව හදුනාගන්න අත්‍යවශ්‍ය කවුළුවක් කියල..
(මේ පරස්පරය නරුම විදියට නඩත්තු කරන ප්‍රවනතාවයක්ම තියෙනව)
තමන්ගෙ ජන්ම ආගමික සංස්කෘතිය තුළ ඉදල එහි උරුමය යළි අර්ථකථනය කිරීමේ භාවිතයක් වෙනුවට සාමාන්‍ය සිංහල-බෞද්ධයකුටත් වඩා සිංහල-බුද්ධාගම්කාරයකු වෙන්න ජැක්සන් වලිකෑවේ ඇයි ?
තමන්ගෙ උරුම ආගමික සංස්කෘතිය තුළ ඔහුට නොලැබී ගිය 'මහා අඩුවක් වූ දෙය' කුමක්ද ? එම අසරණභාවය විසින් තමන්ගේ ස්වයං-යටපත්කරණයක් ඉක්මවා යන්න, අර 'හිස්තැන' ජයගන්න ඔහු සිංහල-බුද්ධාගම ෆැන්ටසිගත කළාද ?
ජැක්සන් ගේ ආත්මීය ගැලවීම කතෝලිකය තුළත් ජැක්සන්ගේ සමාජ ගැලවීම බුද්ධාගම තුලත් සෙවීම ඉතාම සියුම් දේශපාලන විග්‍රහයක් ඉල්ලා සිටින පැතිකඩක් කියලයි මගේ යෝජනාව.
ජැක්සන් අමුවෙන්ම රාජපක්ෂයට කඩේ යෑම විසින් අත්කර ගත් මොනවා හෝ ද්‍රව්‍යාත්මක වාසි තිබුණා හෝ නොතිබුණා විය හැකි මුත් ඊටත් වඩා රාජපක්ෂය විසින් ඔහුගේ එක්තරා අභ්‍යන්තරික අසමත්කමක්,අසරණකමක් වාස්තවික සමාජ වේශයකින් තෘප්ත කළා විය යුතුයි.රාජපක්ෂය ප්‍රමුඛ සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන කදවුර තුළින් ඔහු අධ්‍යාත්මික අල්ලසක් අපේක්ෂා කළා විය යුතුය.
මේ සමාජ-මනෝ ආර්ථික හා ලුබ්ධිමය කලාපය ජැක්සන්ලාව යළි කියවාගැනීමේදී දේශපාලනික අර්ථයක් දරා සිටින බව පෙනෙයි !
