මේ දිනවල අනුරාධපුරයේ "සිංහබාහු" චිත්‍රපටයේ රූගත කිරීම්හි යෙදෙන ජැක්සන් ඇන්තනි තමන්ගේ හද්ද පරණ කැබ් රථයේ අලියෙකු ගැටී, අලියා කැබ් රථය මත පතිත වීමෙන් දරුණු රිය අනතුරකට ලක් වෙලා.
වසර ගණනාවකට පෙර මරදානේදී උඩුයටිකුරුව පෙරලී ගොස් අනතුරකට ලක් වූයේද මේ කැබ් රථයමයි.
ජැක්සන්ගේ පණ හයියයි. ඒ වගේම ඔහු සුරැකෙන්නේද 250- අංක තහඩුවක් ඇති මේ හද්දා පරණ කැබ් එකේ බඳේ හයිය නිසාමදෝ කියා සිතෙයි.
(වසර 20 ට පෙර අප සමඟ "ස්වර්ණවාහිනියේ" රැකියාව කරද්දී ජැක්සන් පාවිච්චි කළේද මේ රතු කැබ් රථයමයි. ඔහුට අලුත් වාහන උණක් නොතිබුණාද , නැත්නම් ඊට අවකාශ නොතිබුණාදැයි දන්නේ ඔහුම තමයි.)
මේ සියල්ල ලිව්වේ ජැක්සන්ගේ අනතුර ගැන පළවී ඇති වාර්තා හා පෝස්ටු වලට දමා තියෙන තුප්පහි කොමෙන්ට් දැකීමෙනුයි. යම් පුද්ගලයෙකු අනතුරකට පත් වූ විට ඔහුගේ දේශපාලන ඉතිහාසය හෝ දේශපාලන මතයන් සිහිපත් කරමින් නිවන් සුව පතන්නට හෝ කෝචොක් දමන්නට හෝ ඉදිරිපත් වන ම්ලේච්ඡ, අශික්ෂිත, අමන දේශපාලන වහල් ගැත්තන් කෙරෙහි මගේ බලවත් අපුල පළ කරනවා. තමන් කිසිදා අනතුරකට පත් වන්නේ නැතැයි සිතන එවැන්නවුන්ට කියන්නට තියෙන්නේ "කවදා හෝ අනතුරකට පත් වූ වහාම තොපිටද නිවන් සැප ලැබේවා.." කියායි.
එවැන්නවුන් මගේ පෞද්ගලික හෝ ෆේස්බුක් මිතුරන් වේ නම් උං හා මිතුරුකම් මට අවශ්‍ය නෑ. උං යකාටම ගියාවේ..
ජැක්සන් සහෘදයාණෙනි...වෛද්‍යවරුන් ගේ මැදිහත්වීමෙන් ඔබට ඉක්මන් සුව ..!
(මෙහි දැක්වෙන සුදු රැවුල වවාගත් ඡායාරූපය "සිංහබාහු" චිත්‍රපටයේ සිංහයාගේ චරිතය වෙනුවෙන් වන ජැක්සන්ගේ නවතම පෙනුමයි. උපුටාගත්තේ මෑතක රූගත කිරීම් අතරතුට සහභාගි වූ zoom සාකච්ඡාවකිනි.)
- හෙන්රි වර්ණකුලසූරිය