ජැකීගේ_ආප්පෙ

Money Talks

Member
Jun 28, 2014
108
15
0
මේ දවස්වල අපේ උන්ට තියෙන ලොකුම ගැටලුව ජැකොලින්ගේ කඩේ කැම වල ගණන්ය... එහි ආප්පයක් රුපියල් දෙසීයක් වෙයි.. බණ්ඩක්කා දීසියක් රුපියල් හයසිය ගණනක් වෙයි... මේවා දැක්කම අපේ උන්ට නිකන් ඉන්නටම බැරිය... මේ බිත්තර ආප්ප වලට දාන්නේ ජකොලින්ගේ රත්තරං බිජු දමන කිකිලියගෙන් ගත් බිත්තරදැයි එකෙක් අසයි.. තවකෙකුගේ අදහස නම් ආප්ප දමන්නේ(ආප්ප බාස් වැඩේ කරන්නේ) ජැකොලින් බවයි... ඔය බණ්ඩක්කා වැවෙන්නේ හඳේදැයි තවත් ඩයල් එකක් අසයි... හැමෝටම හෙන ප්‍රශ්නය..

මට තිබෙන ප්‍රශ්නය නම් අස්ප ගණන් වලට ලංකාවේ කෑම විකුණන්නට පටන් ගත්තේද අද ඊයේ නොවේය... ජැකොලින් අක්කා කරන්නේ ගමේ සමුපකාර කඩේද නොවේය... අපි හැමෝම එතැනට ගොස් ආප්ප කෑම අනිවාර්ය කොට නැත.. නිදහස් මාවත දිගේ පේමන්ට් එකේ 154ක නගින්නට යද්දී ජැකොලින් අක්කා නිදහස් චතුරශ්‍රයේ කණුවකට මුවා වී සිට අපිව බලෙන් ඇදන් ගොස් බණ්ඩක්කා කරිය කවන්නේද නැත... අපේ මාසේ පඩියෙන් EPF, ETF වගේ කෑල්ලක් අඩු කරන්නේද නැත... එත් අපිට හෙන ප්‍රශ්නෙය...

අපේ ආදායමට හරියන්නට කන්නට තැන් ලංකාවේ එමට ඇත... රුපියල් 15කට ප්ලේන් ආප්පත්, රුපියල් 35කට පමණ සාමාන්යය කිකිළියකුගේ බිත්තරකින් සාදන ලද ආප්පක්ද කෑමට හැකි කඩ ඕනෑ තරම්ය... එත් ලංකාවේ හැමෝම අපි වගේ නැත.. අපිට වඩා මිල මුදල් හිඟ ඇත්තන් සේම අපිට වඩා යහමින් මිල මුදල් ඇති අය ඕනෑ තරම්ය.. ඒක ලෝකේ කොහෙත් හැටිය.. රජ කාලේ ඉඳන් එහෙමය.. ඉතින් අතේ මිටේ මුදල් ඇති උන්ට ජැකොලින්ගේ කඩෙන් ආප්ප කා ගෙදර ඉන්න බල්ලාටත් ආප්ප දෙක තුනක් wrap කරගෙන යා හැකිය... උන්ට එසේ කිරීමට මුදල් ඇත.. එය උන් කෙසේ හෝ උපයාගත් හෝ මාපිය උරුමෙන් ලැබුණ වත්කමය.. ජැකොලින් ආප්ප හදන්නේ මේ සමාජ පැලැන්තියටය.. අවුරුද්දකට සැරයක් ලංකාවට එන සුදු නෝනවරු මහත්වරුන්ටය.. උන් ආප්පකට 200ක් නොව 2000ක් දෙන්නට කැමති නම්, ඉතින් අපිට කමක් නැත. මන්ද යත් හන්දියේ night කඩෙන් අපිට රුපියල් 15කට පරණ පුරුදු ආප්පේ කෑමට පුළුවන් බැවිනි.. ජැකොලින් කර ඇත්තේ හොඳ business opportunity එකක් ප්‍රයෝජනයට ගැනීමය.. 200ක් දී ආප්ප කන එකෙක්ට ඕනේ නම් එතෙන්ට ගොස් ආප්ප කෑමට හැකිය. බැරි නම් පරණ පුරුදු කඩෙන් අඩුවට කෑ හැකිය..

අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති..

යම් කිසි උගත්කමත් ඇති උන් ලෙස අපි මේවා දිහා මීට වඩා සාධාරණව බැලිය යුතුය.. අපිට කන්නට බැරිනම් ඒවා කන්න පුළුවන් එකෙක් කාපුදෙන්ය.. අපිත් කවදාහරි එවා කන්න පුළුවන් ගානට දියුණු වෙන්න උත්සාහ කළ යුතුය.. ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය...
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජැකොලින්ගේ කඩේ ආප්ප දමන්නේත්, වළන් පිඟන් හෝදන්නේ සුපිරි පැලන්තියේ උන් නොවේ.. එදා වේල හම්බු කරන් කන දුප්පත් පන්තියේ උන්ය.. රස්සාවක් හොයාගෙන පිටිසර පළාත් වලින් කොළඹට ආපු උන්ය.. කෑම ගණන් උනත් ජැකොලින්ගේ කඩේ නිසා උන්ට රස්සාවක් ලැබී ඇත.. හොරෙක් මංකොල්ලකාරයෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී ඇත.. ජැකොලින් අක්කාත් කුඩු බිස්නස් එකක්, හොරට කැලෑ කපන බිස්නස් එකක් නොකර දුප්පත් උන් දෙතුන් දෙනෙක්ට රස්සාවල් දෙන වැඩක් පටන් අරන් ඇත.. ඒක නිසා ඒ කඩේ ආප්ප අපිට කෑමට බැරි වීම ගැන අපි දුක් නොවිය යුතුය... ඒ කඩෙන් 200ක් දී ආප්ප කන උන් නිසා ඒ කඩේ වැඩ කරන අපේ පන්තියේ උන්ට දැන් හන්දියේ කඩෙන් ආප්පයක් කා ගෙදර උන්ටත් ඔතාගෙන කොන්ද කෙලින් තියන් ගෙදර යා හැකිය...

    :yes::yes::yes::yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    අපි සමාජයක් ලෙස කුහකය.. දුප්පත් එකා සල්ලි තියෙන එකා හොඳට කන හැටි බලා හූල්ලයි.. අපිට කන්නට බැරිනම් අනිත් උනුත් නොකා සිටිය යුතුයැයි සිතති... එහෙම නැතුව දැහැමින් වැඩිපුර කීයක්හරි උපයාගන්න පොටක් කල්පනා නොකරති.. එසේ කළත්, ඒ සුළුතරයකි... සල්ලි තියෙන එකා දුප්පත් එකාට ගරහති.. පුළුවන් තරම් කෙනෙහිලි කම් කරති.. හැමදාම ඌ දුප්පතෙක් කර තැබීමට වෙර දරති..


    :yes::yes::yes::yes::yes::yes:
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    Simon-clapping-x-factor.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කතාව මහින්ද අබේසුන්දර නේද බන් ලියල තියෙන්නේ? ඔහොම එකක් විමසුමේත් ගියා.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඇත්ත කතාව. සම්පත් හිගකම ගැන් වැටහීමක් නැතිඋන් තමයි කෑ ගහන්නෙ.